IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


සී.අයි.ඩී.යට දේශපාලන පිළිකාව

“දශක ගණනාවක සිට, විශේෂයෙන්ම සැප්තැම්බර් 11 වැනිදා ප්‍රහාරයෙන් පසුව, ගෝලීය ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමේ පොදු අරමුණ පෙරදැරිව එක් එක් රටවල ත්‍රස්තවාදයට අදාළ විමර්ශන කටයුතු සම්බන්ධයෙන් දැනුම්වත්ව සිටීම සඳහා එම රටවල දේශීය පාර්ශවකරුවන් සමග අත්වැල් බැඳගැනීමට එෆ්බීඅයි ආයතනය එහි නියෝජිතයන් අනුයුක්ත කිරීමට පියවර ගෙන තිබෙනවා. දේශීයව හෝ වේවා විදේශීයව හෝ වේවා, සිදුවන අපරාධ නඩු විභාගයක් හරහා, ශ්‍රී ලංකාවේ සිදුවූ මෙම භයංකර ප්‍රහාරයෙන් මියගිය හෝ තුවාළ ලැබූ සිය ගණනක් දෙනාට යම් තරමක හෝ සාමයක් අත්වනු ඇතැයි යන්න අපගේ ඒකායන ප්‍රාර්ථනයයි” යයි එෆ්බීඅයි ආයතනයේ ලොස් ඇන්ජලීන් නුවර කාර්යාල භාර නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ක්‍රිස්ටි. කේ. ජොන්සන් මහත්මිය පැවසුවා ය.

2020 දෙසැම්බර් මස 20 වැනිදා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලිස් නුවර දිස්ත්‍රික් අධිකරණයේ ගොනු කැරුණු මෙම අපරාධ නඩුව එෆ්බීඅයි ආයතනය වසර දෙකකට ආසන්න කාලයක් පුරාවට සිදුකළ විමර්ශනයක ප්‍රතිඵලයකි. එම විමර්ශනයේ දී, එෆ්බීඅයි නිලධාරීන්, බොහෝ බටහිර ජාතිකයන් නිතර යනෙන ශ්‍රී ලංකාවේ පල්ලි සහ සුඛෝපභෝගී හෝටල ඉලක්ක කරගෙන එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ විමර්ශන අංශ පවත්වමින් සිටි විමර්ශනයන්ට සිය සහයෝගය ලබා දුන්නේය.

ප්‍රහාරයට සම්බන්ධව ඇතැයි සැකකෙරෙන අනෙක් සැකකරුවන් ඇතුලුව මෙම පැමිණිල්ලේ නම් සඳහන් වන විත්තිකරුවන්ද, මේ වන විට සිටින්නේ ශ්‍රී ලංකා බලධරයින්ගේ අත්අඩංගුවේය. ඔවුන් සම්බන්ධයෙන් එරට විමර්ශනයක් සිදුවෙමින් පවතී.

පැමිණිල්ලට අනුව, මෙම විත්තිකරුවන් තිදෙනත්, කුමන්ත්‍රණයට හවුල්ව ඇති අනෙක් අයත් - මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කර මරණයට පත්වූ ත්‍රස්තයින් 8 දෙනාත් ඇතුලුව, අයිඑස්අයිඑස් සංවිධානයට විවිධ අවස්ථාවල දී, ද්‍රව්‍යමය ආධාර සපයා හෝ සැපයීමට - සේවා සහ පුද්ගලයින් ඇතුලත්ව, කුමන්ත්‍රණය කර හෝ කුමන්ත්‍රණය කර ඇතැයි චෝදනා නගා තිබේ. ඊට අමතරව, පහත දැක්වෙන චෝදනාවන් ද, ඔවුන්ට එරෙහිව නගා ඇත.


1. අයිඑස්අයිඑස් සංවිධානයට හිතවාදී ශ්‍රී ලංකාවේ පිරිසකගෙන් සැදුම්ලත් කණ්ඩායමක සාමාජිකයන් ලෙස කටයුතු කර තිබීම. එම සංවිධානයේ අනුගාමිකයන් ලෙස කටයුතු කර තිබීම. අයිඑස්අයිඑස් සංවිධානයේ ඉලක්කයන් ඉදිරියට ගෙනයාම ඉලක්ක කරගත් ප්‍රචණ්ඩකාරී ප්‍රහාරයන් සැළසුම් කිරීම සහ එවන් ප්‍රහාරයන් කුලු ගැන්වීම

2. පුපුරණ ද්‍රව්‍ය සහ නවීකරණය කරන ලද පුපුරණ උපකරණ තැනීමට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබාගෙන තිබීම

3. නවීකරණය කරන ලද පුපුරණ උපකරණ නිශ්පාදනය කිරීම සහ පරීක්ෂා කර බැලීම. ප්‍රහාරය සදහා යොදාගත් මෙවන් උපකරණයන් ද, මීට ඇතුළත් වේ

4. ශ්‍රී ලංකා පුරවැසියන් අයිඑස් සාමාජිකයන් ලෙස බඳවා ගැනීම.

