IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ලලිත් ඝාතනය වූ දා උදයේ කාරය දුම්රියේ හැපෙන්න ගිහින් නූලෙන් ​​ බේරුණා

තවමත් ලලිත්ගේ සැබෑ ඝාතකයන් සොයන ලේකම්වරිය, ෂාමිලා පෙරේරා කියන කතාව-2

 

(ඉකුත් සතිය හා සම්බන්ධයි)


ඉන්පසු සිදුවූයේ ලලිත්, ගාමිණී දෙපළගේ නායකත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පක්ෂය හෙවත් රාජාලියා කණ්ඩායම බිහිවීමයි. එය මෙරට දැවැන්ත විකල්ප බලවේගයක් බවට පත්වෙමින් තිබිණි. 1991 සිට රට පුරා දැවැන්ත රැස්වීම් මාලාවක් සංවිධානය කළ රාජාලියා කණ්ඩායම මෙරට යුග පෙරැළියකට අත පොවන බව පෙනෙන්නට තිබිණි. නිද්‍රාශීලීව සිටි විපක්ෂය ද අවදි විය. එක්සත් ජාතික පක්ෂ විරෝධයක් රට පුරා නැගෙන්නට විය.   


පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු සූදානම් කෙරුණු අතර ලලිත් ඇතුලත්මුදලි බස්නාහිර පළාත් සභාවටත්, ගාමිණී දිසානායක මධ්‍යම පළාත් සභාවටත්, ප්‍රේමචන්ද්‍ර වයඹ පළාත් සභාවටත් වශයෙන් තරග කිරීමට සැලසුම් කෙරිනි. රට පුරා රැස්වීම් සඳහා දස දහස් ගණන්‍් ජනතාව ඒකරාශි වූහ. බල පෙරැළියකට රටම සූදානම් වෙද්දී 1993 අවුරුදු දිනයේ සවස තේ පානයේ දී ශ්‍යාමිලා තම ගුරුවරයාට මෙසේ කීවාය.   
“අපිට බයයි, ඔබතුමාට මොනවා හරි කරදරයක් කරාවි කියලා. ඒ නිසා තවත් පරෙස්සම් වෙන්න ඕනැ.”   
“නෑ. මට අත තියලා ඒ අයට වැඩි දවසක් ඉන්න වෙන්නේ නෑ.” ඒ ඔහුගේ පිළිතුර විය.   


ඊට දින ‍කිහිපයකට පසු මහරගම රැස්වීමකට පැමිණි පුද්ගලයකු කිරුළපන රැස්වීමක් පැවැත්විය යුතු බව කියා සිටියේය. ඔහු ඉල්ලා සිටියේ 23 වැනි දා සවස් කාලයයි. දිනපොත පවත්වාගෙන යන්නේ ශ්‍යාමිලා විසිනි. ඇය කැඳවූ ලලිත් ඇතුලත්මුදලි රැස්වීම සඳහා දිනයක් දෙන ලෙස කීවද ශ්‍යාමිලා ඊට කැමති වූයේ නැත. නමුත් උදේ කුරුණෑගල, හලාවත ප්‍රදේශවල ‍ගොස් සවස අලු‍ත්කඩේට පැමිණෙන බැවින් ඉන් පසු කිරුළපන රැස්වීම සංවිධානය කරන්න යැයි ඔහුගේ උපදෙස විය. ශ්‍යාමිලා ද අකැමැත්තෙන් ඊට කැමති වූවාය. රැස්වීමට දිනය නියම විය. 

 
“23 වැනිදා උදේ පාන්දරම මුන්නේෂ්වරම් යමු කියලා එතුමාගේ දෙමළ මිත්‍රයෙක් ආරාධනා කරලා තිබුණා. ඒ නිසා උදේම ගියා. මේ යනකොට ඇමැතිතුමා පොඩි නින්දක ගිහින් තියෙන්නේ. මීගමුවේ දී දුම්රිය හරස් පාරේ ලයිට් එක තිබිලා නෑ. එතනින් වාහනය දාන්න හදනකොටම කෝච්චියේ ශබ්දය ඇහිලා රියැදුරා එකපාරටම කාර් එක නවත්තලා. තව තත්පරයක් එහාට වුණානම් කාර් එක කෝච්චියේ වදිනවා. කාරය බ්‍රේක් ගහපු පාරට ගැස්සිලා ඇහැරිලා ඇමැතිතුමා අහල තියෙනවා අනූනවයෙන් බේරුණා නේද කියලා.   


