IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


කොවිඩ් අවසානය සහ ඩිජිටල් යටත් විජිතවාදය

මානව ඉතිහාසයේ වූ විශාලතම මුදල් හුවමාරුව සිදුවී ඇත්තේ කොවිඩ්-19 වසංගත කාලය අතරතුර මුහුණු ආවරණ සහ පෞද්ගලික ආරක්ෂණ උපාංග සමඟ මෙන්ම මෙම කාලවකවානුවේදී සෙසු ලෝකය දරිද්‍රතාවට පත්ව ඇති බවද පෙනී යයි. එබැවින්, ඔක්ස්ෆම් සංවිධානය (Oxfam) විසින් 'Inequality Kills' නමින් කොවිඩ්-19 වසංගතයේ ආර්ථික පිරිවැය සහ ගෝලීය බලපෑම් පිළිබඳ වාර්තාවක් පසුගිය මස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වසන්ත සමුළුව (Spring meetings) පවත්වන කාලයේදී නිකුත් කර ඇත.   

කෙසේ වුවත්, එහි වොෂිංටන් සම්මුතියට (Washington Consensu) සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත පුරෝකථනය කරන ලද කේන්ද්‍රයට හේතු වී ඇති වර්තමාන ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර (International Sovereign Bond - ISB) ණය උගුලට සහ ශ්‍රී ලංකාවේ ආර්ථික කඩා වැටීමට අදාළව කොවිඩ්-19 වසංගතයේ ආර්ථික පිරිවැය, වෙනත් ප්‍රතිපත්ති සහ ඒවායේ බලපෑම් පිළිබඳ සුළු විශ්ලේෂණයක් සිදුකර ඇත.   
උග්‍රවන ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය පිළිබඳ විශ්ලේෂණ මගින් ඉන්දියානු සාගරයේ මෙම උපායමාර්ගික දූපතෙහි වර්තමාන ආර්ථික අර්බුදය පිළිබඳ පැහැදිලි කිරීම සඳහා කොවිඩ් -19 වසංගතය සහ ඊට අදාළ ප්‍රතිපත්තිවලට වඩා, සුඛෝපභෝගී හෝටල් සහ සංචාරක කර්මාන්තය මත යැපෙන ආර්ථිකය ඉලක්ක කොට 2019 වසරේදී එල්ල කළ පාස්කු ප්‍රහාරයට වගකිවයුතු භයානක අයි.එස්.අයි.එස්. සංවිධානයේ නැඟී සිටීම හේතුවෙන් වැරදි උපදෙස් මත ක්‍රියාත්මක කළ බදු කපා හැරීම් හේතුවෙන් අහිමි වූ රාජ්‍ය ආදායම පිළිබඳ ප්‍රධාන වශයෙන් අවධානය යොමුකර ඇත.   


නැවතත් 2020 වසරේදී, ස්ටැන්ෆෝර්ඩ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය ජයන්ත භාත්චර්යා වැනි විචක්ෂණ වෛද්‍ය ආර්ථික විශේෂඥයන් මෙන්ම, පාකිස්ථානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වැනි රාජ්‍ය නායකයන් පවසා ඇත්තේ දුප්පත් රටවල කොවිඩ් වෛරසය හේතුවෙන් මියයන සංඛ්‍යාවට වඩා වැඩි මිනිසුන් සංඛ්‍යාවක් කොවිඩ්-19 වෛරසය පාලනය කිරීම සඳහා සිදුකරන රට වසා තැබීමෙන් මුහුණ පෑමට සිදුවන කුසගින්න, මන්දපෝෂණය සහ නිරාහාරය හේතුකොට ගෙන මියයනු ඇති බවයි.   


