IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


අට දෙනකුට වාහන ගෙන්වන්න කෝටි 33 ක පරිපූරක ඇස්තමේන්තුවක්

(සුජිත් හේවාජුලිගේ සහ ඩයනා උදයංගනී)
 

ඇමැතිවරුන් හය දෙනෙකු, ආණ්ඩුකාරවරයෙකු සහ අග‍්‍රාමාත්‍ය ලේකම්වරයෙකුට වාහන ගෙන්වීම සඳහා රජය විසින් රුපියල් කෝටි 33 ක පරිපූරක ඇස්තමේන්තුවක් ආණ්ඩු පක්‍ෂ ප‍්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදි. 

රාජ්‍ය නිලධාරීන්ගේ විදේශ ගමන් වෙනුවෙන් රුපියල් කෝටි 4 ක පරිපූරක මුදලක් සහ ඇමැතිවරයෙකුගේ නිවසක් අලූත්වැඩියා කිරීම වෙනුවෙන් රුපියල් කෝටියක මුදලක් ද මෙම පරිපූරකය මගින් වෙන් කර ඇත.



අදහස් (96)

අට දෙනකුට වාහන ගෙන්වන්න කෝටි 33 ක පරිපූරක ඇස්තමේන්තුවක්

Pradeep Liyanage Friday, 05 May 2017 02:27 PM

අනේ හොඳයි ඇමතිවරුනි, අපි පුළුවන් තරම් පටි තදකර ගන්නම් ඔබතුමාලා සැප විඳගන්න. සමහර ඉස්කෝල වල වහල කඩා වැටිලා ළමයි මැරෙනවා. තවත් සමහර ඉස්කෝලවලට ගුරුවරු නෑ කියලා උද්ඝෝෂණ කරනවා. කුණු කන්දට යටවෙලා සම්පුර්ණයෙන්ම විනාශ වුණ නිවාසයකටත් ලැබෙන උපරිම මුදල රු. ලක්ෂ 20 යි. ඇමතිගේ ගේ අලුත්වැඩියාවට විතරක් රු කෝටියක්... රත්තරන් ආලේප කරන්නද දන්නේ නෑ. සාලාවේ අවතැන් වූ සමහර මිනිස්සුන්ට තවමත් වන්දි නෑ, අරනායකත් එහෙමයි. රජරට ගොවියෝ නියඟයෙන් අනාථ වෙලා. ඇමැතිවරුම කියන විදියට මහින්ද මහතා ගත්ත ණය අපි තවම ගෙවනවා. ණය බරින් ජනතාව මුදවන්න ආපු අය අනවශ්‍ය දේවල් වලට ගන්න ණය අපි විතරක් නෙමෙයි අපේ දරුවන්ගේ දරුවන්ටත් ගෙවන්න වෙනවා.

:       8       1043

lalith Friday, 05 May 2017 03:34 PM

මේ අයට බැනල වැඩක් නැහැ. ඡන්දෙ අාපු ගමන් උදේ පාන්දරම ගිහින් ඡන්දෙ දාල එනවා. අවුරුද්දක් දෙකක් ගියාම ඒ අයට බනිනවා. ඊට පස්සේ අනික් පැත්තට යනවා. ඊටත් පස්සේ එයාලගේ පුතාලට ඡන්දෙ දෙනවා. අයෙත් අවුරුදු දෙකකින් බනිනවා. දැන් එකපාරක්ද? දෙපාරක්ද? කණ්ණාඩියක් ගාවට ගිහින් තමන්ටම බැනගන්න එක තමයි වැඩිය හොඳ....

:       39       585

ranjith BogodaSaturday, 06 May 2017 01:13 AM

හරියටම හරි ඒකනම් සහතික ඇත්ත...

:       1       58

Pradeep LiyanageSaturday, 06 May 2017 04:39 AM

ඒක තමයි ලලිත් මමත් කියන්නේ. හැමදාම බලේට එන්නේ එකම කාසියේ දෙපැත්ත වගේ අය. පක්ෂය සහ පාට විතරයි වෙනස් වෙන්නේ. (පසුගිය රජයේත් වැරදි තිබුණා තමයි. නමුත් මේ තරමට රට විනාශ කලේ නෑ) ජනතාව ප්‍රතික්ෂේප කල අයත් නැවත ලැයිස්තුවෙන් හරි එනවා. මෙන්න මේ ක්‍රමය තමයි අපි වෙනස් කරන්න ඕන. වෙනත් බලවේගයකට රට බාර දෙන්න කාලේ හරි. නමුත් බහුතරයක් ජනතාව ප්‍රධාන පක්ෂ දෙකෙන් තොර රටක් ගැන හිතන පාටක් පෙන්න නෑ.

:       81       180

RatawasiyaSaturday, 06 May 2017 02:15 PM

මේ පරිපුරක ඇස්තමේන්තුව එළියට දාන්න මැය් රැලි ඉවර වෙනකන් ඉන්න ඇති. රැලි වලට මිනිස්සු හොයාගන්න අමාරු වෙයි කියල. මිනිස්සු එපා කියල ඡන්දෙන් පරාජය කරපු අය ජාතික ලැයිස්තුව කියල නැවත අපිව පාලනය කරන්න පාර්ලිමේන්තු යවන එක මුලින්ම නවත්තන්න ඕනේ. මිනිස්සු අකමැති නිසානේ ඒ අයව පැරද්දුවේ. මේ අයගේ හැටි දැනගෙන මිනිස්සු මේ රට හදන්න පුළුවන් පිරිසක් එළඹෙන පාර්ලිමේන්තුවට තෝරාගත්තොත් අපිට බැරි උනත් අපේ දරුවන්ටවත් ලස්සන, දියුණු ලංකාවක ජීවත් වෙන්න වාසනාව ලැබෙවා කියල ප්‍රර්ථනා කරමු..

:       0       14

lalith Saturday, 06 May 2017 05:02 PM

ඉස්සරනම් ඔයාට හරි, මට හරි ක්‍රමය වෙනස් කරන්න හිතුණා නම් අප මුදල හොයාගෙන ඡන්දෙට ගිහින් අපේ හඬ ඉදිරිපත් කරන්න තිබුණා. එත් ජේ. අාර්. අපට සුද්දා දීල ගිය ප්‍රජාතන්ත්‍රවාදය නැතිකලානේ? ඔබ ඔය ක්‍රමයට විරුද්ධ උනාට ඔබේ දිස්ත්‍රික්කයේ සෑම ආසනයකටම ඔබේ අදහස් තියෙන කණ්ඩායමක් එකතු කරගන්නේ නැතුව මැතිවරණයකට මුහුණ දෙන්න බැහැ. ඉතින් දන්නවනේ ඕක ලාහෙට ගෙම්බෝ එකතුකරනවා වගේ කියො. ටිකක් යහමින් අතේ මුදල් හදල් තියෙන කෙනෙකුට මිසක් කණ්ඩායමක් සංවිධානය කරන්න බැහැ. එහෙමෙ මුදල් හදල් තියෙන කෙනෙක් කියන්නේ බොහෝවිට ව්‍යාපාරිකයෙක්. ඉතින් ඔබේ කීමට ඉදිරිපත් උණත් පස්සේ මුදලට ගන්න පුළුවනි. මොකද ධනපතිය කියන්නේ තවත් මුදල් ලැබෙනවා නම් එකට ලොල්වෙලා යන කෙනෙක්. විප්ලව කාරයොත් මුදලට ගැති වෙලා ඉවරයි. විරුද්ධ පක්ෂයක් කියල එකක් තිබුණත් එයාල ධනපති පක්ෂය සමග අවබෝධතා ගිවිසුමක් ගහල ඉවරයි යන්තම් ජාමෙ බේරගන්න ඡන්දෙ ලැබුණත් අනික් පැත්තෙන් කට්ටිය අරගෙන කාල සිමාව ඉවර වෙනකල් ආණ්ඩුව ඇදගෙන දුවන්න පුළුවන් වෙන්න. ගිය ආණ්ඩුවට ඒගොල්ලෝ උප නායකයා දුන්නා. මේපාර මේගොල්ලෝ මෛත්‍රී ඇතුළු පිරිසක් දුන්නා. මතක නැතිද මහින්ද යනකොටත් කිව්වේ පොරොන්දු වුන විදියට මම යනවා කියලා...

