(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හෝමාගම කටුවාන කර්මාන්ත පුරයේ හෙල්මට් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය කියයි.
ගින්නෙන් එම ප්‍රදේශයම කළු දුමාරයෙන් වැසී ඇතැයි ප්‍රදේශවාසීහු පැවසූහ.
ගින්න පැතිරෙමින් තිබෙන බව පොලිසිය සඳහන් කරයි.
ගින්න නිවීම ගින්න කෝට්ටේ නගර සභාව ගිනි නිවීමේ ඒකකය කැඳවීමට නියමිතය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කර්මාන්ත ශාලාවක් ගිනිගෙන විනාශ වීම කියන්නේ ආර්ථිකයට මරු පහරක්. රැකියා කීයක් නැති වෙනවාද? කර්මාන්තය නඟා සිටුවීමට හිමිකරුවන් වසර ගණනාවක් කළ කැපකිරීම් සියල්ල සුළු මොහොතකින් විනාශ වෙනකොට ඒක දරාගන්න කොච්චර අමාරුද? ගිනි ගැනීමට පහසු ද්‍රව්‍ය තිබෙන කර්මාන්ත ශාලාවල ආරක්ෂක උපදෙස් සහ ප්රමිතීන් ඉතා දැඩි ලෙස පිළිපැදිය යුතුයි. එසේ නොමැති නම් ප්‍රතිඵල ඉතා භයානක විය හැකියි. මෙය ඉතා කනගාටුදායක පුවතක්. මේ නිසා දරුවන් ඇතුළු පවුල් කීයක් අසරණ තත්ත්වයට පත්වේවිදැයි සිතෙනවා.