පාකිස්ථානය වසාදැමීම ඥානාන්විත අයුරින් ප්‍රතික්ෂේප කළ අග්‍රාමාත්‍ය ඛාන් මෙම වසරේ මුල්භාගයේදී දියත් වූ අරාබි වසන්ත විරෝධතා (Arab Spring Protests) මධ්‍යයේ ‘පාලන තන්ත්‍රය වෙනස් කිරීමේ’ මෙහෙයුමක් හරහා ධුරයෙන් ඉවත් කරන ලදී. එසේ වුවත්, මේ වනවිට ශ්‍රී ලංකාවේ ආහාර සහ ඉන්ධන පෝලිම්වල මිනිසුන් මියයනු දක්නට ලැබීම හේතුවෙන් ඔහුගේ ප්‍රකාශය සත්‍ය බව වටහාගත හැකිය. මේ අනුව, ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදයට තුඩුදෙන, ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් නිර්දේශිත ජීවනෝපාය මත සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ඇතුළුව කොවිඩ්-19 වෛරසය හේතුවෙන් රට වසාදැමීමේ ප්‍රතිපත්තිවල සම්පූර්ණ බලපෑම සහ ආර්ථික පිරිවැය පිළිබඳ අධ්‍යයනයක් මෙන්ම ණය නිදහස් කිරීම නිදහස් කිරීම සහ හදිසි නීතිය යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදුකිරීමට නියමිත සාකච්ඡාවලදී ණය නිදහස් කරගැනීමට සහ අනාගතයේදී ණය අවලංගු කර ගැනීමට උත්සාහ කිරීම ඥානාන්විත ක්‍රියාමාර්ගයක් වනු ඇත.   


ගෝලීය වශයෙන් ගත් කල, මෙහි වැදගත්ම කරුණ වන්නේ, වසර දෙකක කොවිඩ්-19 ‘භීතිකාව’ සහ යුක්‍රේන යුද්ධයෙන් පසු ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඉදිරිපත් කරන ලද ‘ස්ථිර හදිසි’ (Permanent Emergency) මාධ්‍ය ආඛ්‍යානය අප හට පෙන්වා දී ඇත්තේ ‘අධිරාජ්‍යයාට වුව කළ හැකි යමක් නොමැති බවයි’.   
කොවිඩ්-19 වසංගතය විසින් වසන් කරන ලද ‘බටහිර’ සහ ‘සෙසු ලෝකය’ අතර මුහුණට මුහුණලා පැවැති සීතල යුද්ධයේදී බටහිර පරදවා සෙසු ලෝකය ඉදිරියට පැමිණ ඇති සේයාවක් දක්නට ලැබේ. යුරෝපා-ඇමෙරිකා අධිරාජ්‍ය මේ වනවිට සම්පූර්ණයෙන්ම පාහේ සුනු විසුණු වී ඇත: ‘නැඟී එන ආර්ථිකයන්’ බිඳ වට්ටන සහ චීනයේ Belt and Road Initiative (BRI) ව්‍යාපෘතියේ සබඳතා වෙන්වන අතරතුර, The Gain of Function (GOF) පර් යේෂණ පාදක වූ, අර්ධ වශයෙන් වූහාන් පරීක්ෂණාගාර වෙත උපකොන්ත්‍රාත්තු ලබාදුන් කොවිඩ් වෛරසය සහ එන්නත් ජෛව-යුද ව්‍යාපෘතිය, CV මුහුණු ආවරණයකින් ඩිජිටල්කරණය, ලෝකය සහ එහි ධනය, ජනගහණය සහ සංක්‍රමණය පාලනය කිරීම ආදී සත්‍ය හෙළිවීමත් සමඟ එහි සුජාත භාවය බිඳී විසිරී ගොස් ඇත.   


මේ වනවිට, Moderna's mRNA එන්නත යනු ‘විකෘති වේගයකින්’ ‘එන්නත්’ නිපදවීම සඳහා එක්සත් ජනපදයේ ආරක්ෂණ උසස් පර් යේෂණ ව්‍යාපෘති නියෝජිත ආයතනය (United States (US) Defense Advanced Research Projects Agency - DARPA) විසින් ක්‍රියාත්මක කරන ලද වැඩසටහනක් බව මෙන්ම, මොඩර්නා පේටන්ට් බලපත්‍ර සඳහා අයදුම් කොට ඇතැම් SARS-COV2 වර්ග සඳහා පේටන්ට් හිමිකම ලබාගෙන පසුව, කොවිඩ්-19 ලෙස නම් කළ බව ද රහසක් නොවේ.   