5. ඝාතකයින් සහ ඔවුන්ගේ සම කුමන්ත්‍රණකරුවන් ගිනි අවි සහ පුපුරණ ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් පුහුණු කිරීම සඳහා අයිඑස්අයිඑස් සංවිධානය සම්පාදනය කරන ලද පුහුණු මෙවලම් භාවිතා කිරීම.

6. අයිඑස්අයිඑස් සංවිධානයේ නාමයෙන් ප්‍රහාර එල්ල කිරීම සදහා, පාස්කු ඉරිදා ප්‍රහාරය ද, ඇතුළත්ව- නීතිය සුරැකීමේ අංශවලින් වසන් වෙමින් ආරක්ෂිත නිවස්න (සේෆ් හවුසස්) වෙන්කර ගෙන තිබීම

7. අපරාධමය කුමන්ත්‍රණයන් රහසිගතව තබාගැනීමට අයිඑස්අයිඑස් සංවිධානයේ උපදෙස් යටතේ, යවන්නාට සහ ලබන්නාට හැර වෙනත් පාර්ශවයකට එසේ යවන පණිවුඩ ග්‍රහණය කරගත නොහැකි පණිවුඩ යැවීමේ මෘදුකාංගයන් භාවිතා කිරීම

8. ගිනි අවි ලබාගැනීම සදහා ශ්‍රී ලංකා ජාතික පොලිස් නිලධාරීන් දෙදෙනකු ඝාතනය කිරීම සහ,

9. පොලිස් ඔත්තුකරුවෙක් යැයි සැකකැරෙන පුද්ගලයෙකුට වෙඩි තැබීම


විදේශීය ත්‍රස්තවාදී සංවිධානයක් යැයි නම් දරා ඇති සංවිධානයකට ද්‍රව්‍යමය සහාය ලබාදී හා ලබාදීමට කුමන්ත්‍රණය කර සහ එවන් සහායක් ලබාදීමට උත්සාහ කර ඇතැයි විත්තිකරුවන් තිදෙනාටම එරෙහිව චෝදනා ගොනු කර තිබේ. අමතරව, අයිඑස්අයිඑස් සංවිධානයෙන් මිලිටරිමය පුහුණුවක් ලබාගැනීම සදහා ආධාර අනුබල ලබාදුන්නේ යැයි ද මිල්හාන්ට සහ නවුෆර්ට එරෙහිව චෝදනා ගොනු කර ඇත.

එෆ්බීඅයි ආයතනයේ මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක වන ලොස් ඇන්ජලීස් හි ඒකාබද්ධ ත්‍රස්ත කාර්යසාධන බලකාය, විදේශයන්හි කරුණු කාරණා සම්බන්ධයෙන් වගකීම් පවරා ඇති පුද්ගලයින් ද, ඇතුළත්, විමර්ශන කටයුතු මෙහෙයවයි. නියෝජ්‍ය එක්සත් ජනපද නීතිඥවරුන් වන ඈන්මාර්ටින් සාලික්, ජෝර්ජ්.ඊ.පෙන්ස් (සිව්වැනි) සහ ත්‍රස්ත සහ විදෙස් අපරාධ අංශයේ ක්‍රිස්ටීන්.එම්.රෝ සහ ජාතික ආරක්ෂක දිසාවේ ත්‍රස්තවිරෝධී අංශයේ ඇලීෂියා කුක් මෙම නඩු විභාගය මෙහෙයවන අතර, අන්තර්ජාතික කටයුතු අංශයේ අපරාධ සම්බන්ධයෙන් වන කාර්යාලය මෙහිලා ඉතා අගනා සහයක් ලබාදුන්නේ ය.

එසේ නම් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා, ඔහුගේම නිගමනයන් ඉදිරිපත් කරමින් ඉතිහාසය වෙනස් කිරීමට දැඩි උත්සාහයක් ගනිමින් සිටින්නේ ඇයි? පැහැදිලිවම, එම නිගමනයන් පවතින්නේ පාස්කු ප්‍රහාරය විමර්ශනය කිරීම සදහා පත් කැරුණු විමර්ශන කොමිසම හෙළිකරගෙන තිබෙන කාරණාවලට ඔබ්බෙනි.

