IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මැයි මාසයේදීවත් ඔබට සුබද බලන්න

 

 

 

 

පොදු තත්ත්වය :-   


 මේෂ ලග්න හිමි ඔබගේ ලග්නාධිපති හා යෝගකාරක රවි-ගුරු මෙම මස මුල් සති දෙක තුළ දී බලයෙන් යුක්තව ගමන් කරන හෙයින් ඔබට මෙම මස මුල් දින 15 සුබපල ගෙන දෙන්නේ නමුදු අවසන් දින 15 ගැටලු ප්‍රශ්න මධ්‍යයේ සිය දෛනික කාර්යයන් කරගැනීමට සිදුවේ. එබැවින් මෙම මාසය තම අත්‍යාවශ්‍ය කටයුතු කෙරෙන්  ශුභාශුභ මිශ්‍රබවක් ගොඩනැගේ. ප්‍රීතිමත් අවස්ථාවන්ට මුල් සති දෙකේදී සම්බන්ධවීමට හැකි අතර උසස් ලෙස ප්‍රසිද්ධ ලෙස කටයුතු කිරීමට ඉඩ ලැබේ. දේපල පවා ලැබෙන්ට හේතු තිබෙන බැවින් ඒ ගැන උත්සාහවත් විය යුතුයි. ගෙදරදොර ප්‍රීතිය වාසනාව ඇති වේ. අලුත් හිතමිත්‍ර සංගම් ඇති වේ. මේ කාලයේ ඇසුරු කරන මිත්‍රයන් වැඩි වශයෙන් ක්‍රීඩාකාමී හිතුවක්කාර අය නිසාත් ඔබ ද ඒවාට නොපෙළඹෙන්න. ඔවුන් අනුකරණය නොකරන්න.   


අධ්‍යාපනය - ආර්ථිකය - රැකියා හා ව්‍යාපාරයන්හි තත්ත්වය:-   


මෙම මාසය ඔබගේ ඉගෙනුම් කටයුතුවලට අයහපත් නොවේ. අවසන් දින 15 තුළ වරින් වර සුළු සුළු බාධා ඇති වුවත් ප්‍රමාණවත් මෙන්ම සෑහීමකට පත්විය හැකි තරමේ අධ්‍යාපනයක් ලැබීමේ අවස්ථාව උදාවේ. එමෙන්ම ඉගෙනගත් දෙය ක්‍රියාවට පමුණුවා බැලීමට හැකි වන මාසයකි.   


 පොදුවේ ඔබට මෙම මස තුළ දී අලුත් ඇඳුම් පැළඳුම් ක්‍රීඩා භාණ්ඩ ද වාහනවලට අවශ්‍ය බඩු යකඩ බඩු ද මිලදී ගැනීමට ඉඩ ලැබේ. උත්සාහයන්ගේ ප්‍රතිඵල ලැබෙනු ඇත. ධෛර්යය උනන්දුව වැඩිවේ. ණය ගනු දෙනු මූල්‍ය අගහිඟතා ආදියත් මුල් සති දෙකේදී පියවාගන්ට ඉඩ ලැබේ. ගරු නම්බු ලැබේ. මිල මුදල් ලාබ ලැබේ. අලුත් දේ ඉගෙන ගැනීමට දැන ගැනීමට ඉඩ ලැබේ. ඥාති මිත්‍රයෝ තමා සොයාගෙන එති. ඔවුන්ගෙන් උපකාරත් ලැබෙයි. රැකී රක්ෂාවලින් උසස් වේ. තරග විභාගවලින් ජය වේ. වෙළහෙළඳාම්වලින් ජයග්‍රහණ හා ලාභ ප්‍රයෝජනත් අත්පත්වෙයි.   


ගෘහජීවිතය හා විවාහ දිවිය:-   


විශේෂයෙන් ඔබ මෙම මාසය තුළ ආදර සබඳතා හා විවාහ කටයුතුවලදී සැලකිල්ලෙන් විමසිල්ලෙන් කටයුතු කරන්න. ඔබගේ ප්‍රේමවන්තයා ප්‍රේමවන්තිය මෙන්ම සැමියා බිරිඳ අතර සැකයේ බීජය හටගැනීම නිසා දෙදෙනා අතර අමනාපකම් ඇතිවීමේ ප්‍රවණතාවක් ද ඇත. විශේෂයෙන් මෙම මස අවසන් දින 15 තුළ මේවා කෙරෙන් වඩාත්  අවධානයෙන් කටයුතු කරන්න.   

 

 

 

පොදු තත්ත්වය:-   


ඔබගේ ලග්නාධිපති සිකුරු හා යෝගකාරකයින් ප්‍රබලව කේන්දරයේ උපචයස්ථානගතව හැසිරෙන මෙම මාසය ඔබගේ වැඩකටයුතුවල ප්‍රගතියට කටයුතු පිළියෙල වේ. අනපේක්‍ෂිත හා බලාපොරොත්තු රහිතව අනාගත අභිවෘද්ධියට හේතුවන යම් යම් ඵල ප්‍රයෝජනයන් ද සැකසෙන්නේය. ක්‍රියාශූරත්වයෙන් කටයුතු කළහැකි මාසයකි. තමාගේ වැඩකටයුතු ක්‍රියාකාරකම්වලට සමාජයේ සැලකිය යුතු අයගේ උදව් උපකාර වැඩි වශයෙන් ඔබට මෙම මාසයේදී ලැබේ.   


අධ්‍යාපනය - ආර්ථිකය - රැකියා හා ව්‍යාපාරයන්හි තත්ත්වය :-   


ඔබගේ විද්‍යාස්ථානාධිපති සුබසංයෝගව සිටින බැවින් ඉගෙනීම් කටයුතුවලට අවහිර බාධාවන් ඇති නොකරයි. පොතපතට ඇති උනන්දුව යොමුවීම වැඩිවී විනෝදයට බරනොවී අධ්‍යාපන කටයුතුවලට ප්‍රමුඛත්වයක් දී ක්‍රියා කරන හෙයින් මෙම මස පුරාවටම මෙන් අධ්‍යාපන කටයුතු කෙරෙන් සුභදාායක දෑ සිදුවේ.   


