IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ශ්‍රී ලංකා - ස්විට්සර්ලන්ත සබඳතා හොඳ අතට

කොළඹ ස්විස් තානාපති කාර්යාල නිලධාරිනියක  පැහැරගැනීමකට ලක්විනැයි  යන සිදුවීම සම්බන්ධයෙන් නිසි ක්‍රියාවලියක් අනුගමනය කිරීමෙහි ලා ශ්‍රී ලංකාවේ බලධරයින්ට කැපවීමක් නොමැත යැයි අභියෝග කිරීම සම්බන්ධයෙන් ස්විට්සර්ලන්තය ප්‍රසිද්ධියේ කණගාටුව ප්‍රකාශ කර ඇත.   
 
උන් තැනින් පියවර කිහිපයක් පසුපසට ගෙන ඔවුන් කරන්නට යෙදුණු මෙම ප්‍රකාශය තෙවැනි පාර්ශවීය සටහනක් හරහා පසුගිය දෙසැම්බර් මස 30 වැනිදා විදේශ කටයුතු අමාත්‍යංශයට භාරදෙනු ලැබිණ.

එම සටහන භාරදෙනු ලැබුණේ දෙරට අතර ඇතිව තිබූ උද්වේගකාරී තත්ත්වය සමනය කිරීම සදහා විශේෂ දූතයකු හරහා රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා පැවැත්වූවායින් පසුවය. කොළඹ සහ බර්න් නුවර එම සටහන එකම අවස්ථාවක ප්‍රසිද්ධ කළේය. මෙයත් සමග, අඩුම තරමින් දැනට හෝ කොළඹ ස්විස් තානාපති කාර්යාලයේ සහකාර සංක්‍රමණික නිලධාරිනිය වන ග්‍රානියර් බැනිස්ටර් ෆ්‍රැන්සිස් කළ පැමිණිලි සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය අරබයා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ නව රජයට එරෙහිව නැගුණු චෝදනා සහ විවේචනයන් අවසානය.

නොවැම්බර් 25 වැනිදා සාන්ත බ්‍රිජට් කන්‍යාරාමය ඉදිරිපිට දී තමාව ටොයෝටා කොරොල්ලා වර්ගයේ මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් 5 දෙනෙක් පැහැරගත් බව ඇය පැවසුවාය.

ඇය බොරුකාරියක් බව ඇයගේ නීතිඥවරයා සහ ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරීන්ගේ ඇස් පනාපිටම ග්‍රානියර්ගෙන් ප්‍රශ්න කළ විමර්ෂකයින්ගේ අදහසයි. ඇය කොළඹ සහ බර්න් නුවර එකිනෙකා කෙරෙහි කෝපය අවුලුවාගන්නා තැනකට පත්කළා පමණක් නොව, සිදුකළ ඇදහිය නොහැකි මට්ටමේ ප්‍රකාශවලින් ලොව පුරා සිටින ශ්‍රී ලංකා වැසියන්ව පවා කම්පනයකට පත් කළාය.

ලොව උසස්ම යැයි සැළකෙන පුවත්පතක් වන නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත පවා ඇය නොමගට ගෙන ගියාය. ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව සුදුවෑන්වලින් පැහැරගැනීම් සිදුකරන යුගය නැවත පැමිණ තිබෙන බව එහි පළවූ වාර්තාවක දැක්විණ.

ඔවුන්ට සාවද්‍ය පුවතක් ලබා දී තිබෙන බව දැන් දැනගන්නට තිබේ. ස්විස් තානාපති කාර්යාල නිලධාරිනියගේ පැහැරගැනීම සම්බන්ධයෙන් වාර්තා කළ මෙරට මාධ්‍ය ආයතනවලට දොස් තැබූ ඇතැම් විදේශ රජයන්ට සහ රාජ්‍ය නොවන සංවිධානවලට දැන් මුනිවත රැකීම විනා කරන්නට දෙයක් නැත. එම ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන ඒවායේ පැවැත්මට ඩොලර් පොම්ප කරන විදෙස් රටවලට විනා ඔවුන් මෙහෙයුම් දියත් කරන ශ්‍රී ලංකාවට පක්ෂපාත නොවන බව අමුතුවෙන් කිවයුතු නැත.

බර්න් නුවර සහ කොළඹ එක්ව ගත් මෙම පියවර ඉතාම වැදගත්ය.

