IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


තාත්තා සිහිවෙන්න පුතා හැදූ ලෝකයේ ලොකුම රෝහල

ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි 

  • යුංචිං ව්‍යවසායකත්ව ක්ෂේත්‍රයට අවතීර්ණ වූයේ දරිද්‍රතාවයෙන් මිදීම උදෙසා යමක් හරි හම්බ කර ගැනීමේ අරමුණ ඇතිව සහල් වෙළෙන්දෙකු ලෙසය
  • යුංචිං හට හොඳ අධ්‍යාපනයක් ලබා දීමට මව්පියන් හට නොහැකි වූයේ දුප්පත් පවුලක් වූ නිසාය
  • අවස්ථා එනතෙක් බලා නොසිටින්න. කිසිද‌ාක අවස්ථා ඔබ වෙත නොඑන අතර අවස්ථා සාද‌ාගත යුත්තේ ඔබ විසිනි.’ එය චිංගේ ජීවන දර්ශනය විය.

 

 කොවිඩ් වයිරසය වැනි ලෝක වසංගතය හමුවේ අද වන විට ජනතාව කෙතරම් අසරණ වී ද යත් රෝහලකට ඇතුළත්ව ප්‍රතිකාර ලබා ගැනීමට පවා අවස්ථාවක් නැත්තේ ඒ තරමටම රෝගීන්ගෙන් රෝහල් පිරී ඇති නිසාය. දහස් ගණනක රෝගීන්ට ඉඩ ඇති රෝහල් පද්ධතිය අද පවතින්නේ එලෙසිනි. එලෙසින් ඉතා අභාග්‍යසම්පන්න කාල සීමාවකට මිනිසා මුහුණ දී ඇති සමයක මේ කතා කරන්නට සූද‌ානම් වන්නේ ලෝකයේ විශාලතම රෝහල ගැනය. ප්‍රකට සමාගම් ලොව දිනූ විශේෂාංගය යටතේ අද අපි ලෝකයේ විශාලතම රෝහල ගැන විස්තර කියවමු.  


මෙම රෝහල පිහිටා ඇත්තේ තායිවානයේ තාඕආන් නගරයේය. මෙහි නාමය සඳහන් වන්නේ ‘චැංගුං’ අනුස්මරණ රෝහල ලෙසය. චැංගුං රෝහල් සේවාව සතුව වාර්තා සඳහන් කරන පරිදි රෝගීන් සඳහා වෙන් වූ ඇඳ ඇතිරිලි සංඛ්‍යාව දස දහසකි. ඒ මගින් මෙය කොතරම් නම් විශාලද යන්න ඔබට වටහා ගත හැකිය. වසරකදී රෝගීන් මිලියනයකට එහා එනම් දශලක්ෂයකට එහා ප්‍රමාණයක් මෙහි සිට නේවාසිකව ප්‍රතිකාර ගන්නා බව සඳහන් වේ. ඊට අමතරව බාහිරව පැමිණ ප්‍රතිකාර ගන්නා රෝගීන් සංඛ්‍යාව මිලියන 3.5 ක් හෙවත් ලක්ෂ තිස්පහක් පමණ වේ. වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවා වෘත්තිකයින් පන්දහසකට වඩා වැඩි ප්‍රමාණයක් මෙහි සේවයේ යෙදී සිටිති.  


අප රටේ රෝහල් හා සෞඛ්‍ය සේවා පද්ධතිය රජය හෙවත් ජනතාව සතු වුවද, මෙම රෝහල මෙන්ම ලෝකයේ අනෙකුත් බොහොමයක් රටවල සෞඛ්‍ය සේවාව පවතින්නේ පුද්ගලික සේවයක් හැටියටය. එනම් සියලු සේවා ලබාගත යුතු වන්නේ මුදල් ගෙවාය. මෙම චැංගුං අනුස්මරණ රෝහල සතු වන්නේ චැංගුං වෛද්‍ය පදනම සතුවූවක් හැටියටය. ඊට අයත් විශාලතම රෝහල වන්නේ මෙම ‘චැංගුං’ වන අතර ‘ලින්කු චැංගුං’ අනුස්මරණ රෝහල ලෙස එය හැඳින්වේ. 