ඔබට මෙම මස තුළදී තම අවශ්‍යතා සපුරා ගැනීම උදෙසා මිල මුදල් ලැබෙනු ඇත. තමාට අය කරගන්නට තිබූ ණය ගනුදෙනුවක් ලැබේ. නිවසට අවශ්‍ය බඩු බාහිරාදියක් මිලදී ගැනීමට ද අවස්ථාව උදාවේ. අවශ්‍යතා පිරිමැසීමට සතියපුරා මිල මුදල් අත මිට ගැවසේ. කිසියම් මුදලක් අතට ලැබීමෙන් ණයකාරයෙකුගෙන් නිදහස් වීමට ඉඩ කඩ සැලසේ. එහෙත් ඉඩකඩම්වලින් ලාභප්‍රයෝජන ලැබීම සුළු වශයෙනි. ලබා ගන්නා ලද ණය මුදලක් පියවා ගැනීමට අවස්ථාවක් ලැබුණත් මුල් සති දෙක තුළ උරුම හිමිකම් සම්බන්ධ නීති ප්‍රශ්න ගෙන දෙන අවස්ථාවකට ද ඉඩ පවතී.   


ගෘහජීවිතය හා විවාහ දිවිය:-   


ඔබට මෙම මස තුළදී ආදර කටයුතු හා යුගදිවියේ කටයුතු කෙරෙන් සතුටුදායක සිදුවීම් රැසක් ඇතිවන අතර ආලය පිළිබඳ කටයුතු පහසුවෙන් ඇති කර ගත හැක. ආදර සබඳතාවක හෝ විවාහ දිවියේ පැවති ප්‍රශ්නයක් පවා විසඳා ගත හැක. ආදර හා යුග දිවියේ කටයුතු සම්බන්ධ නවෝදයක් ඇති වෙයි. විවාහ හා ප්‍රේම දිවියේ පැතුම් ඉටුවන පෙර නිමිති පහළ වේ. බිරිඳ ස්වාමියා අතර හොඳ හිත වැඩිදියුණු වන දෑ සිදුවේ. එසේම මෙම මස තුළ ප්‍රේමාන්විත හැඟීම් ඔබ තුළ වැඩිවශයෙන් උද්දීපනය වෙයි.    

 

 

 

පොදු තත්ත්වය:-   


ඔබගේ ලග්නය පරිදි යෝගකාරක ග්‍රහයින් හා ලග්නාධිපති බුද මෙම මාසය තුළ බලයෙන් යුක්තව ගමන්කරන හෙයින් සැලසුම් සාර්ථක කර ගනිමින් ප්‍රායෝජනවත් දෑ ඇරඹීමටත් හැකිවන්නේය. අරමුණු සැලසුම් ඉටුවන, සිතේ සතුට සහනය වැඩිපුර රැඳෙන මාසයකි. අඩාළ වූ සැලසුමක් මෙහිදී සාර්ථක කරගත හැක. සිත තුළ පැවති බරක් පහව යයි. ආත්ම ගරුත්වය ආරක්‍ෂා කරගෙන දෛනික වැඩ කටයුතු කර ගැනීමටත් හැකි වන්නේය. බොහෝ දුරට සාර්ථක මාසයකි. බලාපොරොත්තු දේ ලැබෙන අපේක්‍ෂා ඉටුවන සාමාන්‍යයෙන් දියුණුවට කටයුතු සිදුවන මාසයකි. ප්‍රයෝජනවත් කෙටි ගමන් බිමන් ද ඇති වේ.   


අධ්‍යාපනය - ආර්ථිකය - රැකියා හා ව්‍යාපාරයන්හි තත්ත්වය:-   


පසුගිය කාලය තුළ අඩපණව පැවති අධ්‍යාපන කටයුතුවල නව පිබිදීමක් මෙම මස තුළ ගොඩනැගේ. තරග විභාගවලට ඉදිරිපත්වීමටත් ඉන් ඵල ප්‍රයෝජන ලැබීමටත් හැකිවන්නේය. අලුත් අලුත් දේ ඉගෙනීමටත් අවස්ථාව සැලසේ. අධ්‍යාපනික අභියෝග ජයගත හැකි මාසයකි. පොතපතට වැඩිපුර සිත යොමුවීම ද ඇතිවේ.   


ධන - අය භාවාධිපතීන් බලයෙන් හැසිරෙන මෙම මාසයේදී ඔබට ආර්ථිකමය ලාභ ප්‍රයෝජන හිමිවන්නේය. එමෙන්ම ඉපැයීම් අපේක්‍ෂාවෙන් වැය කරන මුදල් වලින් උපරිම ඵල ලබත හැක. මූල්‍ය දුෂ්කරතා ඇති නොවන මාසයකි. අවශ්‍ය දෙයට අවශ්‍ය වේලාවට මුදල් ලැබේ. අතමිට සරුකර ගත හැක.   


ගෘහජීවිතය හා විවාහ දිවිය:-   


ඔබගේ ආදර කටයුතු හා විවාහ දිවියේ ක්‍රියා සම්බන්ධයෙන් සුබදාායක වෙනස්කම් රැසක් මෙම මාසයේ දී සිදුවනු ඇත. මෙම මස තුළ විවාහ දිවියට හා විවාහ යෝජනා ආදියට බලපෑ බාධක අවහිර විරුද්ධවාදිකම් යනාදිය පහව ගොස් ප්‍රශ්න නිරාකරණයක් සිදුවන්නේය. කලක් අතහැර දමා තිබූ ප්‍රේම සබඳතාවක් නැවතත් ගොඩනැගෙන යමක් සිදුවේ. විවාහ යෝජනාවකට හෝ ප්‍රේම දිවියේ කටයුත්තකට බලපෑ රහස් සතුරු බාධකයක් ද කුමන්ත්‍රණයක් ද ඉවත්ව යයි.   

 

 

 

පොදු තත්ත්වය:-   


කටක ලග්නය හිමි ඔබගේ ලග්නාධිපති හා ලග්න නැකත් අධිපතින් වන ගුරු-ශනි-බුද යන ග්‍රහයින් සුභාසුභ මිශ්‍ර බලයෙන් හැසිරෙන නිසා ඔබගේ වැඩ කටයුතුවලටද මෙම මාසය සුභාසුභ මිශ්‍ර බවක් ගොඩනැගේ. මෙම මස අවසන් දින 15 තුළ අවහිර බාධා අභියෝග මැඩගෙන කටයුතු කළ හැකි වුවත් මුල් දින 15 තුළ වැඩ කටයුතුවලට බාධා මතුවේ.   


