ප්‍රවීණ රූපලාවණ්‍ය සහ කොණ්ඩා මෝස්තර ශිල්පී දිනූ අනුරංග
ජේත්තුවට ඉන්න කැමති නව පරපුරේ තරුණයන් කොණ්ඩය ගැන වගේම රැවුල ගැනත් උනන්දුවක් දක්වන බව පේනවා. තමන්ගේ මුහුණට හා කොණ්ඩෙට ගැළපෙන“රැවුල් කට් එක”තෝර ගන්නේ කොහොම ද ? කියන කාරණාව ගොඩක් තරුණයන්ට ලොකු උභතෝකෝටිකයක්.
වත්මනෙහි රැවුල් කට් බොහෝ ප්‍රමාණයක් බිහි වෙලා තිබෙනවා.ඉතින් කෙනෙකුට උචිත රැවුල සහ රැවුල් කට් එක සම්බන්ධව තිබෙන ගැටලු කිහිපයක් පිළිබඳව කතා කරන්න අපි හිතුවා.
තතු විමසා ඔබව දැනුම්වත් කිරීමේ අරමුණෙන් අප එක් කරගත්තේ - “Salon Infinity” හි රූපලාවණ්‍ය සහ කොණ්ඩා මෝස්තර ශිල්පී දිනූ අනුරංග. මේ ඔහු සමඟ කළ කතාබහයි.
තරුණයෙකුට රැවුල කියන දේ කොච්චර වැදගත් වෙනව ද ?
රැවුල කියන්නේ තරුණයෙකුගේ පෞරුෂය පිලිබිඹු කරන දෙයක්. ඉතින් රැවුල වයස මුහුකුරා යාමත් එක්ක සිරුරේ විකාශය තමයි පෙන්වන්නේ.
කෙනෙක්ගේ රැවුල පෞරුෂය වගේම වයසේ ත් සංකේතයක් වෙනවා. ඒ වගේම ආත්ම විශ්වාසය වැඩි කරන්න, කඩවසම් පෙනුම ඇති කරන්න හේතු වෙනවා. නමුත් අක්‍රමවත් හෝ හොඳින් නඩත්තු නොකළ රැවුලක් කෙනෙක්ගේ අඩු වැදගත් පෙනුමක් ඇති කරනවා. ඒ නිසා ඕනෑම කෙනෙක් රැවුල Maintain කිරීම වැදගත් වෙනවා.
වැඩිපුරම භාවිත වන රැවුල් කට් මොනවද?
ගොඩක්ම භාවිත වෙන රැවුල් කට් කිහිපයක් තියෙනවා. එකක් තමයි Full Beard එක. ඒ කියන්නේ සම්පූර්ණ රැවුල නැත්තම් මුහුණ පුරාම ආවරණය වෙන විදිහට පෞරුෂමත් පෙනුමක් ලබාදෙන කට් එක. Short Boxed Beard කියන්නේ වෘත්තීයමය පෙනුමක් ලබාදෙන කට් එකක්. Goatee රැවුල මුහුණට තරුණ පෙනුමක් ලබාදෙන ශෛලියක්. