IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


ජනාධිපතිගේ තිරෙන් පිටුපස භූමිකාව

නොවැම්බර් මස 16 වැනිදාට යෙදී තියෙන ජනපතිවරණය අරබයා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා තවමත් පුවත් මවන්නෙකුගේ භූමිකාවට පණ පොවමින් සිටී.

අද ගන්නා තීරණය හෙට වෙනස්කරන ඔහුගේ පිළිවෙත මෙවර ජනපතිවරණයට අපේක්ෂකයින් ඉදිරිපත් කරනා වෙනත් දේශපාලන පක්ෂවල දැඩි අවධානයට ලක්ව තිබෙන කාරණයකි. එම නිසාම ඔවුහු මාරුවෙන් මාරුවට කෝපයටත්, කලබලයටත්, නොසන්සුන්තාවයටත්, පත්වෙමින් සිටින්නෝය. එපමණක් නොව එය තම තමන්ට සිදුවිය හැකි හානිවලින් ආරක්ෂාවීම සදහා ගතයුතු පියවර සම්බන්ධයෙන් කල්තියාම සැළසුම් කර සිටීමට පවා ඔවුන්ව පොළඹවමින් සිටින කාරණයකි.
 
ගතවන දිනයක් පාසාම, වර්තමානයේ නම් ගතවන පැයක් පාසාම, අපේක්ෂකයන් අතර පවතින බල තුලනය කුමන දෙසකට හෝ බර කෙරෙන දෙයක් ජනපතිවරයාගෙන් නම් වරදින්නේ නැත.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රධාන ශ්‍රී ලංකා ජනතා සන්ධානය සමග අත්වැල් බැදගැනීමට ජනපති සිරිසේන දැරූ වෑයම නැවත වරක් වැරදී ගියේය.

ඒ අරබයා ප්‍රසිද්ධියේ මෙන්ම අප්‍රසිද්ධවද, විවිධ ක්‍රියාමාර්ගයන් ගැනුණු අතර, ප්‍රසිද්ධ වේදිකාවේ එම ක්‍රියාමාර්ගයන්වල ශ්‍රී ලංකා නිදහස් පාර්ශවය නියෝජනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර යන මහත්වරුන් පුන පුනාම කියා සිටියේ සන්ධානය සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත්වැල් බැඳගැනීමට නම් එහි ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා තරග කරන පොහොට්ටුව ලකුණේ වෙනසක් සිදුවිය යුතුව තිබෙන බවයි.

ජනපතිවරයාගේ ද කැමැත්ත එය වූ අතර, ඉදිරියේ එන මැතිවරණයේ ජයග්‍රාහකයා තීරණය කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යැයි ඔහු වරක් ප්‍රසිද්ධියේම පැවසුවේය. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ජයග්‍රහණය කිරීමට වුවමනා නම් ඒ සදහා තිබෙන හොදම මාර්ගය වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග අත්වැල් බැදගැනීම බවට ඔහු තර්ක කළේ ය.

ජනපති සිරිසේන මහතා සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක සහ න්‍යායාචාර්ය බැසිල් රාජපක්ෂ මහතා අතර, විශේෂ දූතයකුගේ ආධාර ඇතිව රහසිගත සංවාදයක් සිදුවෙමින් තිබිණ. එහි ප්‍රතිඵලයක් ලෙස සාකච්ඡාවක් සදහා පැමිණෙන්නැයි ජනපති සිරිසේන මහතා පසුගිය සදුදා බැසිල් රාජපක්ෂට ආරාධනාවක් කළේය. දෙදෙන අතර මෙම සාකච්ඡාව පැවැත්වුණේ, රාජපක්ෂ සොහොයුරන් තිදෙන හා ජනපති සිරිසේන මහතා අතර පසුගිය සෙනසුරාදා (28) පැවැති හමුවෙන් පසුවය.
 