 

මෙම සයිබර් ප්‍රතිමූර්තිය තුළ සඟවා ඇත්තේ සත්‍ය පිළිබඳ විශාල චිත්‍රයකි. ස්ථිර කොවිඩ් සහ දේශගුණික ‘හදිසි තත්ත්ව’ මගින් දූෂණ වසංගතයක්, ඩිජිටල් යටත් විජිතවාදය, ජාතික දත්ත සොරාගැනීම, ආයතන, ප්‍රතිපත්ති සම්පාදක ක්‍රියාවලි සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (National Medicines Regulatory Authority (NMRA) දත්ත ශ්‍රී ලංකා රජයේ Government Cloud මතින් ඉවත් කිරීම සහ සමාජයේ සහ ප්‍රජාවගේ පූර්ව‍යෙන් තීරණය නොකළ අංශ සක්‍රීය කර ඇත.


පළමු ලෝක වෛරසය?   


සියලු‍ දත්ත මගින් පෙන්වාදී ඇත්තේ, දරිද්‍රතාව සහ දුර්වල සෞඛ්‍ය සේවා පද්ධති නොතකා එන්නත් නොමැතිව වෛරසය පරාජයට පත්කළ ආසියාව සහ අප්‍රිකාව වැනි ගෝලීය දකුණු ප්‍රදේශයේ කොවිඩ්-19 වෛරසය භයානක ලෙස දරුණු නොවූ බවය.   


එහෙත්, දියුණු ජෛව-තාක්ෂණය, විශාල දත්ත-පාදක සෞඛ්‍ය පද්ධති, mRNA එන්නත සහ ගෝලීය මානව ජාන සිතියම් තිබියදීත් කොවිඩ් 19 ‘පළමු ලෝකය’ විනාශ කර බෙදා වෙන්කර ඇති බවක් පෙනෙන්නට තිබේ. අධිපරිභෝජනය, සම රෝගී සහ දැඩිසත්කාර, අධි ඩිජිටල් ජීවන රටා පිළිබඳ සඳහන් කිරීමටද අවශ්‍ය නොවේ.   


ඩිජිටල් යටත් විජිතවාදය සහ ආපදා ධනේශ්වර වාදය   


නයෝමි ක්ලෙන් (Naomi Klein) ඇගේ 'Shock Doctrine' කෘතියේ දක්වා ඇති ‘ආපදා ධනේශ්වර වාදය’ සක්‍රීය කිරීමට සහ ඩිජිටල් යටත් විජිතවාදය හරහා ගෝලීය පාලනය තහවුරු කිරීමට බටහිර රාජ්‍ය තවමත් කොවිඩ්-19 සහ CoP26 දේශගුණික ව්‍යසන පසුපස හඹා යමින් සිටියි. එක්සත් ජනපද රජයේ කොවිඩ් 19 ‘සහනවලින්’ ට්‍රිලියන 9ක විශාල කොටස් ලබාගත් යුරෝපා-ඇමරිකානු ආයතනික නායකයන් සහ Black Rock වැනි හෙජ් අරමුදල් ගෝලීය දකුණු ප්‍රදේශයේ වත්කම් ‘උදුරා ගැනීම’ අඛණ්ඩව සිදුකරයි.   


ජනතාව දරිද්‍රතාවට පත්වීම හේතුවෙන් සෑම තැනකම සිදුවන වත්කම් සූරාකෑම සහ විශාල ධන හුවමාරු දක්වන දර්ශකයක් ලෙස වේගයෙන් වර්ධනය වන කොටස් වෙළෙඳපොළ හඳුනාගත හැකිය. කොළඹ කොටස් හුවමාරු විශ්ලේෂකයකු පවසන අන්දමට දරුණු දරිද්‍රතාව මධ්‍යයේ කොටස් වෙළෙඳපොළේ වර්තමාන ඉහළයාම සහ සර්පිලීය අසමානතාව මධ්‍යයේ ‘කුසගිනි වෛරසය’ (Hunger Virus) යනුවෙන් ඔක්ෆර්ම් සංවිධානය විසින් හඳුන්වනු ලබන සංකල්පය ‘මායා වෙළෙඳපොළක්’ ද නැද්ද යන රිප්ලිගේ විශ්වාසය මෙන් පෙනෙන්නට තිබේ.   


