දයාසීලි ලියනගේ
ජාතික සමගි සන්ධානයේ ‘හෙලිකොප්ටර්’ ලාංඡනයෙන් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් කිරීමට සූදානමින් සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිස්ත්‍රික්ක 16ක සියලු පළාත් පාලන ආයතන සඳහා ‘අත’ ලකුණින් නාමයෝජනා භාර දුන්නේ නීතිමය ප්‍රශ්නයක් හේතුවෙන් බව දැන ගන්නට ඇත.
ඉතිරි දිස්ත්‍රික්කවල ආයතන කීපයකට ද තනිව තරග කරන එම පක්ෂය අනෙකුත් ආයතන සඳහා ‘හෙලිකොප්ටරය’ ලාංඡනයෙන් මැතිවරණයට ඉදිරිපත් වන බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය. මැතිවරණ කොමිසම සන්ධානයේ ලේකම් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා පිළි නොගන්නා නිසා මැතිවරණයේ දී ලැබෙන බෝනස් ආසන සඳහා සිදුවන අවාසිය මඟහරවා ගැනීමටත් පාක්ෂිකයන්ගේ ඉල්ලීම නිසාත් ආයතන ගණනාවකට වෙනම තරග කිරීමට තීරණය කළ බව ද ඔහු කීය.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රජයට සම්බන්ධ කණ්ඩායමේ දේශපාලනඥයන් පළාත් පාලන මැතිවරණයේ ඇතැම් ආයතන සඳහා ස්වාධීන කණ්ඩායම් ඉදිරිපත් කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. පසුගිය දින කීපයේ දී මේ සඳහා පුද්ගලයන් තේරීමේ කටයුතු සිදුවූ බව වාර්තා වේ.
සමගි ජන සන්ධානය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පසුගිය සිකුරාදා (5) එළි දැක්විණ.
ශ්‍රී ලංකාව එහි ඉතිහාසයේ පළමු වරට විදේශ ණය ගෙවීම පැහැර හරින බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ලබන අප්‍රේල් 12 වැනිදාට වසර දෙකක් සපිරේ. ඒ අනුව උද්ගත වූ විදේශ
දේශපාලන පලිගැනීම්වලට ලක් වූ එක්සත් ජාතික පාක්ෂිකයන්ට මැයි මාසයේ සිට වන්දි ලබාදීමට තීරණය වී තිබේ.
ඖෂධ කල් ඉකුත්වීම සහ හානිවීම හේතුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට පසුගිය 2022 වර්ෂයේදී සහ ඊට කලින් වර්ෂයේදී රුපියල් කෝටි 15කට වැඩි පාඩුවක් සිදු වී ඇතැයි ජා
ශ්‍රී ලංකාවේ පනස් හත් ලක්ෂ හැත්තෑ හත් දහසකට ආසන්න පිරිසක් දරිද්‍රතාවෙන් පෙළෙන බව ලෝක බැංකුව විසින් නිකුත් කෙරුණු අලුත්ම වාර්තාවක සඳහන් වන්නේ යැයි ප
අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල මැයි මස මුලදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන්නේ යැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පැවසීය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ශ්‍රීලනිපය අතෙන් ආවේ නීතිමය ප්‍රශ්නයකින් ගැලවෙන්න