IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ඩයනා ගැන හොයන්නැයි චාල්ස් රජුගෙන් ඉල්ලයි

(ඩයනා උදයංගනී)

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය මෙරට මෙන්ම බ්‍රිතාන්‍ය නීතියට ද විරුද්ධව කටයුතු කර ඇති බැවින් ඇය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණයක් පවත්වන්නැයි ඉල්ලා මෙරට සමාජ ක්‍රියාකාරීන් පිරිසක් බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු වෙත ලිපියක් යොමු කර ඇත.

‘එස්.එල් දේශය’ යූ ටියුබ් නාලිකාව නියෝජනය කරමින් සමාජ ක්‍රියාකාරී දර්ශන හඳුන්ගොඩ මහතා ඇතුළු පිරිසක් මෙම ලිපිය යොමු කර ඇති අතර, ඔවුහු බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය වෙත අද (28) ගොස් එම ලිපිය භාරදුන්හ.

ඩයනා ගමගේ මන්ත්‍රීවරියගේ මන්ත්‍රීධූරය අහෝසි කරන ලෙස ඉල්ලා අධිකරණයෙහි නඩුවක් පවරා ඇති ඕෂල හේරත් මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

බ්‍රිතාන්‍යයේ පුරවැසිභාවය හිමි ඩයනා ගමගේ මහත්මිය සංචාරක වීසා මත මෙරටට පැමිණ, ව්‍යාජ හැඳුනුම්පත් සහ ගුවන් ගමන් බලපත්‍ර ලබාගෙන ශ්‍රී ලංකා පුරවැසියකු ලෙස පෙනී සිටිමින් රජයේ තනතුරු දැරීම සහ මැතිවරණවලට පෙනී සිටීම මෙරට මෙන්ම බ්‍රිතාන්‍ය නීතියට ද පටහැනි බැවින් ඇය ගැන පරීක්‍ෂණයක් පවත්වන ලෙස තම ලිපිය මගින් චාල්ස් රජතුමාගෙන් ඉල්ලීමක් කර තිබෙන බව සමාජ ක්‍රියාකාරී දර්ශන හඳුන්ගොඩ මහතා පැවසීය.

වීසා කාලය අවසන්ව ඇති ඩයනා ගමගේ මහත්මිය මේ වන විට මෙරට රැඳී සිටින්නේ ද නීති විරෝධීව බව ඔහු සඳහන් කළේය.



අදහස් (14)

ඩයනා ගැන හොයන්නැයි චාල්ස් රජුගෙන් ඉල්ලයි

Shantha - Qatar Monday, 28 November 2022 05:16 PM

අනේ, මේ ඒ මනුස්සයාට පාඩුවේ ඉන්න දෙනවද? තාම කී කාලයක්ද ගෙවුණේ..?

:       18       19

Asintha Monday, 28 November 2022 05:28 PM

වැඩ වරදින්න වගේ යන්නේ...!

:       7       30

oshara Monday, 28 November 2022 06:23 PM

ඩයනෝ, එන පොට හොඳ නෑ, චාර්ල්ස් අයියාව කැමැති කරවා ගන්න වෙනවා දැම්මම...

:       4       24

Dasa P Monday, 28 November 2022 06:49 PM

චාර්ල්ස් - ඩයනා පාර්ට් 02 වෙයිද?

:       1       14

Rocky Monday, 28 November 2022 06:52 PM

අපේ ජනාධිපතිතුමාට ඉහළින් චාර්ල්ස් උන්නැහේ යන්නේ නැහැ. බයයි..! අන්තිමේදී ‘‘ඩයිනමෝ‘‘ එක නිදොස්කොට නිදහස්... වන්දියකුත් ගනීවි...!!!

:       3       10

chandima Monday, 28 November 2022 06:57 PM

කෙළින් ඉන්න පණ නැතිව කොහොමද ඩයනා ගැන හොයන්නේ?

:       4       8

විජේ Monday, 28 November 2022 07:33 PM

එක ඩයනෙක් හිටපු චාලියට තව ඩයනෙක් වැඩි නෑ. ලංකාව හරි වෙනස් රටක්..., රෙද්දක් ඇඳන් ඔළුවෙන් හිටගත්තු ඩයල් තමයි ලංකාවේ වැඩිහරියක් ඉන්නේ...

:       1       10

pakeer Monday, 28 November 2022 07:57 PM

මේවට හිනා යන්නේ පිටිපස්සෙන්...!

:       0       9

ulama Monday, 28 November 2022 08:22 PM

චාල්ස් රජතුමා හරිම ආස දෙයක් තමයි ‘‘ඩයනා‘‘ කියන නම. අහලා බලන්න බොරු නම්...!

:       0       2

lankasri Monday, 28 November 2022 11:20 PM

දන්නා තරමින් මේ සම්බන්ධව එංගලන්ත රජයට ගතහැකි ක්‍රියා මාර්ගයක් නැහැ. මොකද ඇය එංගලන්ත රජයට කිසිඳු වරදක් කර නැහැ. ලංකා රජයෙන් තමයි ඇයව අත්අඩංගුවට අරන් නඩු අහන්න ඕනේ... ඉන් අනතුරුවයි රටින් පිටුවහල් කළ යුත්තේ...

:       1       0

de silva Tuesday, 29 November 2022 11:17 AM

ලංකාවේ නීතිපති දෙපාර්තමේන්තුවට වැඩිය අපට චාල්ස් රජතුමා ගැන විශ්වාසය තබන්න පුළුවන් ඉල්ලීම නරක නෑ. ලංකාවෙන් ගැලවිලා ගියත් ඩයනාට විරුද්ධව එංගලන්තෙ සිටින පුද්ගලයෙක් නඩු දැම්මොත් ඩයනාට හිරේ යන්න වෙනවා...

:       1       2

sanjeewa Thursday, 01 December 2022 08:14 AM

මෙවැනි හොර වැඩ එංගලන්තයේ අනුමත නොකරන බව මට විශ්වාශය

:       1       1

Bamunuarachchi Friday, 02 December 2022 05:16 PM

ඔන්න ඩයනා වාසියක් වෙන්නයි යන්නේ. පරණ පිනක් මගේ බෙල්ල කඩාගෙන වැටුණා...

:       2       1

aruna ramanayake Tuesday, 06 December 2022 10:02 AM

දැන් චාල්ස් රජු අයගේ ඔක්කොම වැඩ නවත්තලා මේක ගැන හොයයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site