IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ලංකාවට වැටෙන හිරු එළියේ සුළගේ අයිතියක් අදානිට

 

පසුගිය දා ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු සිය ධුරයෙන් ඉල්ලා අස් වූයේ ගැටලු‍ ගණනාවකට ප්‍රශ්නාර්ථයක් එකතු කරමිනි. ඉන්දියානු ප්‍රාකෝටිපතියෙකු වූ අදානි සමූහයේ සභාපති ගෞතම් අදානි ශ්‍රී ලංකාව තුළ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියක් ඇරඹීමට හේතු වූ කාරණා ඊට මුල් වූ බව වාර්තා වුණි. මෙරට මෙන්ම ඉන්දියානු දේශපාලන ක්ෂෙත්‍රයේද මතභේදයට තුඩු දුන් ව්‍යාපෘතියක් බවට මෙය පත් වූයේ විදුලිබල මණ්ඩල හිටපු සභාපතිවරයාගේ ප්‍රකාශයයි. පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා පවසා සිටියේ මෙම ව්‍යාපෘතිය අදානි සමාගමට ලබා දෙන ලෙස ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා බලපෑම් කළ බවය.   

එහෙත් මේ ප්‍රකාශය කොට පැය 24ක්‍ යාමට මත්තෙන් විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපතිවරයා සිය ප්‍රකශය ඉල්ලා අස්කර ගත්තේය. හිටපු සභාපතිවරයා කී දෙය සත්‍ය නම් අදානි සමාගමට අදාළ පුනර්ජනනීය සුළං බලාගාර ව්‍යාපෘතිය ලබාදීමට තීන්දු කළේ ටෙන්ඩර පටිපාටිවලින් බැහැරව ද යන්න ගැන අවධානය යොමු කළ යුතුය. පසුගියදා මෙම ව්‍යාපෘතියට කැබිනට් අනුමැතියද ලැබුණි. මේ සියල්ල ලහි ලහියේ කෙරුණේ ඉන්දියාවේ බලපෑම නිසා දැයි සැක සිතෙන තැන් තිබෙන බව විද්වතුන්ගේ මතයයි.   


පසුගිය ඔක්තෝබර මාසයේදී අදානි ප්‍රමුබ ඔහුගේ සමූහයේ ඉහළ පෙළේ නිලධාරිහු පිරිසක් ලංකාවට පැමිණියහ. අදානිගේ පුතා, අදානි පෝර්ට්ස් ඇන්ඩ් ස්පෙෂල් ඉකොනොමික් සෝන් ලිමිටඩ් හි ප්‍රධාන විධායක නිලධාරිවරයා, අදානි හරිත බලශක්ති සමාගමේ විධායක අධ්‍යක්ෂවරයා එලෙස පැමිණි කණ්ඩායමට අයත් වූහ. මෙම සංචාරයේදී ගෞතම් අදානි වරාය බලශක්ති සහ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපාර සම්බන්ධයෙන් මෙරට ඉහළ පෙළේ නිලධාරින් හමු වී සාකච්ඡා කළේය. තවත් පිරිසක් මන්නාරම ප්‍රදේශයේ සංචාරයකද නිරත වූහ.   


මෙවන් පසුබිමක කොළඹ වරායේ බටහිර පර්යන්තයේ සියයට 51ක කොටස් ඉන්දියාවේ  අදානි සමාගමට පැවරීමට අදාළ ගිවිසුමද 2021-11-30දා අත්සන් තැබුණි. වෙස්ට් කන්ටේනර් ඉන්ටර් ටර්මිනල් නමින් නව ඒකාබද්ධ සමාගමකින් මෙම පර්යන්තයේ මෙහෙයුම් පවත්වාගෙන යාමට නියමිතව ඇත.  