අධ්‍යාපනය - ආර්ථිකය - රැකියා හා ව්‍යාපාරයන්හි තත්ත්වය:-   


ඔබට මෙම මස අවසන් සති දෙකේදී තමා නියැලෙන සියලුම අධ්‍යාපනික කටයුතු සිතැඟි පරිදි උද්යෝගිවත්ව කරගෙන යාමට හැකි වුවත් මුල් සති දෙකේදී මතුවන බාහිර ප්‍රශ්න හා උදාසීන ගති මුල්කොට ඉගෙනුම් කටයුතු අඩපණවීමට ඉඩ ඇත. එබැවින් ඒවා කෙරේ නිසි අවබෝධයෙන් හා අවධානයෙන් කටයුතු කරන්න.   
විශේෂයෙන් ඔබට මෙම මාසය තුළ මිල මුදල් ලැබීමට හා හානි වීමට අවකාශ පවතින බැවින් මුදල් කළමනාකරණය ක්‍රමවත්ව කරන්න. විනෝදාස්වාදය වෙනුවෙන් අනවශ්‍ය ලෙස වියදම් නොකරන්න. අවසන් දින 15 තුළ බලපෑ මූල්‍ය අවහිරතාවක් ද පහව යයි. ණය ගනුදෙනුවකින් නිදහස්වීමටත් ඉඩ ලැබේ. මුල් සති දෙකේදී අනපේක්ෂිත අයුරින් යම් යම් වියදම් ගෙනදෙන කරුණු යෙදේ. ගනුදෙනුවලදී පරිස්සම් වන්න.   
ඔබට මෙම මස අවසන් සති දෙකේදී රැකියා හා වෙළෙඳ ව්‍යාපාර ආදී කටයුතුවල නව ප්‍රගතියක් අත්වන ලෙසට කටයුතු සිදුවන්නේය. හිතවතකු මාර්ගයෙන් රැකියා ලාභයක් සැලසේ. එමෙන්ම තම රැකියා හා ව්‍යාපාරික කටයුතුවලට සහාය ලැබිය යුත්තන්ගේ සහාය ද මැනවින් ලැබේ. මැයි මුල් සති දෙකේදී රැකියා හා ව්‍යාපාරික කටයුතුවල ගැටලු ප්‍රශ්න ඇති නොවන ලෙසට කටයුතු කරන්න. අන්‍යයන් යටතේ රැකියා ව්‍යාපාරවල නිරත වන කටක ලග්න හිමියන්ට තරමක සිත් තැවුල් මතු කළත් ස්වයං ව්‍යාපාර ආදියේ නිරත වන්නන්ට ඒවායේ වැඩි දියුණුවක් සැලසේ. 

 
ආදර සබදතා හා විවාහ දිවිය:-   


විශේෂයෙන් ඔබට මෙම මැයි මාසය තුළ ආදර සබඳතා හා විරුද්ධ ලිංගිකයන් සමග ඇසුර පහසුවෙන් ගොඩනැඟුණත් ඒවා මුල්කොට යම් යම් ප්‍රශ්නකාරී දෑ සිදුවීමේ ඉඩක් ද ඇත. කලබලයට තීන්දු තීරණ නොගන්න. බොහෝ දුරට මෙම මාසය තුළ තමා ඇසුරු කරන විරුද්ධ ලිංගිකයා සමග හෝ බිරිඳ ස්වාමියා සමග සංචාරක විනෝද ගමන් යෑමට අවස්ථාව වැඩි වශයෙන් සැලසේ.    

 

 

 

පොදු තත්ත්වය:-   


ඔබගේ ලග්නාධිපති රවි හා යෝගකාරක කුජ ශුභාශුභ මිශ්‍ර බලයෙන් යුක්තව මෙම මස තුළ ගමන්කරන නිසා ඔබටත් මෙම මාසය ශුභ පල මෙන්ම අශුභ ඵලත් එක සේ ගෙන දෙන්නේය. එබැවින් ඔබ තම අරමුණු සැලසුම් සාර්ථක කර ගැනීමට වඩාත් කැපවන්න. අවශ්‍ය වේලාවට අවශ්‍ය වැඩය කිරීමට උනන්දුවන්න. නොසොයා නොබලා කටයුතු කරන්නට යෑමෙන් පසු තැවීමට ලක්වන දෑ වුවත් සිදුවන නිසා යම් වැදගත් තීන්දු තිරණ ගැනීමේදී වඩාත් සැලකිලිමත් වන්න. මෙය ඇසුරට ලැබෙන අයගෙන් ප්‍රවේසම්විය යුතු මාසයකි.   


අධ්‍යාපනය - ආර්ථිකය - රැකියා හා ව්‍යාපාරයන්හි තත්ත්වය:-   


පොදුවේ මෙම මස තුළ ඔබ උදාසීන හා අකර්මන්‍ය ස්වභාවයෙන් මිදී පොතපත කටයුතුවල නියුතුවන්න. ගුරු දෙගුරුන්ගේ දෝෂ දර්ශනයට ලක්වන ක්‍රියාවන්හි නිරත නොවී අපේක්‍ෂිත අධ්‍යාපනික ඉලක්ක සපුරා ගැනීමට උනන්දුවෙන් ක්‍රියා කරන්න. විටෙක පාඨමාලාවක් හෝ අධ්‍යාපනික විෂයන් මෙන්ම අධ්‍යාපනික ආයතන වුව වෙනස් කිරීමේ සිත් පහළ වෙයි.   


ඔබ මෙම මාසය තුළ ආත්ම විශ්වාසයෙන් හා කැපවීමෙන් යුතුව ඉපැයීම් කටයුතුවල නිරත වන්නේනම් ආදායම් මාර්ගයන් හි ප්‍රගතියක් සලසා ගත හැකිවන්නේය. වියදම් පක්‍ෂය අධික වුවත් හදිසි මිල මුදල් ලාභ හිමිවීමේ බලයක්ද පවතින බැවින් ලොතරැයි වැනි දේ මිලදී ගැනීමත් යෙහෙකි. උරුම හිමිකම් ප්‍රශ්න වුව මතුවන මාසයකි. ලැබෙන මුදල් නිසි කළමනාකරණයකින් පරිහරණය කරන්න.   