මෙම ගැටලුව සම්බන්ධයෙන් අවධානය යොමුකිරීමට පෙරාතුව, වසර 2ක් වැනි කාලයක දී, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා අවසන් කර, වැරදිකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කිරීමට එෆ්බීඅයි ආයතනයට හැකිව තිබෙන බව පෙන්වා දිය යුතුය.

ශ්‍රී ලංකාවේ වූ සිදුවීමක් සම්බන්ධව වුවත්, එසේ චෝදනා ගොනු කර තිබෙන්නේ ද, එක්සත් ජනපද අධිකරණයකය. එවන් තත්ත්වයක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙන්ම දේශීයව ක්‍රියාත්මක වෙනත් විමර්ශන ආයතනයන් ගැන කීමට තිබෙන්නේ කුමක් ද?,
චෝදනා ගොනු කිරීම පසෙක තබා බැලුව ද මෙම කණ්ඩායමට නායකත්වය දුන්නේ කවුරුන් ද?, ඔවුන්ට අරමුදල් පැමිණ තිබෙන්නේ කොහි සිට ද?, ප්‍රහාරය එල්ල කිරීම දක්වා ඔවුන් ගොඩනැගී තිබෙන්නේ කෙසේ ද?, ඔවුන් ක්‍රියාත්මකව ඇත්තේ කෙසේ ද? සහ ඔවුන්ට දේශපාලන නායකත්වය ලබා දී තිබෙන්නේ කවුරුන් ද? යන කාරණා කිසිවක් සම්බන්ධයෙන් පැහැදිලි ස්ථාවරයක සිට කරුණු දැක්වීමට පවා ශ්‍රී ලංකාවේ විමර්ශන අංශ අපොහොසත්ව ඇත.

පැවැති යහපාලන රජය සමයේ, එම රජයේ තාලයට කටයුතු කළ නිලධාරීන්ට, නව රජය බලයට පත්වීමත් සමග අලුත් කණ්ඩායමකට ඉඩ ලබාදීමට සිදුවූ බවත් මෙහිදී සදහන් කළ යුතු වේ. කලක් ඉතා ඉහළින් ගෞරවය දිනාගෙන සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට, දේශපාලනය නම් පිළිකාව වැළදී තිබෙන්නේය යන්න තවදුරටත් රහසක් නොවේ. දේශපාලනිකව ස්වාධීන නිලධාරීන්ට එම දෙපාර්තමේන්තුවේ අද වන විට තැනක් නොමැත.

වරක් පැවසූ මෙම කාරණය, එනම් පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහමොළකරුවා නවුෆර් මවුලවීය යන්න, අමාත්‍ය සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේ දී නැවත වරක් සඳහන් කරමින් එය රජයේ ස්ථාවරය බව යළිත් ගෙනහැර දැක්වීම ගොඩනැගී තිබෙන්නේ සේවයෙන් නික්මයන නීතිපති දප්පුල ද ලිවේරා මහතා සිදුකළ ප්‍රකාශයක් මතය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද විමර්ශනයන් අසම්පූර්ණ යැයි චෝදනා කළ ඔහු, එනිසාම සේවයෙන් විශ්‍රාම යෑමට පෙර තමාට එම සිදුවීමට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව චෝදනා ගොනු කිරීමට හැකියාවක් නොමැතිව ගොස් තිබෙන බව පැවසුවේ ය. ලබන අගහරුවාදා ඔහු නීතිපතිධූරයෙන් විශ්‍රාම යනු ඇත. නික්මයන නීතිපතිවරයාගේ මෙම ප්‍රකාශයත් සමග අමාත්‍ය වීරසේකර මහතා පළමුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් ඉල්ලා සිටියේ ය. ඔහු පාර්ලිමේන්තුවේ දී සිදුකළේ එම වාර්තාව හා බැදුණු ප්‍රකාශයකි.

අනෙක් නීතිපතිවරුන් හා සැසදීමේ දීද, ලිවේරාගේ කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ ඉහළ මාධ්‍ය ප්‍රතිරූපයක් පවත්වාගැනීමට ඔහු නිරතුරුවම උත්සාහ කිරීමයි. විවිධ නඩු කටයුතු සම්බන්ධයෙන් වූ ප්‍රධාන තතු සෑම විටම මාධ්‍ය හමුවේ ප්‍රකාශ කිරීමට ඉඩ සළසා තිබූ ඔහු එම බොහෝ අවස්ථාවල දැනෙන නොදැනෙන ගාණට පොලිසිය කෙනිත්තීමේ , යෙදිණ. මෙම පිළිවෙත, අවස්ථා කිහිපයකදීම රජය අපහසුතාවයට පත්කිරීමේ සමත් විය.

