IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


හැත්තෑව දශකයේ ජනතාව රැවටූ මැතිවරණ පොරොන්දු

 

 

ජනාධිපතිවරණය අවසන් වී තවම ගත වී ඇත්තේ සති කීපයකි. තෙමසක් ඇතුළත තවත් මහා මැතිවරණයක් පැවැත්වීමට නියමිතව තිබේ. මැතිවරණයක් ළං වන විට විවිධ දේශපාලන පක්ෂ නායකයෝ ජනතාවට මැතිවරණ පොරොන්දු දීම සිරිතය. බොහෝ විට එම පොරොන්දු මැතිවරණ ප්‍රකාශන ලෙස ලිඛිතව ඉදිරිපත් කෙරේ. අතීතයේ සිටම සිදුවන මෙම මැතිවරණ පොරොන්දු දීම අතර ප්‍රබල ජනතා ආකර්ෂණය හිමි වූ පොරොන්දු ඇතුළත් විය. භාෂාව, ආගම, ආහාර, සෞඛ්‍ය වැනි ජනතා අත්‍යාවශ්‍ය සේවාවන් එම පොරොන්දුවලට ඇතුළත්ව තිබූ බැව් අතීත මැතිවරණ ප්‍රකාශන මගින් දක්නට ලැබේ.   


ජනතා ආකර්ෂණයට බලපෑ පොරොන්දු වැඩි වශයෙන් ඉදිරිපත් වූයේ හැත්තෑවේ දශකයේ දීය. එක් දහස් නමසිය හැත්තෑවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ලංකා සම සමාජ පක්ෂය සහ ලංකා කොමියුනිස්ට් පක්ෂය එක්ව පොදු මැතිවරණ පොරොන්දු ප්‍රකාශනයක් ඉදිරිපත් කළහ. එවකට පැවති අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල පිළිබඳව කරුණු ඉදිරිපත් කළ එම ප්‍රකාශනය මගින් කියා සිටියේ ආහාර ද්‍රව්‍ය, රෙදි පිළි ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ප්‍රමාණයක් අඩු මිලට ලබාදෙන බවය.   
ජීවන වියදම යනුවෙන් වෙනමම පොරොන්දු ඉදිරිපත් කළ එම මැතිවරණ පොරොන්දු ප්‍රකාශනයේ සඳහන්ව තිබූ ඡේදයක් ඒ අයුරින්ම මෙසේය.   
‘‘ළදරු කිරිපිටි අපි ලාබ මිලට සපයන්නෙමු. රෙදි මිලත් බෙහෙත් ද්‍රව්‍ය මිලත් අඩු කරන්නෙමු. දැන් තිබෙන සලාක ක්‍රමය නැති කොට මයිසුර් පරිප්පුත් කොත්තමල්ලිත් ඇති තරම් බෙදා හරින්නෙමු.’’   
 යනුවෙන් සඳහන් විය. එහෙත් බලය ලැබීමෙන් පසු සිදු වූයේ එම පොරොන්දු අමතකව යෑමය. වසර දෙක තුනක් යන තුරුත් ජනතාවට සහන ​නොලැබිණි. අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය දැඩි හිඟයක් ඇති විය. හාල් ප්‍රවාහනය පවා තහනම් කැරිණි. පරිප්පු වැනි ආහාර ද්‍රව්‍ය සොයා ගැනීමට ද නොහැකි විය. රෙදි පිළි පිළිබඳව ද උදා වූයේ එවැනිම තත්ත්වයකි. රෙදි පෝලිම් ඇති විය. රෙදි බෙදා හැරීමට කූපන් ක්‍රමයක් ද ඇති කළේය.   


