IMG-LOGO

2025 පෙබරවාරි මස 11 වන අඟහරුවාදා


ලොස් ඇන්ජලිස් දැවෙයි පාඩුව ඩොලර් මිලියන 56 ඉක්මවයි

ලවංගා දෑරංගල, සුදර්ශනී කෝණාර
ලොස් ඇන්ජලිස් ඉතිහාසයේ විනාශකාරීම ගින්න වාර්තාකරමින් ඉකුත් අඟහරුවාදා (7දා) සිට පැතිර යමින් ඇති ළැව් ගින්න පවතින සුළං හා වියළි දේශගුණික තත්ත්වයන් හමුවේ තවදුරටත් වර්ධනය වෙමින් ව්‍යාප්ත වන බව වාර්තා වේ.සිකුරාදා සවස් වෙනවිට ගින්න හේතුවෙන් පුද්ගල මරණ 10 ක් වාර්තා වී ඇති අතර පදිංචිකරුවන් 180,000කට ආසන්න ප්‍රමාණයක් අනතුරු සහිත ප්‍රදේශවලින් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. 
මෙම ගින්නෙන් සිදුව ඇති හානිය ඇමෙරිකානු ඩොලර් බිලියන 56 ක් ඉක්මවා යනු ඇතැයි ගණන් බලා ඇත. සුපිරි නිවාස පිහිටි ප්‍රදේශ රැසක් මේ වනවිට අළු ගොඩවල් බවට පත්වී තිබෙන ආකාරය බොහෝ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාවල දැක්වෙයි. 


ලොස් ඇන්ජලිස්හි ප්‍රදේශ පහක ළැව්ගිනි ඇවිළෙමින් පවතී. පලිසේඩ්ස් ප්‍රදේශයේ අක්කර 20,000 කට අධික භූමිය ප්‍රදේශයක් හා ගොඩනැගිලි 5,300ක් පමණ විනාශයට පත් ව ඇත. 
දෙවැනි විශාලතම ගින්න ඊටන් ප්‍රදේශයෙන් වාර්තා වේ. එය අක්කර 13,690ක් පුරා ගොඩනැගිලි 4000ක් විනාශ කරමින් පැතිර ඇත. වාර්තා වන මරණ සංඛ්‍යාව 5 කි. මෙම ගින්නෙන් පැසඩෙනාහි පැරණි යුදෙව් දේවාලයක්ද විනාශයට පත් ව ඇත. 
හසර්ට් ප්‍රදේශයේ අක්කර 850ක්, ලිඩියාහි අක්කර 350ක් හා පලිසේඩ්වලට උතුරින් වෙස්ට් හිල්ස් ප්‍රදේශයේ අක්කර 960 ක් වශයෙන් විනාශයට පත්ව තිබේ.
හොලිවුඩ් ප්‍රදේශයේ පැතිරෙමින් පැවති වුඩ්ලි ගින්න හා ඔලිවර්ස් ගින්න මැඩ පවත්වා ඇති නමුත් එමගින් අක්කර 100 කට ආසන්න භූමි ප්‍රදේශයක් විනාශයට පත් ව ඇත. සුප්‍රකට හොලිවුඩ් ලකුණ පිහිටි ප්‍රදේශය ඇතුළු බොහෝ ප්‍රදේශ ගින්නට ගොදුරු වී ඇත. 
ගිනි නිවන භටයන් 1400 කට අධික ප්‍රමාණයක් මෙහෙයුම්වල නිරත නමුත් එම ප්‍රයත්න අසාර්ථක කරමින් පවතින දේශගුණික විපර්යාසයන් හේතු කොටගෙන ඉදිරි දිනයන්හි තවදුරටත් ගින්න පැතිරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මේ අතර හොලිවුඩ් සහ අවට පැතිර යන ගින්නෙන් ලෝ ප්‍රකට හොලිවුඩ් තරු රැසකගේ නිවාස දැවී අළු වී ගොස් තිබේ. මැන්ඩි මුවර්, ඇනා ෆාරිස්, පැරිස් හිල්ටන්, ජෙෆ් බ්‍රිජ්ස්, ජේම්ස් වූඩ්, ජෝන් ගූඩ්මාන් සහ ඇන්තනී හොප්කින්ස් ඇතුළු නළු නිළියන් රැසකගේ නිවාස විනාශ වී ඇත.