කෙසේනමුත් දප්පුල ද ලිවේරා මහතාගේ මෙම පිළිවෙතින් ඵලක් නොවූවා මෙන්ම, සිදුවූයේ වාසියකට වඩා අවාසියකි. ඔහු අතට ගත් එම කාරිය අධිකරණ අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශකයකු හරහාම ඉටුකර ගැනීමට තිබිණ. කොටින්ම නීතිපති දෙපාර්තමේන්තුව එම අමාත්‍යංශයට යටත්වන හෙයින්ම එය වඩා සුදුසුවන්නට තිබිණ.එ සේ නොමැතිව ඔහුට රිසි සේ කටයුතු කිරීමට ඉඩහැරීම අවසානයේ රජයට අවාසි සහගත විය.

දෙපාර්තමේන්තුවේ මාධ්‍ය කටයුතු සදහා ඔහු සිය වෘත්තිය සගයකුගේ සේවය ලබාගත් අතර ඇය නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනිය ලෙස කටයුතු කළාය. 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පෙර තවදුරටත් නීතිපතිවරයා ලෙස කටයුතු කිරීම සදහා අවස්ථාවක් ලබාගැනීමට ඔහු යත්න දැරූව ද එය සාර්ථක වූයේ නැත. අවසන, සේවයෙන් නික්ම යාමෙන් පසුව කැනඩාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා ලෙස පිරිනැමුණු නව තනතුර ද ඔහු ප්‍රතික්ෂේප කළේ ජනතාවට සේවය කිරීමට තමාට අවැසි යැයි පවසමිනි.

නීතිපති දප්පුල ද ලිවේරා මහතාගේ ප්‍රකාශය ඵල රහිත කිරීමේ අරමුණින් අමාත්‍ය වීරසේකර මහතා එවැනි ප්‍රකාශයක් සිදුකළේ යැයි සැළකුවහොත්, එයත් සමග මතුවන ගැටලු ඉතා බරපතලය.

පළමුව, පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා හරහා එකදු හෝ නඩුවක් පැවරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකිව නොමැත. මේ අතරට නවුෆර් මවුලවී ද අයත්ය.

දෙවනුව පාස්කු ඉරිදා ප්‍රහාරය විමර්ශනය කළ කොමිසම පවා නවුෆර් මවුලවී මෙම ප්‍රහාරයට හවුල් යැයි පැහැදිලි සාක්කි අනාවරණය කර හෝ තබා ඔහු මෙම ප්‍රහාරයේ මහමොළකරුවා ලෙස හෝ හදුනාගෙන නොමැත. එහෙයින්ම, නවුෆර් පාස්කු ඉරිදා සංහාරයේ මහමොළකරුවා ලෙස නැවත නැවතත් හදුන්වාදීම හමුවේ මෙම ප්‍රහාරය සම්බන්ධ විමර්ශන කටයුතුවල දිශානතිය වෙනස්ම අතකට හැරවීමේ තැතක් පවතින්නේදැයි ගැටලුවක් පැන නැඟේ.

එය විශේෂයෙන්ම, අපරාධයක් ලෙස ගිණිය හැකි අතපසුකිරීම් සිදුකර ඇතැයි කොමිසම, හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුලු ඉහළ පෙලේ පුද්ගලයින්ට චෝදනා නගා ඇති පසුබිමකය. කෙසේවෙතත් වගකිව යුතු කිසිවෙක්ට බුරුලක් නොදෙන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා නැවත නැවතත් අවධාරණය කර ඇත.

මෙම තත්ත්වයේ ඉතාම අසතුටට පත්ව සිටින පුද්ගලයා වන්නේ කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ය.

