IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ලංකාවේ බලවතුන් ඔස්ට්‍රේලියාවේදීත් ජාවාරමක්

ඕස්ට්‍රේලියාවේ කැන්බරා නුවර පිහිටි ඇස්පෙන් මෙඩිකල් නම් වෛද්‍ය සැපයුම් සමාගමක් වෙත පුද්ගල ආරක්ෂක උපාංග ඇණවුමක් සඳහා ප්‍රසම්පාදන කොන්ත්‍රාත්තුවක් ලබාදීම මගින් ඕස්ට්‍රේලියානු රජය එරට බදු ගෙවන්නන්ගේ මුදලින් ඕස්ට්‍රේලියානු ඩො. බිලියන 1.1 කට අධික ප්‍රමාණයක් අවභාවිත කර ඇති බවට එරට ඒ.බී.සී. ටී.වී. (Asia Broadcasting Corporation) නාළිකාව ඉකුත්ද‌ා අනාවරණය කළේය.   

එම නාළිකාවේ ගවේෂණාත්මක මාධ්‍යකරණය සහ කාලීන තොරතුරු පිළිබඳ අංශය මගින් ඉදිරිපත් කරන Four Corners නම් වැඩසටහන මගින් මෙම අනාවරණය සිදුකළ අතර ඇස්පෙන් මෙඩිකල් සමාගමට එවැනි ඇණවුමක් ප්‍රසම්පාදනය කිරීම සඳහා වන කිසිදු සුදුසුකමක් හෝ හැකියාවක් නොමැති බව ද කියැවිණි. මෙම වැඩසටහන (02දා) රාත්‍රියේදී ABC TV නාළිකාව හරහා විකාශය විය.   


ඉහත සඳහන් කළ Aspen Medical නම් සමාගම සහ ශ්‍රී ලංකාවේ සුප්‍රකට ව්‍යාපාරිකයෙකු අතර මීට පෙර සිදුවූ බව කියන මුදල් විශුද්ධිකරණ ඇතුළු සිද්ධීන් කිහිපයක් ද එහිදී හෙළිදරව් කර තිබූ අතර ඒ හේතුවෙන් සිද්ධිය පිළිබඳ අවධානය ඉහළ යාමද සිදුවිය.   

 

හම්බන්තොට නව රෝහල

 

ඒබීසී නාළිකාව සඳහන් කරන ආකාරයට මෙම Aspen Medical නම් සමාගම එරට දේශපාලනඥයන් හා සෘජුවම සබඳකම් පවත්වන සෞඛ්‍ය සේවා සැපයුම් සමාගමකි. ඒ අනුව මෙම සබඳතා යොද‌ාගනිමින් ඕස්ට්‍රේලියාවේ වත්මන් සෞඛ්‍ය ඇමැති ග්‍රේග් හන්ටිගේ නියමයකට අනුව මෙලෙස කිසිදු ප්‍රසිද්ධ ටෙන්ඩර් කැඳවීමකින් තොරව ඕස්.ඩො. බිලියන 1.1 ක වටිනාකමක් ඇති අද‌ාළ පෞද්ගලික ආරක්ෂක උපාංග (PPE) ඇණවුම එම සමාගම වෙත ප්‍රද‌ානය කර තිබේ.   


2018 සහ 2019 යන වසරවලදී ඕස්ට්‍රේලියා ​ඩොලර් මිලියන 07 ක ඒකාබද්ධ පාඩුවක් ලැබූ මෙම Aepen Medical සමාගම වසංගතයත් සමගින්ම සිය බදු පෙර ලාභය ඕස්.ඩොලර් මිලියන 420 ක් දක්වා වර්ධනය කරගැනීමට සමත්ව ඇතැයි ද මෙම අනාවරණයේ සඳහන් වෙයි. ඕස්ට්‍රේලියාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තු ලියවිලිවලට අනුව 2020 පෙබරවාරි 22 ද‌ා මෙම එක් කොන්ත්‍රාත්තුවක් පිරිනමා ඇත.   


