(මහින්ද නිශ්ශංක)
දුම්රිය සේවකයන් අවශ්‍ය තරම් සිටියදී මසකට රුපියල් 72,91,493 බැගින් වැය කරමින් වසර 3ක් සඳහා දුම්රිය මැදිරි ශුද්ධ පවිත‍්‍ර කිරීමේ කොන්ත‍්‍රාත්තුව පෞද්ගලික සමාගමකට ලබාදීමට දුම්රිය බලධාරින් සැලසුම්කර ඇතැයි දුම්රිය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණේ ප‍්‍රධාන ලේකම් පී. සම්පත් රාජිත මහතා අනාවරණය කරයි.
දැනට මෙම දුම්රිය මැදිරි ශුද්ධ පවිත‍්‍ර කරන්නේ දුම්රිය සේවකයන් විසිනි. ඒ සඳහා අවශ්‍ය තරම් සේවකයින්ද සිටින බව පෙන්වා දෙන සංගමයේ ලේකම්වරයා දුම්රිය මැදිරි ශුද්ධ පවිත‍්‍ර කිරීම සඳහා පෞද්ගලික සමාගමකට ලබාදීමට යාම පිළිබඳව සේවකයින් විරෝධය දක්වන බවද කීය.
දුම්රිය මැදිරි ශුද්ධ පවිත‍්‍ර කිරීම පෞද්ගලික සමාගමකට ලබාදීමෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට වසරකට රුපියල් 8,74,97,916ක් අහිමිවන බවත් පවසන ලේකම්වරයා දැනට විශාල පාඩු පිට පවත්වාගෙන යන දුම්රිය දෙපාර්තමේන්තුවට එය දරාගත නොහැකි බවද පැවැසීය.
දුම්රිය සේවකයන්ට කළ හැකි මැදිරි ශුද්ධ පවිත‍්‍ර කිරීම පෞද්ගලික සමාගමකට ලබාදීම මහා පරිමාණ මුදල් නාස්තියක් බැවින් ඒ පිළිබඳව අවධානය යොමුකර මැදිරි ශුද්ධ පවිත‍්‍ර කිරීම පෞද්ගලික සමාගමකට ලබාදීම නවතන්නැයි දුම්රිය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණ ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගෙන් ඉල්ලා සිටින බවද සම්පත් රාජිත මහතා කීය.
සමගි ජන සන්ධානය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පසුගිය සිකුරාදා (5) එළි දැක්විණ.
ශ්‍රී ලංකාව එහි ඉතිහාසයේ පළමු වරට විදේශ ණය ගෙවීම පැහැර හරින බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ලබන අප්‍රේල් 12 වැනිදාට වසර දෙකක් සපිරේ. ඒ අනුව උද්ගත වූ විදේශ
දේශපාලන පලිගැනීම්වලට ලක් වූ එක්සත් ජාතික පාක්ෂිකයන්ට මැයි මාසයේ සිට වන්දි ලබාදීමට තීරණය වී තිබේ.
ඖෂධ කල් ඉකුත්වීම සහ හානිවීම හේතුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට පසුගිය 2022 වර්ෂයේදී සහ ඊට කලින් වර්ෂයේදී රුපියල් කෝටි 15කට වැඩි පාඩුවක් සිදු වී ඇතැයි ජා
ශ්‍රී ලංකාවේ පනස් හත් ලක්ෂ හැත්තෑ හත් දහසකට ආසන්න පිරිසක් දරිද්‍රතාවෙන් පෙළෙන බව ලෝක බැංකුව විසින් නිකුත් කෙරුණු අලුත්ම වාර්තාවක සඳහන් වන්නේ යැයි ප
අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල මැයි මස මුලදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන්නේ යැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පැවසීය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
සේවකයන් ඇති තරම් සිටියදී දුම්රිය මැදිරි පිරිසුදු කිරීම පෞද්ගලික සමාගමකට