සංගා සහ මහේලගෙන් ඔන්ලයින් භාණ්ඩ ව්‍යාපාරයක්


ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක දෙපොළක්වන කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන එක්ව ඔන්ලයින් ක්‍රමය යටතේ නිවසටම අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්වා දීමේ වැඩසටහනක් අරඹා තිබේ. මෙම වැඩසටහන නම් කර ඇත්තේ "PROVIDORE" නමිනි.


අතරමැදියන් නොමැතිව ගොවීන් සහ සැපයුම්කරුවන් සමග ගනුදෙනු කිරීම, සපයනු ලබන භාණ්ඩවල ප්‍රමිතියේ 100%ක් වගකීම, මේ සඳහාම වෙන්කළ අංග සම්පූර්ණ ගබඩාවක් සහ අපගේම ප්‍රවාහන සේවාවක් යෙදීම තම අරමුණ බව ඔවුහු කියති.


පාරිභෝගිකයන්ට පහසුවෙන් පිවිසී භාවිත කළ හැකි PROVIDOR APP මගින් විකිණීමට ඇති භාණ්ඩවල පවතින ප්‍රමාණය දැන ගැනීම සති 04ක් ඉදිරියට ඇණවුම් කිරීමේ පහසුකම පැය දෙකක් තුළ ඇණවුම් කළ භාණ්ඩ සැපයීමේ ‘‘කඩිනම් සේවාව’’ ඔබට අවශ්‍ය භාණ්ඩ "My Shopping List" මගින් ඉක්මනින් තෝරා ගැනීමේ පහසුව, මුදල් ගෙවීමේ දී දැනට වෙළෙඳපොළේ භාවිත වන සියලුම ගෙවීම් ක්‍රම (Multiple Payment Options) අනුගමනය කිරීමේ පහසුව, ඔබගේ ඇණවුම් ප්‍රවාහණයේදී අවශ්‍ය ශීතකරණ සහිත විශේෂ වාහන පහසුකම් තිබීම ඔබට අපෙන් ලැබෙන විශේෂ සේවාවන් බවද කියති.


ඔන්ලයින් භාණ්ඩ ඇණවුම් කිරීමෙන් අපගේ ජීවන කටයුතු ආරක්ෂිත සහ පහසු වනු ඇත. ඇණවුම් කරන ද්‍රව්‍ය වැඩි ප්‍රමාණයක් ආහාර භාණ්ඩ බව අප අමතක කළ යුතු නැත. එබැවින් මෙම ද්‍රව්‍ය ගබඩා කිරීම හැසිරවීම සහ අවසානයේ ප්‍රවාහනය කිරීම ඉතා සුපරික්ෂාකාරීව කළ යුතුය. මෙම සියලු කටයුතු PROVIDORE ඉතා මැනවින් ඉටු කරන බැවින් පාරිභෝගිකයාට විශ්වාසවන්තව ඇණවුම් කළ හැකි බව සම කොටස්කාර මහේල ජයවර්ධන පැවසීය.


සංගක්කාර සහ මහේල හැරුණු විට ආරම්භක කොටස්කරුවන් ලෙස විධායක අධ්‍යක්ෂ තොරතුරු තාක්ෂණ, ආහාරපාන සහ ආගන්තුක සත්කාර පිළිබඳ ප්‍රවීණයන් සියල්ල වෙළෙඳාම මූල්‍ය කටයුතු පිළිබඳ විධායක නිලධාරීන් PROVIDORE සමාගමට අනුයුක්ත වී ඇත. ශ්‍රී ලංකාව සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ භාවිත වන තාක්ෂණ උපාය මාර්ග ප්‍රයෝජනයට ගෙන ජෝන් කීල්ස් ලොජිස්ටික් සමාගම සමග එක්වී මෙහි තාක්ෂණ කටයුතු නිර්මාණය කර ඇත.


අපගේ ඉදිරි දැක්ම ක්‍රියාත්මක කිරීම සඳහා මූලිකත්වය දරන ලද්දේ E Future උපාය මාර්ග තාක්ෂණ සහකරුය. අපට ලැබී ඇති බලතල අනුව සෑම විටම මුල් තැන දිය යුත්තේ අපගේ පාරිභෝගිකයාට මිස සිල්ලර වෙළෙන්දාට නොවේ. ප්‍රධාන විධායක නිලධාරිනී මේනකා ගල්ගමුව මෙනෙවිය මෙසේ පැවසුවාය. ‘‘වර්තමාන පාරිභෝගිකයාට භාණ්ඩවල තත්ත්වය සහ සේවාව පිළිබඳ මනා දැනුමක් ඇත. අපගේ පාරිභෝගිකයන්ගෙන් 60%ක් පමණ නැවතත් PROVIDORE හරහා භාණ්ඩ ඇණවුම් කිරීමේ ප්‍රධානතම හේතුව වන්නේ අපගේ සේවාව මෙන්ම භාණ්ඩවල තත්ත්වය පිළිබඳව ඔවුන්ගේ ඇති විශ්වාසයයි.


සැපයුම් නිසි අයුරින් ඉටු කිරීම සඳහා PROVIDORE විසින් ජෝන් කීල්ස් ලොජික්ස්ටික් සමාගම විසින් භාණ්ඩ ගබඩා කිරීම සඳහා වර්ග අඩි 20000ක ගබඩාවක් රාජගිරියේ පිහිටුවා ඇත.


ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ජනක මාරසිංහ මහතා පවසන පරිදි ගනුදෙනුකරුවන් වෙත උසස් තත්ත්වයේ භාණ්ඩ ලබාදීම, භාණ්ඩ පරිහරණය සහ භාණ්ඩ ප්‍රවාහනය යන සියලු කටයුතු මුල සිට අගට PROVIDORE විසින්ම සිදුකරන බැවින් සිය ගනුදෙනු කරුවන් වෙත ඉතා විශිෂ්ට සේවාවක් කිරීමට අවස්ථාව ලැබී ඇත.
PROVIDORE දැනට කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට වසරේ 365 දවසේම පෙ.ව. 8.00 සිට ප.ව. 8.00 දක්වා භාණ්ඩ සපයනු ලැබේ.


පහත දැක්වෙන බාගත කිරීම් (Download) කිරීම මගින් Apple Store සහ Google Play හෝ මාර්ගස්ථ ක්‍රමයට (Shop Online) www.providore.shop හෝ දුරකතන ඇමතුමකින් whatsapp - 077 407 4074 භාණ්ඩ ඇණවුම් කළ හැකියැයි ඔවුහු කියති.