 
1973 දී ‘චැංගුං’ වෛද්‍ය පදනම පිහිටුවනු ලැබුවේ වැන්ග් යුං චිං විසිනි. ඔහුගේ පියා වූ චැන්ග් චැංයුං සිහිවීම වෙනුවෙනි. ‘චැංයුං’ අනුස්මරණ රෝහල මෙම වෛද්‍ය මධ්‍යස්ථාන ජාලය සතුවන්නේ ඒ අයුරිනි. මෙම රෝහල් ජාලය හැඳින්වෙන්නේ තායිවානයේ වෛද්‍ය ප්‍රාතිහාර්යය නමිනි. මෙම සේවාව සම්බන්ධයෙන් අන්තර්ජාතික රූපවාහිනී නාළිකා විසින්, වාර්තාමය වැඩසටහන් පවා නිර්මානය කර තිබේ.  


වැන්ග් යුං චිං ඔහුගේ සහෝදරයා වන ‘යං’ කිසායි සමග එක්ව මෙවැනි දෙයක් ආරම්භ කිරීමට පුරෝගාමී වූයේ ඔවුනගේ තාත්තා සිහිවීම පිණිස අරබයා තායිවානයේ සෞඛ්‍ය සේවාවට පුනර්ජීවයක් ලබා දීම වෙනුවෙනි. එනම් ජනතාව හට සෞඛ්‍ය සේවා ලබාදෙන සේවාවකට එහා ගිය සේවයක් සැලසීම වෙනුවෙනි. විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවය සතු පර්යේෂණ, නව සොයා ගැනීම් ආදී බොහෝ සේවාවන් සමාජගත කිරීම වෙනුවෙනි. සැත්කම් සිදුකිරීමේදී ඉතා සාර්ථකව සැත්කම් සිදුකරන රෝහල් ජාලයක් ලෙස මෙම ‘චැංයුං’ රෝහල් ජාලය නම් කළ හැකිය. චැංයුං අනුස්මරණ රෝහලේදී වසරකදී සිදුකෙරෙන සැත්කම් සංඛ්‍යාව ලක්ෂ දෙකකට ආසන්නය. වකුගඩු බද්ද කිරීමේ සැත්කම් දහසකට වඩා ඉතා සාර්ථකව සිදුකර ඇති රෝහලකි. එමෙන්ම උපතින් මුහුණු විරූපීව උපත ලද බොහෝ දෙනා වෙනුවෙන් සාර්ථක ලෙස සැත්කම් සිදුකිරීම නිසා චැංයුං අනුස්මරණ රෝහල ලොව ඉතා ප්‍රකට වී තිබේ. 2018 වන විට වෛද්‍යවරු දහසකට ආසන්න සංඛ්‍යාවකට විශේෂඥ පුහුණුව ලබා දී ඇත. හෘද සැත්කම් සිදුකිරීමේදී වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබා ඇති නිසා ‘චැංයුං’ රෝහල තවත් අතෙකින් ප්‍රකටව තිබේ. මෙලෙසින් වූ චැංයුං රෝහල් ජාලය බිහිකිරීමට පුරෝගාමී වූ ෆර්මෝසා ප්ලාස්ටික්ස් සමූහය එහි නිර්මාතෘවරයා වූ ‘වැන්ග් යුං චිං’ කවුදැයි කියා අපි සොයා බලමු.  