:       0       0

susantha Friday, 05 May 2017 03:21 PM

අනේ දෙවියනේ!!! වැහි නැති හෙණවත් නෑනේ මේ උදවියට !

:       4       417

aravinda Friday, 05 May 2017 03:23 PM

පහුගිය කට්ටියත් එකයි, මෙගොල්ලොත් එකයි. ඔක්කොමලා වැදී බණ කියන්නේ....

:       130       81

අප්පුහාමි Friday, 05 May 2017 03:37 PM

ඇමතිවරුන්ට ජයවේවා! සදාකල් දිනේවා! යමුද තව පෙළපාලි ටිකක් මේ කට්ටිය කරේ තියාගෙන

:       1       250

anil Friday, 05 May 2017 03:58 PM

කමක් නෑ, යහපාලනයනේ, හොරු ඇල්ලුවනේ, සරලයිනේ, ආර්ථිකේ දියුණු වුනානේ, කාර් ගත්තනේ, පොර්ට් සිටි නැවත්තුවනේ, මහා බැංකුව කොල්ල කෑවේ නෑනේ, නොමිලේ වයිෆයි දුන්නනේ, වෙනස සැපයිනේ...

:       45       438

Nnadeeshani Friday, 05 May 2017 04:05 PM

මේවා යහපාලනයට ගැළපෙන්නේ නැහැ. හැමදාම වාහන ගන්නවා... ජනතාව දුක්විඳිනවා.

:       1       62

nihal Friday, 05 May 2017 04:12 PM

අම්මප... දැන්නම් වෙනසේ සැප උතුරා දොරේ ගලනවා,... මට නම් කියා නිමකරන්න බෑ..

:       3       127

samanSaturday, 06 May 2017 03:28 AM

නිහාල්,... ඔය කුහක මානසිකත්වයෙන් කවද්ද මිදෙන්නේ? මේවා අනිත් රටවල නම් සුළු වැඩ... අපේ රටේ ඔයගොල්ලෝ වගේ උපයන කන්න බැරි ටික තමයි මේවට හූල්ලන්නේ...

:       291       152

sumuduSaturday, 06 May 2017 06:37 AM

මම ජීවත් වෙන්නේ ඉතා දියුණු රටක.... මෙහෙ මන්ත්‍රීවරුන්ට වාහන නැහැ. ඒ ගොල්ලන්ට තියෙන්නේ ටැක්සි එකක්. බැරි වෙලාවත් ඒවා පෞද්ගලික විදිහට පාවිච්චි කළොත් (1$ හෝ ) ඔහුට අවුරුදු 3ක් හිර දඬුවම්... මේ වෙන රටවලත් වෙනවා කියන අයටයි මේක ලීවේ...

:       10       43

anilSaturday, 06 May 2017 09:19 AM

දියුණු රටවල ඕක ලොකු වැඩක් නොවෙන්න පුළුවන්. හැබැයි ඒ රටවල සාමන්‍ය මිනිස්සුන්ටත් ඔය වගේ වාහන ගන්න පුළුවන්, ආර්ථිකය දියුණුයි. ඉතින් ඔහොම දුන්නත් කමක් නැහැ. අපේ වගේ අවුරුද්දේ ණය වාරික ගෙවන්නත් තව ණය ගන්න, දුප්පත් අහිංසක මිනිස්සු නොවිඳින දුක් විඳින, සාමාන්‍ය මිනිස්සුන්ට කිසිම හරිහමන් පහසුකමක් නැති රටක නහුතයක් වෙන්න ඉන්න ඇමතිවරුන්ට ඔහොම පහසුකම් දෙන්න බැහැ. ඕවට ගෙවන්නෙත් අසරණ මිනිස්සුන්ගේ හාල් කිලෝවෙන් ගන්න වැට් ආදී බදුමුදල්වලින්. එකයි වැරැද්ද. රට දියුණු කරලා, සාමාන්‍ය මිනිස්සුන්ටත් හොඳ වාහනයක යන්න පුළුවන් තත්වයක් හදල ගන්න කියන්න. එහෙම නැතුව රටේ සාමන්‍ය මිනිස්සු දුක් විඳිද්දී ඇමතිවරුන්ට ඒ මිනිස්සුන්ගේ වියදමෙන් සුරසැප දෙන එක අනුමත කරන්නේ කොහොමද?

:       0       109

nihalSaturday, 06 May 2017 06:13 AM

සමන්, කරුණාකර ප්‍රදීප් ලියනගේගේ අදහසත් කියවා බලන්න.

:       0       25

sunil Friday, 05 May 2017 04:13 PM

යහපාලනයෙන් අපිට දුන්න පොරොන්දු දවසෙන් දවස ඉෂ්ට සිද්ධ වෙනවා දකිනකොට ප්‍රීතියෙන් අපි ඉපිලෙමින් සිටිනවා දැන් නම්.... ඒ හන්දා දිනන කට්ටියගේ මැයි රැලියට මම ගියේ නැහැ ආයුබෝවන්....ඒ මොකද දැන් අපි දිනලා අහවරනේ.... තවත් මොනවද දිනන්න තියෙන්නේ අපිට?

:       0       178

napoli chilaw Friday, 05 May 2017 04:17 PM

හෙන වදින්නේ නැති වාහන ගෙන්න ගන්න...

:       1       227

ධම්ම Friday, 05 May 2017 04:21 PM

ඔබ සියලු දෙනාටම ජයවේවා !!!

:       3       6

Jayasree Friday, 05 May 2017 05:11 PM

අනේ වාසනාවන් . කෝටි දෙකක ජනයා දුක් විදිද්දී 225 හරි සැප ලබනවා . අපි ඡන්දෙ දීල ඒ 225 සැප ලබා දීපු පින අපිට ලබන අත්මේදී ලබෙයිනෙ .

