සුජිත් හේවාජුලිගේ
අරගලකරුවන්ගේ ප්‍රහාර හේතුවෙන් නිවාස අහිමි වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට ඒ වෙනුවෙන් වන්දි ලබා ගැනීම තක්සේරු දෙපාර්තමේන්තුවේ සහ හානිපූර්ණ කාර්යාලයේ ප්‍රමාදය නිසා තවදුරටත් කල් යනු ඇතැයි වාර්තා වේ.
අරගලයට සම්බන්ධවූ සහ ඊට ආශීර්වාද කළ මේ ආයතනවල ඇතැම් නිලධාරීන් මන්ත්‍රීවරුන්ගේ නිවාසවලට සිදුවූ හානි ද්වේශ සහගත ලෙස අඩුවෙන් තක්සේරු කර වාර්තා ලබාදීම නිසා ප්‍රමාණවත් වන්දි මුදලක් ලබා ගැනීමට බාධා මතුව ඇතැයිද දැනගන්නට ඇත.
ඉහත සඳහන් කළ ආයතන වල ප්‍රමාදයන් නිසා මන්ත්‍රීවරුන්ට වන්දි ගෙවීම පමාවී ඇති බව මේ කටයුතුවලට සම්බන්ධ ආණ්ඩුවේ නිලධාරීහු ආණ්ඩුපක්ෂ රැස්වීමේදී පසුගියදා අනාවරණය කළහ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පළාත් සභා හිටපු මන්ත්‍රීවරුන්, පළාත් පාලන ආයතන සභාපතිවරුන් ඇතුලු සියයකට ආසන්න පිරිසකගේ කෝටි ගණනක නිවාස ඇතුලු දේපළ පසුගිය වසරේ මැයි මාසයේදී සිදුවූ අරගලකරුවන්ගේ ප්‍රහාර හේතුවෙන් විනාශයට පත්විය.
දේපල අහිමි වූ මන්ත්‍රීවරුන්ට කොළඹ වියත්පුර නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාදී ඇතත් ඒවා ලබා දී ඇත්තේ වසරක කාලයකට පමණි. නිවාස අහිමි වූ ඇතැම් මන්ත්‍රීවරුන් ඥාති මිත්‍රයන්ගේ නිවෙස්වල තවමත් රැඳී සිටින බව දැනගන්නට ඇත.
අහිමිවූ නිවාස වෙනුවෙන් තමන්ට තවමත් වන්දි ලැබී නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තුවේදී කතානායකවරයාට පසුගියදා පැමිණලි කළහ.
සමගි ජන සන්ධානය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පසුගිය සිකුරාදා (5) එළි දැක්විණ.
ශ්‍රී ලංකාව එහි ඉතිහාසයේ පළමු වරට විදේශ ණය ගෙවීම පැහැර හරින බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ලබන අප්‍රේල් 12 වැනිදාට වසර දෙකක් සපිරේ. ඒ අනුව උද්ගත වූ විදේශ
දේශපාලන පලිගැනීම්වලට ලක් වූ එක්සත් ජාතික පාක්ෂිකයන්ට මැයි මාසයේ සිට වන්දි ලබාදීමට තීරණය වී තිබේ.
ඖෂධ කල් ඉකුත්වීම සහ හානිවීම හේතුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට පසුගිය 2022 වර්ෂයේදී සහ ඊට කලින් වර්ෂයේදී රුපියල් කෝටි 15කට වැඩි පාඩුවක් සිදු වී ඇතැයි ජා
ශ්‍රී ලංකාවේ පනස් හත් ලක්ෂ හැත්තෑ හත් දහසකට ආසන්න පිරිසක් දරිද්‍රතාවෙන් පෙළෙන බව ලෝක බැංකුව විසින් නිකුත් කෙරුණු අලුත්ම වාර්තාවක සඳහන් වන්නේ යැයි ප
අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල මැයි මස මුලදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන්නේ යැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පැවසීය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
‘මන්ත්‍රී ගෙවල් වන්දියට’ බාලගිරි දෝෂය