සන්ධානයේ ලාංඡනය වෙනස් කරන ලෙස ජනපති සිරිසේන මහතා පෞද්ගලිකවම රාජපක්ෂ සොහොයුරන්ගෙන් ඉල්ලා සිටියද, ඔවුහු එය බැහැර කළහ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායකවරයා සමග පසුගිය සදුදා පැවැති හමුවේදීද ජනපතිවරයා එම ඉල්ලීම නැවත වතාවක් ඉදිරිපත් කළ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතර පවතින වෙනත් ගැටලු සම්බන්ධයෙන් ද ඔහු අවධානය යොමු කළේය. නමුත් මෙවර ද ඔහුට ලැබුණු තීන්දුව වූයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එහි පොහොට්ටුව ලකුණ කිසිදු අයුරකින් වෙනස් නොකරනු ඇත යන්නය.
 
ජයග්‍රහණය කරනු ඇතැයි ලකුණු පෙනෙන අපේක්ෂකයාට සහාය දැක්වීමේ බලාපොරොත්තුවෙන් සිටි ජනපති සිරිසේන මහතාට, නැවත වරක් පටන් ගත් තැනටම - එනම් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග අත්වැල් බැද ගැනීමක් සිදුනොවන තැනටම ඒමට සිදුවිය.

පොහොට්ටුව ලකුණ වෙනස් කිරීම ඉතා දුෂ්කර කාර්යයක් වනු ඇති බව ඔහු කල්තියාම දැන සිටි නමුත්, ඒ සම්බන්ධයෙන් උත්සාහයක් නොදරා උකටලීව සිටීමේ වුවමනාවක් ජනපති සිරිසේනට නොතිබිණ.

පොහොට්ටුව ලකුණ වෙනස් කිරීමට තමන් ගත් වෑයමට සවිමත් පදනමක් සකස් කරගැනීමට ජනපති සිරිසේන මහතා පියවර කිහිපයක්ම ගෙන තිබිණ.
 
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු නායකත්වය වෙත අවබෝධතා ගිවිසුම් තුනක කෙටුම්පත් යැවීම සදහා ඔහු හුදෙක් බලාපොරොත්තුව මත ගොඩනගාගෙන තිබූ විශ්වාසයක් පෙරදැරිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යමකාරක සභාවේ අනුමැතිය ලබාගැනීමට සමත්විය. මෙම කෙටුම්පත් සම්පාදනය කර තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජේ්‍යෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතාය.

එම එක් අවබෝධතා ගිවිසුමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සමගද, දෙවැන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතරද, තෙවැන්න ශ්‍රී ලංකා ජනතා සන්ධානයේ ව්‍යවස්ථාවට එකගවන බවද ප්‍රකාශ කරමින් එම සන්ධානයේ දේශපාලන නායකයන් අතර ද, අත්සන් කිරීමට නියමිත විය.

මින් පෙර අවස්ථාවේ පැවැති මධ්‍යම කාරක සභා රැස්වීමේ දී එම ගිවිසුම් ඉදිරියට ගෙන නොයෑමට තීරණය වුවත්, පක්ෂයේ පමණක් නොව තමන්ගේ ද දේශපාලන අනාගතය උදෙසා කුමන හෝ එකඟතාවයක් ඇතිකර ගත හැකිවනු ඇතැයි අපේක්ෂාව මත එම ගිවිසුම් අනුව ඉදිරියට කටයුතු කිරීම සදහා මධ්‍යමකාරක සභාවේ අනුමැතිය ලබාගැනීමට ජනපති සිරිසේන මහතා සමත් විය.

මධ්‍යමකාරක සභා රැස්වීමේ මුලසුන හොබවමින් අදහස් දැක්වූ ජනපති සිරිසේන මහතා, එක් එක් සාමාජිකයාගෙන් පක්ෂය ඉදිරියට අනුගමනය කළ යුතු පියවර කුමක්දැයි විමසා සිටියේය. පොහොට්ටුව ලකුණ වෙනස් කරන ලෙස කළ ඉල්ලීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් මේ දක්වාම යහපත් ප්‍රතිචාරයක් හිමිව නොමැති බව ද, ඔහු රැස්වීමට පැමිණ සිටියෝ හමුවේ පැවසුවේය.