:       1       30

wimalarathana himi Friday, 05 May 2017 06:21 PM

හරිම සංවේගයක්... දුක් විදින මිනිසුන් ගැන සිතන කිසිම සංවේදී මිනිසෙක් ඔය පාර්ලිමේන්තුව තුළ නොසිටීම ඉතා බියකරුයි. බඩගින්නට හඬන මිනිසුන්ට වෙඩි උණ්ඩයයි ඉරණම. සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනාම එක්වී පරාජය කල යුත්තේ මෙම භයානක ක්‍රමයයි. මානව හිතවාදී ගුණයන්ගෙන් පෝෂණය වූ, අසරණ මිනිසුන්ගේ දුක හඳුනන සරල බවින් යුතු පාලකයන්ගෙන් යුත් පාලන ක්‍රමයක් සිහිනියක් පමණි.

:       0       15

athula Friday, 05 May 2017 06:30 PM

මෙයලටත් සල්ලි නැත්තේ රටේ ජනතාවට, බෙහෙත් ටිකට, රටේ දරුවන්ගේ අධ්‍යාපනයට, විපතට පත්වෙන ජනතාවට වන්දි ගෙවන්න බැරි අයනේ... මීතොටමුල්ල කුණු කන්දට යටවෙලා මියගිය එක අයෙකුට රුපියල් ලක්ෂයක් පමණයි. එහෙත් මෙතරම් වාහන තියෙන රටේ තව අලුතින් ගන්න රුපියල් කොටි ප්‍රකෝටි ගණන් ... එතකොට මේවා ගන්න කොට රටේ සල්ලිටික පිටරට යන්නේ නැතිද ? රටට කන්න දෙන ජනතාව පිටරට සේවය කරලා සල්ලි රටට ගෙනත් දෙන මිනිසුන්ට ටිකක් ලොකු ටී.වි එකක් ගෙනාවත් රේගුවෙන් ගහනවා...

:       0       0

thilak Friday, 05 May 2017 07:29 PM

එක දෙවි කෙනෙකුට එක කෝටියනේ...

:       0       0

siri Friday, 05 May 2017 07:37 PM

කම්කරු දිනේ පහුවෙනකොටම, නියම කම්කරුවෝ ටිකට නියම තෑග්ග...

:       0       2

Sumana K Friday, 05 May 2017 08:51 PM

මුළු රටම ඉන්න දේශපාලකයන් කුණු කුඩේට දාලා අලුත් පිරිසක් බලයට ගෙන එන්න ඕන. ඉගෙන ගත්තු නායකයෝ ටිකක් පත් කර ගන්න ඕන නීතිය වෙනස් කරලා කිසිම දේශපාලකයකුට අවරුදු 8 කට වඩා කිසිම ආයතනයකට ඡන්දෙන් පත් වෙන්න බැරි වෙන්න නීති රීති ගෙන්න ඕන. අපේ රටේ ඕන තරන් ඉගෙන ගත්තු අය ඉන්නවා රට කරවන්න.

:       0       7

පුෂ්පා Friday, 05 May 2017 09:32 PM

ලංකාවේ කාර් හදනවා නේද? ඇයි ඒ කාර් පාවිච්චි කරන්න බැරි?

:       0       0

Pradeep LiyanageSaturday, 06 May 2017 01:11 PM

අනේ පුෂ්පෝ...ඔයා ලංකාවේ නෙමෙයිද ඉන්නේ, අපේ රටේ ඇමතිවරුන් ලංකාවේ හදන වාහන ගනීවිද, (මයික්‍රෝ) සමහර විට වොක්ස්වැගන් කර්මාන්ත ශාලාව හැදුවොත් එකේ හදන කාර් ගනීවි, එත් මට නම් ෂුවර් නෑ. අපේ ඇමති වරුන්ට උණක් හැදුණත් සිංගප්පුරු යන්න ඕන බෙහෙත් ගන්න. එහෙම අය අපේ නිෂ්පාදන ගනීවිද කියන එක සැකයි.

:       0       8

Sanath Friday, 05 May 2017 11:18 PM

මට නම් මේක අපේ රටට, ආඩම්බරයක්. පිට රටවල මිනිස්සු අපේ ඇමතිවරු යන වාහන දැක්කම හිතයි අපි කොච්චර දියුණුද කියල. යහපාලනයට පින්සිද්ද වෙන්න.

:       1       5

abaran Saturday, 06 May 2017 12:01 AM

කමක් නැහැ ...වරායෙන් මිලියන හැත්තෑ හතක ලාභයක් ආවනේ....ඔය මහජන සල්ලි වගේද ඇමතිවරුන්ගේ කොඳු පරෙස්සම් කරන්නට එපායැ ....

:       1       3

ලුම්බිණි Saturday, 06 May 2017 01:17 AM

ලංකාවේ ණය බර වැඩිවෙමින් යන කාලයකදී මෙවැනි වියදම් අඩු කර ගැනීමට කටයුතු නොකරන එක අපේම අවාසනාව තමයි.

:       0       0

විරේන් Saturday, 06 May 2017 02:27 AM

පාඩමක් ඉගෙනගන්නේ නැති රටක අපි ඉන්නේ. මෙහෙමත් ආත්මාර්තකාමි මිනිස්සු...

:       0       6

sisira Saturday, 06 May 2017 02:29 AM

අනේ අම්මපා කොහොමද මේවා කියන්නේ? අර බණ කිය කියා ඇවිදින රට කරවන ජනපතිට මොකක් වෙලාද?

:       0       60

ajith Saturday, 06 May 2017 02:32 AM

අගමැතිතුමා කියපු විදිහට රට සංවර්ධනය කරන්නයි යන්නේ....

:       1       2

Lapaya Saturday, 06 May 2017 02:45 AM

කල්පනා කරලා බලන්න. කෝ යහපාලනේට ඡන්දෙ දුන්න ජනතාව ඇහුවොත් කිසිම කෙනෙක් කියන්නේ නැහැ,.. මම දුන්නේ යහපාලනේට කියලා... පව් අප්පා අපිත් එක්ක..

:       1       6

ගමගේ Saturday, 06 May 2017 02:46 AM

හෙණ ගහලත් මදි, ඔය කරන ඒවා කොයි වෙලේ හරි ලැබෙනවා..

:       1       15

nimallalitha Saturday, 06 May 2017 03:03 AM

රටේ මේ තරම් ප්‍රශ්න තියෙද්දී, මේගොල්ලන්ට තමා වාහන වල යන්න බැරි? පාරලිමේන්තුවේදී මහජන මුදලින් පිනට කාල පස්ස පැත්තේ ගෙඩි ඇවිල්ලද.? මේ මුදලින් අලි වැටවල් කියක් හදා මිනිස් ජිවිත ගලවා ගත හැකිද? .කෝ දැන් යහ පාලනයට කතා කරපු අය,...හිටපු ජනපති මොනවා කලත් මේ රටේ මිනිසුන්ට බිය සක නැතිව යන්න අවස්ථාව හැදුවා. මේගොල්ල එකත් කනවා.

:       1       40

jayantha Saturday, 06 May 2017 03:08 AM

ඔය ගෙන්වනවා ඇත්තේ හෙන නොවදින වාහන වෙන්න ඕනේ. දැන් තේරිලා හෙන වදින කාලේ කිට්ටුයි කියලා...

:       0       18

ase Saturday, 06 May 2017 03:17 AM

1948 න් පසුව පැරදුනේ අපිම නේද? අපිම බැණ බැණ තවමත් ඔය කට්ටිය පස්සේ දුවනවා නේද? අනේ පව් අපේ ජාතිය සහ රට....