වැන්ග් යුං චිං  


 වැන්ග් යුං චිං හෙවත් YC වැන්ග්’ ලෙස හැඳින්වෙන ඔහු උපත ලැබුවේ 1917 ජනවාරි 18 වැනිද‌ා තායිවානය ජපන් අණසකට හෙවත් අධිරාජ්‍යයකට නතුව තිබූ සමයකදීය. ග්‍රාමීය පළාතකදී උපත ලද වැන්ග් යුං චිං හට හොඳ අධ්‍යාපනයක් ලබා දීමට තරම් වත්පොහොසත්කම් ඔහුගේ මව්පියන් හට නොතිබිණි. මේ නිසාම, කුඩා කල සිට සහල් විකිණීමට ඔහුට සිදුවිය. ඒ මගින් මුදලක් උපයා ගැනීමට ‘යුං චිං’ හට හැකිවිණි. ඔහුගේ ව්‍යවසායකත්ව ජීවිතයට අඩිතාලම වැටුණේ ඒ මගිනි. එසේ නොවන්නට, ඉගෙනීමට මග පෑදී ඒ මග ගියේ නම් විටෙක ඔහු හට මෙවැනි මහා සමාජ සේවාවක් කිරීමට අවස්ථා නොලැබීමට ඉඩ තිබිණි. ඉහළ අධ්‍යාපනයක් නොලබා සිටිය ද, උපතින් ගෙනා දැක්මක් ‘යුං චිං’ සතු විය. ඉතා ක්‍රියාශීලී චරිතයක් වූ ඔහු හට ආර්ථික දැක්මක් තිබූ අතර, වඩා නිර්ලෝභී පරිත්‍යාගශීලී චරිතයක් විය. ඔහු උසස් මිනිසකු බවට පත්කළේ අධ්‍යාපනික දැනුමට වඩා එකී මානුෂික ගුණාංග වෙතිනි.  


 ‘අවස්ථා එනතෙක් බලා නොසිටින්න. අවස්ථා සාද‌ාගත යුත්තේ ඔබ විසින්මය. එසේ නොමැතිව අමුතුවෙන් ඔබ වෙත අවස්ථා ගලා එන්නේ නැත.’  


එය ‘යුංචිං’ගේ මුවගින් නිතර පිට වූ රන් මසුරන් වටිනා කියමනක් විය.  


සහල් වෙළෙන්දෙකු ලෙස කටයුතු කළ අවදියේදී ‘චැං’ විශේෂිත විකුණුම් ක්‍රමවේදයක් අනුගමනය කළේය. එය උපාධි කිහිපයක් ලද නමුත් අසාර්ථක ආර්ථික විශේෂඥයකුට වඩා ඉතා ප්‍රායෝගික වූ දැක්මක ඵලයක් විය. ප්‍රායෝගික නොවූ රටේම ආර්ථිකය විනාශ කරන ආර්ථික විශේෂඥයින් යැයි කියා ගන්නා බොහෝ දෙනාට මෙම ‘යුංචැං’ගේ ව්‍යවසායකත්ව දර්ශනය වෙතින් ගත හැකි ආදර්ශ නම් බොහෝමය. 

 
‘යුං චැං’ යනු තායිවානයේ සෞඛ්‍ය පද්ධතිය වෙනස් කළ මහා පරිමාණ මිනිසා ලෙස තායිවාන සමාජය පිළිගන්නා දෙයකි. සහල් වෙළෙන්දෙකු ලෙස වෙළඳ‌ාමට අවතීර්ණ වූ ද‌ා සිට ඔහුගේ අරමුණ වී තිබුණේ සිහිනය වී තිබුණේ සෑම කෙනෙකු හටම හොඳ සෞඛ්‍ය සේවාවක් ලබා ගැනීමේ අයිතිය ලබා දිය යුතුය යන්නය. මෙම රෝහලේදී බිල්පත් ගෙවා ගැනීමට සෑම රෝගියකු හට නොහැකි වුවද ප්‍රතිකාර ලබා ගැනීමේ පහසුකම ඔහු විසින් ලබා දී ඇත. අගහිඟකම් සහ දුප්පත්කමේ ගැඹුර ගැන මෙන්ම, ඒ නිසා මුහුණ පෑමට සිදුවන දුෂ්කරතා පිළිබඳව ඔහු ප්‍රායෝගිකව අත්වින්දේ ළමා වියේදීය. ඒ නිසා මුදල් නොමැතිකමේ පීඩනය, දුෂ්කරතාවය කෙතරම් නම් භයානක දෙයක් ද යන්න ඔහු වටහාගෙන සිටියේය. ව්‍යවසායකත්වයේ හිනිපෙත්ත නගිද්දී කිසිවිටෙකත්, ආඩම්බර වූ මිනිසකු නම් නොවීය.  