එතුමා ගියාට පස්සේ උදේ ලක්ෂ්මන් ජයකොඩි මහත්තයා කාර්යාලයට ඇවිත් ඇමැතිතුමාව හෙව්වා. පස්සේ ශ්‍රීමනී මැතිනිය ගැන ඇහුවා. එතුමියට කතා කරලා කිව්වා අද ලලිත්ට පරෙස්සම් වෙලා ඉන්න කියලා. නරක දවසක් භයානක දෙයක් ගැන තොරතුරු තියෙනවා කියලා. අපිට සැකය තිබුණේ අලු‍ත්කඩේ ගැන. ඒ නිසා පෞද්ගලික ආරක්ෂකයන් යොදා එතැන ආරක්ෂාව තහවුරු කළා. නමුත් සිදුවුණේ හිතුවෙ නැති දෙයක්.”   
ශ්‍යාමිලා පවසන්නේ කිරුළපනට එනවිට අවදානම ඔවුන්ගේ හිතෙන් පහව ගොස් තිබූ බවයි. විදුලි ආලෝකය විසන්ධි වී තිබූ බවත් කිරුළපන වෙළෙඳ සංකීර්ණය අසල රැස්වීමට ඉල්ලු‍ව ද එය නොදී මුගලන් පාරේ පිට්ටනියට රැස්වීම යොමුකර තිබූ බවත් ඇය පවසන්නීය. රැස්වීම් භූමියේ එදා කිසිදු ආරක්ෂකයකු සිටියේ නැති බව ද ඇය පවසයි.   


“මමත් අපේ මාධ්‍ය ලේකම් උදය මානවසිංහත් හිටියේ මගේ කාර් එකේ. ඒ අතර තමයි රතිඤ්ඤා පුපුරනවා වගේ ඇහුණේ. මිනිස්සු දුවන්න පටන්ගත්තා. වෙඩි තියලා වෙඩි තියලා කියලා කෑ ගැහුවා. ඇමැතිතුමාව අරගෙන යනවාවත් අපි දැක්කේ නැහැ. අපි දෙන්නා කෙළින්ම ජයවර්ධනපුර රෝහලට ගියා. එහේ නෑ. කොළඹ ජාතික රෝහලට ගියා. රෝහලට රැගෙන යනවිටත් එතුමාගේ පණ තිබිලා. ශල්‍යාගාරයට ගන්න විට තමයි මියගිහින් තියෙන්නේ.”

   
අවසානයේ දී එය කොටි ත්‍රස්තයන්ගේ ගිණුමට බැර කෙරිනි. නමුත් මේ මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වූ අවස්ථාවේ දී සාක්ෂි දුන් විදුලි කාර්මිකයකු වන රජගල්ගොඩ විමල් කවින්ද්‍ර මෙසේ කියා තිබේ.   


“ලලිත් මහත්තයා කතා කරද්දි වැස්ස වැඩි වුණා. වැස්සෙන් බේරීමට මිනිස්සු වේදිකාව ගාවට ආවා. විනාඩි 10ක් විතර යනකොට තොප්පියක් දමාගත්තු අවුරුදු 30ක් විතර වෙන කෙනෙක් වැස්සෙන් බේරෙන්න වගේ මෙතැනට ආවා. එයාගේ කොණ්ඩය කොටටම කපලා තිබුණා. ලා කොළ පාට ෂර්ට් එකකුයි නිල්පාට ඩෙනිම් කලිසමකුයි ඇඳ සිටියා. මෙයා මම වාඩිවෙලා හිටපු පුටුවේ ඇන්දේ වාඩිවුණා. මිනිහා ඇම්ප්ලිෆයර් එක දිහා බලලා ‘සෙට් එක තෙමනවා නේද?’ කියලා හොඳට සිංහලෙන් ඇහුවා. වැස්ස පෑව්වම මිනිහා ස්ටේජ් එකේ දකුණු පැත්තට ගියා. එතකොට ලලිත් මහත්තයා කතාව පටන් අරන් විනාඩි 10ක් විතර ඇති. එකපාරටම සාක්කුවෙන් පිස්තෝලයක් ඇදල අරන් වෙඩි තියන්න ගත්තා. ලලිත් මහත්තයාගේ ආරක්ෂකයන් වෙඩි තිබ්බාම මිනිහත් ඇදගෙන වැටුණා. ඒත් නැවත පැනල ගියා.”   