:       10       57

mohammed Saturday, 06 May 2017 03:25 AM

අපේ රටේ තමයි මේ වගේ ඒවා පත්තර වල දාගෙන මිනිස්සුන්ව උසි ගන්වන්නේ... මේ පාර්ලිමේන්තුවේ සිටින්නේ අපේ ඡන්දෙන් අපිව නියෝජනය කරන පිරිසක්... අපි ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන්ගේ සුව පහසුව වෙනුවෙන් කරන මේවගේ දේවල් ගැන මේ වගේ සිතන එක නවත්වන්න ඕනේ.... ලෝකේ අනෙත් රටවල මීට වඩා දේවල් වෙනවා. එත් අපි අපේ ඔය කුහක දුප්පත් මානසිකත්වයෙන් තමයි මේවා බලන්නේ.... අනේ මිනිස්සුනේ දැන්වත් හැදෙන්න...

:       200       7

susanthaSaturday, 06 May 2017 09:06 AM

සමාජ සාධාරණත්වයක් තියන රටවලනම් ඔහොම වෙන්නේ නෑ. ඒ රටේ ආර්ථිකයට, ඒ රටේ සාමාන්‍ය මිනිසුන්ගේ ජිවන තත්වයට ගැලපෙන්න ඕන මන්ත්‍රීලට, ඇමතිලට තියන පහසුකම්. බලන්න යුරෝපේ රටවල, ඇමතිලා යන්නෙත් සාමන්‍ය මිනිස්සු යන්නෙත් එකම තත්වේ වාහනවල.. එහෙම නැතිනම් බොහොම හොඳ තත්වයේ තියන පොදු ප්‍රවාහන සේවයක. අන්න ඒකයි වෙන්න ඕන. අපේ රටෙත් සාධාරණ රැකියාවක් කරන යම් උගත්කමක් තියන හැම මිනිහටම කෝටියක දෙකක වාහනයක් ගන්න පුළුවන් තරම් ආර්ථිකයක් තියෙනවා නම් ඇමතිලට කෝටි 4ක 5ක වාහනයක් දෙන එක ප්‍රශ්නයක් නෙවෙයි. එත් අපේ රටේ බදු ගෙවන සාමන්‍ය මිනිස්සු කෝටි ගාණක් හිඟන ජිවිත ගෙවද්දී, දුක් විඳිද්දී ලෝකේ ලොකුම ඇමති මණ්ඩලේට ඇමරිකාවෙත් නැති පහසුකම් දෙන එකයි වැරැද්ද. තේරුම් ගන්න තමන්ගේ පක්ෂෙට කඩේ යන්නැතුව. මෙවැනි‍ෙවියදම් අනුමත කරනවානම් ඒ ඔලුව හිස්, වස්තරයක් නැතුව කඩේ යන්නෙක් විතරයි.

:       1       82

mohamedSaturday, 06 May 2017 10:28 AM

අනිත් රටවල මිනිසුන්ගේ ජීවිතේ සාමාන්‍ය වෙන්න හේතුව ඔවුන් දුප්පත් නොවන නිසා ඔවුන්ගේ සියලු දේ ඒකාකාරී නිසා ඔබට එය දැනෙනවා ඇති ඔබ කියන පරිදි " එත් අපේ රටේ බදු ගෙවන සාමන්‍ය මිනිස්සු කෝටි ගාණක් හිඟන ජිවිත ගෙවද්දී, දුක් විඳිද්දී" මේ කියන කතාවට රජය පලි නැහැ. එ්කට හේතුව ඔවුන්මයි. මනා උත්සාහයක් නැතුව මනා අධ්‍යාපනයක් නැතුව මේවගේ ජීවිත ගෙවන්න හේතුව ඔවුන්මයි. ඒක මාර කතාවක්නේ ඔක්කොම පිනට දීලත් හොඳ රස්සාවක් කරලා හරි හම්බ කරන්න බැරිව යන අයගේ ඔය තත්වෙට රජය වග කියන්න ඕනේ... අනේ මෙහෙමත් හිතන මිනිස්සු.

:       117       0

samanSaturday, 06 May 2017 10:37 AM

ඒ වගේම සුසන්ත මහත්තයෝ ආර්ථිකයක් හැදෙන්නේ ඕනේ මිනිස්සු විසින්... ඒ වගේම ඔබ සිතනවා ඇති ඔය කෝටි 33 ලොකු මුදලක් කියලා... එත් ලංකාවේ ආර්ථිකයත් එක්ක බැලුවොත් ඉතාම සොච්චම් මුදලක්... ඇයි මේ දුප්පත් මානසිකත්වයක් ඔබට?

:       61       0

රත්නායකSunday, 07 May 2017 01:06 AM

මොහමඩ්ගේ අදහස් දෙකම නියමයි. රටේ මිනිස්සුන්ට හම්බකරගෙන කන්න පුළුවන් පරිසරය හදන්න ඕන පාලකයො තමයි. කෝ රස්සා දෙනවා කියපු එ්වා. මිනිස්සු නිකන් කිසිදෙයක් ඉල්ලන්නෙ නෑ. මේ පාලකයො තමයි ඡන්දෙ ගන්න ඕවා පුරුදු කලේ. රටේ අාර්ථිකයට ගැලපෙන විදියට පාලකයො හැසිරෙන්න ඕන. එක එක රටවල්වල විදියට නෙවෙයි. එහෙම කරන්න බැරිනම් මිනිස්සු හැමදේම කරගන්න ඕනනම් මොකටද ඔය පාලකයෝ....?

:       0       0

nihal Saturday, 06 May 2017 03:47 AM

ඇතුලේ සිටිය යුතු උගත් බුද්ධිමතුන් එළියේය ..එළියේ සිටිය යුතු අය ඇතුලේය .. සෙතක් වෙයිද එහෙම රටකට ? ....

:       0       15

kulatilake Saturday, 06 May 2017 03:53 AM

අනේ අපට කාගේ පිහිටක්ද. අද දවල් කන්නත් නැහැ....

:       0       5

නන්දාවතී Saturday, 06 May 2017 04:04 AM

මහින්ද මහත්තයා නම් යුද්දෙ ඉවරකරල බය නැතිව පවුලටම එකතුවෙලා කොලඔ යන්න වටපිටාව හදල දුන්නා. මේ කට්ටිය මුකුත්ම නොකර හැම පැත්තෙන්ම රට විනාස කරනවා...

:       58       243

samanSaturday, 06 May 2017 11:14 AM

නන්දාවතී නෝනේ.... මේ රට ඔය අපේ මිනිස්සු බනින තරම් අගාධයකට ඇදලා දැම්මේ ඒ මහත්තය තමයි. ඉතින් එතුමාට කඩේ යන්න එපා... එ්කෙන් කිසිම වැඩක් නැහැ. රට හදන්න මාර සටනක් කරන අයට මේ ඔබතුමිය කියන කතාව නම් ගැලපෙන්නේ නැහැ.