වඩාත් පැහැදිලි කරුණ නම්, 1961 වර්ෂයේදී ජනාධිපති ඩ්වයිට් ඩී. අයිසන්හොවර් (Dwight D. Eisenhower) විසින් තම සමුගැනීමේ උත්සවයේදී එක්සත් ජනපද වැසියන්ට ප්‍රසිද්ධියේ අනතුරු හැඟවූ මිලිටරි ව්‍යාපාර බුද්ධිය, පර් යේෂණ සහ මාධ්‍ය කර්මාන්ත සංකීර්ණ සහිත යුරෝපා-ඇමරිකානු ග්ලෝබල් රිසෙට් (Euro-American Global Reset Project) ව්‍යාපෘතියේ මූලස්ථානය (DAVOS/WE කණ්ඩායම් සහ කොවිඩ්-19 හේතුවෙන් රට වසාදැමීම ප්‍රවර්ධනය කළ වෙළෙඳ සංගම් වෙත අරමුදල් ලබාදෙන සහ පාලනය කරනු ලබන WHO සහ ILO වැනි එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතන පිහිටා ඇති) ජිනීවා සහ වොෂිංටන් නගර අතර පිහිටා ඇත.   
මෙම සයිබර් ප්‍රතිමූර්තිය තුළ සඟවා ඇත්තේ සත්‍ය පිළිබඳ විශාල චිත්‍රයකි. ස්ථිර කොවිඩ් සහ දේශගුණික ‘හදිසි තත්ත්ව’ මගින් දූෂණ වසංගතයක්, ඩිජිටල් යටත් විජිතවාදය, ජාතික දත්ත සොරාගැනීම, ආයතන, ප්‍රතිපත්ති සම්පාදක ක්‍රියාවලි සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (National Medicines Regulatory Authority (NMRA) දත්ත ශ්‍රී ලංකා රජයේ Government Cloud මතින් ඉවත් කිරීම සහ සමාජයේ සහ ප්‍රජාවගේ පූර්ව‍යෙන් තීරණය නොකළ අංශ සක්‍රීය කර ඇත. ඩිජිටල්කරණය මධ්‍යයේ බෙදා වෙන්කර පාලනය කිරීම සිදුකළ යුතුය.   
අවසන, එක්සත් ජනපදය විසින් පසුගිය වසර දෙකක් තුළ ඩොලර් ට්‍රිලියන 9ක් මුදල් ‘කොවිඩ් සහන’ ලෙස මුද්‍රණය කොට ඇති අතර, පෘථිවියේ වඩාත්ම ණය ගැති රට බැවින් යුවාන් ට්‍රිලියනයේ ගැටලු‍ව වන්නේ, බාධක සියල්ල බිඳහෙළා මුහුණු ආවරණ ඉවත්කොට නිදහසේ ජීවත්වීමට එක්සත් ජනපද ඩොල‍ර් සඳහා කොපමණ කාලයක් ගතවේද යන්නයි.  

 

Daily Ft පුවත්පතට ආචාර්ය ධරණි රාජසිංහම් සේනානායක විසින් ඉදිරිපත් කරන ලද ලිපියක් ඇසුරිනි.   

සිංහලට සකස් කළේ  
ඉෂානි උපේක්ෂා ධර්මපාල  

 



අදහස් (0)

කොවිඩ් අවසානය සහ ඩිජිටල් යටත් විජිතවාදය

ඔබේ අදහස් එවන්න

තක්සලාව

අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 3048 1

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


පිළිකා රෝගීන්ගේ හීන පාට කළ බලාපොරොත්තුවේ ඡායා දැක්ම
2024 අප්‍රේල් මස 08 25 0

‘අපි අපේ ආදරණීයයන් සමඟ ජීවත් වන්නේ බලාපොරොත්තු සහ සිහින පොදි බැඳගෙනය. ඒත් සුව කළ නොහැකි රෝගයක් ඇතැයි දැනගන්න ලැබුණොත් ඒ සියල්ල අවසන්ය. ඔබ කාන්තාවක නම්,


මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?
2024 මාර්තු මස 25 1430 1

මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්


මේ නම් හෙණකඳයෙක්ම තමයි
2024 මාර්තු මස 02 429 0

මිහිමත සෑම අස්සක් මුල්ලක්ම ගවේෂණය කරමින්, සතුන්ගේ විස්මිත තතු අනාවරණය කරන නවතම වාර්තා වැඩසටහන ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ ය. මෙම වාර්තා වැඩසටහන්


facebook මිත්‍රයාට 20 යි
2024 පෙබරවාරි මස 10 163 0

මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.


වගකීමට වඩා වගවීම අදහන අතිරේක ලේකම්වරිය
2024 පෙබරවාරි මස 10 271 0

බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 217 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1533 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1427 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site