IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


අපෙන් තෙල් ගහන්න එන හැමෝම අපිට වී .අයි.පී

 

එස්.එස්. කොතලාවල ප්‍රයිවට් ලිමිටඩ්

 

 

 

(ලංකා ඉන්දියන් තෙල් සංස්ථාවේ නාරාහේන්පිට පිරවුම්හල)

ලංකා ඉන්දියන් තෙල් සංස්ථාවේ (IOC) නාරාහේන්පිට පිරවුම්හලේ හිමිකරු සම්පත් කොතලාවල එම පිරවුම්හලේ ඉන්ධන බොදාහැරීමට අදාළ කටයුතු ගැන දක්වන අදහස් මෙසේය.   


ප්‍රශ්නය:- බොහෝ පිරවුම්හල්වලින් ප්‍රභූ පුද්ගලයන්ට ඉන්ධන ලබා ගැනීම සඳහා විශේෂ පහසුකම් සපයා ඇති බවට චෝදනා එල්ල වෙනවා. මේ පිරවුම්හලටත් එවැනි චෝදනා එල්ල වෙනවාද?   


මෙතන කිසිම වීඅයිපී (ප්‍රභූ) පෝලිමක් නෑ. පෝලිමේ ඉන්න හැමෝම වීඅයිපී. මෙතනට වෛද්‍යවරු, ආරක්ෂක අංශවල අයත් එනවා. ඒ කිසිම කෙනෙක්ට විශේෂත්වයක් නෑ. අපිට හැම කෙනක්ම විශේෂයි. එන සියලු දෙනාටම එක හා සමානව සලකනවා. මේ ඉන්ධන පිරවුම්හල අයිඕසී සංස්ථාව මගින් විශේෂ පිරවුම්හලක් හැටියට නම් කරලා තියෙනවා. මම මෙම පිරවුම්හල පරිපාලනය කරන ආකාරය නිසා තමයි ඒ විදියෙ ඇගයීමක් ලැබුණෙ. ලංකා ඉන්දියන් තෙල් සමාගමේ ඉහළ කළමනාකාරීත්වයෙ අයට වෙන පිරවුම්හල්වලට ගියාම ඉන්ධන ලබාගන්න විවිධ ගැහැටවලට මුහුණපාන්න සිද්ධ වෙනවා. ඒත් අපේ පිරවුම්හලේදී ඒ අයට කිසිදු අපහසුතාවකින් තොරව තෙල් ලබාගන්න පුළුවන්. ඒ නිසා තමයි අයිඕසී ඉහළ කළමනාකාරීත්වය ඒ තීරණය අරන් තියෙන්නෙ. ඒ විතරක් නෙවෙයි හොඳම අලෙවිකරුට හිමි සම්මානයත් මට ගිය සතියෙ ලැබුණා. අයිඕසී සමාගමේ සේවකයන් සඳහා ඉන්ධන ලබා දීමට අපි වෙනම පොම්පයක් සවි කරලා තියෙනවා. ඒ යටතේ තානාපතිවරුන්ට වෙනම තෙල් දෙනවා. අපිට මෙතන ඉන්ධන පිරවුම්හලක් දාන්න සියලු පහසුකම් සලසලා දුන්නෙ අයිඕසී සමාගම. ඒ නිසා අපි ඒ අයට බාධාවකින් තොරව ඉන්ධන ලබා දෙනවා. 

 
ප්‍රශ්නය:-  මේ දිනවල අයිඕසී ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට විශාල පෝලිම් දක්නට ලැබෙනවා. මෙතන තත්ත්වය කොහොමද?   


මේ පෝලිමට අලුතින් සම්බන්ධ වෙන අයට ඊට කලින් සම්බන්ධ වෙච්ච අය පිරවුම්හලේ තත්ත්වය ගැන දැනුවත් කරනවා. ඒ නිසා පිරවුම්හල සම්බන්ධයෙන් පෝලිමේ ඉන්න සියලුම දෙනා දැනුවත් වෙලා ඉන්නෙ. ඒ වගේම තමයි අපේ පිරවුම්හලට හෙට තෙල් එනවා කිව්වොත් එනවම තමයි. තෙල් එන්නෙ නෑ කියලා අපි නිවේදනය කළොත් එන්නෙ නෑම තමයි. පිරවුම්හලේ අයිතිකරු විදියට මම පෝලිම ඉස්සරහට ගිහින් තෙල් එනවද නැද්ද කියන එක ගැන ජනතාව දැනුවත් කරනවා. තෙල් එන බවට අපිට ජංගම දුරකථනයට එන පණිවුඩ පවා මම ජනතාවට පෙන්වනවා. මෙතන කිසි ප්‍රශ්නයක් ඇති නොවී තෙල් ලබාදෙන්න පුළුවන් වෙලා තියෙන්නෙ ඒ විශ්වාසය නිසයි.   