:       93       17

anilSaturday, 06 May 2017 01:59 PM

දවසට 1500 කල්ලිය ආපහු වැඩට බැහැල වගේ...කෝටි 33 මේ 6 දෙනාට විතරනේ, මතක නැද්ද දැන් කීප සැරයක්ම ඔහොම ටික ටික වෙන් කරගත්ත? මේවගේ වියදම් අනුමත කරන්න පුළුවන් ඔබට වගේ ණයට ගන්නන්ටම පමණයි.

:       0       66

රත්නායකSunday, 07 May 2017 01:14 AM

එ් අගාධයෙන් රට ගොඩ ගන්න විදිය වෙන්න ඇති.. ඔයාට සල්ලි තියෙනවා නම් ඔය නාස්තිකාර වියදම් වලට දෙන්න. ඔහොම රෙදි නැතිව කඩේ යන්නේ ඔයත් මේ වාහන හම්බවෙන අැමතිකෙනෙක් කියලයි මට හිතෙන්නෙ....

:       0       0

sumdu Saturday, 06 May 2017 06:39 AM

නන්දාවතී, මහින්ද මහත්තයාගේ කාලේ ඔය වගේ මහජන මුදල් හොරකම් කළේ නැතෙයි. දැන්වත් ඔය කොටුවෙන් එළියට ඇවිල්ලා පුරවැසියෙක් වගේ හිතන්න පුරුදුවෙන්න. ඔය තියෙන්නේ පහත් මානසික මට්ටමක්...

:       140       84

ruwan Saturday, 06 May 2017 06:41 AM

මේ ගන්න වාහන මෙච්චර ගණන් ....!!!

:       0       3

sama Saturday, 06 May 2017 06:45 AM

මේ රටේ මිනිස්සු ඕනම කෙනෙකුට කතිරේ ගහන එක තමයි වැරැද්ද...

:       0       2

Chaminda Saturday, 06 May 2017 07:09 AM

ජනතාව මත බදු බර පටවලා ඇමතිවරු සැපට ඉන්නවා. ලංකාවේ දේශපාලනය තමන්ගේ බඩ වඩා ගැනීමේ නියාය අනුගමනය කරන්නේෙ...

:       0       7

PRABATAH Saturday, 06 May 2017 07:33 AM

පාට කොටුවල මායිමට විහින් හිරවුනු අපේ සමාජය කවදාවත් හරි මගට ගන්න බෑ. දවසින් දවස යන්නෙම වලට. මහ එවුන් සැප ගන්නේ අපේ මිනිසුන් ගේ නිසි දැකීමක් නැති කමින්.

:       0       5

ruby Saturday, 06 May 2017 07:51 AM

ලලිත් ඔයාගේ කටේ මසුරන් දාන්නට වටිනවා. මේ ශ්‍රී ලාංකිකයන්ට කවදා මොළේ පෑදෙයිද? මට හරිම දුකයි මගේ රට ගැන.

:       1       0

sandu Saturday, 06 May 2017 08:06 AM

දැන්වත් මොලේ ඇතුව තමන්ගේ ඡන්දෙ පාවිච්චි කරන්න. මේවා දිහා බලලා මිනිස්සු ළමයි මහා පාරේ දාලා යනවා කාන්තාවන්ට බස් එකේ, මහ පාරේ යන්න බැහැ. පුංචි දරුවෙකුටවත් පාඩුවේ ඉන්න දෙන්නැති සමාජයක් දැන් තියෙන්නේ... ඒවාට පිළියම් හොයන්නැතුව තමන්ගේ ජීවිතේ සුවපහසුව ගැන විතරක් හිතන්නද අපි පාර්ලිමේන්තුවට මේ ගොල්ලො යැව්වේ?

:       0       1

lal Saturday, 06 May 2017 08:14 AM

ජනාධිපතිතුමා තැන තැන ගිහිල්ල කුණු එකතු කරනවා ජනතාවට පෙන්නන්න. ශ්‍රීලංකා නි. පක්ෂයේ ආණ්ඩු පිරිස ටීවී චැනල් ඉදිරියට ඇවිල්ල මහින්දට බනිනවා ජනතාවට පෙනෙන්න. අගමැති බලය දික් කරගන්න පාර්ලිමේන්තු පිරිසට සැප බෙදනවා. යහපාලනය කියන්නේ මේකට තමයි.

:       0       11

ruchira Saturday, 06 May 2017 08:25 AM

පාර්ලිමේන්තු කැන්ටිමෙන් පිනට කාල සැපට යන්න වාහන ගේන්න හදන සල්ලි වලින් කකුලට දාන්න සපත්තු දෙකක් නැතිව, කටු ගල් බොරළු ඇනි ඇනි ඉස්කෝලේ යන පොඩි දරුවන් කී දෙනෙකුට සපත්තු අරන් දෙන්න පුළුවන්ද? දුප්පත් කම නැතිකරන්න උත්සව තියන රටේ මේ වෙලාවෙත් බඩගිනි වෙලා අඬන දරුවෝ කී දාහක් ඉන්නවද කියල ඔය සල්ලි වියදම් කරන්න හදන මහත්තරුන්ට මතක් වෙන්නේ නැද්ද? දේශපාලනය විශේෂ වරප්‍රසාද වලින් තොර සාමාන්‍ය වැටුපක් සහිත ගරු රැකියාවක් පමණක් වනතුරු ජනතාවට යහපතක් වීම විහිළුවක් පමණයි. මේ අතරේ බොරදියේ මාළු බාන්න හදන කට්ටියකුත් ඉන්නවා. හොටු ගෑනිට වඩා කැහි ගැනි කුජීතයි කියල දැනදැනම බලයට එන්න යටින් උදව් කරපු අවස්ථාවාදීන්ගෙන් ප්‍රවේසම් වන්න.

:       10       36

samanSaturday, 06 May 2017 10:30 AM

ඔයා කියන දේවල් ළමයින්ට අරන් දෙන්න බැරි ඇයි? නිකන් රජයට බැනල වැඩක් නැහැ සහෝදරයා...

:       133       0

saman Saturday, 06 May 2017 08:35 AM

ඕගොල්ලන්ට උත්සාහ කරලා ජීවිතේ දියුණු වෙන්න බැරි වීම ඔබලාගේ අභාගයක්...

:       100       0

saman Saturday, 06 May 2017 08:36 AM

මෙතන අදහස් පල කරලා තියන කට්ටිය ඇත්තටම ලංකාවේ අඩු ආදායම් ලබන කට්ටියක් කියල පේනවා. එක එක වෘත්තිය සඳහා එක එක ආකාරයේ සම්මතයන් තියනවා. ඒවා අනුව වැඩ කළොත් මේ වගේ සුළුතරයක් කුහක ගති තිබෙන මිනිස්සු ඒවාට බනිනවා. ඕගොල්ලන්ට උත්සාහ කරලා ජීවිතේ දියුණු වෙන්න බැරි වීම ඔබලාගේ අභාග්‍යයක් එකට අනුන්ට බැනලා වැඩක් නැහැ.

:       317       1

pathum Saturday, 06 May 2017 08:41 AM

රටේ ජනතාව මෝඩකම් අතහරිනකන් මේ උදවිය සැප ගන්න එක නවත්තන්න බෑ...

:       0       10

adiri Saturday, 06 May 2017 09:00 AM

මේවා අපහු අයකර ගන්න පුළුවන් නායකයෝ හොයන්න ..

