(අජන්ත කුමාර අගලකඩ)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ඇතිව තිබෙන මතබේදාත්මක කාරණා නිරාකරණය කරගැනීම සඳහා තීරණාත්මක සාකච්ඡාවක් එම පක්ෂ දෙකේ නායකයන්ගේ ප්‍රධානත්වයෙන් අනිද්දා (18) ප.ව. 6.30ට කොළඹ අරලියගහ මන්දිරයේදී පැවැත්වේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් අගමැති මහින්ද රාජපක්ෂ, එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ සහ අධ්‍යාපන අැමැති ඩලස් අලහප්පෙරුම යන මහත්වරු ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ඇමැති නිමල් සිරිපාල ද සිල්වා, ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර, ජාතික සංවිධායක දුමින්ද දිසානායක සහ සන්ධාන මහලේකම් මහින්ද අමරවීර යන මහත්වරු ද ඊට සහභාගි වෙති.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ අතර ඇතිව තිබෙන එකඟතාවට බාධාවන අන්දමින් පොදුජන පෙරමුණේ ඇතැම් මැති ඇමැතිවරුන් විවිධ ප්‍රකාශ කරන බැවින් එය නිරාකරණය කරගැනීම සඳහා සාකච්ඡාවක් ලබාදෙන ලෙස ශ්‍රීලනිප මහලේකම් ඇමැති දයාසිරි ජයසේකර මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යවමින් ඉල්ලීමක් කර තිබෙයි.
එය සැලකිල්ලට ගනිමින් ජනාධිපතිවරයාගේ උපදෙස් මත අනිද්දා (18) සාකච්ඡාව කැඳවා ඇතැයි වාර්තා වෙයි.
ඉදිරි මහ මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය යටතේ තරග කිරීම ලකුණ සම්බන්ධයෙන් ඇතිව තිබෙන අර්බුදය සහ පොදුජන පෙරමුණේ ඇතැම් මැති ඇමැතිවරුන් කරන ආන්දෝලනාත්මක ප්‍රකාශ ආදිය සම්බන්ධයෙන් එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර අවසන් එකඟතාවකට එහිදී පැමිණෙනු ඇතැයි වාර්තා වේ.
මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා අතර පැය දෙකක පමණ සාකච්ඡාවක් ඉකුත් අඟහරුවාදා පෙරවරුවේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල නිවසේදී පැවැති බව ද වාර්තාවේ.
ප්‍රධාන දේශපාලන පක්ෂ තුනක් ජනතාවගේ මතය දැන ගැනීම සඳහා විවිධ ආකාරයේ සමීක්ෂණ කරවා ගැනීමට සමීක්ෂණ ආයතනවලට රුපියල් කෝටි දාහකට වැඩි මුදලක් පසුගිය කාලයේදී
දැඩි ආර්ථික පීඩනය මත ආතතිය, ලෙඩ රෝග වැඩිවීම හේතුවෙන් මේ රටේ පුරවැසියන් දහ දෙනෙකුගෙන් හය දෙනෙකුම අවදානම් කලාපයට ගොස් ඇතැයි ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලි
මුදල් අමාත්‍යාංශය ප්‍රසිද්ධ කර ඇති දත්තවලට අනුව 2022 අප්‍රේල් 12 වැනි දින විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවූ දා සිට 2023 සැප්තැම්බර් අවසන් වන විට ශ්‍රී ලංකා
වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ තීරණාත්මක සාකච්ඡාවක් එම ණය හිමියන් නියෝජනය කරන කමිට
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කරමින් ගොඩබිම් මාර්ගයක් ඉදිකිරීමේ සාකච්ඡා සඳහා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධ
කැලෑ ගිනි තැබීම් දිගින් දිගටම ඉහළ යාම නිසා විශාල පරිසර හානියක් සිදුවෙමින් තිබෙන බවත් මේ මාසයේ 01 වැනි දින සිට 21 වැනි දින දක්වා ගෙවීගිය සති තුනක කාලයේදී ග
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මහින්ද-මෛත්‍රී සාකච්ඡාවක් 18 වැනිදා