ග්‍රානියර් බැනිස්ටර් අත්අඩංගුවට ගැනීම හා බැදී තිබෙන සිදුවීම්වල හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රමුඛ රජයේ කිසිදු දේශපාලනමය හෝ වෙනත් බැදීමක් නොමැති බවට අවබෝධ කරගැනීමට බර්න් නුවරට දැන් අවකාශය සැළසී තිබේ. ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය ඉදිරිපිය දී තමා පැහැරගනු ලැබුණු බව මුලින් ප්‍රකාශ කළ ඇය පසුව ඊට පරස්පර ප්‍රකාශයන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියේ ලබාදෙමින්, පැහැරගැනීම සිදුවූයේ වෙනත් ස්ථානයක - නිවාස සංකීර්ණයක දී, බව කීවාය. ග්‍රානියර් මුලින් කළ ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍යයක් බව අනාවරණය විය. දෙවනුව සිදුකළ ප්‍රකාශයට ස්ථීර පදනමක් ලබාදෙන්නට ද, ඇය අපොහොසත් වූවාය.

ග්‍රානියර්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ මෙරට විමර්ශන නිලධාරීන් සමග ස්විස් බුද්ධි අංශ කණ්ඩායමක් ද, ඉතාම සමීපව එම කටයුතුවලට හවුල් වූ බව අනාවරණය කිරීමට සන්ඩේ ටයිම්ස් හට අද හැකිය. එවන් අවස්ථාවක් ඔවුන්ට ලබාදීමට තරම් ශ්‍රී ලංකා රජය අවංකවී තිබේ. එම කණ්ඩායම සිදුකළ විමර්ශනවලින් සොයාගත් තොරතුරු සම්බන්ධයෙන් බර්න් නුවර දැන් දැනුම්වත් අතර, ස්විස් තානාපති කාර්යාල නිලධාරිනිය කළ ප්‍රකාශයන් හමුවේ ඇතිව තිබූ අනවබෝධයන් නිරාකරණය කරගැනීමට එම තොරතුරු ඔවුන්ට උපකාර වී ඇත.

එයත් සමග ස්විස්ටර්ලන්තය සහ ශ්‍රී ලංකාව අතර ධනාත්මක සහයෝගීතාවය නැවත පවතින වාතාවරණයක් ඇතිකර ගැනීම සදහා කඩිනමින් යොමුවීමට අපේක්ෂා කරන බව ඔවුන් නිවේදනය කර තිබේ. මෙය දෙරට අතර සබඳතා වඩාත් ශක්තිමත් කිරීමට පදනම සපයා දී තිබෙන අතර, ඒ අතරවාරයේ ස්විස් තානාපති කාර්යාලය නිලධාරිනියට එරෙහිව මෙරට නීතිය යටතේ නීතිමය ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක වනු ඇත.

සාවද්‍ය ප්‍රකාශ කළේ යැයි ඇයට එරෙහිව චෝදනා ගොනු කිරීමට නියමිතය.

ග්‍රානියර්ගේ ප්‍රකාශයන් නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමුකර තිබෙන අතර, විමර්ශන පැවැත්වීමේ දී හදුනාගත් අගක් මුලක් නැති ඇතැම් කරුණු කාරණා නිසි අයුරින් පෙළගැස්වීමට තවදුරටත් විමර්ශන පැවැත්වෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ගයක් සදහන් කළේය. දැනට එකතුකරගෙන තිබෙන සාක්කි අතරට ස්විස් තානාපති කාර්යාල නිලධාරිනිය යහපත් ශාරීරික සහ මානසික සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බව සහතික කළ විශේෂඥ වෛද්‍ය වාර්තාවක් ද, ඇතුළත්ය.

ස්විස් තානාපති කාර්යාල නාටකයේ දේශපාලනමය කාරණා

ස්විස් තානාපති කාර්යාල නාටකයේ දේශපාලනම කාරණා ද, විමර්ශනයට ලක් කෙරෙමින් පවතී. මෙම සිදුවීම් දාමය පසුපස ජනපති රාජපක්ෂ සහ ඔහුගේ රජය සිටින බවට චෝදනා නැගී තිබීම එයට හේතුවයි.