‘ඔබ ඩොලරයක් ඉතිරි කරන්න, එය ඩොලරයක් උපයා ගැනීමට වඩා ඉතා යහපත්.’  


එයින් ඔහු ප්‍රකාශ කළේ ලද දෙයින් සහ තමා සතු දෙයින් සෑහීමකට පත් වී කටයුතු කිරීම වඩා යහපත් යැයි කියාය. මිනිසකු වඩා යහපත් වන්නේ සහ පෞරුෂය හෝ කීර්තිය ගොඩනගා ගත යුතු වන්නේ ආර්ථිකයට වඩා තමා සතු උද‌ාර සිතිවිලිවලින් යන්න චිංගේ ජීවන දර්ශනයෙන් ගත හැකි හොඳම දේ වන්නේය. විටෙක ඔහුගේ නාමය සඳහන් වූයේ ලෝකයේ ‘178’ වැනි බිලියනපතියා හෙවත් ලෝක ධනවතා ලෙසය. 2008 දී ඔහු සතුව තිබූ මහා ධනස්කන්ධය ලෙස වාර්තාවල සඳහන් වූයේ ඩොලර් බිලියන 6 ක් ලෙසය. එමෙන්ම එද‌ා තායිවානයේ දෙවැනියට ධනවත්ම ව්‍යවසායකයා වූයේ ද ‘චිං’ ය. ලෝ ප්‍රකට ෆෝබ්ස් සඟරාව එවකට මේ විස්තර සපයා තිබුණි.  

 