ලබන 11 වැනිදා (සිකුරාදා) මේ සම්බන්ධයෙන් නැවත වරක් සාකච්ඡා කිරීම සදහා රැස්වීමක් පැවැත්වීමට ඔහු යෝජනා කළේය. එදිනට නිකුත් කිරීමට නියමිතව තිබෙන ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ප්‍රතිඵල ඔහුගේ අවධානයට ලක්ව තිබූ අතර, ඒ අනුව තීරණයක් ගැනීමට ජනපතිවරයා ඉටාගෙන සිටියේය. ඒ වන විට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජාතික හැදුනුම්පත සහ ද්විත්ව පුරවැසිභාවය අරබයා මතුව තිබූ ගැටලුකාරී තත්ත්වයකට අදාළව අභියාචනාධිකරණය හමුවේ පවරා තිබෙන නඩුවේ තීන්දුව ද ලැබී තිබෙනු ඇතැයි ඔහු අපේක්ෂා කළ අතර, එය බොහෝ විට ගෝඨාභයට එරෙහිව ලැබෙන තීන්දුවක් වනු ඇතැයි ඔහුගේ අදහස වී තිබිණ.
 
අධිකරණය ගෝඨාභයට පක්ෂපාත තීන්දුවක් ලබා නොදෙනු ඇතැයි එක් උපදේශකයෙක් ද ඔහු සමග පවසා තිබිණ. ජනපතිවරයා එය විශ්වාස කළේය. ඒ හරහා තමන් වෙත ලබාගත හැකි වාසි සහගත තත්ත්වයන් හැකි ඉක්මනින්ම ග්‍රහණය කරගැනීමට ඔහුට වුවමනා විය. ජනපතිවරයා ඔහුගේ ඉදිරි සැළසුම් සකස් කළේ ද එය එවැනි තීන්දුවක් ලැබෙනු ඇතැයි යන කාරණය මත පිහිටාය. ඒ බව අනතුරුව දිගහැරුණු සිදුවීම්වලින් මනාව පැහැදිලි විය.

කෙසේවුවත් අධිකරණය ගෝඨාභයට එරෙහිව ඉදිරිපත් කර තිබූ පෙත්සම ඒකමතිකව නිශ්ප්‍රභ කළේය. එය ගෝඨාභය කඳවුර ලැබූ පැහැදිලි දේශපාලන ජයග්‍රහණයක් වූ අතර, අධිකරණය හමුවේ ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ගෙන හැර දැක්වූයේ, පෙත්සම්කාර සිවිල් සමාජ නියෝජිතයන් දෙදෙන මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙන්නේ හුදෙක් දේශපාලනමය පළිගැනීමේ වුවමනාවකින් බවය.
 
ජනපතිවරයාගේ අදහස් දැක්වීම හමුවේ හඩ අවදි කළ මධ්‍යමකාරක සභාවේ සාමාජිකයන්, 11 වැනිදා යනු ජනපතිවරණය සදහා නාමයෝජනා භාරදීමෙන් පසුව යෙදෙන දිනයක් බව ඔහුට පෙන්වා දුන්නේ ය.ඒ අනුව මධ්‍යමකාරක සභාවේ රැස්වීම සෙනසුරාදා (6) පැවැත්වීමට තීරණය විය. එහිදී ලැබෙන තීරණය, වඩා හොඳ දේශපාලන ගනුදෙනුවක් අපේක්ෂාවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය (සජිත් පාර්ශවය) අතර දෝලනය වෙමින් සිටින ජනපති සිරිසේනට අතිශය වැදගත් වනු ඇති බවට සැකයක් නැත.

ද සන්ඩේ ටයිම්ස් අනුග්‍රහයෙනි
පරිවර්තනය  : කෝවිද ගුණසේකර



අදහස් (6)

ජනාධිපතිගේ තිරෙන් පිටුපස භූමිකාව

max Tuesday, 08 October 2019 07:01 AM

ශ්‍රීලනිප අනුශාසකවරිය සහ ඇගේ සහචරයන් කීප දෙනා හැරුණු විට අනෙක් සියලු දෙනා ගෝඨා වටා එක් වී හමාරය.