හාල් ප්‍රවාහනය මුළුමනින්ම තහනම් කැරිණි. එක දිස්ත්‍රික්කයකින් තවත් දිස්ත්‍රික්කයකට ගෙන යාමට හැකි වූයේ හාල් බුසල් භාගයකට පමණ සුළු ප්‍රමාණයකි. හාල් ප්‍රවාහනය තහනම් කිරීම නිසා ඒවා පරීක්ෂා කිරීමට මාර්ග බාධක යෙදවීය. හාල් විකිණීම තහනම් කිරීම නිසා අල බතල මඤ්ඤොක්කා ආහාරයට ගන්නා ලෙස ජනතාවට උපදෙස් දුන්නේය.   
මේ අයුරින් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා ගැනීමට ජනතාව මහත් දුෂ්කරතාවකට පත් වූහ. බාධාවකින් තොරව ජනතා අත්‍යාවශ්‍ය සේවාවන් ඉටු කරන බවට එදා පාලන බලය ලබා ගැනීමට දුන් මැතිවරණ පොරොන්දු කඩ වී ගියේ මහජනතාව දැඩි කම්පනයට පත් කරවමිනි. මැතිවරණ පොරොන්දු අනුව දෙන බව කී පරිප්පු, මිරිස්, කොත්තමල්ලි වැනි ආහාර ද්‍රව්‍ය කෝ? යයි ජනතාව ප්‍රශ්න කරන්නට වූහ.   
රජය බලයට පත් වී වසර හතරක් ගත වී තිබියදීත් එනම් 1974 වසර වන විටත් එම තත්ත්වය දිගින් දිගටම පැවතිණි. ජනතාව බලාපොරොත්තුවූ කිසිදු සහනයක් නොලැබීම නිසා මහජනයා දැඩි කලකිරීමකට පත්ව සිටියහ. ඊළඟ මහා මැතිවරණය ආසන්න වන විට ආහාර ද්‍රව්‍ය බෙදා හැරීම කඩිනම් කිරීම සඳහා ආහාර නැව් පැමිණ ඇති බැව් ප්‍රකාශ කරන්නට විය.   

 


ජනතාව සතුටු කිරීම සඳහා පරිප්පු නැවක් පැමිණ ඇති බවත් ඒවා ඉක්මනින්ම බෙදා හරින බවටත් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කෙරිණ. එහෙත් එය ද කඩවුණු පොරොන්දු අතරට එක් වී තිබිණි. ඒ බැව් අනාවරණය කළ පුවත් පත් රැසක ප්‍රධාන සිරස්තල කීපයක් මෙසේය. 1977 මාර්තු 15 වනදා ලංකාදීප ප්‍රධාන පුවත් පත සිරස්තලය සැකසී තිබුණේ මෙසේය.   
‘‘මයිසුර් පරිප්පු නැවක් එයි. සීනි මිලේ වෙනසක්, ගොවීන්ට සහන, කන බොන දේවල් රැසක මිල අද හෙටම අඩුවෙයි. සීනි, භූමිතෙල් වැනි අත්‍යාවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය ගණනාවකට මිල අද හෙටම පහතට වැටෙන අතර මෙතෙක් වෙළෙඳ පොළේ සොයා ගැනීමට අපහසු වී තිබූ ද්‍රව්‍ය සමහරක් පහසුවෙන් ලබා ගැනීමට හැකි වනු ඇත.’’ යනුවෙන් පළ කර තිබිණි.   
මෙම පුවත පළ වීමෙන් හරියටම මසකට පසු ලංකාදීපය ඒ පිළිබඳව විමර්ශනයක් කළේය. එහෙත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟය එලෙසම පැවතුණ අතර පරිප්පු බෙදා හැරීමේ පුවත ද බොරු ප්‍රචාරයක් බව දක්නට ලැබිණි. ඒ පිළිබඳ ලංකාදීපය සිදු කළ විමර්ශනය 1977 අප්‍රේල් මස 21 වැනිදා ප්‍රධාන පුවතින් රටට අනාවරණය කළේය. එම පුවත සකසා තිබුණේ මෙසේය.   
‘‘ආහාර කොමසාරිස් හා සතොස නියෝජ්‍ය සභාපති තතු පහදති. මයිසුර් පරිප්පු බෙදන කතාව බොරු.   
තවම ඇනවුම් කරලාවත් නෑ. සමුපකාරවලින් සලාකයට මයිසුර් පරිප්පු බෙදන බවට රට පුරා පතල වී ගිය පුවත අසත්‍යයයි ද, ඒ තබා මයිසුර් පරිප්පු ගෙන්වීමට මෙතෙක් සතොස මගින් හෝ ආහාර දෙපාර්තමේන්තුව හෝ විසින් කිසිම රටකට ඇණවුමක්වත් කර නැතැයි ද ආහාර කොමසාරිස් පී.ඇම්. හසන් මහතා ලංකාදීපයට කීය.’’ යනුවෙන් එම පුවත පළ විය.   


අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිසිදු අඩුවක් නොමැතිව ලබා දෙන බවට දුන් පොරොන්දු රජය ඉටු නොකළ බවට විරුද්ධ පක්ෂ දැඩි ලෙස විවේචන ඉදිරිපත් කළහ. එම විවේචනවලට පිළිතුරු දුන් එවකට අගමැතිනියව සිටි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය කළ ප්‍රකාශය 1975 නොවැම්බර් 5 වැනිදා ලංකාදීප ප්‍රධාන පුවතින් කියා සිටියේය.   
‘‘කුස්සියේ සිට පැමිණ අගමැතිකම කරන්නට ලැබීම සතුටක් බවත් සටන් පාඨවලින් ජනතාව රැවටීමට නොහැකි බවත්ය. නැති බැරිකමට මුලින් පිළියම් යොදමු.’’ යනුවෙන් ද එහි ඇතුළත් විය. එහෙත් ජනතාව බලාපොරොත්තු වූ පරිදි මැතිවරණ පොරොන්දු අනුව ජනතාවට සහන නොලැබිණි.   
ඒ පිළිබඳව එවකට මුදල් ඇමැතිව සිටි ෆීලික් ඩයස් බණ්ඩාරනායක මහතාට චෝදනා එල්ල විය. වසර ගණනක් ගත වුවත් බඩු මිල අඩු නොකළ බවත් අව්‍යාවශ්‍ය ආහාර හිඟය පිළිබඳවත් එම චෝදනා එල්ල කළේ ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා විසිනි. විරුද්ධ පක්ෂය ද රජයට දැඩිව චෝදනා නගන්නට විය.   
සමුපකාර මගින් පමණක් ආහාර ද්‍රව්‍ය බෙදාහැරීම සිදු කිරීම නිසා මසකට සීනි රාත්තලක් නිකුත් කැරිණි. මිරිස් වැනි ද්‍රව්‍ය ද අවශ්‍ය පරිදි මිල දී ගැනීමට නොහැකි විය. ඒ බැව් ඒ දිනවල පුවත්පත්වල ප්‍රවෘත්ති දිනපතා පළ වන්නට විය. රෙදි මිලදී ගැනීම ද අතිදුෂ්කර කාර්යයක් වී තිබිණි.   
ජනතාව දැඩි බලාපොරොත්තු තබා සිටි මැතිවරණ පොරොන්දු බොහොමයක් පුස්සක් බවට පත් විය. මේ නිසා රජය දැඩි ලෙස ජනතා අප්‍රසාදයට පත් වී තිබිණි.   
ජනතා විරෝධය උත්සන්න වීමත් සමග එවකට පැවති ශ්‍රී.ල.නි.ප. රජයේ මැතිවරණ පොරොන්දු ගිලිහී ගියේ ඒ අයුරිනි.   

 


