(අසුන්තා එදිරිසූරිය)
ඉදිරි ජූලි - අගෝස්තු මාසවලදී ඩෙංගු වසංගත තත්ත්වයක් රට තුළ ඇතිවිය හැකි බැවින් සියලු ජනතාව ඒ ගැන වැඩි අවධානයකින් සිටිය යුතු බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා ඉරිදා ලංකාදීපයට ප්‍රකාශ කළේය.
නිරිත දිග මෝසම් වැසි සක්‍රියවීමත් සමග සෑම වසරකම මෙම කාලයේදී ඩෙංගු රෝගීන් වැඩිවීම දක්නට ලැබෙන බවද ඔහු කීය.
පසුගිය මාස පහ තුළදී ඩෙංගු රෝගීන් 21,000 කට වැඩි පිරිසක් වාර්තා වී ඇති අතර එයින් 11,000 ක පිරිසක් වාර්තා වී ඇත්තේ ඉකුත් ජනවාරි මාසයේදීය.
කොළඹ, ගාල්ල, රත්නපුර හා මහනුවර දිස්ත්‍රික්කවලින් මේ වන විට වැඩිම ඩෙංගු රෝගීන් පිරිසක් වාර්තා වී තිබේ.
පසුගිය වසරවලට සාපේක්ෂව මාර්තු, අප්‍රේල්, මැයි මාසවලදී ඩෙංගු රෝගීන්ගේ වාර්තාවීම සියයට 75 කින් පමණ අඩුවී ඇති බවද ඔහු කීය.
ප්‍රධාන දේශපාලන පක්ෂ තුනක් ජනතාවගේ මතය දැන ගැනීම සඳහා විවිධ ආකාරයේ සමීක්ෂණ කරවා ගැනීමට සමීක්ෂණ ආයතනවලට රුපියල් කෝටි දාහකට වැඩි මුදලක් පසුගිය කාලයේදී
දැඩි ආර්ථික පීඩනය මත ආතතිය, ලෙඩ රෝග වැඩිවීම හේතුවෙන් මේ රටේ පුරවැසියන් දහ දෙනෙකුගෙන් හය දෙනෙකුම අවදානම් කලාපයට ගොස් ඇතැයි ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලි
මුදල් අමාත්‍යාංශය ප්‍රසිද්ධ කර ඇති දත්තවලට අනුව 2022 අප්‍රේල් 12 වැනි දින විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවූ දා සිට 2023 සැප්තැම්බර් අවසන් වන විට ශ්‍රී ලංකා
වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ තීරණාත්මක සාකච්ඡාවක් එම ණය හිමියන් නියෝජනය කරන කමිට
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කරමින් ගොඩබිම් මාර්ගයක් ඉදිකිරීමේ සාකච්ඡා සඳහා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධ
කැලෑ ගිනි තැබීම් දිගින් දිගටම ඉහළ යාම නිසා විශාල පරිසර හානියක් සිදුවෙමින් තිබෙන බවත් මේ මාසයේ 01 වැනි දින සිට 21 වැනි දින දක්වා ගෙවීගිය සති තුනක කාලයේදී ග
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ජූලි අගෝස්තු අතර ඩෙංගු වසංගතයක්?
සමිත සේනක අලුත්ගමගේ. Thursday, 02 July 2020 02:55 PM
යල මහ කන්නය වගේ, මේ ඩෙංගු උවදුරත්, වසරක් පාසා නිරන්තරයෙන්ම පැමිණෙනවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එනවා යනවා පරික්ෂා කරනවා. එහෙත් ඩෙංගුවාගේ කිසිම අඩුවක් පෙනෙන්නට නැහැ පුදුමය කියන්නේ, මේ ක්‍රියාදාමය නිතර නිතර රටේ සිදුවෙනවා. ඒත්, වෛද්‍ය විද්‍යාඥයන්ට හා පර්යේෂණ කරන ආචාර්ය මහාචාර්යවරුන්ට පර්යේෂණ ආධාර දී, ඔවුන් දිරි ගන්වා ප්‍රශ්නයට නිසි විසඳුමක් ලබාගැනීමට මෙතෙක් කිසිදු ක්‍රමවේදයක් සකස් කොට නැහැ එය කණගාටුවට කරුණක්..