‘Aspen Medical සමාගම සතුව මෙවැනි මහා පරිමාණ ප්‍රසම්පාදනයක් සඳහා වන කිසිදු අත්දැකීමක් මීට පෙර තිබුණු බවට සඳහනක් නැහැ. මේ දක්වා එම කර්මාන්තය තුළ යම් පසුබිමක් සහිත සමාගම් ඇතුළු අනෙකුත් රජයේ සැපයුම්කරුවන්ට වඩා ඕස්.ඩො. මිලියන 500 කට වඩා වැඩි පුද්ගල ආරක්ෂක උපාංග ඇණවුමක් සඳහා ඔවුන් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සමග යොමුව තිබෙනවා.’ යැයි එම වැඩසටහන පවසයි.   
කෙසේ වෙතත් මෙම PPE කොන්ත්‍රාත්තුව සම්බන්ධයෙන් එල්ල වන චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ඕස්ට්‍රේලියාවේ සෞඛ්‍ය අමාත්‍ය හන්ට්, මෙම ඇණවුම අවස්ථාවේදී මිලදී ගැනීම පිළිබඳ වන නිර්දේශ කිරීම්, ඇස්තමේන්තු කිරීම්, අනුමැතිය ලබාදීම්. කොන්ත්‍රාත්තු එකඟතා හෝ තීරණ සඳහා තමන් කිසිදු මැදිහත්වීමක් සිදුනොකළ බව පවසා තිබේ.   


‘අමාත්‍ය හන්ට් මේ කොන්ත්‍රාත්තුව පිළිබඳ කිසිදු එකඟතාවක් සම්බන්ධයෙන් Aspen Medical හෝ එහි වෙනත් නියෝජිතයෙකු සමග සාකච්ඡා පැවැත්වූවේ නැහැ. මෙම සමාගම හා අමාත්‍යවරයා අතර සබඳතාව ඉතාමත් සීමිතයි.’ යනුවෙන්ද ඇමැතිවරයාගේ ප්‍රකාශකයෙකු පවසා ඇත.   


 Four Corners වැඩසටහන සඳහන් කරන ආකාරයට Aspen Medical සමාගම සතුව ඕස්ට්‍රේලියානු රජයේ ඉහළ මට්ටමේ සාමාජිකයන් සමග මෙන්ම පාර්ලිමේන්තුවේ ලිබරල් පක්ෂයේ සාමාජිකයන් අතර ද සබඳතා පවතී. ඒ අතරින් හිටපු ලිබරල් පක්ෂ සෞඛ්‍ය ඇමැති මයිකල් වූල්ඩ්රිජ් එම සමාගමේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වන අතර එල්ල වූ චෝදනා සමග ඔහු එම ධුරයෙන් ඉවත්ව අද වන විට සමාගමේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කරයි.   


‘2009 සහ 2021 අතර කාලය තුළදී Aspen Medical සමාගම මගින් ලිබරල් පක්ෂය වෙත දේශපාලනික ප්‍රද‌ාන සහ අරමුදල් රැස්කිරීම් හරහා ඕස්.ඩොලර් 110,000 කට වඩා වැඩි මුදලක් ලබා දී තිබෙනවා. මේ අතරින් ඕස්. ඩොලර් 13,200 ක් ක්වින්ස්ලන්තයේ ලිබරල් පක්ෂය වෙත ලබා දී ඇති අතර ඒ එරට අගමැති ස්කොට් මොරිසන් COVID-19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා දේශ සීමා වසා දැමීමට තීරණය කළ දිනයයි.’ යනුවෙන් ද ABC නාළිකාවේ Four Corners කණ්ඩායම පවසයි.   


එහෙත් කොවිඩ් - 19 වසංගතයත් සමග 2020 වසරේදී ඕස්ට්‍රේලියානු රජය මගින් ඉදිරිපත් කළ වසංගත පිරිවැය වැඩසටහන යටතේ Aspen Medical සමාගමේ වාසනාවන්ත කාලය යළිත් උද‌ා වී තිබේ. එහිදී එම සමාගම වැඩිහිටි නිවාසවල සේවය කරන පිරිස් සඳහා එන්නත්කරණය ඇතුළුව සියලුම කාර්යයන් සඳහා වන කොන්ත්‍රාත්තු ලබා ගැනීමට සමත්ව ඇත. මේ අවස්ථාවත් සමගින්ම 2021 ජූලි මාසය වෙද්දී Aspen Medical සමාගමේ පෙර බදු ලාභ ඕස්.ඩො. මිලියන 277 ක් දක්වා ඉහළ වේගයෙන් වර්ධනය වී ඇත.   
කෙසේ වුවද මේ සම්බන්ධයෙන් ඒ.බී.සී. නාළිකාව සිදුකළ විමසීමකදී ‘අපගේ සෞඛ්‍ය විසඳුම් වෙත ලබාදෙන සහයෝගයක් ලෙස ඕස්ට්‍රේලියාව තුළ සහ වි​දේශයන් වෙත සිදුකළ පුද්ගලික ආරක්ෂක උපාංග (PPE) ඇතුළුව අනෙකුත් වෛද්‍ය උපකරණ සහ උපාංග ප්‍රසම්පාදනය කිරීමේ සාර්ථක වාර්තා ද සමග ඉතා හොඳ කාර්යසාධනයක් වාර්තා කරන්නට සමාගමට හැකියාව ලැබී තිබෙනවා.’ යනුවෙන් එම සමාගම සඳහන් කර තිබේ.   