“මෙතන ඇත්තටම කුමන්ත්‍රණයක් සිදුව තිබෙන බවට ක්‍රම ක්‍රමයෙන් කරුණු අනාවරණය වෙමින් තිබෙනවා. අපිට ඒ ගැන සහතිකයි. දැනට මට කියන්න පුලුවන් එච්චරයි. තවත් දේවල් ඉස්සරහට හෙළි වේවි” අමුතුවෙන් පැහැදිලි කර දීමට අවශ්‍ය නැති කාරණා නිසා නම සදහන් කළ නොහැකි ඉහළ පෙලේ ආරංචි මාර්ගයක් පැවසුවේය.

කෙසේවුවත්, ගෝඨාභය රාජපක්ෂ ජනපතිවරයා ලෙස බලයට පත්වූ වහාම ලෝක පූජිත පුවත්පතක් වන නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට සුදුවෑන් යුගයේ ආගමනයක් ගැන පුවත් වාර්තාවක් ලැබීම මෙම ප්‍රහේලිකාවේ ප්‍රධාන කොටසක් වනවා පමණක් නොව, විමර්ශන වලට යම් එළියක් ද, ලබාදෙන කාරණයක් බව එම ආරංචි මාර්ගයක වැඩිදුරටත් පැවසුවේය. එම වාර්තාව සාවද්‍ය යැයි දැන් ඔප්පුව තිබෙතත්, රජය ඒ සම්බන්ධයෙන් මේ දක්වාම ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත.

නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත පළකළ වාර්තාවට පිළිතුරු වාර්තාවක් සම්පාදනය කිරීම කෙරේ දැන් අවධානය යොමුව තිබේ. ඒ හරහා, තමන්ට ලැබුණු වාර්තාව සාවද්‍ය එකක් බවත්, එය ශ්‍රී ලංකාවේ නව ජනපතිවරයා කෙරේ ගොතන ලද කරුණු විශ්වාස කරවීමට සහ ලොවක කෝපය ඔහු කෙරේ දැනවීමට, ගෝඨාභය විරෝධීන් ගොතන ලද්දක් බවත්, අවබෝධ කරගැනීමට නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට හැකිවනු ඇත.

ජනපතිවරණයේ දී අතිශය කාර්යබහුලව සිටි මෙම පාර්ශවයන් දැන් සූදානම්වෙමින් සිටින්නේ ඉදිරියේ එන පාර්ලිමේන්තු මැතිවරණයටය. මෙම මෙහෙයුම සදහා වගකිව යුතු එක්තරා ප්‍රධාන පුද්ගලයෙකු අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුවේ විමර්ශකයින්ගේ ප්‍රශ්න කිරීම්වලින් ගැලවී ගැනීමට රටින් පළාගොස් තිබේ. ඔහු ප්‍රමුඛ කණ්ඩායම මේ වන විට විදෙස් රටක අගනුවර සිට ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාරය ක්‍රියාත්මක කරන බවත්, ඒ සදහා පුවත් සපයාගත නොහැකිව බංකොලාත්භාවට පත්ව සිටින මෙන්ම දැඩි ගෝඨාභය රාජපක්ෂ විරෝධී සමාජ මාධ්‍ය පිටු හා ගිණුම් යොදාගනිමින් සිටින බවත්, හෙළිව ඇත. දුරකතන ඇමතුම් වාර්තා හරහා ඔවුන් නියැලී සිටින වැඩකටයුතු මෙන්ම ‘ඔවුන්ගෙන්‘ ඇතැමෙකුගේ අනන්‍යතාවය අනාවරණය කරගැනීමට ද, හැකිව තිබේ.

රටින් පළායාමත් සමග මෙම පුද්ගලයා සහ දැනට ස්විට්සර්ලන්තයේ රැකවරණය ලබාගෙන සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා මහතා අතර යම් බැදීමක් නිර්මාණයව තිබෙන සෙයකි. මෙම පුද්ගලයා ප්‍රමුඛ කණ්ඩායමේ අයෙක් අවසර ලබාගැනීමකින් තොරව ශ්‍රී ලංකාවෙන් පළාගිය මෙම නිලධාරියාව හදුන්වා දී තිබෙන්නේ, අලුත් ශ්‍රී ලංකාවේ ෂර්ලොක් හෝම්ස් ලෙසය.