:       133       185

Prasanna Tuesday, 08 October 2019 07:22 AM

ජනපතිතුමා ඉතාම තීක්ෂණ විය යුතු කාලයක් මේ. රටට ඇත්තටම ආදරය කළයුතු කාලයක් මේ. මුදල් අමාත්‍යාංශය තනිකරම පාවිච්චි කරන්න පුළුවන් වක්‍ර විදියට මැතිවරණෙට බලපාන විදියට. දැන් දේශපාලකයෝ උන්නත් දාහයි මලත් දාහයි වගේ වැඩ කරන්නේ. මුළු රටේම ආර්ථිකේ උගසට තියන්න පුළුවන් ඡන්දේ දිනන්න. රටේ සංචිත සේරම දියකරලා අරින්න පුළුවන් ඩොලර් රේට් එක ඕන ගානට තියාගන්න. මිනිස්සු ඡන්දේ දායි කියල හිතෙනඩ ඕන ගොන්කමක් දැන් ඇමතිලා කරනවා. යන යකා කොරහත් බිඳගෙන ගිහින් අලුත් ජනපතිට ඉතුරු වෙන්නේ මුළුමනින්ම හින්දපු මහ බැංකුවක්. වෘත්තීය මට්ටමේ එක ඇමති කෙනෙක්වත් රටට නෑ. ඉදිරි කාලේ ඩොලර් ආයෝජන රටට එන්නේ නෑ. හැම යුරෝපීය රටක්ම අනියමින් කියන්නේ ලංකාවට යන්න එපා කියල. අපිට වඩා අපේ ආර්ථික දේශපාලනික වගේම ආරක්ෂාව උනත් හොඳට දන්නේ ඒ අය. බෝම්බ එන වෙලාව දන්නේ ඒ අය. ඇමතිලා මේක රටෙන් වහන් කරනවා. මිනිස්සුන්ගේ ඡන්දේ ගන්න ඩොලර් සංචිත දියකරනවා. ඩොලර් එක ඡන්ද වේදිකාවේ මාතෘකාවක්‌ වෙන්න දෙන්නේ නෑ. රටට හෙණ ගැහුවත් තමන්ගේ ඡන්ද ගොඩ මෙයාලට ලොකුයි. මුට්ට කරගහන පවුලට ආදරේ කරන නාට්ටාමියාගේ ගෙදර ආර්ථිකේ හොඳට පාලනේ කරනවා. මොකද ඔහු දරු පවුලට ඇත්තටම ආදරෙයි.

:       40       53

ගල්කටස් Tuesday, 08 October 2019 09:18 AM

ඇල්පිටියේ ඡන්දය අවසන් වීමට පෙර තමන් සිට ගන්නා පැත්තේ සිට ගත යුතුය.එම ඡන්දයේ හැසිරීම අනුව තමන්ගෙ තීරණය ගන්නෙ නම් ශ්‍රීලනිප යට අබසරණයි.කෙලින් තීරණයක් ගන්න බැරිව දගලන ආකාරය දැක්කම පසුගිය වසර කිහිපයේ රට පාලනය කිරීම ගැන කවර කතාද? ශ්‍රීලනිපය 11 දිනෙන් පසුව කුමන පක්ෂයක් සමග එක් වුවත් එය පක්ෂයට බරපතල හානියකි.මන්ද යත් ජනතාවගේ බලාපොරොත්තුව සජිත්ට හෝ ගෝඨාභයට සහාය දැක්විමයි. නමුත් ඔවුන් ඡන්ද පුතිඵල අනුව නම් තීරණය ගන්නේ පක්ෂයේ ඡන්ද සංඛ්‍යාව ජ.වි.පෙරමුණටත් පහල යනු ඇත.

:       0       115

nimal Tuesday, 08 October 2019 10:12 AM

හොඳ වැඩේ. එජාපේ කැමැත්තට ජනාධිපති වෙන්න ගියා. රටම පස්සට ඇදලා දැම්මා.