 

ඉන්දියාව දැන් මන්නාරම් තෙල් ළිංවලටත් බැල්ම දාලා

ලංවිම හිටපු සභාපති කෝප් එකේදි කිව්වේ ඇත්ත 

- ආනන්ද පාලිත

අදානි සමාගමට පැවරීමට අදාළ ගිවිසුමද 2021-11-30දා අත්සන් තැබුණි. වෙස්ට් කන්ටේනර් ඉන්ටර් ටර්මිනල් නමින් නව ඒකාබද්ධ සමාගමකින් මෙම පර්යන්තයේ මෙහෙයුම් පවත්වාගෙන යාමට නියමිතව ඇත.   
මෙවන් පසුබිමක පසුගිය ජූනි 10දා ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු පිරිසක් පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාව හමුවට කැඳවූහ. ඒ මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ටෙන්ඩර කැඳවීමකින් තොරව අදානි සමාගමට ලබාදීමට තීරණය කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහාය. එහිදී විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා පවසා සිටියේ ජනාධිපතිතුමා මාව සාකච්ඡාවකින් පස්සේ ගෙන්නලා නොවැම්බර් 24 වැනිදා වගේ කිව්වා පුනර්ජනනීය සුළං බලශක්ති ව්‍යාපෘතිය අදානිට දෙන්න කියලා. ඒක එයාට දෙන්න ඉන්දීය අගමැති මෝදි බල කරන බවද විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා කෝප් කමිටුව හමුවේ කිසිදු ආතතියකින් තොරව සිනා සිසී කියා සිටියේය.   


එහෙත් එම ප්‍රකාශය කොට පැය 24ක් යාමට මත්තෙන් සභාපතිවරයා තමා කළ ප්‍රකාශය ඉල්ලා අස්කර ගත්තේය. ඒ අවස්ථාවේ පැවැති අධික පීඩනයෙන් මෙන්ම විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේදී කාර්යය බහුලවීම නිසා මෙම ප්‍රකාශය තමන් අතින් වැරදියට කී බව පැවසුවේය. ඒ සමගම ඔහු ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිකමින් ද ඉල්ලා අස් විය. පසුගිය සතියේ කෝප් කමිටුව හමුවේ පෙනී සිටි ෆර්ඩිනැන්ඩු මහතා තම ප්‍රකාශය ගැන තවත් මතයක් පසුගිය දා පැවසුවේය.   


රජයේ වගකිව යුතු නිලධාරියෙකු ලෙස ෆර්ඩිනැන්ඩු මහතා කළ ප්‍රකාශය ඉල්ලා අස් කිරීම පිටුපස ජනාධිපතිවරයා බලපෑම් කළ බවට බොහෝ දෙනාගේ චෝදනාව විය. නමුත් ෆර්ඩිනැන්ඩු මහතා එම ප්‍රකාශය ඉල්ලා අස්කර ගත්තේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් හෝ ජනාධිපතිවරයාගේ බලපෑමට නොවන බවද ෆර්ඩිනැන්ඩු මහතා කියා සිටියේය.   


කෙසේ නමුත් මේ ප්‍රකාශය ඉතා බරපතළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද පෙන්වා දී තිබුණි. සභාපතිවරයා කියු ප්‍රකාශය වෙනස් කළේ කාගේ වුවමනාවට දැයි විපක්ෂ නායකවරයා ප්‍රශ්න කර සිටියේය.  

සුළං විදුලි බලාගාරය - මන්නාරම

 

විදුලිබල මණ්ඩලයේ සැක ගනුදෙනු කෝප් එකේදි එළියට

ඇතැමුන්ට එන විරෝධය වළකාගන්න මනු කියවන්නන් යොදා ගත්තා

- නාලකජීව ප්‍රසන්න

ෆර්ඩිනැන්ඩු මහතා කළ ප්‍රකාශය ඉල්ලා අස් කිරීම පිටුපස ජනාධිපතිවරයා බලපෑම් කළ බවට බොහෝ දෙනාගේ චෝදනාව විය. නමුත් ෆර්ඩිනැන්ඩු මහතා එම ප්‍රකාශය ඉල්ලා අස්කර ගත්තේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් හෝ ජනාධිපතිවරයාගේ බලපෑමට නොවන බවද ෆර්ඩිනැන්ඩු මහතා කියා සිටියේය.   


