IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මාගම්පුර වරාය හෙට බදු දෙන බව අගමැති කියයි

(රංජන් කස්තුරි/ මහින්ද නිශ්ශංක - ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක)

හම්බන්තොට මාගම්පුර වරාය චීනයේ ‘චයිනා මර්චන්ට්‘ සමාගමට බදුදීමේ ගිවිසුම වරාය හා නාවික අමාත්‍යංශයේ දී හෙට(29) අත්සන් කිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(28) ශ්‍රී ලංකා මහ බැංකු ශ්‍රවණාගාරයේ   පැවැති   මාධ්‍ය  හමුවකදී  පැවසීය.

එහිදී අගමැතිවරයා කියා සිටියේ එමගින් රටේ ණය බර අඩුකර ගැනීමට පිටුවහලක්
වන බවත් ඉදිරියේ දී මත්තල ගුවන්තොටුපොළ ගැන ද ගිවිසුමක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් ය.

ශ්‍රී ලංකාවේ චීන තානාපති යී ෂියෑං ලියැං හා වරයා ඇමැති මහින්ද සමරසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අදාළ ගිවිසුම අත්සන් කිරීම සිදුවේ.

ඒ අනුව වසර 99ක් සඳහා මාගම්පුර වරාය බදු දීමට නියමිත අතර එමගින් එකඟවී ඇති ආයෝජන වටිනාකම ඇමරිකා ඩොලර් බිලියන 1.12කි.

 



අදහස් (29)

මාගම්පුර වරාය හෙට බදු දෙන බව අගමැති කියයි

Perera Friday, 28 July 2017 10:53 AM

ඔබට සතුටුයි ද දැන්

:       1505       1799

Upali Friday, 28 July 2017 11:34 AM

පාර්ලිමේන්තුවත් අවුරුදු 99 කට විතර බදු දෙන්න බැරිද දන්නෙ නෑ නේද

:       540       564

Ravi Darshana Friday, 28 July 2017 11:40 AM

ගොඩක් කනගාටුයි මට මගේ රට ගැන. මට හිතාගන්න බෑ ඇයි අපේ රටේ දේශපාලකයින්ට මේ රට ගැන කැක්කුමක් නැත්තෙ කියල. තම තමන්ගෙ නොහැකියාව වහගන්න මගේ රට මේ විධියට බිලිදෙන එක අනුමත කරන්න එපා කිසිකෙනෙක්. ඉන්දියාවට, චීනෙට පුලුවන්නම් අපේ රටේ දේවල් වලින් ලාබ ගන්න ඇයි අපිට බැරි. අපේ රටේ උගත්තු නැද්ද ? ටිකක් හිතල බලන්න, දවසින් දවස අපිට අහිමි වෙන්නෙ අපේ රටනේද ? දේශපාලනය අමතක කරල හැමෝම එකතුවෙමු. අපේ රට අපිම ගොඩනගමු......

:       2318       2854

srimalaFriday, 28 July 2017 11:52 AM

ඔව් ඔව් ...චීනයට මෙම පාඩු ලබන වරාය අරගෙන ලංකාවට ඇවිත් ලාභ උපයන්න පුලුවන්නම් - අපිට බැරිද අපේ රටේ ඒ විදියට ලාබයක් ලබාගන්න ? අපේ රටේ මෙවැනි කළමනාකරණයක් කරන්න දන්නා කෙනෙක් නැත්ද ?

:       384       1065

piripaharanFriday, 28 July 2017 12:26 PM

ඇයි පුළුවන් අය පන්නාගත්තේ හොරා කියලා...

:       483       856

aravindaFriday, 28 July 2017 03:58 PM

සිරිමලා, ලංකාව කියන්නේ ණය බරින් කඩා හැලෙන, ඩොලර් බිලියන 80 ක ආර්ථිකයක් පමණයි. චීනය කියන්නේ ඩොලර් ට්‍රිලියන් 11 ක ආර්ථිකයක්. එවැනි දැවැන්ත ආර්ථිකයක් ඇති රටක් සතුව ඇති වෙළෙඳ නාවික සම්බන්ධතා තුලින්, කෙටි කාලීනව ඔවුන්ට මේ වරාය ලාබදායි කර ගත හැකියි.

:       596       651

දිනේෂ් Friday, 28 July 2017 12:02 PM

මාර දේශප්‍රේමියොනෙ ලංකාවෙ ඉන්නෙ. ෂැංග්‍රිලා එකට සින්නක්කර ඉඩම් විකුණන වෙලාවෙ කට්ටිය අගහරු ලෝකෙද හිටියෙ. පෝට් සිටි එක චීනෙට සින්නක්කර දීපු එක යන්තම් බදු පදනමට හදාගත්තෙ මේ ආණ්ඩුව. ආයෝජන වලට ඉඩ දෙනව කියන්නෙ බදු දෙනව කියන එක තමයි. නැතුව පොළවට පය තියන්නෙ නැතුව අහසෙ කර්මාන්ත පටන්ගන්නද කියන්නෙ. පිට රට ගිහින් ව්‍යාපාර කරන ලංකාවෙ මිනිස්සු නැද්ද. මේ දූපත් මානසිකත්වෙ අත්ඇරල අපිත් ලෝකෙත් එක්ක ඉස්සරහට යමු.