නිශාන්ත ද සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිට වෙනත් අංශයකට මාරු කිරීම නැවැත්වීම සදහා පෙර අවස්ථාවක සම්පාදනය කර තිබූ සටහනක මෙය ඇතුළත්ව තිබිණ. එයින් ඉල්ලා තිබුණේ නිශාන්ත ද සිල්වාට මාරු වීමක් නොව උසස්වීමක් ලබාදෙන ලෙසය. ලක්ෂ 13ක වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන ගෝඨාභය රාජපක්ෂ රටේ ජනපතිවරයා වුවද, තවදුරටත් ඔවුන්ගේ ඉලක්කය බවට පත්ව තිබුණේ ඔහුමය.
“ඉලක්කයේ අන්ත දෙකක් තිබෙන බව අපි සොයාගත්තා. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත්වෙලා තිබෙන යෝජනාවලිය සාකච්ඡාවට ගැනෙන ලබන මාර්තු මාසයේ පැවැත්වීමට නියමිත ජගත් මානව හිමිකම් කවුන්සිල සාකච්ඡාවලට පෙර සූදානමක් නිර්මානය කිරීම එකක්. ජනතාව සුදුවෑන්වලට බියෙන් ජීවත්වන බව කියමින් පාර්ලිමේන්තු මැතිවරණය ඉලක්ක කරගෙන ප්‍රචාරණ ව්‍යාපාරයක් ගෙනයාම අනෙක” යයි ඉහත සදහන් කළ ආරංචි මාර්ගය පැවසුවේ ය.

තෙවැනි පාර්ශවීය සටහනක් - එනම් රටක විදේශ කටයුතු අමාත්‍යංශයක් තවත් රටක විදේශ කටයුතු අමාත්‍යංශයක් එක්ව එකම සටහනක් නිදහස් කිරීම, සාමාන්‍යයෙන් රජයක් අනුගමනය කරන පිළිවෙතක් නොවේ.

කෙසේවුවත් එවැනි සටහනක් නිදහස් කිරීමට දෙරට යොමුව තිබීමට ප්‍රස්තූතව තිබෙන ප්‍රධාන කාරණා දෙකකි. එකක් ශ්‍රී ලංකා රජය සම්බන්ධයෙන් අනුගමනය කිරීමට යෙදුණු දැඩි රාජ්‍යතාන්ත්‍රික පිළිවෙත වෙනස් කරගැනීමට ස්විට්සර්ලන්ත රජයට තිබෙන පැහැදිලි උවමනාව සහ උනන්දුවය. රටේ නීතියට අනුව කටයුතු සිදුකැරෙන බවට සැබෑ ලෙසම කැපවූ බව ශ්‍රී ලංකා රජය පාර්ශවයෙන් තහවුරු කිරීම අනෙකය.

පැහැරගැනීමකට ලක්වූ බව කියූ තානාපති කාර්යාල නිලධාරිනිය වෙනුවෙන් වැඩිදුරටත් පෙනී සිටි ශ්‍රී ලංකා රජය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇයගෙන් ප්‍රශ්න කරන අවස්ථාවේ දී ඇයගේ නීතිඥවරයාට එම ප්‍රශ්න කිරීම සිදුවන ස්ථානයේ ඇය අසළම රැදී සිටීමටත්, ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරීන් දෙදෙනෙක්ට ඇයගෙන් ප්‍රශ්න කෙරෙන බව පෙනෙන මානයේ අසුන්ගෙන සිටීමටත්, අවස්ථාව ලබාදුන්නේය. තවද, ග්‍රානියර් රැදවා සිටි බන්ධනාගාරයේ වයි වාට්ටුවට කාන්තා නියාමක නිලධාරිනියක් අනුයුක්ත කිරීමට ද, පියවර ගැනිණ.

ස්විට්සර්ලන්තය නිකුත් කර තිබෙන නිවේදනය එළෙසම කියවා ගැනීම මෙහිලා වැදගත්ය.

කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය ශ්‍රී ලංකා ප්‍රජාතාත්ත්‍රික සමාජවාදී ජනරජයේ විදේශ කටයුතු අමාත්‍යංශය වෙත සුභාශිංසන එක් කරයි. එයත් සමග පහත දේ ප්‍රකාශ කිරීමට මෙය අවස්ථාවක් කරගනී.

ස්විට්සර්ලන්තය සහ ශ්‍රී ලංකාව දශක ගණනාවක් පුරාවට ඉතා උසස් මට්ටමේ සබදතාවයන් පවත්වාගෙන ගිය දෙරටකි. දෙරටටම සහ දෙරටේ පුරවැසියන්ට වැඩදායක වන පරිද්දෙන්, ක්ෂේත්‍රයන් ගණනාවක් ආවරණය කැරෙන පරිදි ඉතා ඉහළ සහයෝගයක් පවත්වාගෙන ගිය දෙරටකි. ශ්‍රී ලංකාව සහ ස්විට්සර්ලන්තය මෙම සබඳතා ඉතා ඉහළින් සළකයි.