කෙසේ නමුත් මේ ප්‍රකාශය ඉතා බරපතළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද පෙන්වා දී තිබුණි. සභාපතිවරයා කියු ප්‍රකාශය වෙනස් කළේ කාගේ වුවමනාවට දැයි විපක්ෂ නායකවරයා ප්‍රශ්න කර සිටියේය.   
එහෙත් මේ සම්බන්ධව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ යෝජිත සුළං විදුලි ව්‍යාපෘතිය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කිසියම් පුද්ගලයෙකුට හෝ ආයතනයකට බලපෑමක් නොකළ බවය.   


මේ සම්බන්ධව අදහස් දක්වන සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පෙන්වා දෙන්නේ ආණ්ඩුව ලහි ලහියේ විදුලි පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ගෙනවිත් සම්මත කර ගත්තේ අදානි සමාගමට ටෙන්ඩර පටිපාටියෙන් තොරව මෙම ව්‍යාපෘතිය ලබාදීමට බවය. ටෙන්ඩර පටිපාටියට අනුව ගැනුම්කරුවන් සොයා ගන්නවා වෙනුවට ඇමැතිවරයාගේ අභිමතය පරිදි ඊට අවසර දීමට හැකි පරිසරය විදුලි පනත වෙනස් කිරීමෙන් ගොඩනගා ගෙන ඇති බව ආනන්ද පාලිත මහතා පෙන්වා දෙයි. මෙම ව්‍යාපෘතිය අදානි සමාගමට ලබා දුන් ගිවිසුම හරහා වෙනත් සමාගමකට නැවත සුළං විදුලි බලාගාර හදන්න බෑ. අදානි සමාගමට තනි අයිතිය ලබා දීලා. අපට දැන් නොමිලේ ලැබෙන සුළඟත් නෑ. නොමිලේ ලැබෙන හිරු එළියත් නෑ. අපේ භූමියත් නෑ. කෝප් එකේදි ෆර්ඩිනැන්ඩු මහත්තයා කිව්වේ ඒක. මොකද විදුලිබල මණ්ඩලය විදුලිය හැදුවට භූමිය අයිති රජයට. භූමියේ අයිතිය විදුලිබල මණ්ඩලයට නෑ. අදානිට මෙම ව්‍යාපෘතිය ලබා දෙනවා නම් භූමියේ අයිතිය දෙන්න විදුලිබල මණ්ඩලයට බලයක් නෑ. එනිසා තමයි ෆර්ඩිනැන්ඩු මහත්තයා කිව්වේ ඒක ආයෝජන මණ්ඩලයෙන් අනුමැතිය ගන්න ඕනැ කියලා. දැන් මන්නාරම ප්‍රදේශයේ ඉඩම් සහ මුහුදේ අයිතියත් මෙම ව්‍යාපෘතියට මුවා වෙලා අදානිට දෙන්න ගිවිසුම් ගහලා ඉවරයි. එනිසා අපේ ධීවරයින්ට ඒ පැත්තට ගිහින් මාළු අල්ලන්නත් අයිතියක් නෑ. මෙම ගිවිසුම් ගැහුවේ තනිකරම ඉන්දියාවේ වාසියට බව ආනන්ද පාලිත මහතා පෙන්වා දෙයි.   

 

අදානි සමාගමට මන්නාරම සහ පුනරීන් මෙගාවොට් 500 සුළං බලය නිපදවන්න පිඹුරුපත් සැකසී අවසන් බව විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශකයෙකුද අප වෙත කියා සිටියේය. මින් හදන විදුලිය දෙන්න යන්නේ ඒකකයක් ඩොලර් 0.75කට. දැන් මෙතෙන ප්‍රශ්නය තියෙන්නේ, අපි දැන් තම්බපවනි කියලා බලාගාරයක් හදලා තියෙනවා, ඒකේ නිෂ්පාදන වියදම ඩොලර් 0.4 කට අඩුයි. එහෙම අවස්ථාවක තමයි මේ ඩොලර් 0.75 කට දෙන්න යන්නේ. 