 



අදහස් (0)

ලොස් ඇන්ජලිස් දැවෙයි පාඩුව ඩොලර් මිලියන 56 ඉක්මවයි

ඔබේ අදහස් එවන්න

 

 

පුවත්

ලසන්ත ඝාතන පරීක්ෂණ තවම අවසන් නෑ - නීතිපති
2025 පෙබරවාරි මස 10 18 0

ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ සැකකරුවන් නිදොස් කිරීමක් සම්බන්ධයෙන් ඇතිවූ විරෝධතාව සහ ජනමාධ්‍ය හා සමාජ මාධ්‍යවල පළවූ කරුණු පිළිබඳ පැහැදිලි කරමින් නීතිපත


රජය මිලදී ගන්නා වී දින හතරක සහල් සඳහා පමණයි - ගොවි අරගල ව්‍යාපාරය
2025 පෙබරවාරි මස 10 10 0

වී මිලදී ගැනීම සඳහා රජය වෙන් කර තිබෙන රුපියල් කෝටි 500ක මුදලින් මිලදී ගත හැකි වී මෙ.ටො. 41,000 තොගයෙන් ලැබෙන සහල් ප්‍රමාණය රටේ ජනතාවට ප්‍රමාණවත් වන්නේ දින හතර


ඕස්ට්‍රේලියානු තෙල් සමාගම මෙහෙයුම් නතර කරයි - වසර 20 ගිවිසුමට වසරකින් තිත
2025 පෙබරවාරි මස 10 10 0

මෑතකදී ශ්‍රී ලංකාවේ ඉන්ධන වෙළෙඳපොළට ඇතුළු වූ ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් ආයතනයට අනුබද්ධ යුනයිටඩ් පෙට්‍රෝලියම් ලංකා සමාගම මෙරටින් ඉවත් වෙ


එජාප සජබ එකතුවට සජබ කණ්ඩායමකින් බාධා
2025 පෙබරවාරි මස 10 9 0

එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය එකතු කිරීම වෙනුවෙන් කෙරෙන සාකච්ඡා කඩාකප්පල් කිරීමට සමගි ජන බලවේගයේ කණ්ඩායමක් කටයුතු කරමින් සිටින බව එම බලවේගයේ ජ


ණය ඉල්ලද්දි ක්‍රිබ් වාර්තාවට මුල්තැන දීමෙන් ගනුදෙනුකරුවන්ට දුෂ්කරතා
2025 පෙබරවාරි මස 10 21 0

වාණිජ බැංකු ණය මුදල් නිකුත් කිරීමේදී සෙසු සියලු සාධක ඉවතලා ක්‍රිබ් වාර්තාව (ණය තොරතුරු කාර්යාංශයේ වාර්තාව) මූලික පදනම කරගෙන ණය අයැදුම් පත්‍ර ප්‍රතික්


සේවක හිගය නිසා සරසවි අනධ්‍යන ස්ථාන මාරුවීම්වලට දැඩි බලපෑම්
2025 පෙබරවාරි මස 10 10 0

විශ්වවිද්‍යාල 17 හා උසස් අධ්‍යාපන ආයතන සැලකීමේදී පොදුවේ අනධ්‍යයන කාර්ය මණ්ඩල හිඟය සියයට විස්සත් විසිපහත් දක්වා ඉහළ ගොස් තිබෙන බව අනධ්‍යයන කාර්යමණ්ඩල


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 80 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 119 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 879 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site