ඔබගේ රැකියා ව්‍යාපාරාදිය කෙරෙන් ශුභාශුභ මිශ්‍ර බවක් ඇති කරයි. විශේෂයෙන් තම රැකියා ව්‍යාපාර කටයුතුවලටද විවිධ බාධා මතුවන නිසා මේවාට අදාළ වැඩකටයුතු හා සැලසුම් ක්‍රියාත්මක කරන විට දෙවරක් තෙවරක් සිතා කටයුතු කරන්න. රැකියා ස්ථාන මාරුවීම් තනතුරු නිලතල වෙනස්වීම් වැනි දෑ සිදුවේ. ප්‍රශ්න අවම කරගෙන කටයුතු කිරීමට උනන්දු වන්න. හවුල් ව්‍යාපාරවල අවුල් ඇති නොවන ලෙසට එකඟතාවෙන් කටයුතු කරන්න.   


ආදර සබඳතා හා විවාහ දිවිය:-   


මෙම මස තුළ පොදු වශයෙන් ඔබ විවාහ දිවියේ කටයුතු හා ප්‍රේම දිවියේ කටයුතුවලදී වඩාත් ඥාණාන්විතවන්න. පොදුවේ ආදර දිවියේ හා යුග දිවියේ සන්තෘප්තියක් මෙම මස තුළ ඔබට ගෙන නොදේ. නුසුදුසු ප්‍රේම සබඳතා හා රහස් සබඳතාවන්ද ගොඩනැඟීම තුළින් විවිධ ප්‍රශ්නයන්ට අපවාද චෝදනාවන්ටත් ලක්වීමේ ප්‍රවණතාවයක් ඇති බැවින් දූරදර්ශීව ක්‍රියා කරන්න. හැඟීම්වලට වහල් නොවන්න. 

 

 

 

පොදු තත්ත්වය:-   


මෙම මස මුල් සති දෙක ඔබේ වැඩකටයුතු ක්‍රියාදාමයන්ට සුභදායී වන හෙයින් එහිදී ඔබට දුෂ්කර දෑ කිහිපයක් සාර්ථක කර ගැනීමට පහසුකම් සැලසෙනු ඇත. ලැබෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට සැලකිලිමත් වුවහොත් අනාගත අභිවෘද්ධියට අදාළ සැලැස්මකට අඩිතාලමක් දමා ගැනීමට ද හැකි වන්නේය. මෙම මස අවසන් සති දෙක ඇසුරු කරන අය නිසා ගැටලු ඇතිවේ. ඉවසීමෙන් දුරදිග බලා කාර්යය කටයුතුවල නිරත වන්න. නැතහොත් අනපේක්ෂිත ප්‍රශ්න ගැටළු මතුකරයි.   


අධ්‍යාපනය - ආර්ථිකය - රැකියා හා ව්‍යාපාරයන්හි තත්ත්වය:-   


මැයි අවසන් සති දෙක තුළ ඔබගේ පාසල් හා වෘත්තීය අධ්‍යාපන පාඨමාලා කටයුතු කෙරෙන් යම් යම් අවහිර බාධා මතු කළත් මුල් සති දෙකෙදී මෙවැනි පීඩාවන්ගෙන් මිදී ඉගෙනීම් කටයුතුවල නිරතවීමට අවස්ථාව උදාවේ. විශේෂයෙන් උසස් අධ්‍යාපන කටයුතු හා වෘත්තීය පාඨමාලාවල ප්‍රගතියක් ද ඇතිවේ.   


ආර්ථික හා දේපල කෙරෙන් යහපතට කටයුතු සිදුවුවත් මෙම මස අවසන් සති දෙක තුළදී නිෂ්ප්‍රයෝජන හා අනවශ්‍ය වියදම් බහුල වේ. ගනුදෙනු හා මුදල් පරිහරණයේ දී බෙහෙවින් සැලකිලිමත්වන්න. මුල් සති දෙකේ දී විකිණීම්, මිලයට ගැනීම් ආදියෙන් ද යම් යම් ලාභ ප්‍රයෝජන සැලසේ. ණය ගනුදෙනු බලාපොරොත්තු ද මෙහිදී ඉටුවනු ඇත.   


ඔබට මෙම මස මුල් දින 15 තුළ රැකියා හා ව්‍යාපාරික කටයුතු සම්බන්ධයෙන් යහපත් වෙනසක් ගොඩනැගෙන්නේය. නිරත රැකියා ව්‍යාපාරයන්හි ඉදිරි ගමනක් ඇති වේ. ආයතන තුළ බලපෑ රහස් සතුරු කරදර පහව යයි. නව ආයෝජනයකට සම්බන්ධවීමට හැකිවන්නේය. තරග විභාග සම්මුඛ පරීක්ෂණාදියෙන් ජයග්‍රහණ අත්පත් වේ. අවසන් සති දෙක අවහිරතා බාධා ප්‍රමාදවීම් මධ්‍යයේ සිය කාර්යය කටයුතු කර ගැනීමට සිදුවන බැවින් අවධානයෙන් කටයුතු කරන්න.   


ආදර සබදතා හා විවාහ දිවිය:-   


කන්‍යා ලග්නය හිමි ඔබට මෙම මස අවසන් සති දෙක තුළ ආදර සබඳතා හා විවාහ කටයුතු කෙරෙන් සැනසිලිදායක වාතාවරණයක් මතු නොවුණත් මෙම මස ආරම්භක සති දෙකේදී ආදර සබඳතා හා විවාහ යෝජනාවන්ට අදාළ අරමුණු සැලසුම් පහසුවෙන් ඉටුවනු ඇත. මෙහිදී අවිවාහක ඔබට විවාහ යෝජනා පවා ගෙන එනු ලැබේ. එමෙන්ම මීට අදාළ බලාපොරොත්තු ඉටුවී සැනසිලිදායක බවක් ද ඇතිවන්නේය.  

