IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


කොළඹ වරාය ජා ඇළ දක්වා දිගු කරයි

(අංජුල මහික වීරරත්න)

 කොළඹ වරාය ජාඇළ දක්වා දීර්ඝ කිරීමට සැලසුම් කර ඇතැයි ද  දෙවනුව කොළඹ නගරයේ අක්කර 30කට වැඩි ප්‍රමාණයක් වරාය සංවර්ධනය සඳහා වෙන් කර තිබෙන බවද  ජනාධිපති වික්‍රමසිංහ මහතා පැවසීය.

ශ්‍රී ලංකාව ප්‍රධාන සැපයුම් මධ්‍යස්ථානයක් බවට පහසුවෙන් පරිවර්තනය කළ හැකි බවත් ඒ සඳහා දූරදර්ශී පියවර ගනිමින් සිටින බවද  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය සඳහා ලබාදිය යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ජපානය පළමුවෙන්ම එම කටයුත්ත සඳහා සම්බන්ධ වූ බවත් සිහිපත් කළේය. ‍

කෙසේ වුවත් දැනට සිදු කරන ආකාරයට කුඩා වරායක් පවත්වාගෙන යාමෙන් ආර්ථිකයට විශාල සේවයක් සිදු නොවන බවත්, උපායමාර්ගික ලෙස වරාය ප්‍රවර්ධනය කර ශ්‍රී ලංකාව ප්‍රධාන සැපයුම් මධ්‍යස්ථානයක් බවට පත් කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ලංකා වාණිජ මණ්ඩලය විසින් කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේදී  පවත්වන ලද “2022 ආර්ථික සමුළුව ” අමතමිනි.



අදහස් (6)

කොළඹ වරාය ජා ඇළ දක්වා දිගු කරයි

යෝගා Tuesday, 06 December 2022 12:50 PM

ඔය යෝජනාව කොච්චර හොඳ උනත් ඕකට ලෝගු සහ සිවුරු දෙකම පාරට බහිනවා. බලන්න බොරුද කියලා. ආගම් කරේ තියාගත්ත කිසිම රටක් දියුණු වෙන්නේ නෑ

:       5       15

Ravi Tuesday, 06 December 2022 01:48 PM

වැඩේ කලාට පස්සෙ කියන්න...

:       8       8

W.M.P. නවරත්න Tuesday, 06 December 2022 02:35 PM

අනිවාර්යයෙන්ම කලයුතු දෙයක්

:       2       12

Kumar (Gulf) Tuesday, 06 December 2022 05:06 PM

මෙයාගේ වොක්ස්වැගන් ෆැක්ටරිය වගේ වෙයිද දන්නේ නැහැ.

:       2       4

කෝරළගේ Tuesday, 06 December 2022 05:36 PM

මේ පට්ට බොරු කතානෙ.වරායවල් ලොකු කරනව තියා එදා වේල කන්න සල්ලි නැති හොර ආන්ඩු හදල මුලු ජනජීවිතයම හිගාකන තැනට අද රට වටිටල තියෙන්නෙ.මේ කියන්නෙ ටොම් පච.

:       2       5

Jayabimahardware Wednesday, 07 December 2022 09:36 PM

තමුන්ගේ මාතෘභූමිය ගැන සුබවාදී කතාවක් කියද්දි සතුටුවෙන්න...

:       3       3

ඔබේ අදහස් එවන්න

මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site