දැන් ෆර්ඩිනැන්ඩු මහත්තයා මොනවා ඇවිත් කිව්වත් මේ කාරණා සම්බන්ධයෙන් බලපෑම් ආවා. මොකද එතුමගේ ප්‍රකාශය එක්ක ඉන්දියාව සිය ගමන් මග වෙනස් කළා. දැන් සුළං විදුලි බලගාර හදන එකට ඉස්සර මේ අය බලන්නේ මන්නාරම තෙල් ද්‍රෝණියේ අයිතිය ඒ අයට ගන්න. මොකද පහුගිය දිනවලදි ලංකාවට ආපු ඉන්දීය නියෝජිතයින් රජයට අලු‍ත් යෝජනා ටිකක් දීලා ගියා. ඉන්දියාවේ ආධාර ඕනෑ නම් අපේ මර්මස්ථාන විතරක් නෙමෙයි බනිජ තෙල් අයිතිය, සුළං බලය, හිරු එළිය පවා එයාලට අයිතිය ඉල්ලලයි ගිවිසුම් හදාගෙන ඉන්නේ. ඒ අයට ඕනැ විදියටයි දැන් හැමදේම හදාගෙන ඉන්නේ. එනිසා වැඩි කල් නොගිහින් අපි ඉන්දීය බලපෑමට ලක් වෙනවා යැයි ආනන්ද පාලිත මහතා පෙන්වා දෙයි. අපි අපේ මර්මස්ථාන ටික දෙනකම් ඉන්දියාවෙන් කෑම ටිකක් වගේ ආධාර එවයි. නමුත් ඉන්ධන ලැබෙන්නේ නෑ. ණය දෙන්නේ නෑ. දැන් තරගෙට ඉන්දියාවයි ඇමරිකාවයි අපට ඩීල් දෙනවා යැයි ආනන්ද පාලිත මහතා පෙන්වා දෙයි.   


මේ සම්බන්ධව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සභාපති ඉංජිනේරු අනිල් රංජිත් මහතා සම්බන්ධ කර ගැනීමට අප උත්සාහ කළත් සාර්ථක වූයේ නැත. නමුත් අනිල් රංජිත් මහතා පසුගිය කාලයේ මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ මේවන විට රජය 2009 විදුලිබල පනත බරපතළ ලෙස වෙනස් කොට ඇති බවය. 2013දී පනත සංශෝධනය කළ නමුත් පනතේ තිබූ හොඳ දේවල් ආරක්ෂා වූ බවය. තරගකාරී මිලට තමා අපි විදුලිය ලබා ගත්තේ. මේකෙන් අඩු මිලට විදුලිය මිලදී අරන් ජනතාවටත් අඩුමිලට විදුලිය දුන්නා. මෙන්න මේ තරගකාරී මිලට විදුලිය ගන්නවා කියන එක වෙනස් කරන්න තමා මෙවර සංශෝධනය ගෙනල්ලා තියෙන්නේ යැයි අනිල් රංජිත් මහතා පෙන්වා දෙයි.   

 

ඉන්දියාවේ අදානි සමාගමට අයත් විදුලි බලාගාරයක්.

 

ඩොලර් 0.4ට විකිණිය හැකි විදුලි ඒකකයක් දෙන්නේ ඩොලර් 0.75ටලු‍

පිකටිං කළොත් ඉන්දියාවේ ආධාර නැති වෙයි කියා ආණ්ඩුවෙන් බලපෑම් ආවාලු‍ 

- විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශකයෙක්

මෙවර පනත වෙනස් කරලා තමන් කැමති පුද්ගලයාට කැමති ගානකට දීලා විදුලිය ලබා ගන්න තමා මේ අය සංශෝධන ගෙන ආවේ. අපේ සියලු‍ වෘත්තීය සමිති මේකට පැහැදිලිවම විරුද්ධයි, යැයිද අනිල් රංජිත් මහතා පෙන්වා දී තිබුණි.   