 

 

 

පොදු තත්ත්වය:-   


තුලා ලග්නය හිමි ඔබට මෙම මාසය වැඩි වශයෙන් මිශ්‍රපලදායි වන්නේය. ඇසුරු කරන අය නිසා ගැටලු ඇතිවේ. ඉවසීමෙන් දුරදිග බලා කාර්යය කටයුතු කිරීමෙන් දියුණුවට කටයුතු පිළියෙල වේ. කරදර බාධක විඳ දරාගෙන ඉදිරියට යෑමට සිදුවේ. වරින් වර යෙදෙන අවශ්‍ය හෝ අනවශ්‍ය ගමන් නිසා විවේකය ද අඩුවේ. පොදුවේ ඔබ මෙම මස තුළ දුක සැප දෙකටම ඔරොත්තු දෙන ස්වභාවය ගොඩ නගා ගන්න. ඥාතීන් හෝ මිතුරන් සොයා යාමට සිදුවන දෙයක් ඇතිවේ.   


අධ්‍යාපනය - ආර්ථිකය - රැකියා හා ව්‍යාපාරයන්හි තත්ත්වය :-   


ඔබගේ විද්‍යස්ථානාධිපති ශනිගේ තත්ත්වය මත සලකා බැලීමේදී සමස්තයක් වශයෙන් ගත් කල අධ්‍යාපන කටයුතුවලින් අපේක්‍ෂිත අරමුණු ඉටුකර ගැනීම සඳහා කැපවීමෙන් කටයුතු කිරීමට සිදුවේ. අධ්‍යාපනයට ලැබෙන මුදල් නිශ්ඵල දෙයට වියදම් නොකරන්න. පොත පතට වැඩිපුර යොමුවන්න.   


මෙම මස තුළදී බොහෝ දුරට ප්‍රධාන මූල්‍ය අවශ්‍යතා සියල්ල ඉටුකර ගැනීමට අසීරු වුවත්, භූගත සම්පත් වැනි දේවලින් හෝ ලොතරැයි වාසනා වැනි දේවලින් හදිසි ධන ලාභයක් සඳහා අවකාශ සැලසේ. වියදම් පිරිමැසීමට මුදල් කෙසේ හෝ ලැබේ. තම දෛනික ආදායම් මාර්ග ගොඩනගා ගැනීම උදෙසා ඔබට මෙම මස තුළ තරමක් වෙහෙසී වැඩ කටයුතු කිරීමට සිදුවේ.   


රැකියා රාජකාරිය තෘප්තිමත්භාවයෙන් කරගෙන යා හැකි වන්නේ අමතර හා අනවශ්‍ය වැඩවල නිරත නොවුණොත් පමණි. කෙසේ නමුත් රැකියා ව්‍යාපාරාදියට එල්ලව පැවති බාහිර කරදර බාධා එලෙසම පවතිනු ඇත. විරැකියාවට පිළියමක් තාවකාලික වශයෙන් හෝ ලැබේ. ස්වයං හා හවුල් ව්‍යාපාරාදිය ක්‍රමවත්ව හා ස්ථාවරභාවයෙන් පවත්වාගෙන යාමටත් ඔබ ඉවසීමෙන් වගකීමෙන් හැසිරෙන්න.   


ආදර සබදතා හා විවාහ දිවිය:-   


ආදරවන්තිය, ආදරවන්තයා සමග හටගෙන තිබූ වාද විවාද මතබේද දිගින් දිගට පවත්වාගෙන නොයන්න. කෙසේ වෙතත් කිහිප දෙනෙක් ආශ්‍රය කරන්නට යෑමෙන් සිත් වේදනා පසුතැවීම් මෙන්ම අපවාද චෝදනා වැනි දෙයට ද ලක්වන බැවින් එවැනි දේවල්වලින් මිදෙන්න. මෙම මස පුරාවටම මෙන් ආදර දිවියේ කටයුතුවලටත් යුගදිවියේ සමගිය සමාදානයටත් රහස් සතුරන්ගෙන් කුමන්ත්‍රණ ඇතිවිය හැකි බැවින් එවැනි දේ කෙරෙහිත් අවධාරණයෙන් පසුවන්න.   

 

 

 

පොදු තත්ත්වය:-   


ඔබගේ ලග්නය පරිදි යෝගකාරක ග්‍රහයින් හා ලග්නාධිපති කුජ සුබග්‍රහ වීක්ෂණයකට ලක්ව ගමන්කරන හෙයින් ඔබට මෙම මාසය තුළ කිසියම් යහපතට කටයුතු පිළියෙල කරගත හැක. අරමුණු සැලසුම් සාර්ථක කර ගනිමින් ප්‍රයෝජනවත් දෑ ඇතිවීමටත් ඉඩ ප්‍රස්තා සැලසේ. සිතැඟි පරිදි කාර්යයන් ඉටුවන මාසයකි. පසුගිය මාස කිහිපය තුළ බලාපොරොත්තු වූ කාර්යයන් ප්‍රමාණයක් ඔබට මෙම මාසයේදී ඉටුකර ගැනීමටත් හැකිවනු ඇත.   


අධ්‍යාපනය - ආර්ථිකය - රැකියා හා ව්‍යාපාරයන්හි තත්ත්වය:-   


විශේෂයෙන් ඔබට මෙම මස තුළ සිය අධ්‍යාපනික කටයුතුවල නව පිබිදීමක් ගොඩනඟා ගත හැකිවන්නේය. අලුත් දේ ඉගෙනීමටත්, විෂයන් වෙනසකටත් මෙහිදී අවස්ථාව සැකසේ. විද්‍යා හා තාක්‍ෂණික දැනුම වැඩිදියුණු වන මාසයකි. ශිෂ්‍යත්ව ලාභාදියට ද අවස්ථාව සැකසේ. ඉගෙනීම් කටයුතුවලට යහපත් දෑ රැසක් සිදුවන්නේය.   


ලැබීම් අතින් මෙන්ම ඉපැයීම් මාර්ගවලින් වැඩිදියුණුවක් සැලසේ. කලක සිට අය කර ගැනීමට තිබූ ණය මුදලක් හෝ හිඟ වැටුප්, දිරි දීමනා ආදියත් ලැබෙනු ඇත. පොදුවේ ගත් කල අපේක්‍ෂිත මූල්‍ය ඉලක්ක සපුරා ගැනීමට හැකියාව ලැබෙන්නේය. දේපළ උපයා සපයා ගත හැකි අතර ඊට බලපෑ ප්‍රශ්නද විසඳෙයි.   