:       3853       2821

samanFriday, 28 July 2017 12:55 PM

අපේ රටේ පාලකයින්ගේ නොහැකියාව පෙන්නුම් කරන දෙයක් මිස ඔයා කියන තත්වයේ කිසිම දෙයක් මෙම වරාය චීනෙට බදු දෙන එකේ මට පේන්නේ නෑ. චීනයේ ව්‍යාප්තවාදය වැඩ කරන ක්‍රමේ මේකයි. ගෙවා ගන්න බැරි බව හොඳටම පේන රටවල් හා ව්‍යාපෘති වලට කිසිම කොන්දේසියක් නැතිව වැඩි පොළියට ඉල්ලු සැණින් ණය දීම හා පසුව ගෙවා ගන්න බැරි වෙනකොට තව ටිකක් බෙල්ල මුලට හිර කර ඒ දේපල අපි ණය ටිකක් කපා හරින්නම් අපට දෙන්න පාලනේ කියලා... කෙසේ හෝ තමන්ගේ පාලනයට ගෙන තමන්ගේ කොලනියක් කර ගැනීමයි. මේ ඩීල් එකට කොහොම සුදු හුණු ගෑවත් සිද්ධ වෙලා තියන දේ ඕක තමයි.

:       64       406

Danushka Friday, 28 July 2017 11:48 PM

රටම විකුණමු අපි ගොඩයමු, ඔබට සටුටුඉද දැන්, මොකා ආණ්ඩුව කරත් ඔයටික තමඊ

:       0       82

raveendra Friday, 28 July 2017 12:10 PM

ඉන්න කට්ටිය දැක්කම ගන්න එන කෙනා දුවනවා අනන්තයටම.

:       1       19

kumara Friday, 28 July 2017 12:21 PM

වැඩ නොකර පඩිගන්න මිනිස්සු ඉන්න රටකට ඔය ක්‍රමය තමයි හරි...

:       50       175

ජයන්ත මිලානෝ Friday, 28 July 2017 12:56 PM

මෙයාලා එදත් අදත් කරන්නේ විකුණාගෙන කන එකයි. ජයවර්ධන මහත්තයාගේ කාලයේ ඉඳන් මොනවද නොවිකිණී තිබුණේ? මෙපමණ අභාග්‍යසම්පන්න වෙලා තියෙන්නේ අපට රජෙක් නැති එක නිසාද?

:       230       1102

Chandra Friday, 28 July 2017 01:37 PM

බැරිද දන්නෙ නැහැ නෙවිල් ප්‍රනාන්දු රෝහල චීනෙට දෙන්න. ඒකත් පාඩුනෙ ලබන්නෙ.

:       93       195

තරංග Friday, 28 July 2017 01:42 PM

මෙතරම් විරෝධයක් එල්ලව තිබියදී එය නොසලකා මොවුන් කරන මේ විනාශකාරී විකිණීමේ ක්‍රියාවලිය අවසානයේ අපට රටක් කියා කිසිත් ඉතිරි නොවනු ඇත .

:       684       890

Saman Friday, 28 July 2017 02:25 PM

2010 දෙසැම්බර් මස 28 වන දින ඇමරිකානු ඩොලර් මිලියන 75කට මෙම ඉඩම පුද්ගලික සමාගමට විකුණා දමා තිබේ. එහි සඳහන් වන පරිදි එහි උරුමක්කාරයින්ට හා ලැබුම්කාරයින්ට සදාකාලයටම භුක්ති විඳීම සඳහා මෙයින් පවරා දෙන බවය.

:       54       16

shehan Friday, 28 July 2017 03:49 PM

කමක් නැහැ. ගියදේ ගියා කියමුකෝ. ඔය ගන්න සල්ලි වලිනුත්, කට්ටිය ඩියුටි ෆ්‍රී කාර් අරගෙන, හොඳට තියෙන පාරවල් වලට බොරුවට කොන්ක්‍රීට් අතුරන්න දන්නා කියන අයට කොන්ත්‍රාත් දීලා, පවුල් පිටින් ලෝකෙවටේ සවාරි ගහන්නේ නැතුව රටේ අදායම උපද්දන අපනයන වලට ණය මුදලක්වත් දුන්නොත් ලොකු දෙයක්.

