IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


සේසතම අහිමි වූ තිදරු පියා කුළු හරක් පහරින් මරුට

(නිමල් ජයරත්න)

වතුරට ගසාගෙන ගිය තම නිවසේ බඩු භාණ්ඩ එකතු කර ගැනීමට ගිය විටදී කුළුහරෙකුගේ පහර දීමෙන් දින පහක කාලයක් පොළොන්නරුව මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් සිටි මනම්පිටිය මාගංතොට අංක 93 ලිපිනයේ පදිංචිව සිටි රොෂාන් කුමාරසිරි මිය ගියේය.

ඉකුත් 30 වෙනිදා ඔහු නිවස ආසන්නයේදී කුළු හරකෙකුගේ ප්‍රහාරයට ලක්වීමෙන් දෙහිඅත්තකණ්ඩියට රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අසාධ්‍ය තත්ත්වය පසු වන හෙයින් ඔහු පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර තිබිනි.

දියණියන් සිව් දෙනෙකුගෙන් යුත් පියෙකු වන රොෂාන් කුමාරසිරිගේ නිවස පසුගියදා ගංවතුරට හසුවීමෙන් පසු ගසාගෙන ගිය වලං,මුට්ටි, සහ අනෙකුත් උපකරණ සොයා වන ලැහැබට ගිය විටදී කුළු හරකෙකුගේ ප්‍රහාරයට ලක් විය.

මෙම සංවේදී කතාව ප්‍රධාන මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ ගතවීමත් සමග දිවයිනේ බොහෝ ප්‍රදේශ හදවත් සසළු වූ මනුෂ්‍යත්වයෙන් පොහොසත් මිනිසුන් මෙම අසරණ පවුලට උදව් උපකාර කිරීම සඳහා ගම්මානයට පැමිණියහ.



අදහස් (0)

සේසතම අහිමි වූ තිදරු පියා කුළු හරක් පහරින් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 267 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 404 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 388 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site