ඔබගේ රැකියා ව්‍යාපාරික කටයුතු බාධාවකින් තොරව කෙරෙනු ඇත. එසේම තම රැකියා ව්‍යාපාරික කටයුතු වෙනුවෙන් පෙරට වඩා උනන්දුව යොමුවීම ඇති කෙරේ. ආයතන ප්‍රධානීන්ගේ හොඳ හිත දිනාගැනීමටත් ඔබට මෙම මස මුල්සති දෙක තුළ හැකිවන්නේය. ස්වයං හා හවුල් ව්‍යාපාරවල වැඩිදියුණුවට ද යම් යම් ක්‍රියාදාමයන් ගනී. ඒවායේ සාර්ථකත්වය ද ගොඩනැඟෙන මාසයකි. විශේෂයෙන් රැකියාව කෙරෙන් තෘප්තිමත් බවක් ඇතිවන මාසයක් ද වේ.   


ආදර සබදතා හා විවාහ දිවිය:-   


ආදර දිවියේ හා යුග දිවියේ කටයුතු අවහිර බාධා මධ්‍යයේ කෙරෙනු ඇත. බිරිඳ හෝ ස්වාමියා සමග නැතහොත් ඇසුරු කරන තරුණිය/තරුණයා සමග සිත් තැවුල් අමනාප ගති ඇති නොවන ලෙස කටයුතු කරන්න. කලබලකාරී ගතියත් නොඉවසීමත් නිසා යුග දිවියේ හා ප්‍රේම දිවියේ කටයුතු අවුල් කර ගැනීමට ඉඩ තිබේ. පොදුවේ මෙම මස තුළ ආදර සබඳතා හා විවාහ කටයුතුවලට රහස් සතුරු කුමන්ත්‍රණ හා විරුද්ධවාදීන්ගෙන් අයහපත් බලපෑම් එල්ල විය හැකි බැවින් දෙදෙනාට දෙදෙනා නිසි අවබෝධයෙන් කටයුතු කරන්න.   

 

 

 

පොදු තත්ත්වය:-   


ධනු ලග්නය හිමි ඔබගේ ග්‍රහ බලය මෙම මස තුළ බලවත් බැවින් වැඩි වශයෙන් යහපතට කටයුතු පිළියෙල වන්නේය. උත්සාහයේ පමණට මැනවින් ප්‍රතිඵල අත්කරගත හැක. ඔබගේ මානසික සංයමය, චිත්ත ඒකාග්‍රතාව ඇතිවීම නිසා බාහිර ප්‍රශ්න ද විසඳාගෙන, අධිෂ්ඨානශීලීව කටයුතු කිරිමට පසුබිම සැකසේ.   


අධ්‍යාපනය - ආර්ථිකය - රැකියා හා ව්‍යාපාරයන්හි තත්ත්වය :-   


ඉගෙනීම් කටයුතු බාධාවකින් හා උදාසීනභාවයෙන් තොරව කරගෙන යාමට හැකිවන්නේය. තම වෘත්තීය හා උසස් අධ්‍යාපනික කටයුතු නව මගකට යොමු කිරීමේ අදහස් පහළ වේ. ඒ සම්බන්ධයෙන් සම්මුඛ පරීක්‍ෂණවලටද සහභාගි වීමට අවස්ථාව සැලසේ. එසේම උසස් යැයි සම්මත අධ්‍යාපන ආයතනයන්ට සම්බන්ධවීමටත් අවස්ථාව සැකසේ. මෙය ඔබ අධ්‍යාපනික චාරිකාවන්ටද වැඩිපුර සහභාගි වන මාසයකි.   
ඔබට මෙම මස තුළදී තම ආදායම් කටයුතුවල ප්‍රමාණවත් වර්ධනයක් ගොඩනගා ගත හැක. තම අත්‍යවශ්‍ය කටයුතු රැසක් ඉටුකර ගැනීම සඳහා අපේක්‍ෂා කළ ණය ගනුදෙනුවක්ද ලැබීම සිදුවේ. කෙසේ වෙතත් ඔබ අන්‍යයන්ට හිතවත්කමට ණයට හෝ පොලියට මුදල් දීමෙන් වළකින්න. අඩපණව පැවති නිශ්චල චංචල දේපළ මගින් කිසියම් ආදායමක්ද ලබා ගැනීමට මෙම මස තුළ ඔබට හැකි වෙයි.   


තමා නිරත රැකියා ව්‍යාපාරාදිය කෙරෙන් විටින් විට සිතේ තරමක චංචලකමක් ඇති වුවත් ධෛර්යය නැති නොකොට කටයුතු කර ජයග්‍රහණ සලසා ගනී. නව රැකියා තනතුරු උදෙසා තරග විභාග සම්මුඛ පරීක්‍ෂණාදියට පෙනී සිටීමටත් ඉන් ජයග්‍රහණ අත්පත් කර ගැනීමටත් අවස්ථාව උදාවේ. හවුල් හා ස්වයං ව්‍යාපාරාදියේ බලපා තිබූ ගැටලු සහගත තැන් පහව ගොස් ඒවායේද ස්ථාවරත්වයක් ගොඩනැගේ. දෙස් විදෙස් රැකියාවකට අදාළ ප්‍රමාද වූ ලිපියක් නැවත ලැබේ.   


ආදර සබඳතා හා විවාහ දිවිය:- 

 
මෙම මාසය ඔබට ආදර සබඳතා හා විවාහ දිවියේ කාර්යය කටයුතු කෙරෙන් ගැටළු ප්‍රශ්න පැන නොනගින ලෙස කටයුතු කරන්න. අවිවාහක තරුණ තරුණියන්ට තම යුගදිවි අනාගතය පිළිබඳ නිවැරදි තීරණවලට එළඹීමේ අවස්ථා ඇති කරයි. තම විරුද්ධ ලිංගිකයා සමග ප්‍රීතිමත් අවස්ථාවන්ට සහභාගිවීමට ඉඩ ලැබේ. හදිසි හමුවීම්වලින් යම් යම් පෙම් සබඳතා ගොඩනැගේ. මෙම මස අවසන් සති දෙක තුළ භාර්යාවට හෝ ස්වාමි පුරුෂයාට ද නැතහොත් දූ දරුවන්ට හෝ අසනීපාදී කරදර, හදිසි අනතුරු ඇතිකළ හැකියි. එය ඔවුන්ට වුව අපලදායක කාලයකි. 