:       37       92

Ratnamalala Friday, 28 July 2017 07:15 PM

මේ 99 අවුරුදු බදු ගිවිසුම අවසන් වෙන කොට මේවා අත්සන් කරපු අයවත් අද ඉපදෙන දරුවෙක්වත් ජීවතුන් අතැර නැහැ. මේවායේ පල විපාක විදින්න වෙන්නේ ඉදිරි පරම්පරාවකට. බ්‍රිතාන්‍ය හොන්කොන් වලින් ගියේ නොගිහින් බැරි කමට. චීනය බලවත් වෙලා හිටපු නිසා. ඒ තත්වය අපට කවදාවකවත් ආයේ ලැබෙන්නේ නැහැ.

:       207       335

රජින්ද Friday, 28 July 2017 09:00 PM

සහ ගහන ජාතික අපරාධ මේවා... අති මහත් බහුතරයක් ජනතාව එපා කියද්දීත් හිතුවක්කාර විදිහට අපේ රටේ අතිශය සංවේදී ජාතික සම්පත් ආක්‍රමණික ජාතීනට බදු දීම සඳහා කැමති වන මොවුනට අපේ පිළිකුල්සහගත හැගීම ප්‍රකාශ කරමු. නිදාගෙන ඉන්න මේ රටේ මිනිස්සු ඒ නින්දෙන් ඇහැරෙද්දි තමන්ගේ හැමදේම විනාශ වෙලා තියෙනවා දකීවි.

:       1       176

hesa Friday, 28 July 2017 10:06 PM

ලෝකයේ දියුනු රටක් වන ඡර්මනියේ ,දන්නා තරමින් පමනක් රථවාහන Benz, Audi, Bmw,opel, සහ wv වැනි ආදි ඉහල පෙලේ වාහන කර්මන්ත ශාලා , ශාඛාවන් නැගෙනහිර යුරෝපීය රටවල දපිහිටුවා ඇත. ඒ තම රටවලට වඩා ඉතා අඩු මුදලකට ඒ රට වල කර්මන්තශාලා ඉදි කිරීම ලාබ දායි නිසාය. ඒවායේ ඒ ඡනතාවටද රැකියා ලබීමේ වරම හිමිය. ඡර්මන් රඡය එම රට වල් සින්නකර මිලදී ගෙන නැත.

:       50       8

sumudu Friday, 28 July 2017 11:57 PM

විකිණීම පිටු දකින එකම දේසපාලන පක්ෂය JVP එක පමනය්..නමුත් ඔවුන්ට ජනතා කැමැත්ත නැහැ. එයින් කියන්නේ මේ පාලකයින් කරන්නේ ජනතා කැමැත්ත බවය්...ජනතා කැමැත්ත ඉටු කරන නායකයින්ට බනින්න එපා. මේ ඉටු කරන්නේ චන්ද ප්‍රති පල වලින් මිනිස්සු නායකයින්ට කියපු දෙය.

:       74       10

Lakvidu Saturday, 29 July 2017 01:55 AM

ආර්ථික විද්‍යාව මෙතරම් ලේසියි කියලා මම දැනගෙන හිටියේ නැහැනේ... පාඩු ලබන ඔක්කොම චීනෙට දෙනවා..

:       0       37

naradhaSaturday, 29 July 2017 02:06 PM

චීනේ ඔය ඔක්කොම කියන ඒවා ගනීද?

:       0       1

siri Saturday, 29 July 2017 05:33 AM

"කෑමෙන් හොද කෑම විකුණගෙන කෑම "මෙහෙමත් විලි ලැජ්ජාවක් නැති පාලකයෝ ඉන්න රට ගැන කණගාටුයි.

:       1       138

Ranjith Saturday, 29 July 2017 06:10 AM

යු .ඒන් .පී ආණ්ඩු ආපු හැමදාම රටේ සම්පත් විකුනපු එක තමඊ කලේ රනිල්ට රකින්න පරපුරක් නැත. අප අවාසනාවන්ත රටවැසියන් බවයි මගේ හැගීම අප උපන්නේ වැරදි රටකයි නැවත සිංහලයෙක් වෙලා මේ රටේ නුඋපදීවා.

:       1       128

mahesh Saturday, 29 July 2017 08:57 AM

සුදු අලියා දැන් හරි ෂෝක් අලියෙක් නේද?

:       0       60

bandara- kekirawa Saturday, 29 July 2017 07:43 PM

අපේ වටිනා සම්පත් විදේශිකයන්ට විකිනීම හෙට උපදින දරුවන්ගේ ජීවත්වීමේ අයිතිය විනාශ කිරීමකි ..

:       0       22

kanthi Sunday, 30 July 2017 04:22 AM

වහින වෙලාවට එඅලියට බහින්න එපා

:       0       15

sam Monday, 31 July 2017 08:05 AM

හෙට අනිද්දට පවුලම දෙන්න....

:       0       51

mohammed Tuesday, 01 August 2017 12:18 PM

අනේ අපිටත් අබ ඇටයක් තරම් වත් මොලයක් තියෙන අගමැති කෙනෙක් හිටිය නම්.

:       0       140

ඔබේ අදහස් එවන්න

මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1448 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site