මේ වෙන විට අදානි සමාගමට මන්නාරම සහ පුනරීන් මෙගාවොට් 500 සුළං බලය නිපදවන්න පිඹුරුපත් සැකසි අවසන් බවද විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශකයෙකුද අප වෙත කියා සිටියේය. මින් හදන විදුලිය දෙන්න යන්නේ ඒකකයක් ඩොලර් 0.75කට. දැන් මෙතෙන ප්‍රශ්නය තියෙන්නේ, අපි දැන් තම්බපවනි කියලා බලාගාරයක් හදලා තියෙනවා, ඒකේ නිෂ්පාදන වියදම ඒකකයකට ඩොලර් 0.4 කට අඩුයි. එහෙම අවස්ථාවක තමයි මේ ඩොලර් 0.75 කට දෙන්න යන්නේ. මුලින් ඉදිරිපත් කරපු අවබෝධතා ගිවිසුමේ තිබ්බේ ඒකකයක් ඩොලර් ශත 0.65කට එගොල්ලෝ දාල තිබුණේ. දැන් ඇයි ඒක ඩොලර් 0.75ක් වුණ එකද ගැටලු‍වක් බව ද එම ප්‍රකාශකයා පෙන්වා දෙයි. සුළං බලාගාර වල ආයෝජනය කරන්න දේශීය ආයෝජකයෝ ද කැමැත්තක් දක්වති. ඔවුන් ඩොලර් ඒකකයක් 0.5ටත් වඩා අඩුවෙන් ටෙන්ඩර ඉදිරිපත් කර තිබූ පසුබිමක අදානි සමාගමට වැඩි මිලට එම ව්‍යාපෘති ලබා දී ඇති බවද එම ප්‍රකාශකයා පෙන්වා දෙයි.   


මීට විරුද්ධව විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් විරෝධය පළ කරන විට රජයෙන් බලපෑම් කළේ මෙම ව්‍යාපෘතියට විරෝධය දැක්වීමට ගියහොත් ඉන්දියාවෙන් කිසිදු උදව්වක් නොලැබෙනු ඇතැයි කියා බව එම ප්‍රකාශකයා පෙන්වා දෙයි.   


මේ අතරතුර විදුලිබල මණ්ඩලය මහජන මුදල් නාස්ති කොට සේවකයින්ට 2020 සහ 2021 වසර සඳහා රුපියල් මිලියන 3679ක් ගෙවා ඇති බවද කෝප් කමිටුවේදී අනාවරණය විය. මේ පිළිබඳව අදහස් දැක් වූ පොදු ව්‍යාපාර පිළිබඳව කාරක සභාවේ කමිටු සභාපති චරිත හේරත් මහතා පෙන්වා දුන්නේ මීට අමතරව සේවකයින් වෙනුවෙන් බදු ගෙවීමට රුපියල් බිලියන 48ක මුදලක් ද මහජන මුදලින් ගෙවා ඇති බවය.   
මීට අමතරව කෝප් කමිටුවේදී අනාවරණය වූ තවත් සිදුවීමක් වූයේ 2020 සහ 2021 වසර සඳහා පමණක් විවිධ දීමනා ලෙස රුපියල් කෝටි 367ක් ලබා දී ඇති බවය. විවිධ කාර්යය මණ්ඩල දීමනා ලෙස 2021 වර්ෂයේදි රුපියල් මිලියන 2134.9ක මුදලක් ද ලබා දී ඇත. එසේම 2020 වසරේදි රුපියල් මිලියන 1544.4ක් ද ලබා දී ඇති බව කෝප් කමිටුවේ සභාපති චරිත හේරත් මහතා පෙන්වා දී තිබුණි.   
2021 වසරේදි ලංකා විදුලිබල මණ්ඩලය මගින් සේවක වැටුප් සියයට 25කින් වැඩිකර තිබූ නමුත් අදාළ පාර්ශවයන් මගින් එම කෙටුම්පත අත්සන් කර තිබුණේ නැත. එමනිසා එම ලියවිල්ල නීත්‍යානුකූල නොවන බවද කෝප් කමිටුව මගින් පෙන්වා දී ඇත. ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලයට වූ අලාභය රුපියල් බිලියන 9.6ක් ලෙසද දැක්වෙයි. තවද විදුලි මනු කියවන්නන් සඳහා එක ගාණනකුත් නිවැරදිව මනු කියවන්නට තව ගණනකුත් ලෙස රුපියල් මිලියන 345ක් ගෙවා ඇති බවද කෝප් කමිටුවේදී අනාවරණය විය.   
අප මේ සම්බන්ධව විමසීමට විදුලිබල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන් මහතා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද එය ව්‍යර්ථ විය.   