 

 

 

පොදු තත්ත්වය:- 

 
මකර ලග්නය හිමි ඔබට අභියෝග මැඩගෙන තම අරමුණු සැලසුම් සිතැඟි පරිදි සාර්ථක කර ගත හැකි මාසයකි. ඔබගේ අතපසු වූ කාර්යය කටයුතු රැසක් සාර්ථක කර ගැනීමටද හැකිවන්නේය. වැඩි වශයෙන් සැපත සතුට ගොඩනැගෙන්නේය. මෙම මස මුල් සතිදෙක වැඩ කටයුතුවලට යම් යම් බාධා අවහිර ඇති කළත් තම අපේක්‍ෂා බලාපොරොත්තු කෙසේ හෝ ඉටු කර ගත යුතුය යන දැඩි අධිෂ්ඨානයෙන් කටයුතු කිරීම නිසා ප්‍රයෝජනවත් වැඩ කටයුතු රැසක් ද ක්‍රියාත්මක කළ හැකි වේ.   


අධ්‍යාපනය - ආර්ථිකය - රැකියා හා ව්‍යාපාරයන්හි තත්ත්වය :-   


තම අධ්‍යාපන කටයුතුවල සාර්ථකත්වයන් බලා සතුටුවිය හැකි අතර, උසස් අධ්‍යාපන කාර්යයකට සිත යොමු වෙයි. වෘත්තීය අධ්‍යාපන කටයුතුවල ප්‍රගතියක් හා විවිධ විෂය ධාරාවන්ද ඉගෙන ගැනීමටත් අවස්ථාව සැලසේ.   


ආර්ථික කටයුතු කෙරෙන් මෙම මස තුළ යහපත් ප්‍රවණතාවයක් ඇතිකොට උපයන මුදලින් ප්‍රයෝජනවත් වැඩ කොටසක්ද කර ගනී. පොදුවේ ලාභ බලාපොරොත්තුවෙන් කරන කටයුතුවලින් ලාභ ලැබේ. වැඩි

මහන්සියකින් තොරව මුදල් උපයා ගැනීමටත් හැකියාව ලැබෙන්නේය. මෙය ආදායම් හි ප්‍රමාණවත් ප්‍රගතියක් ඇතිවන මාසයකි.   


තම රැකීරක්‍ෂා ව්‍යාපාරාදිය සිතැඟි පරිදි කරගෙන යාමට හැකිවන්නේය. උත්සාහයේ පමණට නව රැකියා අවස්ථාවක් ඉටු කරගත හැකිවේ. එසේම විදෙස් රැකියාවකට බලපෑ බාධාවන් පහව යයි. කරගෙන එන රැකියා ව්‍යාපාරාදියේ වැඩිදියුණුවක් ක්‍රමයෙන් සිදුවන්නේය. සිතට සෑහීමට පත්විය හැකි දේ රැසක් රැකියා ව්‍යාපාරිකමය වශයෙන් සිදුවේ.   


ආදර සබඳතා හා විවාහ දිවිය:-   


ගෙදර අය මෙන්ම ඇසුරුකරන විරුද්ධ ලිංගිකයා අතර අසමගි ගති වෙනස්කම් ඇති කරයි. මිතුරු මිතුරියන් සමඟත් ඥාතීන් සමගත් ආරවුල් ඇති විය හැක. නොසන්සුන් ගතිය සහ ඉක්මන් කෝපය නිසා අනවශ්‍ය වාද විවාදවලට පැටලෙන්නට වුව ලක්වෙන මාසයක් බැවින් ඒ කෙරේ අවධානයෙන් පසුවන්න. නුසුදුසු සබඳතා ඇති නොකර ගැනීමට සැලකිලිමත් වන්න.   

 

 

 

 

පොදු තත්ත්වය:-   


ඔබගේ ලග්නාධිපති ශනි හා යෝගකාරක කුජ-සිකුරු බලයෙන් යුක්තව ගමන් කරන මෙම මාසය වැඩි වශයෙන් යහපතට කටයුතු පිළියෙල වන්නේය. සිතැඟි පරිදි සිය කාර්යයන් ඉටු කරගත හැක. උත්සාහයන්හි ප්‍රතිඵල අත්කර ගත හැකි වේ. අලුත් වැඩකට අලුත් දෙයකට ඹබ මෙම මාසයේදි අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙයි. සිත සතුටින් ගතවන මාසයකි.   


අධ්‍යාපනය - ආර්ථිකය - රැකියා හා ව්‍යාපාරයන්හි තත්ත්වය:-   


මෙම මස තුළදී සිය අධ්‍යාපනික කටයුතු, තරග විභාග ආදියෙන් ජයග්‍රහණ අත්පත් වන්නේය. අලුත් පාඨමාලා හා විෂයයන් ඉගෙනීමටත් අවස්ථාව සැලසේ. තමාගේ නිර්මාණාත්මක හැකියාවද මැනවින් පිළිඹිබු වන මාසයකි. නොපසුබට උත්සාහයෙන් කටයුතු කළහොත් අධ්‍යාපනික ජයග්‍රහණ රැසක් ගොඩනගා ගත හැක.   
ඔබට මෙම මාසය තුළ ස්ථිර ආර්ථික රටාවක් පිළියෙල වන්නේය. ලාභ බලාපොරොත්තුවෙන් වියදම් කරන දෙයින් නිසි ඵල ලැබේ. කලක් අතපසු වූ ණය ගනුදෙනුවක් ඉක්මනින් ලැබෙන තැනට කටයුතු පිළියෙල වේ. උරුම හිමිකම් දේපළ ප්‍රශ්න විසඳී බදු හා කුලී ප්‍රශ්නයන්ද සමථයකට පත්වී ව්‍යාපාරික හා පදිංචි ස්ථානවල අවුල්ද ලිහේ.   