ප්‍රශ්නය:- මේ පිරවුම්හලට දිනපතා ඉන්ධන ලැබෙනවද?   


ඔව්. දිනපතා ලැබෙනවා. සාමාන්‍යයෙන් දවසකට පෙට්‍රල් ලීටර් 13200 ක් එනවා. ඩීසල් එන්නෙ නෑ. මොකද මෙතන තදබදය වැඩිවෙන්න පුළුවන් නිසා අපි ඩීසල් අයින් කළා.   


ප්‍රශ්නය:-  ඉන්ධන ලබා දෙන්නෙ සීමා සහිත මිල ගණන්වලටද?   


ඔව්. ත්‍රී රෝද රථයකට රුපියල් 3500 කටත් යතුරුපැදිවලට රුපියල් 3000 කටත් සාමාන්‍ය වාහනවලට රුපියල් 8000 කටත් වශයෙන් දිනකට පෙට්‍රල් නිකුත් කරනවා.   


ප්‍රශ්නය:- බොහොමයක් පිරවුම්හල් ඉදිරිපිට ගැටුම් ඇති වෙන තත්ත්වයන් අපි දකිනවා. ඒ වගේම ආරක්ෂක අංශ සාමාජිකයන් පවා යොදවලා තියෙනවා. මෙහි තත්ත්වය කොහොමද?   


මෙතනටත් ආරක්ෂක අංශ සාමාජිකයන් යොදවලා තියෙනවා. ඒ අය අපට ප්‍රමාණවත් පරිදි ආරක්ෂාව ලබා දෙනවා. ඒත් ආරක්ෂාවක් අවශ්‍ය වෙන තරමට මේ ස්ථානයේ ගැටුම් ඇති වෙන්නෙ නෑ. මොකද මෙතනට එන හැමෝම දැනුවත් වෙලා එන්නෙ. තෙල් ටැංකි පරීක්ෂා කරන්න ඕනැ කියලා කවුරුත් කියන්නෙත් නෑ. පාරිභෝගිකයයි අපි අතරයි විශ්වාසය උපරිමයෙන් තියෙනවා.   

 


විශේෂ වාර්තාකරුවකු විසිනි   



අදහස් (1)

අපෙන් තෙල් ගහන්න එන හැමෝම අපිට වී .අයි.පී

C M D Dilhara Monday, 01 August 2022 08:31 AM

ඒ විදිහට හැම පිරවුම් හලකම රාජකාරි සිදු වෙනවනම් පාරිභෝගිකයන් අපහසුතාවට ලක් නොවෙති. දිනෙන් දිනම දියුණු වේවා ජය වේවා

:       0       2

ඔබේ අදහස් එවන්න

තක්සලාව

අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 3135 1

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


පිළිකා රෝගීන්ගේ හීන පාට කළ බලාපොරොත්තුවේ ඡායා දැක්ම
2024 අප්‍රේල් මස 08 27 0

‘අපි අපේ ආදරණීයයන් සමඟ ජීවත් වන්නේ බලාපොරොත්තු සහ සිහින පොදි බැඳගෙනය. ඒත් සුව කළ නොහැකි රෝගයක් ඇතැයි දැනගන්න ලැබුණොත් ඒ සියල්ල අවසන්ය. ඔබ කාන්තාවක නම්,


මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?
2024 මාර්තු මස 25 1435 1

මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්


මේ නම් හෙණකඳයෙක්ම තමයි
2024 මාර්තු මස 02 441 0

මිහිමත සෑම අස්සක් මුල්ලක්ම ගවේෂණය කරමින්, සතුන්ගේ විස්මිත තතු අනාවරණය කරන නවතම වාර්තා වැඩසටහන ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ ය. මෙම වාර්තා වැඩසටහන්


facebook මිත්‍රයාට 20 යි
2024 පෙබරවාරි මස 10 163 0

මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.


වගකීමට වඩා වගවීම අදහන අතිරේක ලේකම්වරිය
2024 පෙබරවාරි මස 10 271 0

බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 236 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1551 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1454 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site