:       22       108

gunarathna Tuesday, 08 October 2019 01:26 PM

මගේ අදහස නම් ජනාධිපති මේ කල්මරන්නේ සජිත්ගෙන් හොඳ පණිවඩයක් එනකම්. ඒක මේ කල්පේ වෙන දෙයක් නෙමෙයි...

:       0       3

Chathuri Tuesday, 08 October 2019 09:32 PM

මෙතන තියෙන්නේ පක්ෂයේ දුර්වලකම නොවේ.නායකයා සහ පුද්ගලයාගේ දුර්වලකම.මමනම් අහලා දැකලා නැහැ මේ වගේ බිය ගුළු ජනාධිපතිවරයෙක් ගැන.එක්සත් ජාතික පක්ෂයත් සමග එකට ඉද්දි වීරයෙක් වගේ කතා කෙරුවේ.සේරමලා රැවටුනා. කවුරුත් දන්නේ නැහැ මහින්දව අගමැති කරනකම්...... අද මෙයා නිසා එක්සත් ජාතික පක්ෂයට ලොකු කැළලක් ඇති වුනේ.

:       66       31

ඔබේ අදහස් එවන්න

ටයිම්ස් දේ.තී.

දවල් මිගෙල් රෑ දනියෙල් ප්‍රකාශකයෝ
2022 අගෝස්තු මස 27 7443 2

ගෝඨාභය රාජපක්ෂ සිංගප්පූරුවේ සිට තායිලන්තය බලා පැමිණීමට යොදාගත් පෞද්ගලික ගුවන්යානය සම්බන්ධයෙන් නිල කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප


උභතෝකෝටික ප්‍රශ්න
2022 අගෝස්තු මස 26 4509 1

කොතෙක් ආරක්‍ෂක මුරකපොලු තිබෙන නමුත් ශ්‍රී ලංකාවේ දෙවරක් ජනපතිවරයා වූද, දෙවරක් අගමැතිවරයා ද, වූ මහින්ද රාජපක්ෂ මහතා පසුගිය සතියේදී සන්ඩේ ටයිම්ස් කළ ආර


රජ ගෙදරටත් දැනෙන තනිකම, පාළුව
2022 අගෝස්තු මස 24 12756 10

විරෝධතා රටපුරා නැගෙමින් පැවතිණ. ආර්ථික අර්බුදය පුපුරා යමින් තිබිණ. එවන් පසුබිමක, පසුගිය මැයි මාසයේ දී පර්සි මහින්ද රාජපක්ෂ මහතා ඔහු එතෙක් දරමින් සිටි


මිරිහානේ නිවසට තව ටිකක් දුරයි
2022 අගෝස්තු මස 17 5534 1

සිංගප්පූරුවට පළාගොස් සති දෙකක් ගතවී තිබෙණ තැන, හිටපු ජනපති නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහතා, තමන්ට ආරක්ෂා සහිතව ජීවත්වීමට රැකවරණය ලබාදෙන රටක් සොයාගැනීමට


පොහොට්ටුවට යටත් නොවූ සර්ව පාක්ෂික ආණ්ඩුවක්
2022 අගෝස්තු මස 03 6818 1

ආර්ථික සහ දේශපාලන අර්බුද මැද ගෙවෙන කාලයක පාර්ලිමේන්තුවේ වාර අවසාන කෙරෙන බව ගෙවුණු බ්‍රහස්පතින්දා හදිසියේම නිවේදනය කෙරුණේ රටක් පුදුමයට පත් කරමිනි. ගැ


රනිල් රජ කළ රාජපක්‍ෂ මෙහෙයුම
2022 ජුලි මස 26 4845 1

රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන දිවියට වසර 45ක් සපිරුණු, පසුගිය බදාදා දිනයේ, වාසනාව දොර හැරගෙන ඔහු දෙස බලා සිටියේය. වික්‍රමසිංහ මහතා ප්‍රථම වතාවට පාර්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 275 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1619 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1509 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site