පසුගිය සති කිහිපයේ, ශ්‍රී ලංකා බලධරයින්ගේ අත්අඩංගුවට පත් ස්විස් තානාපති කාර්යාලයේ සේවය කළ ශ්‍රී ලංකා ජාතික කාර්යමණ්ඩල සාමාජිකාවක මුල්කරගෙන මෙම සබඳතාවය වටා යම් අනවබෝධයක් නිර්මානය විය. මෙම වාතාවරණය යටතේ පදනමක් නොමැති තොරතුරු රැසක් ප්‍රසිද්ධියට පත්වූ අතර, එය ශ්‍රී ලංකාව සහ ස්විට්සර්ලන්තය මෙතෙක් පවත්වාගෙන ආ ආචාරශීලී සබදතාවය මත අනවශ්‍ය පීඩනයක් පැටවීය. මෙම කාලය මුලුල්ලේ කිසිදු අවස්ථාවක හෝ ශ්‍රී ලංකා රජයේ ප්‍රතිරූපය හානියට පත් කිරීමේ වුවමනාවක් ස්විට්සර්ලන්ත රජයට කිසිසේත්ම නොතිබිණ.

මේ හමුවේ ශ්‍රී ලංකා බලධරයින්ගේ නිසි ක්‍රියාවලියට තිබෙන කැපවීම ප්‍රශ්න කිරීමකට ලක්වීම සම්බන්ධයෙන් තානාපති කාර්යාලය කණගාටුවට පත්වන අතර, ශ්‍රී ලංකාව මෙන්ම ස්විට්සර්ලන්තය ද, යහපාලනය සහ නීතියේ පැවැත්ම වෙනුවෙන් කැපව සිටින රටක් බව යළිත් සහතික කිරීමට කැමැතිය. ශ්‍රී ලංකාව සහ ස්විට්සර්ලන්තය අතර සබදතා නැවත තිබුණු ධනාත්මක සහයෝගීතාවයේ මට්ටමට කඩිනමින් පත්වනු ඇතැයි යන්න තානාපති කාර්යාලයේ අපේක්ෂාවයි.

ශ්‍රී ලංකා පුරවැසියෙක් වන තානාපති කාර්යාල නිලධාරිනිය මෙරට නීතිවලට යටත් වන බව හඳුනාගන්නා අතරම, සියලුම තානාපති කාර්යාලවල සේවය කරන නිලධාරීන්ගේ යහපැවැත්ම සහ ඔවුන් සේවය කරන පරිසරය යහපත් මට්ටමක තිබෙන බව සනාථ කිරීම සදහා දෙපාර්ශවයම ඉදිරියටත් අවධානය යොමුකරනු ඇති බවට තානාපති කාර්යාලයට සහතිකය. සිය බලප්‍රදේශය යටතේ පවතින වෙනත් රටවල තානාපති කාර්යාලයන් ආරක්ෂා කිරීම ඕනෑම රජයක වගකීම වන බව සිහිපත් කිරීමට ස්විට්සර්ලන්තය කැමැතිය.

ශ්‍රී ලංකාව සමග පවතින සබදතාවයට එයට හිමි උසස් වැදගත්කම ලබාදෙමින්, මෙම සබදතා ශක්තිමත් කිරීමට සහ පවත්වා ගැනීමට කැපව සිටින බව සනාථ කරමින්, අනෝන්‍ය අවබෝධය මත තවදුරටත් සබඳතා ගොඩනඟා ගැනීමට දෙරටම එක්ව කටයුතු කරනු ඇති බවට සහතික බව දනවමින්, මෙම කාරණයේ දී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විදේශ කටයුතු අමාත්‍යංශයේ කටයුතු ඉහළින්ම පිළිගන්නා බව නැවත සහතික කිරීම සදහා මෙය අවස්ථාවක් බවට පත්කර ගැනීමට කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය කැමැතිය.

ද සන්ඩේ ටයිම්ස් අනුග්‍රහයෙනි
පරිවර්තනය  : කෝවිද ගුණසේකර



අදහස් (6)

ශ්‍රී ලංකා - ස්විට්සර්ලන්ත සබඳතා හොඳ අතට

ravi Tuesday, 07 January 2020 08:31 AM

අපේ රටට වෙලා යටිකුට්ටු වැඩ කරන අනිත් තානාපතිලටත් හොඳ පාඩමක්.