මෙම කාරණා සම්බන්ධයෙන් තවදුරටත් සිදුකළ විමර්ශනවලට අනුව Aspen Medical සමාගම ශ්‍රී ලංකාව තුළ සිදුවුණු මුල්පෙළේ මුදල් විශුද්ධිකරණයක් හා සම්බන්ධව ද යම් පැටළැවීමක් පවතින බවට හඳුනාගැනීමට හැකියාව ලැබී තිබේ. ඒ අනුව ABC නාළිකාවේ මෙම Four Corners නිෂ්පාදන කණ්ඩායම ශ්‍රී ලංකාවේ සන්ඩේ ටයිම්ස් පුවත්පතේ මාධ්‍යවේදීන් ද සමග එක්ව මේ පිළිබඳ තොරතුරු රැස්කරගෙන ඇත.   
මෙම අනාවරණයට අනුව 2012 වසරේදී පමණ ශ්‍රී ලංකාවේ හම්බන්තොට ඉදිකෙරුණු ඇ.ඩො. මිලියන ගණනක් වටිනා රෝහල් ව්‍යාපෘතිය හරහා මෙම මුදල් විශුද්ධිකරණය සිදුව තිබෙන බවත් ඊට මෙම Aspen Medical සමාගම සම්බන්ධ බවටත් කරුණු සඳහන්ව තිබේ.   


ඒ අනුව මෙම අවස්ථාවේදී එවකට ඕස්ට්‍රේලියාවේ අපනයන මූල්‍ය සහ රක්ෂණ සංස්ථාව හරහා ඕස්.ඩො. මිලියන 18.8 ක රක්ෂණ වගවීමක් ඉල්ලුම් කර තිබූ බව සඳහන් වෙයි. එහිදී මෙම රෝහල සඳහා අවශ්‍ය උපකරණ සහ එහි යටිතල පහසුකම් ඇතුළු අනෙකුත් නිර්මාණාත්මක සැකැස්ම සඳහා එම සමාගමේ සේවාව ලබා ගැනීමක් සිදුකළ බවට ද එහි සඳහන්ව තිබිණි.  


එහෙත් මෙලෙස ශ්‍රී ලාංකික රෝහලක් වෙත උපාංග හෝ වෙනත් වෛද්‍ය සැපයුමක් සිදුකළේ ද යන්න සම්බන්ධයෙන් සිදුකළ විමසීමකට පිළිතුරු ලබා දීම Aspen Medical සමාගම ප්‍රතික්ෂේප කර ඇති බවත් ABC නාළිකාව සඳහන් කරයි.  


එහිදී නිවේදනයක් නිකුත් කර ඇති එම සමාගම තමන් ඉංජිනේරුමය - ව්‍යාපෘතියක් සඳහා වන උපකොන්ත්‍රාත්තු සැපයීමක් සිදුකළ බවත් එහිදී EN-Projects නම් නෙදර්ලන්ත සමාගමක් එම ව්‍යාපෘතිය මෙහෙයවූ බවත් පවසා ඇත.  