:       0       3

jayantha Saturday, 06 May 2017 09:53 AM

මේ සමන් කියන හාදයා යන්නෙ කොහෙද මල්ලේ දෙල් වගේනෙ කියන්නේ...

:       1       107

samanSaturday, 06 May 2017 11:16 AM

ජයන්ත මහත්තයෝ දෙල්ද පොල්ද කියලා, ඔය ඔලුවේ බූවල්ලෝ කියලා ඉන්න කට්ටිය දන්නවා...

:       74       0

sunimalSaturday, 06 May 2017 02:08 PM

ජයන්ත මහත්තයා, ආපහු අර දවසට 1500 ට කහින මඩ බලකාය වැඩට බැහැල! 2015-16 ඡන්ද ඉවර වුණාට පස්සේ හොයාගන්නත් නැතුව ගියානේ වෙනසේ සැප විඳින්න. දැන් මේ කුණු බැනුම් වලින් යහපාලනේ බේරගන්න ආපහු ඇවිල්ල ඒ කාලේ තිබ්බ මඩ බලකායක්...

:       0       27

priyan Saturday, 06 May 2017 09:59 AM

සමන් ඔයාට මිනිස්සු කියන දේ නොතේරුණාට අපිට කරන්න දෙයක් නැ. මිනිස්සු බනින්නේ රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දී කරන මේ වගේ වැඩ වලට. එහෙන් කුණු කන්දක් නාය ගිහින් මිනිස්සු අනාථ වෙලා. සාලාව මිනිස්සු තවම උද්ඝෝෂණයේ. ඔය සල්ලි වලින් එක ප්‍රශ්නයක් හරි විසඳන්න තිබුණා. නැතුව මිනිස්සුන්ට දියුණු වෙන්න ක්‍රම නැතුව කෑ ගහනවා නෙවෙයි. කලින් ආණ්ඩුව තියෙද්දී තිබ්බ වාහන මෙයාලට පාවිච්චි කරන්න බැරි අමාරුවක් තියෙනවද? අපෙන් හිටු කියල බදු ගහනවා..මෙයාල සැප විදිනවා. හැමදාම කියන්නේ නම් රාජපක්ෂ ණය කියල..බලනකොට එ්ක නෙවෙයි ප්‍රශ්නේ..මේක..මේ පස් වැනි වතාව කෝටි ගණන් වලට වාහන ගේන..

:       0       60

saman Saturday, 06 May 2017 11:07 AM

මහත්තයෝ..., රටේ ප්‍රශ්න තියනවයි කියල අපේ ඡන්දෙන් පත් කරගත්තු අපේම මන්ත්‍රී තුමන්ලව කසි කබල් වාහන වල යවන්න කියලද කියන්නේ... ඔවුන්ට ගරු කරනවා කියන්නේ ඔවුන්ව මෙම තත්වෙට පත් කරපු රටේ ඒ පිරිසට ගරු කරනවයි කියන එකනේ. දැන් ඔබතුමාගේ තාත්ත මන්ත්‍රී කෙනෙක් වෙලා මෙම වාහන ලැබුණා නම් ඔබ මේ වගේ කතා කරන්නේ නැහැනේ. මිනිස්සු හිතිය යුත්තේ මෙවැනි දේවල් රටේ තිබෙන්නාවූ සම්මත වලට අනුකූලයි කියලයි ඒ වගේම ඒවාට ගරහන්න රටේ තිබෙන ප්‍රශ්න වල පිහිට පැතීමත් අනේ මන්දන්නේ නැහැ... මෝඩ වැඩක් මහත්තයෝ..

:       184       0

susanthaSaturday, 06 May 2017 02:02 PM

කසිකබල් වාහන වල යන්න ඕන නෑ, රටේ ආර්ථික තත්වෙට ගැලපෙන, රටේ මිනිස්සුන්ට උහුලන්න පුළුවන් තත්වේ අලුත් වාහනේක යන්න. උදා- ටොයෝටා කොරොල්ලා වගේ අලුත්ම කාර් එකක්, හොන්ඩා වෙසෙල් වගේ අලුත් එකක් ගත්තොත් මොකද? කොටි 4-5ක් දීල වාහන ගන්නම ඕනෙද?

:       0       27

priyanSunday, 07 May 2017 02:49 AM

සමන් කියන කෙනාට තේරුම් කරනවට වඩා හොඳයි චිනෙකුට ඉංග්‍රීසි කියා දෙනවා.. එයාගේ කව්රු හරි ඇමති කෙනෙක් වෙන්න ඇති..

:       0       0

Danuska Saturday, 06 May 2017 10:02 AM

සුනාමියක් ඇවිල්ලා හරි 225 ම අරන් යනවා නම් හොඳයි...

:       0       57

රොමේෂ් Saturday, 06 May 2017 10:52 AM

අනවශ්‍ය ලෙස වාහන ගෙන්වන්නේ මෛත්‍රිද, රනිල්ද, මහින්දද කියන එක නෙමෙයි වැදගත්, මේවා ගෙන්වන්නේ කාගේ සල්ලි වලින්ද කියන එකයි වැදගත්. මේ නාස්තිකරන්නේ අපේ සල්ලි කියන බව අපි සැම තේරුම් ගන්න ඕනා. "මහින්දගේ කාලේ වාහන ගෙන්නුවේ මෙහෙමද එනිසා අපේ අය පොඩ්ඩක් ගෙන්න ගත්තම මොකද?" කියල හිතනවා, "අපි තමයි රට හැදුවේ ඉතින් අපේ අය වාහන ටිකක් ගෙන්නගෙන සැප ගත්තම මොකද" කියලා අහනවා. අපි දෙපැත්තට වෙලා දෙගොල්ලන්ටම අපේම සල්ලි දිදී බලන් ඉන්නවා. ඉතින් රටකරවන්න සල්ලි නැතිනිසා ජාතික සම්පත් විදේශිකයන්ට විකුණනවා. ඉතුරු ටික හොයාගන්න ආයෙත් අපිටම බදු ගහනවා. අලුතින් හිතන්න කාලය ඇවිල්ල කියන්න බැහැ. ඒ කාලය ඇවිල්ලා යන්නත් බොහොම ලඟයි. අපියි ප්‍රමාද....

:       0       57

lousena Saturday, 06 May 2017 11:12 AM

කොටුගොඩ, ඕපාත, හීනටියන, යාගොඩමුල්ල, මිරිස්වත්ත, නැදගමුව ජනතාව නියඟය නිසා ජලය කඳුලක් නැතුව දුක්විදිනවා. ඔය එක වාහනයක් ගෙනෙන එක නවත්තලා ජල යෝයනා ක්‍රමයක් ක්‍රියාත්මක කරන්න.

:       0       0

samanSaturday, 06 May 2017 01:59 PM

මහත්තයෝ ජල යෝජනා ක්‍රමය කරන්නේ මුහුදු වතුරෙන්ද ?