ඉන්පසු ලංවීම පාරිභෝගික සම්බන්ධිකාරක නිලධාරින්ගේ සංගමයේ සභාපති නාලකජීව ප්‍රසන්න මහතා සඳහන් කළේ විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට වැටුපට අමතරව එක එක දීමනා ඇති බවය. අපට දීමනාවක් ලෙස රුපියල් 1000ක් ලැබෙන්නේ මනු කියවන විටයි. එය ඇත්තටම උපයා ගැනීමක්. මනුකියවන්නෙක් බිල් 2000කට වඩා කියවනවා. ඉන් පළමු මනු කියවීම වැරදුනොත් රුපියල් 200ක් කපනවා. තව බිලක් වැරදුනොත් රුපියල් 300ක් කපනවා. බිල් තුනක් වැරදුනොත් රුපියල් 1000ම කපනවා. මේක සියලු‍ දෙනාටම ලැබෙන එකකුත් නෙමෙයි. වසර දෙකක ගණන් හැදීමේදී රුපියල් කෝටි 368ක් දීමනා ලෙස ගෙවූ බව පෙන්වනවා. ඇත්තටම අපේ මනු කියවන්නන් සදහා ගෙවීම් කළත් රුපියල් කෝටි 6ක් පමණ තමයි වැය වෙන්නේ. සමහර තැන්වල මෙම දීමනාව තවම ගෙවලත් නෑ. එතකොට ඉතිරි කෝටි 360ට වුණේ මොකක්ද කියනඑක ගැටලු‍වක් බව නාලක ජීව ප්‍රසන්න මහතා විමසා සිටියි. විදුලිබල මණ්ඩලයේ ඇතැමුන්ට එල්ල වෙන චෝදනා අනෙක් පැත්තට හරවා ගන්න අපිව පාවිච්චි කළ බව තමයි අපට හැගෙන්නේ යැයි නාලක ජීව ප්‍රසන්න මහතා වැඩි දුරටත් පැවසීය.

 

 

සටහන : 
ප්‍රගීත් සම්පත් කරුණාතිලක

 

 

 



අදහස් (4)

ලංකාවට වැටෙන හිරු එළියේ සුළගේ අයිතියක් අදානිට

Buvaneka Sunday, 03 July 2022 04:13 PM

UAE රටේ සියලුම ඉදිකිරීම් ආයෝජකයින් මගින් සිදු කරනවා. නමුත් පාලකයින් කොමිස් ගන්නේ නැහැ. ආයෝජකයින් නැතිව ව්‍යාපාර කරන්න බැහැ. එය විකිණීමක් නොවේ. සුළං විකුණන්න බැහැ.

:       0       87

ABSunday, 03 July 2022 07:24 PM

වෘත්තීය සමිති නායකයන්, සභාපතිවරුන් මේ සියල්ලන්ම පවතින දූෂිත ක්‍රමවේදයේ කොටස්කරුවන්ය. කිසිඳු විනිවිද බවකින් තොරව ක්‍රියාත්මක වන්නාවූ සහ ක්‍රියාත්මක වන පාඩුලබන මහජන මුදලින් නඩත්තු කරන සියලු ආයතන මහජනතාවගේ අනුමැතියෙන් වසාදැමීම හෝ නොඑසේනම් පුද්ගලීකරණය කර කාර්යක්ෂම ආයතන බවට පත්කළ යුතුවේ. පක්ෂ, පාට නියෝජනය කරන්නා වූ ව වෘත්තීය සමිති නායකයින්, සභාපතිවරුන් විසඳුම් වෙනුවට රටේ මහජනතාව නොමග යැවීම නතර කළයුතුවේ.