රැකියා ව්‍යාපාරාදියට බලපෑ ප්‍රශ්නකාරී ස්වභාවය පහවී යයි. එසේම රැකියා ව්‍යාපාරාදියේ ප්‍රගතියට කටයුතු පිළියෙල වේ. ස්වාමි පක්‍ෂයේ හොඳ හිත දිනාගැනීමටත් හැකිවන මාසයකි. විදෙස් රැකියාවන්ට බලපෑ බාධා පහව යයි. තරග විභාග සම්මුඛ පරීක්‍ෂණාදියට කැඳවීම් ලිපි ලැබෙනු ඇත. එසේම මෙහිදී හවුල් හා ස්වයං ව්‍යාපාරාදියේ නව ප්‍රගතියක් ගොඩනැගෙනු ඇත.   


ආදර සබදතා හා විවාහ දිවිය:-   


දැන හැඳුනුම් ප්‍රේම සම්බන්ධතා කෙරේ වැඩි වශයෙන් ඔබගේ සිත මෙම මාසයේදී යොමුවන්නේය. බොහෝ විට තම තත්ත්වයට ගැළපෙන සුදුසු සබඳතා හා විවාහ යෝජනා ඇති වුවත් ඒවාට යම් යම් සතුරු කුමන්ත්‍රණ විරුද්ධවාදීකම්ද හට ගනී. ඒ නිසා ඒ කෙරේ සැලකිලිමත් වන්න. පොදුවේ ආදර දිවියේ හා විවාහ දිවියේ අරමුණු සැලසුම් ඉෂ්ඨ සිද්ධ වීම සිදුවන්නේය. කෙසේ වෙතත් හැඟීම්වලට වහල් වී ක්‍රියා නොකළ යුතු මාසයකි.   

 

 

 

 

 

පොදු තත්ත්වය:-   


මීන ලග්නය හිමි ඔබගේ ලග්නාධිපති ගුරු හා ලග්න නැකත් අධිපතින් වූ ගුරු-ශනි බුද-ග්‍රහයින් ශුභාශුභ බලයෙන් යුක්තව ගමන් කරන මෙම මස මුල් සති දෙක තුළ ඔබට සිය කාර්ය කටයුතු කර ගැනීමට සිදුවන්නේ නොයෙකුත් අවහිරතා මධ්‍යයේය. අවසන් සති දෙක තුළදී අවබෝධයෙන් හා අවධානයෙන් කටයුතු කළහොත් අනාගත අභිවෘද්ධියට හේතුවන ප්‍රයෝජනවත් දෑ රැසක් සිදුවේ.   


අධ්‍යාපනය - ආර්ථිකය - රැකියා හා ව්‍යාපාරයන්හි තත්ත්වය:-   


මෙම මස අවසන් දින 15 දී අධ්‍යාපන කටයුතු උනන්දුවෙන් ක්‍රියාශීලී භාවයෙන් කරගෙන යාමට හැකියාව ලැබේ. එහිදී අවබෝධ ඥාානය ධාරණ ශක්තිය ගොඩනැගුණත් මුල් දින 15 දී අධ්‍යාපනික විෂයන් හා පාඨමාලා මෙන්ම අධ්‍යාපන ආයතනයන් වුව වෙනසකට ලක්කිරීමේ සිත් පහළ වේ.   


ඔබට මෙම මාසය තුළ ඉපැයීම් මාර්ග ශක්තිමත් කර ගැනීමට හැකිවන්නේය. ගතවූ මාසයට සාපේක්ෂව ආර්ථිකය ශක්තිමත් කර ගැනීමේ මංපෙත් විවර වේ. බලපෑ මූල්‍ය අවහිරතාවයන් පහව යයි. ගනුදෙනු මෙන්ම දේපළ ආරවුල් වැනි ප්‍රශ්න විසඳෙනු ඇත. සතුරු කරදර හා අසනීපවලට යම් යම් මුදල් වියදම් වන අවස්ථා ඇතිවේ.   


ආදර සබදතා හා විවාහ දිවිය:-   


ඔබට මෙම මාසය තුළ ආදර සබඳතා හා විවාහ කටයුතු කෙරෙන් අයහපත් නොවුණත් මීට අදාළ කටයුතුවල දී හොඳින් සොයාබලා තීරණ ගන්න. මෙම මස අවසන් දින 15 තුළ ආදර සබඳතා හා විවාහ කටයුතු කෙරෙන් බලපෑ බාධක ඉවත්ව ගොස් මීට අදාළ බලාපොරොත්තු ඉටුකර ගැනීමට පසුබිම සැකසේ. එමෙන්ම එහි දී අවිවාහක අයට විවාහ යෝජනා ගෙන එනු ලැබේ.

 

 

ජ්‍යොතිෂවේදී   
හේමන්ත  වීරසිංහ
www.hirumadala.lk අපගේ වෙබ් පිටුවට පිවිසීමෙන් මෙවැනි ජ්‍යොතිෂ ලිපි මෙන්ම සුබනැකැත් ආදි ඔබගේ ජ්‍යොතිෂ අවශ්‍යතා රාශියක් සපුරාගත හැක.   



අදහස් (0)

මැයි මාසයේදීවත් ඔබට සුබද බලන්න

ඔබේ අදහස් එවන්න

තක්සලාව

අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 3048 1

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


පිළිකා රෝගීන්ගේ හීන පාට කළ බලාපොරොත්තුවේ ඡායා දැක්ම
2024 අප්‍රේල් මස 08 25 0

‘අපි අපේ ආදරණීයයන් සමඟ ජීවත් වන්නේ බලාපොරොත්තු සහ සිහින පොදි බැඳගෙනය. ඒත් සුව කළ නොහැකි රෝගයක් ඇතැයි දැනගන්න ලැබුණොත් ඒ සියල්ල අවසන්ය. ඔබ කාන්තාවක නම්,


මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?
2024 මාර්තු මස 25 1430 1

මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්


මේ නම් හෙණකඳයෙක්ම තමයි
2024 මාර්තු මස 02 429 0

මිහිමත සෑම අස්සක් මුල්ලක්ම ගවේෂණය කරමින්, සතුන්ගේ විස්මිත තතු අනාවරණය කරන නවතම වාර්තා වැඩසටහන ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ ය. මෙම වාර්තා වැඩසටහන්


facebook මිත්‍රයාට 20 යි
2024 පෙබරවාරි මස 10 163 0

මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.


වගකීමට වඩා වගවීම අදහන අතිරේක ලේකම්වරිය
2024 පෙබරවාරි මස 10 271 0

බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 217 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1533 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1427 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site