:       82       11

Pradeep LiyanageSaturday, 06 May 2017 03:09 PM

සමන්, කෙනෙක් තමන්ට දැනෙන දැවෙන ප්‍රශ්නයක් ගැන කියද්දී ඔයවගේ උත්තර දෙන්න එපා. ඔය කියන ප්‍රදේශ ගැන මමත් හොඳට දන්නවා. මොකද මමත් කාලයක් හිටියේ මිරිස්වත්තේ නිසා. අනික ඔයා හරියට විස්තර දැනගෙන අදහස් පලකලොත් හොදයි නේද? මුහුදු වතුරෙන් පානීය ජලය ගන්න පුළුවන් බව ඔයා දන්නේ නැතුව ඇති. රට වටේම මුහුද තියාගෙනත් ඉන් හරි ප්‍රයෝජනයක් නොගන්නා එකම රට අපිද කියලත් සැකයි. මොකද ලුණු ටිකත් ඉන්දියාවෙන් ගෙන්වන නිසා. මම දැනට ඉන්නේ මාලදිවයිනේ. මේ රටේ හැම අවශ්‍යතාවයකටම ජලය ලබා ගන්නේ මුහුදෙන්. පානීය ජලය පවා.!!!

:       0       73

priyanSunday, 07 May 2017 03:51 AM

සමන් දන්න දේකුත් නෑ. නොදන්නා දේකුත් නෑ... කතා නොකර ඉන්නවා නම් හොදයි.. නැත්තම් ඔයාගේ තරම ලෝකෙම දැන ගන්නවා..ඔයා දන්නේ නැද්ද ඒ පැත්තෙන් ඇත්තනගළු ඔය ගලා යනවා කියලා..

:       0       0

saman Saturday, 06 May 2017 11:19 AM

ප්‍රදීප් ලියනගේ මහත්තයා ඔයා විනාශ කරනවයි කිව්වේ ඔය වාහන ගන්න එකද? ඔබතුමා මන්ත්‍රී කෙනෙක් වෙලා ඔහොම එකක් ලැබුණා නම්... අනේ මන්ද මිනිස්සු හරිම කුහකයි...

:       116       1

Pradeep LiyanageSaturday, 06 May 2017 01:18 PM

නෑ සමන්. මම රට විනාශ කරනවා කිව්වේ අධි සුඛෝපභෝගී වාහන ගන්න එකට විතරක් නෙමෙයි. ඒ කියපු දෙයින් ගොඩක් දේවල් අදහස් කළා. යථාර්ථවාදීව බැලුවොත් ඔයාටත් ඒ මොනවද කියල වැටහෙයි, හැබැයි පාට කන්නාඩි ගලවලා බලන්න. ඒවා එකින් එක ලියන්න අමාරුයි. අනික මම කොහොමත් මේ දේශපාලනේට එන්නේ නෑ. එනිසා ඔයා කියපු දේ මට අදාලම නෑ.

:       0       55

samanSaturday, 06 May 2017 02:03 PM

ලියනගේ මහත්තයෝ විනාශ කරන්න අපිට රටක් නැහැ. එ්ක ගිය ආණ්ඩුවේ කරලා ඉවරයි දැන් තියෙන්නේ ඒ රට ගොඩ ගේන එකයි. මම හිතන්නේ නැහැ... මේ සිද්ධියෙන් හරි වෙනත් සිදුවීම් වලින් හරි රටක් විනාශ වෙනවා කියල ඒ වගේම රටක් හදන්න මුදල් අවශ්‍යයි. යටිතල පහසුකම් අවශ්‍යයි. මේකත් ඒ වගේ දෙයක් තමයි.

:       108       1

rajith Saturday, 06 May 2017 01:00 PM

විදේශගතවෙලා ඉන්න ශ්‍රී ලාංකිකයන්ට තව තවත් දිරිය වාසනාව ලැබේවා!!! ඒ අානිශංයෙන් 225 දෙනාට සහ ගෝලබාලයින්ට වාහන ගන්න හැකිවේවා !!!

:       0       7

Gunapala Saturday, 06 May 2017 01:02 PM

ලංකාව කියන්නේ ලෝකයේ දියුණුම රටක් කියල හිතෙන්නේ මේ වෙලාවට...

:       0       0

samanSaturday, 06 May 2017 02:04 PM

ඒක වැඩි ඇතක නොවේ අපි බලා ඉදිමු ගුණපාල මහත්තයෝ...

:       67       3

yasantha Saturday, 06 May 2017 01:54 PM

මෙච්චර වාහන ගන්න එකේ තේරුම මොකක්ද?

:       0       1

palitha wiratunga Saturday, 06 May 2017 04:05 PM

ඇමති රෙද්දක් ඇඳගෙනද ඕව ප්‍රකාශ කරේ...

:       0       9

sopi Saturday, 06 May 2017 05:44 PM

ඔය ඔක්කොම සැප පහසුකම් වරප්‍රසාද මැති ඇමතිවරුන්ට ලබා දෙන්නේ ජනතා සේවයට පහසුව සලසන්නයි. වරද මැති ඇමතිවරුන්ට මේ ටික තේරෙන්න තරම් ඔලුවක් නැති එකයි. ඒ අය හිතාගෙන ඉන්නේ තමුන්ගේ සහ පවුලේ හිතවතුන්ගේ සුව පහසුව සඳහා මේ ඔක්කොම ලබාදෙන බවයි . ' ජනතා සේවය' ගැන මේ අඳ බාලයින් දරන ආකල්ප වෙනස් කරන්න ජනතාව පෙරමුණ ගත යුතුයි.

:       0       0

lousena Saturday, 06 May 2017 06:46 PM

ඔය සමන් කියන පුද්ගලයා පොහොසත් ඇති (මොලය නැති) නමුත් මා කියූ ප්‍රදේශවල ජනතාව ජලය නැතුව දුක් විඳිනවා. බොහෝ නිවෙස්වලට ජලය මුදල්වලට ගේන්නේ යටියන ප්‍රදේශයෙන් 1000 l රුපියල් 1500 වෙනවා, දින තුනකට පමණක් පවුලකට ප්‍රමාණවත්. මුදල් ඇති අයනම් කෙසේ හෝ ජලය ගන්නීවී නමුත් අසරණ මිනිස්සුන්ට පිහිට සති දෙකකට වරක් එන ජල බවුසරයෙන් ජලය නිවසේ ඇති භාජනවලට රැස්කර ගැනීම පමණයි. මම මැදපෙරදිග රටවල් රැසක සේවය කරලා තියෙනවා. මෙහෙ මුහුදු ජලය තමයි ප්‍රයෝජනයට ගන්නේ. මා දැනුවත්ව කිසිම දවසක ජලකප්පාදුවක් වෙලා නැහැ. සැපයුම එහෙමයි. ලංකාවේ දැන් තිබෙන කාලගුණය අනුව වැස්සට අහස බලාගෙන ඉන්නේ නැතුව මුහුදු ජලය පවිත්‍ර කරලා ජනතාවට සැපයිය යුතුයි. එ්කට තමයි කියන්නේ අධික මිලට වාහන ගන්නේ නැතුව දැවෙන ප්‍රශ්න විසදිය යුතුයි කියලා. කරුමෙට අද ලංකාවේ දේශපාලකයින්ටයි , සමන් වගේ පුද්ගලයින්ටයි නොතෙරෙන්නෙත් ඔය ටිකමයි.