රජයේ ක්‍රියාකලාපය හමුවේ විටෙක කෝප වෙමින්, තවත් විටෙක නිවී යමින් සිටි උන්වහන්සේ ගෙවුණු මස මුල් භාගයේ දී පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් රජය අනුගමනය කරන ඇල්මැරුණු පිළිවෙතට විරෝධය දැක්වීමක් ලෙස සෑම ඉරිදා දිනයකම විරෝධතා ව්‍යාපාරයන් දියත් කරන්නේ යැයි පවසා සිටියහ. එම තර්ජනය, හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් හා ඔහුගේ සොයුරු රියාජ් බදුර්දීන් දෙදෙනගේ පාස්කු ප්‍රහාර භූමිකාව කුමක්දැයි සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන කටයුතු ආරම්භ කිරීමත් සමගම පාහේ යට ගියේ ය. මෙතැනද, මෙම දෙදෙන සම්බන්ධයෙන් මෙසේ නව විමර්ශන කටයුතු ආරම්භව ඇත්තේ ප්‍රහාරයෙන් වසර 2 කටත් වඩා වැඩි කාලයක් ගෙවී තිබෙන අවස්ථාවකදීය.

ගෙවුණු සතියේ දී, කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ඉතා දැඩිව විවේචනය කැරෙණු හදුනාගත හැකිවිය. එයට හේතුව වී තිබුණේ උන්වහන්සේ, ගරු ඇල්ලේ ගුණවංස හිමියන් සමග එක්ව පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකි.

එම මාධ්‍ය සාකච්ඡාව පදනම්ව තිබුනේ පාස්කු ප්‍රහාරය මත නොව, කොළඹ වරාය නගරය මතය. ජනපති ලේකම් කාර්යාලයට ඔබ්බෙන් වන සයුරු තීරයේ කෘතිමව නිර්මාණය කර තිබෙන මෙම භූමිය කිසිදු රටකට ලබා නොදිය යුතුයැයි කාදිනල් හිමිපාණෝ පැවසූහ.

මේ අරබයා උන්වහන්සේට එරෙහි විවේචන වඩාත් නැගී තිබුණේ, කාදිනල් හිමිපාණන්, ඇල්ලේ ගුණවංස හිමියන් සමග එක්ව අදහස් පළකිරීම සම්බන්ධයෙනි. ඇල්ලේ ගුණවංස හිමියන්, විපක්ෂය නියෝජනය කරන ඉතාම ක්‍රියාකාරී මෙන්ම ඉතා දැඩි වාග් ශෛලියක් අනුගමනය කරන හිමිනමක් ලෙස සැළකේ. ජනපතිවරණයට පෙර උන්වහන්සේ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රබල ආධාරකරුවෙක් වූහ.

මීගමුව, කුරණ සාන්ත ආනා දේවස්ථානයේ මීසම් පාලක මෙන්ම කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කරන සිරිල් ගාමිණී පියතුමා, සන්ඩේ ටයිම්ස් සමග මෙසේ අදහස් දැක්වීය.

“සේවයෙන් නික්ම යන නීතිපති දප්පුල ද ලිවේරා මහතා, පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් වන විමර්ශන කටයුතු පිළිබදව සිදුකර තිබෙන ප්‍රකාශය ගැන රජය සහ පොලිසිය මනා පැහැදිලි කිරීමක් සිදුකළ යුතුව තිබෙනවා. වසර 2කට ආසන්න කාලයක් නීතිපතිවරයා ලෙස කටයුතු කළ ඔහුගේ මෙම ප්‍රකාශය හමුවේ අප පුදුමයට පත්වුනා.

නීතිපති ලිවේරා මහතා මෙවැනි දෙයක් මින් පෙර කීවේ නැහැ”

“විමර්ශන කටයුතු නිසි පරිදි සිදුවන බව අපට අඟවනු ලැබුනා. මෙම ප්‍රහාරය කුමන්ත්‍රණයක් බව සේවයෙන් නික්ම යන නීතිපතිවරයා රූපවාහිනී නාළිකාවක් සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක දී, සඳහන් කර තිබෙනවා. අපි - පල්ලියත් - විශ්වාස කරන්නේ මෙම ප්‍රහාරය කුමන්ත්‍රණයක් බවයි. එනිසාම නික්ම යන නීතිපතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අපට පැහැදිලි කිරීමක් අවශ්‍යයි”

“අනෙක් අතට, පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවා නවුෆර් මවුලවීය යැයි කියමින් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මෑතක දී සිදුකර තිබෙන ප්‍රකාශය අපි පිළිගන්නේ නැහැ. ඔහු මෙම ප්‍රහාරයන්ට දායකත්වයක් ලබා දී තිබෙනවා විය හැකියි. නමුත් මෙම සැකකරුවා සැළකිය යුතු කාලයක් තිස්සේ අත්අඩංගුවේ පසුවෙමින් සිටීම නිසාම අමාත්‍යවරයාගේ ප්‍රකාශය අපි පිළිගන්නේ නැහැ”