ඝාතකයා යාපනේ සිට ආ අප්පායි බාලක්‍රිෂ්ණන් යැයි ද ඔහු කොටි වෙඩික්කරුවෙක් යැයි ද රජය ප්‍රකාශ කළේය. නමුත් ගාමිණී දිසානායක ඇතුළු පිරිස ඊට දැඩි විරෝධයක් දැක්වූහ.   
කෙසේ වෙතත් ඝාතකයා තවමත් අභිරහසකි. මේ ඝාතනය පිළිබඳ ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසිය පවා පරීක්ෂණ පැවැත්වුව ද ඒ වාර්තා සියල්ල අතුරුදන්ය. 

 
ශ්‍යාමිලා පවසන්නේ එදා වෙඩි නොවදින කබාය හැඳ සිටිය ද ඝාතකයා ලලිත් ඇතුලත්මුදලි මියයන ආකාරයට වෙඩි තබා තිබූ බවයි.   


ලලිත් ඇතුලත්මුදලි වමත්කාරයෙකි. වමත ඔසවන විට වෙඩි නොවදින කබාය හැඳ සිටිය ද කිහිල්ලට යටින් වෙඩි උණ්ඩයක් හෘදය දක්වා යැවීමට දක්ෂ වෙඩික්කරුවකුට හැකියාව ඇත. වෙඩි තබා ඇත්තේ එලෙස ඉලක්කය ගනිමිනි. කාරයේ තිබූ වෙඩි නොවදින කබාය හැඳ සිටිය ද ඔහු මරා දැමීමට මේ වෙඩික්කරුවාට හැකියාව ලැබෙනු ඇත.   


ලලිත් ඇතුලත්මුදලි ජීවතුන් අතර සිටිය දීම ඔහුගේ චරිතාපදානය ලියූ ප්‍රවීණ ගත්කතුවර රංජිත් අමරකීර්ති පලිහපිටිය එම චරිතාපදානයේ මෙසේ සටහන් කර ඇත.   


“මා මියගිය දවසක මගේ සොහොනේ මේ දේ ලියවුණොත් මට එයම ඇති. රංජිත් ඒ තමයි, ‘මෙහි නිදන මිනිසා මිනිසුන්ට අසීමිත ලෙස ආදරය කළේය. මිනිසුන් ඔහුට බෙහෙවින් ආදරය කළහ.’ ඔහු වෙනුවෙන් ඉදිවූ ස්මාරකයේ අදටත් ඒ වැකිය ලියා තිබේ.   


ලලිත් ඇතුලත්මුදලිගේ නීති ශිෂ්‍යාවක වූ ශ්‍යාමිලා “නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ” (හංසයා පක්ෂය) නම් දේශපාලන පක්ෂයේ ලේකම්වරියයි. ඇය මේ වනවිට දේශපාලනයෙන් ඈත්ව “ප්‍රජාත්‍රන්ත්‍රවාදය සහ නායකත්වය සඳහා වූ ආයතනය” පිහිටුවා තරුණ නායකයන් පුහුණු කිරීමේ නියැලී සිටින්නීය.   


