IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


නව ව්‍යවස්ථා සම්පාදනයේදී පටු වාසි අතහරින්න

(නිශාන්ත කුමාර බණ්ඩාර)  
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගැනීම, සාර්ථක ආර්ථික ප්‍රගතියක් ඇති කිරීමට පූර්ව අවශ්‍යතාවක් බව විපක්ෂනායක ආර්. සම්බන්ධන් මහතා පවසයි.  

එසේ නව ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගැනීමට හැකි වුවහොත් ඒ තුළින් ස්ථාවර බව, තිරසාර සාමය, ජනතාව අතර එකඟතාව යනාදිය ස්ථාපනය කර විශාල ආර්ථික සංවර්ධනයක් අපට ලබා ගත හැකි බව ද ඔහු ප්‍රකාශ කළේය.  


ඒ තුළින් දේශීය හා විදේශීය වශයෙන්ද සතටුදායක පිළිගැනීමක් ද ලැබෙනු ඇතැයි පෙන්වා දෙන විපක්ෂ නායකවරයා, එසේ නොවුණහොත් සියලු අපේක්ෂාවන් භංග වී දුක්ඛිත තත්ත්වයක් උද්ගත වීම වළක්වා ගත නොහැකි බව ද ඔහු පෙන්වා දෙයි.  


නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සම්බන්ධයෙන් අපට විසංවාදී අදහස් ඇසීමටත්, ඒවා ඉදිරිපත් කරන්නේ මේ පිළිබඳ හොඳින්ම දන්නා පුද්ගලයන් වීමත් කනගාටුවට කරුණකි.  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් දැන් දරන ස්ථාවරය රටේ ජනතාව අතර අසමගිය ප්‍රවර්ධනය වීමට හේතු වී ඇතැයි සම්බන්ධන් මහතා පෙන්වා දෙයි. බලය බෙදීමට එතුමා විරුද්ධ වෙන්නේ නම් 18 වැනි සංශෝධනය යටතේ එතුමන් අපේක්ෂා කළ පරිදි බලය ක්‍රියාත්මක කළ යුත්තේ කොළඹ සිට පමණක් බව එතුමාත් අවංකව ප්‍රකාශ කළ යුතුයි.  බලය බෙදීමක් සිදු කළ හොත් එමගින් රට බෙදීමක් කිසිසේත්ම සිදු නොකෙරෙන බවත්, මෙය සමස්තයක් වශයෙන් ශ්‍රී ලංකාවට ද පොදු වන අතර, සිංහල, දෙමළ, මුස්ලිම් හා අනිකුත් ජාතීන් සියල්ලටම පොදු කරුණකි.  


මනා ලෙස ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීම සඳහා අන්‍යොන්‍ය එකඟතාවකින් යුත් බලය බෙදාහැරීමක් මගින් සුළු ජන කොටස්වල ගැටලුවලට ද එය පිළිතුරක් වනු ඇත.  


ඒ නිසා මේ සත් ක්‍රියාවලියේදී සියලු දෙනා පටු දේශපාලන වාසි නොතකා ක්‍රියා කළ යුතුව ඇතැයි විපක්ෂනායක ආර්. සම්බන්ධන් මහතා සඳහන් කරයි. 



අදහස් (0)

නව ව්‍යවස්ථා සම්පාදනයේදී පටු වාසි අතහරින්න

ඔබේ අදහස් එවන්න

පුවත්

සමගි ජන සන්ධානය එළි දකී
2024 අප්‍රේල් මස 08 158 0

සමගි ජන සන්ධානය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පසුගිය සිකුරාදා (5) එළි දැක්විණ.


අප්‍රේල් 12 වැනිදාට ණය ගෙවීම පැහැර හැර අවුරුදු දෙකයි
2024 අප්‍රේල් මස 08 41 0

ශ්‍රී ලංකාව එහි ඉතිහාසයේ පළමු වරට විදේශ ණය ගෙවීම පැහැර හරින බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ලබන අප්‍රේල් 12 වැනිදාට වසර දෙකක් සපිරේ. ඒ අනුව උද්ගත වූ විදේශ


දේශපාලන පලිගැනීම්වලට ලක්වූ එ.ජා. පාක්ෂිකයන්ට මැයි මස සිට වන්දි
2024 අප්‍රේල් මස 08 69 0

දේශපාලන පලිගැනීම්වලට ලක් වූ එක්සත් ජාතික පාක්ෂිකයන්ට මැයි මාසයේ සිට වන්දි ලබාදීමට තීරණය වී තිබේ.


බාල ඖෂධ ගෙනත් කෝටි 15ක් වතුරේ
2024 අප්‍රේල් මස 08 23 0

ඖෂධ කල් ඉකුත්වීම සහ හානිවීම හේතුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට පසුගිය 2022 වර්ෂයේදී සහ ඊට කලින් වර්ෂයේදී රුපියල් කෝටි 15කට වැඩි පාඩුවක් සිදු වී ඇතැයි ජා


දුප්පතුන් සංඛ්‍යාව ලක්ෂ 57 කට නැගලා
2024 අප්‍රේල් මස 08 9 0

ශ්‍රී ලංකාවේ පනස් හත් ලක්ෂ හැත්තෑ හත් දහසකට ආසන්න පිරිසක් දරිද්‍රතාවෙන් පෙළෙන බව ලෝක බැංකුව විසින් නිකුත් කෙරුණු අලු‍ත්ම වාර්තාවක සඳහන් වන්නේ යැයි ප


උසස් පෙළ ප්‍රතිඵල මැයි මුල
2024 අප්‍රේල් මස 08 9 0

අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල මැයි මස මුලදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන්නේ යැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 229 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1541 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site