“ඔහු මෙම ප්‍රහාරයේ මහමොළකරුවාය කියා අපට කියන්නේ දැන්. ඇත්තටම මේ ප්‍රහාරයේ මහමොළකරුවා කවුරුන්ද කියා දැනගැනීමට අපට වුවමනායි. ඒ අරබයා අදාළ පුද්ගලයින්ගෙන් මනා පැහැදිලි කිරීමක් අපට වුවමනායි. ඒ වගේම, ප්‍රහාරය සම්බන්ධයෙන් වන විමර්ශන  කටයුතුවලට දේශපාලනමය පීඩනයක් එල්ලවෙමින් තිබෙනවා ද? යන්නත් අපට දැනගැනීමට වුවමනායි” යයිද සිරිල් ගාමිණී පියතුමෝ පැවසූහ.

මේ අතර ‘නිව්ස්ෆස්ට්’ නාළිකාව සමග පැවැති සම්මුඛ සාකච්ඡාවක දී, නීතිපතිවරයා මෙසේ පැවසුවේ ය.

“2019 අප්‍රේල් මස 21 වැනිදා සිදුවූ ප්‍රහාරයට නායකත්වය ලබාදුන්නේ කවුරුන්ද යන්න හදුනාගැනීමට නම් තිබෙන සාක්කි, බුද්ධි තොරතුරු සහ අදාළ තොරතුරු කොටස් ඉතාම ප්‍රවේසමින් අධ්‍යනය කිරීමට අවශ්‍යයි.”

මෙම ප්‍රහාරය පසුපස දැවැන්ත කුමන්ත්‍රණයක් තිබෙනවා, යැයි සදහන් කළ නීතිපතිවරයා, ප්‍රහාරය එල්ල කළ වේලාවන්, ඉලක්ක, ස්ථාන, ප්‍රහාරය එල්ල කළ ආකාරයන්, යනාදී කාරණා සම්බන්ධව රාජ්‍ය බුද්ධි අංශය එකතුකර ඇති තොරතුරු ගත්විට, එවැනි දැවැන්ත කුමන්ත්‍රණයක් තිබී ඇති බවට පැහැදිලි සාක්කි ඇතැයි පැවසුවේ ය.

සාක්කි මත පදනම්ව, මෙම දැවැන්ත කුමන්ත්‍රණයට හවුල්ව සිට ඇති අයවලුන්ගේ අනන්‍යතාවයන් නිරාවරණය කළ යුතුව තිබෙන්නේ යැයි ඔහු කීවේ ය.

මෙම ප්‍රහාරය වටා ගොඩනැගී තිබී ඇති කුමන්ත්‍රණය සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව තිබෙන බව සදහන් කළ නික්ම යන නීතිපතිවරයා, නවුෆර් මවුලවී ඇතුලු තවත් සැකකරුවන් ගණනාවක්ම ඊට සම්බන්ධ බව පැවසුවේ ය. පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවා ලෙස රජය දැනට හදුන්වාදෙමින් සිටින්නේ නවුෆර් මවුලවීය.

කෙසේවුවත් නිව්ස්ෆස්ට් නාළිකාව හා අදහස් දක්වමින් නීතිපති ද ලිවේරා මහතා කියා සිටියේ ප්‍රහාරය එල්ල කිරීමේ කුමන්ත්‍රණය පසුපස සිටි ප්‍රධාන චරිතයක් ලෙස නවුෆර් මවුලවී හදුනාගත හැකි වුවත්, ඔහු කණ්ඩායමේ නායකයා වුවත්, ප්‍රහාරයේ මහමොළකරුවා යැයි තහවුරු කිරීමේ හැකියාවක් නොමැති බවය.

“මේක සමස්තයක් වශයෙන් බැලිය යුතු දෙයක්. කාලයම එම තීරණය ලබා දේවි” යැයි පැවසූ නීතිපතිවරයා, වර්තමානයේ විමර්ශන කටයුතු ක්‍රියාත්මකව තිබෙන්නේ ප්‍රහාරය සැළසුම් කළ පුද්ගලයින් හදුනාගැනීම සදහා යැයි කීවේ ය.

මෙම කුමන්ත්‍රණය ක්‍රියාත්මක කළ පුද්ගලයින් ලෙස ඔහු හදුන්වාදුන්නේ මරාගෙන මැරෙන බෝම්බකරුවන්වය. ඔවුන් තවදුරටත් ජීවතුන් අතර නොමැති බව පෙන්වාදුන් නීතිපතිවරයා, විමර්ෂකයින්, එම මරාගෙන මැරෙන බෝම්බකරුවන්ට උදව් උපකාර කළ පුද්ගලයින් ගණනාවක් හදුනාගෙන තිබෙන්නේ යැයි පැවසුවේ ය.