:       0       0

ruby Saturday, 06 May 2017 09:26 PM

සමන් මහත්තයෝ, ඕස්ට්‍රේලියාවල මුළු වික්ටෝරියා ප්‍රාන්තයටම වතුර දෙන්නේ මුහුදු වතුරෙන්. සමන් වගේ පුද්ගලයන් සිටිනකම් මේ දේශපාලුවන් හැමදාම අපගේ රට පාලනය කරනවා. හරිම දුකකි.

:       0       0

රත්නායක Sunday, 07 May 2017 01:21 AM

මෙතන "සමන් " කියල අදහස් දාන්නෙ මේ වාහන හම්බවෙන අැමති කෙනෙක් බව හොඳටම පැහැදිලියි. එ්කනෙ මේ හැමෝම කියනදේ මෙයාට නොතේරෙනව වගේ අදහස් දාන්නෙ. එයා හිතන්නෙ මේ වාහන නිකන් හම්බවෙනව කියල. අනෙක මේරට හෙට අනිද්දාම දියුණු රටක් වෙනව කියලත් දන්නවා. හරි සතුටුයි.

:       0       0

masuhud Sunday, 07 May 2017 01:33 AM

වාහනයක් ගත්තාම මොකෝ මේ තරම් දියුණු රටක ඇමතිවරු පරණ කාර්වල යන්න ලජ්ජා නැද්ද?

:       0       0

DHANUSHKA Sunday, 07 May 2017 02:05 AM

හරි හරි ඉතින් ලැම්බෝ ගිනි ගෙනාවේ නැනේ.... සමාජයේ ඉහලට යද්දී හොඳ වාහන නොගන්නේ කව්ද? දියුණු ප්‍රවාහන සේවා තියන රටවල විතරයි මිනිස්සු පොදු ප්‍රවාහන සේවා භාවිත කරන්නේ. අපි අපේ මට්ටමින් ඉස්සරලම කාර්යක්ෂමව වැඩ කරමු. එතකොට අනිත් අයත් කාර්යක්ෂම වෙලා රට දියුණු වෙයි. අපේ සමාජය ඉරිසියාවෙන්, ක්‍රෝධයෙන් පිරිලා මුලා වෙලා. අනුන්ට කියන්න කලින් තමන්ගේ වැරදි අපි හැමෝම හදා ගත්තොත් හොඳයි. දැන් ඉතින් මටත් දෙහි කපයි... හාහ් හාහ් හා...

:       0       0

Pradeep Luyanage Sunday, 07 May 2017 04:49 AM

සමන් යනු ඉතා බුද්ධිමත් පඬිරුවනක් බව ඔහුගේ මේ අදහස්වලින් මනාව ගම්‍යවේ. ඔහු හා සංවාදයකට මගේ දැනුම ප්‍රමාණවත් නොවන බැවින් ඔහු හා සිදුකල සංවාදයෙන් ඉවත් වෙමි.

:       0       0

රාජුන් Sunday, 07 May 2017 05:45 AM

මට නම් හිතෙන්නේ නෑ මේ මැති ඇමතිවරු, බණ කිය කියා රටවටේ ඇවිදින ජනාධිපති පවා, මහජනයාගේ අදහස් උදහස් දන්නවා කියලා. කාට හරි බැරිද මේ පුවත සඳහා පමණක් ලැබී තිබෙන මහජන අදහස් මුද්‍රණය කරලා ඔය මැති ඇමතිවරුන්ට ලබා දෙන්න. මේ ටිකම ඇති ඔවුන්ට ඇත්ත තත්ත්වය වටහාගන්න, යන්තම් හරි මොලේ කඳුලක් තියනවා නම්....

:       0       0

sanjeewa Sunday, 07 May 2017 06:06 AM

සමන් ලොක්ක මේ ආණ්ඩුව බලේට ගේන්න අපිත් වැඩ කලා. ඒ වුනාට හරි වැරැද්ද නොතේරෙන අය නෙවෙයි අපි. ඔහේට මොකක් හරි ඔළුවේ අමාරුවක් තියෙනවා... මෙතන කොමෙන්ට් ලියලිය වෙලාව නාස්ති කරන්නේ නැතුව...

:       0       0

de silva Sunday, 07 May 2017 07:29 AM

රජයේ නිලධාරීන්ගේ පාවිච්චිය සඳහා අර්ධ සුඛෝපභෝගී ඉන්දියන් වාහන ගෙන්වන්නො. එතකොට ඔයතරම් මුදලක් අවශ්‍ය වෙන්නේ නැහැ. අමතර කොටස් වලට යන මුදලත් අඩුයි. ඉන්දියාවේ රජයේ නිලධාරීන්ට ඉන්දියන් වාහන භාවිත කරන්න පුළුවන්නම් ලංකාවේ නිලධාරීන්ට බැරි මොකද? දැන් පොලිස් දෙපාර්තමෙන්තුව වැනි දෙපාර්තමේන්තුවල 80% ටත් වැඩියෙන් භාවිතා කරන්නේ ඉන්දියන් වාහන... ඉතින් අනිත් දෙපාර්තමේන්තුවලට බැරි මොකද ?

:       0       0

රුචි Sunday, 07 May 2017 07:33 AM

රට ගැන, රටේ මිනිස්සු ගැන කිසිම හැඟීමක් නැති රජයක්. රට කාට ගියක් මේ අයට සුර සැප... අනේ දෙවියනේ...හොඳක් සිදුවේද?

:       0       0

sisira Sunday, 07 May 2017 12:58 PM

බුදු අම්මේ මේ තරම් ගාණක් ගෙවලා ගෙන්නන්න යන්නේ හෙන නොවදින කාර්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 6396 4

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


අපේ කෙල්ලෝ ක්‍රිකට් ලොව හොල්ලති
2024 අප්‍රේල් මස 18 3711 1

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් පිලට එරෙහිව දකුණු අප්‍රිකාවේදී පැවැති එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් තර


කොන්ත්‍රාත්කරුවෝ පැනයති:අනුරාධපුර රෝහලේ ගොඩනැගිලි පැලවෙති
2024 අප්‍රේල් මස 17 3057 10

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙම


පාලිත තෙවරප්පෙරුම විදුලි සැර වැදී මරුට
2024 අප්‍රේල් මස 16 11717 33

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විදුලි සැර වැදීමෙන් මියගොස් ඇතැයි නාගොඩ රෝහල් ආරංචි මාර්ග කියයි.


’’ඡන්දෙට කලින් වාහන පර්මිට් එක ඕනෑ’’
2024 අප්‍රේල් මස 15 7994 57

මුලින් නිකුත් කෙරුණු තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදිය නොහැකිනම් ඊට වඩා අඩු වාහනයක් හෝ මිලදී ගැනීමට වාහන බලපත්‍රයක් ඉදිරි ජනාධිපතිවරණයට පෙර දෙන්න


නිවෙස්වල අනතුරු දෙකකින් මල් කැකුළු දෙකක් මිලින වෙති
2024 අප්‍රේල් මස 15 3052 2

පඬුවස්නුවර සහ අරලගංවිල නිවෙස්වල දී සිදු වූ අනතුරු දෙකකින් කුඩා දරුවන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1530 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1421 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site