ඇගේ පක්ෂය මෙරට නායකයන් බිහිකිරීමට උර දී තිබේ. ෆීල්ඩ් මාර්ෂල් සරත් ‍‍ෆොන්සේකා, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සේම වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ එම පක්ෂයෙනි. රජුන් තැනුව ද ඇයට තවමත් තම ගුරුවරයා සේම සද‌ාදරණීය නායකයාගේ සැබෑ ඝාතකයන් සොයා ගැනීමට හැකි වී නැත.   

 

 

සජීව විජේවීර



අදහස් (4)

ලලිත් ඝාතනය වූ දා උදයේ කාරය දුම්රියේ හැපෙන්න ගිහින් නූලෙන් ​​ බේරුණා

saminda Saturday, 27 November 2021 01:50 PM

නුගත් දේශපාලකයන්ට අවශ්‍ය උනේ උගතුන් දේශපාලනයෙන් අතුගාලා දැමීමයි.

:       0       16

RaveendraTuesday, 30 November 2021 08:57 PM

ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය. වැඩි විස්තර සදහා දැනට "අපායේ වැසිකිලි සුද්ද පවිත්‍ර කරන" මාගේ දුගී දුප්පත් ජනතාව වෙනුවෙන්ම කෑ මොර දුන් ඒ සදාධාර පියාණන්ට අපායට දුරකථන ඇමතුමක් ලබාදීමෙන් දැනගත හැක..

:       2       5

Royfericks Tuesday, 30 November 2021 07:49 PM

1977දී බලයට පත්වූ ආණ්ඩුව එතෙක් රටේ තිබූ සියලුම ගුණ දම් විනාශ කොට ආත්මාර්ථය වඩා දේශපාලකයෝ සුර සැප විදින විට ජනයා අපමණ පීඩාවට පත්විය.මේ සියල්ලක්ම තමන්ට බලය තිබෙන තාක් කල් ලලිත් සහ ගාමිණී ඉවසා වදාරා සිටියහ. අවසානයේ තමන් විසින් අනුමත කළ ඒ ජඩ දේශපාලනයම ඔවුන්ව ගොදුරු කොට ගත්තේය.

:       2       13

කැලිස්ටා Sunday, 12 December 2021 01:31 PM

ලලිත් ඇතුලත්මුදලි මා ආදරය කල දේශපාලකයෙකි. එවකට මාවයස අවුරුදු 25 30 කාලය ගෙවන යුගයකි. ඔහුගේ ඒ ආදරනීය බව රටේ ජනතාවට දැනිනි. පොඩි මිනිසුන් ඔහුට ආදරය කලහ. ඉන් එක් අයකු මාය. ඔහු දැකීමට ආශාවෙන් සිටි නමුත් ඔහු නුදුටුවේය. ලංකාවේ ජනතාවගේම අවාසනාවට ඔහුව මරා දැමුවේය

:       0       3

ඔබේ අදහස් එවන්න

තක්සලාව

අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 3640 1

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


පිළිකා රෝගීන්ගේ හීන පාට කළ බලාපොරොත්තුවේ ඡායා දැක්ම
2024 අප්‍රේල් මස 08 33 0

‘අපි අපේ ආදරණීයයන් සමඟ ජීවත් වන්නේ බලාපොරොත්තු සහ සිහින පොදි බැඳගෙනය. ඒත් සුව කළ නොහැකි රෝගයක් ඇතැයි දැනගන්න ලැබුණොත් ඒ සියල්ල අවසන්ය. ඔබ කාන්තාවක නම්,


මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?
2024 මාර්තු මස 25 1461 1

මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්


මේ නම් හෙණකඳයෙක්ම තමයි
2024 මාර්තු මස 02 454 0

මිහිමත සෑම අස්සක් මුල්ලක්ම ගවේෂණය කරමින්, සතුන්ගේ විස්මිත තතු අනාවරණය කරන නවතම වාර්තා වැඩසටහන ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ ය. මෙම වාර්තා වැඩසටහන්


facebook මිත්‍රයාට 20 යි
2024 පෙබරවාරි මස 10 166 0

මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.


වගකීමට වඩා වගවීම අදහන අතිරේක ලේකම්වරිය
2024 පෙබරවාරි මස 10 271 0

බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 305 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1677 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site