මෙම ප්‍රහාරයන් කුමන්ත්‍රණය කළෝ සිටින්නේ වෙනම තලයක. සහරාන් හෂීම් වැනි පුද්ගලයන් (ප්‍රහාරය එල්ල කළ කණ්ඩායමේ නායකයා) එයට හවුල්ව සිටින්නට ඉඩ තිබුණා වුවත්, ඔහු මරාගෙන මැරෙන්නට තීරණය කළා, ඔහු කීවේ ය.

මෙම මහා කුමන්ත්‍රණය අනාවරණය කරගැනීමට සිදුවන විමර්ශන කටයුතු අවසාන යැයි කීමේ හැකියාවක් අපට නැහැ, නික්ම යන නීතිපතිවරයා පැවසුවේ ය.

නීතිපතිවරයාට අනුව ගතහොත්, ඇතැමුන් ප්‍රහාරය සැළසුම් කර තිබෙන අතරවාරයේ, තවත් ඇතැමුන් මෙම මහා කුමන්ත්‍රණයේ තවත් කොටසක් ලෙස මරාගෙන මැරෙන බෝම්බකරුවන් එම ප්‍රහාරයන් සිදුකිරීම සදහා මෙහෙයවා තිබේ. කෙසේවුවත්, නිශ්චිත නිගමනයකට එළැඹීමට නම් තිබෙන සාක්කි ඉතාම සැළකිල්ලෙන් පරීක්ෂා කළ යුතුව ඇත.

ප්‍රහාරය හා සම්බන්ධ විදෙස් ජාතිකයන් සම්බන්ධයෙන් මෙතෙක් සාක්කි අනාවරණය කරගැනීමට විමර්ශකයින්ට නොහැකිව ඇතැයි සදහන් කළ නීතිපතිවරයා, එම පුද්ගලයින් චෝදනා ගොනු කිරීමට දැනට හැකියාවක් නොමැති පුද්ගලයින් ලෙස සැළකෙමින් තිබෙන බව පැවසුවේය. එම පුද්ගලයින් කිසිදු දිනෙකවත් හදුනාගැනීමට හැකියාවක් නොතිබීමටත් ඉඩ ඇතැයි ඔහු පැවසුවේය.

කෙසේවුවත්, විදේශයන්හි ජීවත්වන පුද්ගලයින් තිදෙනෙකු වෙත (ඕස්ටේ්‍රලියාවේ ජීවත්වන ලුක්මන් තලීබ් සහ ඔහුගේ පුත්‍රයා සහ ඉන්දියාවේ ජීවත්වන අබු හින්ද්) විමර්ශකයින්ගේ ඇස යොමුව තිබේ. ඔවුන් හා මෙම ප්‍රහාරය අතර සම්බන්ධයක් ඇතැයි සැක කෙරේ.

පුලස්තීනී රාජේ්න්ද්‍රන් හෙවත් සාරා ජෙස්මින් වටා ගොඩනැගී තිබෙන ආන්දෝලනය ගැනත් අදහස් දැක්වූ නීතිපතිවරයා, සයින්දමරුදුහි සිදුවූ වෙඩි තැබීමේ දී, සිදුවූ පිපිරීමකින් ඇය ඝාතනයට පත්වීම, එසේ සිදුවූයේදැයි තවමත් තහවුරු කර නොමැති සිදුවීමක් බව සදහන් කළේ ය.

ඇය ඉන්දියාවට පළාගොස් ඇතැයි පැවසෙනවා. නමුත් එයත් තහවුරු කරගෙන නැහැ. කොටින්ම, ඇය සිටින්නේ කොතැන ද, කියන එක තවමත් අනාවරණයව නැහැ.
මේ මොහොතේ දී, මෙම ප්‍රහාරය පසුපස විදෙස් අතක් තිබී ඇති බවට කිසිදු සාක්කියක් නොමැති යැයි නීතිපතිවරයා පැවසුවේය. ප්‍රචණ්ඩකාරී සහ අන්තවාදී ආගමික මතවාදයන් විදේශයක සිට ශ්‍රී ලංකාවට ආනයනය කර තිබෙන්නක් බව සදහන් කළ ඔහු, යම් අවස්ථාවක එය පාස්කු ප්‍රහාරය එල්ල කිරීමෙහි ලා ප්‍රධාන කාර්යයක් ඉටුකර තිබෙන බව ද පෙන්වා දුන්නේ ය.