:       0       127

Laksitha France Tuesday, 07 January 2020 07:25 PM

බලාගෙන යුරෝපේ ගැන

:       0       9

Laksitha France Tuesday, 07 January 2020 07:28 PM

බලාගෙන පරිස්සමින් මම මෙහෙ වැඩ දන්නවා... මේ අය විස්වාස කරන්න බැහැ.

:       0       25

Sunil gikiyanage Wednesday, 08 January 2020 12:03 AM

කට්ටිය දැන් සද්දයක් නැහැ දැන්. රජයෙන් ප්‍රසිද්ධ නිවේදනයක් මගින් අනෙක් තානාපතිවරු නිව් යෝර්ක් ටයිම්ස් එකේ කට්ටියවත් දැනුවත් කරන්න ඕනේ.

:       6       51

anura Wednesday, 08 January 2020 07:04 PM

මාර්තු මාසයේ දී ජිනීවා වලදී ලංකාව ගැන හිතන්න අවකාශයක් ලැබෙන එකක් නැහැ. ඒකට හේතුව ඒ වන විට ඉරාන - ඇමෙරිකා අරගලය උච්ච අවස්ථාවකට පත්වීමට ඉඩ ඇති බැවින්.

:       3       7

chandima Thursday, 09 January 2020 05:30 PM

බලාගෙන ගියාම බත්හැලිය ඉදෙන කල්නේ තරහවෙලා ඉඳලා තියෙන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

ටයිම්ස් දේ.තී.

දවල් මිගෙල් රෑ දනියෙල් ප්‍රකාශකයෝ
2022 අගෝස්තු මස 27 7443 2

ගෝඨාභය රාජපක්ෂ සිංගප්පූරුවේ සිට තායිලන්තය බලා පැමිණීමට යොදාගත් පෞද්ගලික ගුවන්යානය සම්බන්ධයෙන් නිල කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප


උභතෝකෝටික ප්‍රශ්න
2022 අගෝස්තු මස 26 4508 1

කොතෙක් ආරක්‍ෂක මුරකපොලු තිබෙන නමුත් ශ්‍රී ලංකාවේ දෙවරක් ජනපතිවරයා වූද, දෙවරක් අගමැතිවරයා ද, වූ මහින්ද රාජපක්ෂ මහතා පසුගිය සතියේදී සන්ඩේ ටයිම්ස් කළ ආර


රජ ගෙදරටත් දැනෙන තනිකම, පාළුව
2022 අගෝස්තු මස 24 12756 10

විරෝධතා රටපුරා නැගෙමින් පැවතිණ. ආර්ථික අර්බුදය පුපුරා යමින් තිබිණ. එවන් පසුබිමක, පසුගිය මැයි මාසයේ දී පර්සි මහින්ද රාජපක්ෂ මහතා ඔහු එතෙක් දරමින් සිටි


මිරිහානේ නිවසට තව ටිකක් දුරයි
2022 අගෝස්තු මස 17 5534 1

සිංගප්පූරුවට පළාගොස් සති දෙකක් ගතවී තිබෙණ තැන, හිටපු ජනපති නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහතා, තමන්ට ආරක්ෂා සහිතව ජීවත්වීමට රැකවරණය ලබාදෙන රටක් සොයාගැනීමට


පොහොට්ටුවට යටත් නොවූ සර්ව පාක්ෂික ආණ්ඩුවක්
2022 අගෝස්තු මස 03 6818 1

ආර්ථික සහ දේශපාලන අර්බුද මැද ගෙවෙන කාලයක පාර්ලිමේන්තුවේ වාර අවසාන කෙරෙන බව ගෙවුණු බ්‍රහස්පතින්දා හදිසියේම නිවේදනය කෙරුණේ රටක් පුදුමයට පත් කරමිනි. ගැ


රනිල් රජ කළ රාජපක්‍ෂ මෙහෙයුම
2022 ජුලි මස 26 4843 1

රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන දිවියට වසර 45ක් සපිරුණු, පසුගිය බදාදා දිනයේ, වාසනාව දොර හැරගෙන ඔහු දෙස බලා සිටියේය. වික්‍රමසිංහ මහතා ප්‍රථම වතාවට පාර්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 214 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1525 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1420 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site