‘රෝහල් තුළ ඉංජිනේරු සේවා විශාල ප්‍රමාණයක් අපි ආවරණය කරනවා. එතැනදී සැපයුම්කරුවන් 20 කට අධික සංඛ්‍යාවක් සමගින් අපි සම්බන්ධව සිටිනවා.’ යනුවෙන් එහි සඳහන්ව ඇත.  
 කෙසේ වෙතත් Four Corners අනාවරණය කරගෙන ඇති ආකාරයට මෙම Aspen Medical සමාගම මගින් ශ්‍රී ලංකාව සමග සිදුකර ඇති පළමු ගනුදෙනුව වන්නේ යුරෝ මිලියන 1.4 ක (ඕස්. ඩො.මිලියන 2.1ක) මුදලකි. එහිදී බ්‍රිටිෂ් -වර්ජින් දූපත්හි පිහිටි බව පැවසෙන Sabre Vision Holdings නම් අද්භූත අක්වෙරළ සමාගමක් වෙත මෙම මුදල් ලැබී තිබෙන බව ද එහිදී වැඩිදුරටත් අනාවරණය වී තිබේ.   
 එසේම මෙම මුදල් ලැබීම Aspen Medical සමාගම EN-Projects සහ ජර්මනියේ Juga Bau GmbH මගින් මෙම අක්වෙරළ සමාගම වෙත සිදුකළ යුරෝ මිලියන 4.3 ක සහ ඕස්.ඩොලර් 759,000 ක සම්පූර්ණ ප්‍රේෂණයක කොටසක්ය යන්න අදහස වී තිබේ. ඒ අනුව මෙය සැකකටයුතු සහ නීතිවිරෝධී ක්‍රියාවක ප්‍රතිඵලයක් බවට ශ්‍රී ලංකා පොලිසිය සඳහන් කළ බව ද මෙම අනාවරණයේ සඳහන් වෙයි.   
මෙම ඉහත සඳහන් කළ Sabre Vision Holdings සමාගමේ රහසිගත හිමිකාරිත්වය නිමල් පෙරේරා නම් අතරමැදි පුද්ගලයෙකු සතුව පවතින බවත් පසුගිය දශකයකට අධික කාලයක් පුරා ශ්‍රී ලංකාවේ දේශපාලනයේ පාලන බලය දැරූ රාජපක්ෂ පවුල සහ ඔහු අතර කුප්‍රකට සබඳතා පැවැති බවටත් සඳහන් වන බව ද ඒබීසී නාළිකාව සඳහන් කරයි.   


 මේ අතර නිමල් පෙරේරා මහතා විසින් තමන් එවකට අගමැතිවරයා වූ මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්‍රයා වන නාමල් රාජපක්ෂ වෙනුවෙන් මුදල් රැස් කිරීමක් සිදුකළ බව 2016 වසරේදී පිළිගත් අතර එම කරුණ ඔස්සේ නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට පත්වීමක් ද සිදුවිය.   
මේ අතර හම්බන්තොට රෝහලට අදාළ මුදල් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකළ පොලිස් විමර්ශන යටතේ නිමල් පෙරේරා මහතාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී මෙලෙස ඔහුගේ පෞද්ගලික බැංකු ගිණුම් වෙත මූලාශ්‍රය පැහැදිලි කළ නොහැකි මෙම අරමුදල් හිමි වූ ආකාරය සම්බන්ධයෙන් විමසා තිබේ. එහිදී අදහස් දක්වා ඇති ඔහු ලිපිනය හෝ දුරකථන අංකය හෝ අනාවරණය කළ නොහැකි ඉතාලි ව්‍යාපාරිකයෙකු හරහා මෙම මුදල් ලැබුණු බව පිළිගෙන ඇත.   


එහිදී පොලිසිය මෙම Sabre Vision Holdings සමාගම සම්බන්ධයෙන් තවදුරටත් සිදුකළ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු දී ඇති ඔහු තමන් එම සමාගම පිළිබඳ කිසිවක් නොදන්නා බවත් එම සමාගම තමන්ගේ ඉතාලි මිතුරාට අයත් වූවක් බවට තමන් විශ්වාස කළ බවත් පවසා තිබේ.   


 කෙසේ වෙතත් බ්‍රිටිස් වර්ජින් දූපත්වල සිට පොලිසිය වෙත ලැබුණු එම සමාගමේ ලියකියවිලිවලට අනුව ඉහත කී සමාගම හුදෙක් මෙම අඥාත ඉතාලි ජාතික ව්‍යාපාරිකයාට පමණක් නොව නිමල් පෙරේරා මහතාට ද හිමිකාරිත්වයක් පවතින්නක් බවට පැහැදිලි වී තිබේ.   


 ඒ අනුව පොලිසිය වෙත මුල් අවස්ථාවේදී අසත්‍ය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් Four Corners වැඩසටහන නිමල් පෙරේරාගෙන් විමසා ඇති අතර ඊට පිළිතුරු ලබා දී ඇති ඔහු ‘නෑ... මට ඊට පිළිතුරු දෙන්න වුවමනාවක් නෑ. සමාවෙන්න’ යනුවෙන් පැවසූ බව ද ABC නාලිකාව සඳහන් කරයි.   
එසේම තමන් කිසිදු විටෙකත් සෞඛ්‍ය අංශය සමගින් හෝ Aspen Medical සමගින් හෝ කටයුතු කර නොමැති බවට ද නිමල් පෙරේරා මහතා සහතික වීමක් සිදුකළ බවද එම නාළිකාවේ Four Corners කණ්ඩායම පවසයි. එහිදී තමන් කටයුතු කළේ EN Projects සමාගමේ නියෝජිතවරයෙකු ලෙස පමණක් බව ද ඔහු සඳහන් කර තිබේ.   