2019 අප්‍රේල් මස 21 වැනිදා පාස්කු ඉරිදා ප්‍රහාරය හා සම්බන්ධ තවත් සිදුවීම් ගණනාවක් පවතින්නේ යැයි, නීතිපතිවරයා කිවේය. ඒවා පහත අයුරිනි.

1. 2019 අප්‍රේල් මස 16 වැනිදා නැගෙනහිර පළාතේ (කාත්තන්කුඩිහි) යතුරුපැදියක් පුපුරා යාම.
2. ප්‍රහාරය පසුපස ඇති මහා කුමන්ත්‍රණය.
3. සයින්දමරුදු වෙඩි තැබීම සහ පිපිරීම.
4. ආරක්ෂක කටයුතු භාරව සහ පොලිසියේ සිටි රජයේ නිලධාරීන් ප්‍රහාරය වළක්වාගැනීමට අපොහොසත්ව තිබීම.
5. හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් සම්බන්ධයෙන් ජනපති විමර්ශන කොමිෂන් සභාව ඉදිරිපත් කර තිබෙන නිර්දේශ.

මෙම කාරණා සම්බන්ධයෙන් විමර්ශන පැවැත්විය යුතුව තිබෙනවා වගේම, තවදුරටත් අධ්‍යනය කළ යුතුව තිබෙනවා, යැයි අවධාරණය කළ නීතිපතිවරයා, අදාළ විමර්ශන කටයුතු සිතනවාට වඩා අතිශයින් සංකීර්ණ යැයි පැවසුවේ ය.


ද සන්ඩේ ටයිම්ස් ඇසුරිනි
පරිවර්තනය - කෝවිද ගුණසේකර

 

 



අදහස් (0)

සී.අයි.ඩී.යට දේශපාලන පිළිකාව

ඔබේ අදහස් එවන්න

ටයිම්ස් දේ.තී.

දවල් මිගෙල් රෑ දනියෙල් ප්‍රකාශකයෝ
2022 අගෝස්තු මස 27 7443 2

ගෝඨාභය රාජපක්ෂ සිංගප්පූරුවේ සිට තායිලන්තය බලා පැමිණීමට යොදාගත් පෞද්ගලික ගුවන්යානය සම්බන්ධයෙන් නිල කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප


උභතෝකෝටික ප්‍රශ්න
2022 අගෝස්තු මස 26 4510 1

කොතෙක් ආරක්‍ෂක මුරකපොලු තිබෙන නමුත් ශ්‍රී ලංකාවේ දෙවරක් ජනපතිවරයා වූද, දෙවරක් අගමැතිවරයා ද, වූ මහින්ද රාජපක්ෂ මහතා පසුගිය සතියේදී සන්ඩේ ටයිම්ස් කළ ආර


රජ ගෙදරටත් දැනෙන තනිකම, පාළුව
2022 අගෝස්තු මස 24 12756 10

විරෝධතා රටපුරා නැගෙමින් පැවතිණ. ආර්ථික අර්බුදය පුපුරා යමින් තිබිණ. එවන් පසුබිමක, පසුගිය මැයි මාසයේ දී පර්සි මහින්ද රාජපක්ෂ මහතා ඔහු එතෙක් දරමින් සිටි


මිරිහානේ නිවසට තව ටිකක් දුරයි
2022 අගෝස්තු මස 17 5534 1

සිංගප්පූරුවට පළාගොස් සති දෙකක් ගතවී තිබෙණ තැන, හිටපු ජනපති නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහතා, තමන්ට ආරක්ෂා සහිතව ජීවත්වීමට රැකවරණය ලබාදෙන රටක් සොයාගැනීමට


පොහොට්ටුවට යටත් නොවූ සර්ව පාක්ෂික ආණ්ඩුවක්
2022 අගෝස්තු මස 03 6818 1

ආර්ථික සහ දේශපාලන අර්බුද මැද ගෙවෙන කාලයක පාර්ලිමේන්තුවේ වාර අවසාන කෙරෙන බව ගෙවුණු බ්‍රහස්පතින්දා හදිසියේම නිවේදනය කෙරුණේ රටක් පුදුමයට පත් කරමිනි. ගැ


රනිල් රජ කළ රාජපක්‍ෂ මෙහෙයුම
2022 ජුලි මස 26 4846 1

රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන දිවියට වසර 45ක් සපිරුණු, පසුගිය බදාදා දිනයේ, වාසනාව දොර හැරගෙන ඔහු දෙස බලා සිටියේය. වික්‍රමසිංහ මහතා ප්‍රථම වතාවට පාර්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1703 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1547 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site