IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


නිදහසක් නැති නිසා කතෝලික සභාව නිදහස් උළෙලට නෑ

(ඩයනා උදයංගනී)

මෙවර ජාතික නිදහස් දින සැමරුම් උළෙලට කතෝලික සභාව නියෝජනය කරන කිසිවකු සහභාගී වන්නේ නැතැයි කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක, සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා පැවසීය.

රටේ ආර්ථිකය හා නීතියේ ආධිපත්‍යය බිඳ වැටී ඇති මොහොතක සැමරීමට ඇති අභිමානවත් නිදහස කුමක්දැයි කතෝලික සභාව ප්‍රශ්න කරන බව ද පියතුමා සඳහන් කළේය.

රට ආර්ථික වශයෙන් බංකොලොත් වී ඇති, අර්බුදකාරී අවස්ථාවක අධික මුදලක් වැයකොට පුහු නිදහස් උත්සවයක් පැවැත්වීම ජනතාවට එරෙහිව කරන මහා අපරාධයක් හා නාස්තියක් බව ද සිරිල් ගාමිණී පියතුමා කීවේය.

සිරිල් ගාමිණී පියතුමා මේ බව පැවසුවේ බොරැල්ල, අගරදගුරු නිල නිවසේ දී අද (1) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ජනාධිපතිවරයා පවසන පරිදි 75 වන නිදහස් උත්සවය අභිමානවත් හා උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට මේ සා මුදල් කන්දරාවක් වැය කිරීම සම්බන්ධයෙන් කතෝලික සභාව දැඩි ලෙස විරුද්ධ බවද පියතුමා කීවේය.

නිදහසේ 75 වන සංවත්සරයේදී සිදුවිය යුතුව තිබුණේ පසුගිය 75 වසර පුරාවට දේශය බංකොලොත්භාවයට ඇද දැමූ රට පාලනය කළ සියලු දේශපාලන පක්‍ෂ වැරදි පිළිගෙන ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා, රටේ සම්පත් මංකොල්ල කෑ සියල්ලන් තරාතිරම් නොබලා නීතිය ඉදිරිපත් කර ජනතා මුදල් ආපසු අයකරගැනීමත්, බදු මුදල් නොගෙවා ඇති දූෂිත ව්‍යාපාරිකයන්ගෙන් එම බදු මුදල් අයකරගැනීමත් බව පියතුමා සඳහන් කළේය.



අදහස් (6)

නිදහසක් නැති නිසා කතෝලික සභාව නිදහස් උළෙලට නෑ

Alfread Wednesday, 01 February 2023 01:59 PM

ආ ඒකට කමක් නෑ. මතක ඇතුව මහවිරු සැමරුමට ගියානම් හොඳටම ඇති...

:       0       0

sharm warn Wednesday, 01 February 2023 02:01 PM

100%ක් එකඟයි පියතුමනි...

:       0       0

wije Wednesday, 01 February 2023 03:07 PM

ජය වෙවා , අපගෙ මහ සන්ගරත්නයටත් මෙවන් උජුපටිපන්න ගුනයක් පිහිටයි නම් කොඉතරම් වටීද

:       0       0

local Man Wednesday, 01 February 2023 06:21 PM

කවද්ද උඹලා නිදහස සැමරුවේ?

:       0       0

Don perea Wednesday, 01 February 2023 06:50 PM

අපේ හාමුදුරුවරුත් එක්වුණානම් හොඳයි.

:       0       0

Bamunuarachchi Thursday, 02 February 2023 08:36 AM

ඉසරහට එන කාලේ හොඳයි වගේ? ක්‍රිස්තියානි කාරයෝත් අයින්වෙලා දෙමල සෙට් එකත් අයින් වෙලා මුස්ලිම් සෙට් එකත් අයින් කර ගත්තොත් සිංහල බෞද්ද රටක් හැටියට අපිට වැඩකර ගන්න පුලුවන්. මොවුන් අයින් උනා කියලා අපිට වෙන පාඩුව මොකක්ද? මේගොල්ලෝ සාම්පුර් විදුලි බලාගාරය කර ගන්න නොදුන්නේ කාටද දුම් වදිනවා කියලා නේද? අපිට මේ ගොල්ලන්ගෙන් ඇදෙන්නේ ඔයවගේ ලොතරැයි තමයි.

:       0       3

ඔබේ අදහස් එවන්න

මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 294 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1667 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1527 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site