:       0       41

sugath Sunday, 03 July 2022 05:30 PM

මෙහෙ ව්‍යපෘතිවලට ටෙන්ඩර් කැඳවන්නේ නැහැ කියලා බෙරිහන් දෙනවා. දැන් ණය ගෙවාගන්න රට බැරුව බංකොලොත් වෙලා තියෙන කොට, ලංකාවට තව ණය ගන්නෙත් ටෙන්ඩර් කැඳවලාද? එහෙම වුණා නම් අද එක බල්ලෙක් මේ රටට ණය දෙන්නේ නැහැ. ජනවාරි මාසේ ඉඳලා ඉන්දියන් ණය තිබුණේ නැත්නම් අද අපිට කැඳත් නැහැ. වර්තමානයේ මේ පවතින තත්වය මත, ඉන්දියාවේ ඉල්ලීම්වලට අකමැත්තෙන් වුණත් අනුමැතිය දෙන තත්වයකට අද රටඇද වැටිලයි තියෙන්නේ...!

:       2       65

fairoos Thursday, 07 July 2022 03:30 PM

කොච්චර හොඳට තිබිච්චි රටද? මේ කාලකණ්ණි දේශපාලකයින් අවුරුදු 03කින් මේ තත්වයට පත්කළ නන්දසේන සහ නඩය වහාම ඉල්ලා අස්වෙන්න ඕනෑ...

:       0       0

ඔබේ අදහස් එවන්න

පුවත්

සමගි ජන සන්ධානය එළි දකී
2024 අප්‍රේල් මස 08 120 0

සමගි ජන සන්ධානය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පසුගිය සිකුරාදා (5) එළි දැක්විණ.


අප්‍රේල් 12 වැනිදාට ණය ගෙවීම පැහැර හැර අවුරුදු දෙකයි
2024 අප්‍රේල් මස 08 34 0

ශ්‍රී ලංකාව එහි ඉතිහාසයේ පළමු වරට විදේශ ණය ගෙවීම පැහැර හරින බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ලබන අප්‍රේල් 12 වැනිදාට වසර දෙකක් සපිරේ. ඒ අනුව උද්ගත වූ විදේශ


දේශපාලන පලිගැනීම්වලට ලක්වූ එ.ජා. පාක්ෂිකයන්ට මැයි මස සිට වන්දි
2024 අප්‍රේල් මස 08 48 0

දේශපාලන පලිගැනීම්වලට ලක් වූ එක්සත් ජාතික පාක්ෂිකයන්ට මැයි මාසයේ සිට වන්දි ලබාදීමට තීරණය වී තිබේ.


බාල ඖෂධ ගෙනත් කෝටි 15ක් වතුරේ
2024 අප්‍රේල් මස 08 23 0

ඖෂධ කල් ඉකුත්වීම සහ හානිවීම හේතුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට පසුගිය 2022 වර්ෂයේදී සහ ඊට කලින් වර්ෂයේදී රුපියල් කෝටි 15කට වැඩි පාඩුවක් සිදු වී ඇතැයි ජා


දුප්පතුන් සංඛ්‍යාව ලක්ෂ 57 කට නැගලා
2024 අප්‍රේල් මස 08 9 0

ශ්‍රී ලංකාවේ පනස් හත් ලක්ෂ හැත්තෑ හත් දහසකට ආසන්න පිරිසක් දරිද්‍රතාවෙන් පෙළෙන බව ලෝක බැංකුව විසින් නිකුත් කෙරුණු අලු‍ත්ම වාර්තාවක සඳහන් වන්නේ යැයි ප


උසස් පෙළ ප්‍රතිඵල මැයි මුල
2024 අප්‍රේල් මස 08 9 0

අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල මැයි මස මුලදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන්නේ යැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1410 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site