මේ අතර නිමල් පෙරේරා මහතාට අයත් ඉහත සඳහන් කළ Sabre Vision Holdings සමාගම වෙත 2013 වසරේදී එයාර් බස් ගුවන්යානා නිෂ්පාදනය හා සම්බන්ධ මව් සමාගම වන EADS (European Aeronautic Defence and Space Company) වෙතින් ඩොලර් දහස් ගණනක මුදලක් ලැබී ඇතැයි ද සඳහන්ව තිබේ.   


එයාර් බස් සමාගමට එරෙහි අල්ලස් හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් 2020 වසරේදී සිදුකළ විමර්ශනයකදී මේ කරුණු අනාවරණය විය. ප්‍රංශ. බ්‍රිතාන්‍ය සහ එක්සත් ජනපද බලධාරීන් විසින් මෙම දූෂණ චෝදනා පිළිබඳ විමර්ශන සිදුකළ අතර එහිදී බෝයිං සමාගම ඇ.ඩො. බිලියන 04 ක් ගෙවා මෙම චෝදනා සමථයකට පත්කර ගැනීම සිදුවිය.   


මේ අතර හම්බන්තොට රෝහල ඉදිකිරීම සම්බන්ධයෙන් වන කාරණාවේදී යම් මුදල් විශුද්ධ කිරීමක් සිදුව ඇති බවට මේ දක්වා කිසිදු රජයකින් හෝ කිසිදු අධිකරණයකින් හෝ තමන්ගෙන් කරුණු විමසීමක් සිදුනොකළ බවත් එහෙත් එවැනි ඕනෑම පරික්ෂණයකදී සහාය ලබාදීමට සූදානම් බවත් ඇස්පෙන් මෙඩිකල් වැඩසටහන වෙත පවසා තිබේ.   


එහිදී වැඩිදුරටත් කරුණු දක්වා ඇති එම සමාගම, ඉහත සඳහන් කළ මෙම එයාර් බස් වංචාව පිළිබඳ අනාවරණය වූයේ 2019 වසරේදී බවත් එය සිය සමාගම විසින් Sabre Vision Holdings සමාගම වෙත මුදල් ගෙවීමක් සිදුකර වසර ගණනාවකට පසුව බවත් පවසයි.   


‘අප සමාගම සතුව ශක්තිමත් වටිනාකම් රැසක් තිබෙනවා. ඒ හරහා මෙවැනි දූෂිත ක්‍රියා සඳහා සම්බන්ධ ආයතන සමග එක්ව කටයුතු කිරීම වළක්වනවා.’ යනුවෙන් Aspen Medical සමාගම මෙහිදී ABC නාළිකාවේ Four Corners වැඩසටහන වෙත පවසා ඇත. 

 

 

සටහන
විශේෂ 
ලියුම්කරුවකු විසිනි  

 



අදහස් (0)

ලංකාවේ බලවතුන් ඔස්ට්‍රේලියාවේදීත් ජාවාරමක්

ඔබේ අදහස් එවන්න

තක්සලාව

අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 3628 1

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


පිළිකා රෝගීන්ගේ හීන පාට කළ බලාපොරොත්තුවේ ඡායා දැක්ම
2024 අප්‍රේල් මස 08 33 0

‘අපි අපේ ආදරණීයයන් සමඟ ජීවත් වන්නේ බලාපොරොත්තු සහ සිහින පොදි බැඳගෙනය. ඒත් සුව කළ නොහැකි රෝගයක් ඇතැයි දැනගන්න ලැබුණොත් ඒ සියල්ල අවසන්ය. ඔබ කාන්තාවක නම්,


මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?
2024 මාර්තු මස 25 1460 1

මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්


මේ නම් හෙණකඳයෙක්ම තමයි
2024 මාර්තු මස 02 454 0

මිහිමත සෑම අස්සක් මුල්ලක්ම ගවේෂණය කරමින්, සතුන්ගේ විස්මිත තතු අනාවරණය කරන නවතම වාර්තා වැඩසටහන ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ ය. මෙම වාර්තා වැඩසටහන්


facebook මිත්‍රයාට 20 යි
2024 පෙබරවාරි මස 10 166 0

මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.


වගකීමට වඩා වගවීම අදහන අතිරේක ලේකම්වරිය
2024 පෙබරවාරි මස 10 271 0

බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1533 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site