1995 දී ‘යුං චිං’ ඉතාලි ජාතික ව්‍යවසායකයකු වූ මාකෝ ටෙරනි සමග ගිවිසුම්ගතව, ප්ලාස්ටික් නිපදවීමේ ලොව විශාලතම සමාගම පිහිටුවීමට පුරෝගාමී විය. ඔහු සතු ෆෝර්මෝසා ප්ලාස්ටික් කෝපරේෂන්හි සභාපතිවරයා වූ ‘චිං’ වයස අවුරුදු 89 දක්වා සක්‍රීයව ව්‍යවසායකත්ව ක්ෂේත්‍රයේ කටයුතු කිරීම තවත් විශේෂත්වයක් විය. ෆෝර්මෝසා ප්ලාස්ටික් යනු ප්ලාස්ටික් නිෂ්පාදන අංශයේ ලොව ප්‍රමුඛතම නිෂ්පාදන කර්මාන්තශාලාවලට අයත් වූවකි. ඊට අමතරව තවත් ව්‍යාපාර කීපයක් චිං සතු වූ අතර ‘මින්ග් චු ඉන්ස්ටිටියුට්’ සහ ‘චැංගුං’ රෝහල සතු වෛද්‍ය පදනමේ සභාපතිවරයා වූයේ ද ඔහුය. ‘වැන්ග් යුං චිං’ ගේ පුද්ගලික ජීවිතයේ විස්තර මොනා වගේද කියා මීළඟට අපි විපරම් කර බලමු. චිං පළමුව විවාහ වූයේ යූ ලෑන් නමැති කාන්තාව සමගය. නමුත් දරුවන් නොලැබූ නිසා එම විවාහයෙන් වෙන්වීමට ඔහු තීරණය කළේය. දෙවනුව ඔහු විවාහ වූයේ ‘යැන්ග් චියාඕ’ සමගය. එම විවාහයෙන් ලද දරුවන් ගණන පස්දෙනෙකි. එම විවාහයෙන් වෙන් වූ ‘චිං’ තෙවනුව විවාහ වූයේ 1935 දී ‘ලී පාඕ චු’ සමගය. එම විවාහයෙන් දරුවන් පස් දෙනෙකු බිහි කිරීමට මේ ශක්තිවන්තයා සමත්විණි. දෙවැනි විවාහයේදී ලද පළමු දරුවා වූ වින්ස්ටන් වැන්ග් පියා මෙන් ව්‍යවසායාකත්වයේ දිගු ගමනක් ගිය අයෙකි. චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයාව සිටි ජියෑන් ෂෙමින්ගේ පුත්‍රයා වූ ජියෑන් මේයින්හෙන්ග් සමග ඒකාබද්ධ ව්‍යාපාරයක ආරම්භ කිරීමට ඔහු හැකිවිණි. තායිවානයේ නිෂ්පාදිත ‘මේඩ් ඉන් තායිවාන්’ යටතේ වූ ප්‍රථම පරිගණක නිෂ්පාදනය බිහිකිරීමට සමත් වූයේ ‘චිං’ මහතාගේ දෙවැනි විවාහයේ දියණියක වූ චාලීන් වැන්ග් විසිනි. හයිටෙක් කම්පියුටර් ආයතනය සහ ටෙක්නොලොජීස් ආයතනය බිහිකලේ තවත් දියණියක වූ චෙර් වැන්ග් විසිනි. ඇය තම පියාගේ ධනස්කන්ධය අභිබවා යාමට තරම් ව්‍යවසායකත්වයේදී සමත් වූ බව වාර්තාවල සඳහන් වේ. 2011 දී පමණ චර් හෙවත් චෙර් වැන්ගේ පෞද්ගලික ධනස්කන්ධය තක්සේරු කර තිබුණේ ඩොලර් බිලියන 8.8 ක් ලෙසය. එම වසරේදී තායිවානයේ ධනවත්ම චරිතය ලෙස ෆෝබ්ස් සඟරාව වාර්තා කළේ ‘චෙර්’ ගේ නාමයයි.  
‘වැන්ග් යුං චිං’ හෙවත් 'YC Wang' ලෙස ප්‍රකටව සිටි දරුවන් දස දෙනෙකුගේ පියෙකු මෙන්ම, තායිවාන සෞඛ්‍ය ක්ෂේත්‍රයට රන් සලකුණක් වූ ‘වැන්ග් යුං චිං’ වයස අවුරුදු 91 දී මියගියේ ඇමෙරිකාවේ නිව්ජර්සි හි ෂෝට්හිල්සි හි ඇති ඔහුගේ නිවසේදීය. 2008 ඔක්තෝබර් 15 වැනිද‌ා රාත්‍රියේදී ඔහු මිය ගියේ නින්දේදීම වීම තවත් විශේෂ දෙයක් විය. බොහෝ දෙනා කීවේ වයි-සී වැන්ග් (YC වැන්ග්) නමැති පරාර්ථකාමී මිනිසා සෞඛ්‍ය සේවය උදෙසා කළ පරිත්‍යාගශීලී බව නිසාම ඔහුට ශාන්ත වූ මරණයක් හිමි වූ බවය. ඔහුගේ මරණින් පසුව වැන්ග් පවුලේ අර්බුද ඇතිවූයේ බදු ගෙවීමේ කටයුතු පැහැර හැරීම සහ අයථා ලෙස මූල්‍යමය කටයුතු සිදුකළාය යන කරුණු පදනම් කරගෙනය. ඒවා ‘චිං’ මහතා ජීවත්ව සිටියදී සිදු වූ දේ නම් නොවීය. දෙවැනි, තෙවැනි පරපුරේ අය නිසා එලෙස සිදුවන්නට ඇත. කෙසේ වෙතත් ‘වැන්ග් යුං චිං’ යනු තායිවානයේ සද‌ාතනිකව බැබළෙන ව්‍යවසායික තරුවකි. ඊටත් එහා ගිය හිත හොඳ මිනිසකු ලෙස තායිවාන සමාජය නිතර කතාබහ වන චරිතයකි.  