එවර මහා මැතිවරණය ළඟා වන විට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟය අල්ලාගත් එවකට විපක්ෂය වූ එජාපය මැතිවරණ ප්‍රකාශනයක් සකස් කළේය. එහි ප්‍රධානතම පොරොන්දුව වූයේ සතියකට ධාන්‍ය රාත්තල් අටක් ජනතාවට ලබා දෙන බවය. එවකට පැවති උග්‍ර අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟය නිසා මෙම පොරොන්දුව ජනතා ආකර්ෂණය ලබා ගැනීමට හේතු විය. අති විශාල ජනතා බලවේගයක් මගින් එජාපය බලයට පත් විය.   
මැතිවරණ පොරොන්දුවක් වූ ධාන්‍ය රාත්තල් අට පිළිබඳව මුදල් ඇමැති රොනී ද මැල් මහතා ඔහුගේ ප්‍රථම පුවත්පත් සාකච්ඡාවේ දී ද අනාවරණය කළේය. ඔහු එදා ප්‍රකාශ කළේ මැතිවරණ ප්‍රතිඥාව තෙමසකින් ඉටු කරන බවය. ඒ පිළිබඳ පුවත එදා දිනමිණ වාර්තා කළේ මෙසේය. ‘‘සතියකට ධාන්‍ය රාත්තල් 8ක් මැතිවරණ ප්‍රතිඥාව තෙමසකින් ඉටුවේ.   
සෑම පාරිභෝගිකයෙකුටම සතියකට ධාන්‍ය රාත්තල් 8 බැගින් නිකුත් කිරීම ඉදිරි තුන් මාසය අවසන් වීමට පළමු ක්‍රියාත්මක කෙරෙනු ඇත.   
මේ බව මුදල් ඇමැති රොනී ද මැල් මහතා ඊයේ පැවති පුවත්පත් සාකච්ඡාවේ දී හෙළි කළේය.   
සලාකයකට ධාන්‍ය රාත්තල් අට බැගින් නිකුත් කිරීම පසුගිය මහ මැතිවරණයේ දී එජාපය විසින් මහජනතාවට දෙන ලද ප්‍රධාන පොරොන්දුවලින් එකකි.’’ යනුවෙන් ද එහි සඳහන් විය. එහෙත් එම පොරොන්දුව ද බොරු පොරොන්දුවක් බවට පත් විය.   


ජනතාව රැවටූ මැතිවරණ පො​රොන්දු ඕනෑ තරම් ඉතිහාසයේ දක්නට තිබේ. මෙවර පැවැත්වූ ජනාධිපතිවරණයේ දී ද ජනාධිපති අපේක්‍ෂකයෝ විවිධ පොරොන්දු දෙමින් මැතිවරණ ප්‍රකාශන නිකුත් කළහ.   
කෙසේ වෙතත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ පොරොන්දු පිළිබඳව දැඩි විශ්වාසයක් ඇති කරගෙන තිබේ. එම පොරොන්දු අතර ජනතා හිතවාදී පොරොන්දු රාශියක් ඇතුළත් වී ඇත. මැතිවරණ ප්‍රකාශනවලට පමණක් සීමා වූ මැතිවරණ පොරොන්දු පිළිබඳව ජනතාවට දැන් හොඳ අවබෝධයක් තිබේ. මේ නිසා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ පොරොන්දු ඒ අයුරින්ම ඉටු වනු දැකීම ජනතාවගේ පැතුම වී තිබේ. එසේ වුවහොත් ජනතාවට දුන් පොරොන්දු ඒ අයුරින්ම ඉටු කළ ප්‍රථම ජනාධිපතිවරයා ලෙස එතුමාගේ නම ඉතිහාස ගත වනු නියතය.   

 

 

 

 

 

 තිස්ස ජයවර්ධන



අදහස් (0)

හැත්තෑව දශකයේ ජනතාව රැවටූ මැතිවරණ පොරොන්දු

ඔබේ අදහස් එවන්න

තක්සලාව

අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 2856 0

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


පිළිකා රෝගීන්ගේ හීන පාට කළ බලාපොරොත්තුවේ ඡායා දැක්ම
2024 අප්‍රේල් මස 08 13 0

‘අපි අපේ ආදරණීයයන් සමඟ ජීවත් වන්නේ බලාපොරොත්තු සහ සිහින පොදි බැඳගෙනය. ඒත් සුව කළ නොහැකි රෝගයක් ඇතැයි දැනගන්න ලැබුණොත් ඒ සියල්ල අවසන්ය. ඔබ කාන්තාවක නම්,


මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?
2024 මාර්තු මස 25 1413 1

මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්


මේ නම් හෙණකඳයෙක්ම තමයි
2024 මාර්තු මස 02 420 0

මිහිමත සෑම අස්සක් මුල්ලක්ම ගවේෂණය කරමින්, සතුන්ගේ විස්මිත තතු අනාවරණය කරන නවතම වාර්තා වැඩසටහන ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ ය. මෙම වාර්තා වැඩසටහන්


facebook මිත්‍රයාට 20 යි
2024 පෙබරවාරි මස 10 162 0

මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.


වගකීමට වඩා වගවීම අදහන අතිරේක ලේකම්වරිය
2024 පෙබරවාරි මස 10 271 0

බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1503 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1403 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site