‘චැං යුං’ අනුස්මරණ රෝහලේ විස්තර සැකෙවින්


චැං යුං වෛද්‍ය පදනම හෙවත් රෝහල් ජාලය සතු රෝහල් ගණන මෙසේය.  


තායිපේ චැං යුං අනුස්මරණ රෝහල. රෝගීන් සඳහා ඇඳන් 300 ක් පමණ සහ වෛද්‍යවරු 195 ක පමණ සේවය ලබා දෙති.  


ලින්කෝඕ චැං යුං අනුස්මරණ රෝහල ඇඳන් 4000 ක් සහ වෛද්‍යවරු 1450 කගේ පමණ සේවය සළසන රෝහලකි.  


කී ලංග් චුං යුං අනුස්මරණ රෝහල ඇඳන් 1098 කින් සමන්විතය. වෛද්‍යවරු 300 ක් පමණ සේවය ලබා දෙති.  
චියායි චැං යුං අනුස්මරණ රෝහල ඇඳන් 1379 ක් සහ වෛද්‍යවරු 314 දෙනෙකුගෙන් සමන්විතය. 

 
 චැංගුං (ලවර්ස් ලේක් බ්‍රාන්ච්) සහ යුන්ලිං චැං යුං නමින් තවත් අනුස්මරණ රෝහල් දෙකක් මෙම ජාලය සතුය. ’ චැං යුං’ රෝහල් ජාලය සතු සියලු ඇඳන් සංඛ්‍යාව 10,500 කට වඩා වැඩියි.  


දුප්පත් පවුලක දරුවකු ලෙස ඉපිද තමා දුප්පත් ලෙස උපන්නේ යැයි මව්පියන්ට ශාප නොකොට, සාමාන්‍ය සහල් වෙළෙන්දෙකු ලෙස ජීවිතය අරඹා තාත්තා සිහිකිරීම වෙනුවෙන් පුතෙකු විසින් ලෝකයට ද‌ායාද කළ චැං ගුං’ අනුස්මරණ රෝහල් සමූහය බිහිකළ ‘යුං චිං වැන්ග්’ ගැන ඔබ හිතන්නේ කොහොමද? එය ඔබගේ හෘද සාක්ෂියට එකඟව සිතා විමසා බලන්න.

 

 

පරිවර්තන සටහන : 
සඳුන් ගමගේ



අදහස් (0)

තාත්තා සිහිවෙන්න පුතා හැදූ ලෝකයේ ලොකුම රෝහල

ඔබේ අදහස් එවන්න

තක්සලාව

අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 2973 1

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


පිළිකා රෝගීන්ගේ හීන පාට කළ බලාපොරොත්තුවේ ඡායා දැක්ම
2024 අප්‍රේල් මස 08 20 0

‘අපි අපේ ආදරණීයයන් සමඟ ජීවත් වන්නේ බලාපොරොත්තු සහ සිහින පොදි බැඳගෙනය. ඒත් සුව කළ නොහැකි රෝගයක් ඇතැයි දැනගන්න ලැබුණොත් ඒ සියල්ල අවසන්ය. ඔබ කාන්තාවක නම්,


මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?
2024 මාර්තු මස 25 1422 1

මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්


මේ නම් හෙණකඳයෙක්ම තමයි
2024 මාර්තු මස 02 422 0

මිහිමත සෑම අස්සක් මුල්ලක්ම ගවේෂණය කරමින්, සතුන්ගේ විස්මිත තතු අනාවරණය කරන නවතම වාර්තා වැඩසටහන ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ ය. මෙම වාර්තා වැඩසටහන්


facebook මිත්‍රයාට 20 යි
2024 පෙබරවාරි මස 10 162 0

මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.


වගකීමට වඩා වගවීම අදහන අතිරේක ලේකම්වරිය
2024 පෙබරවාරි මස 10 271 0

බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1512 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1415 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site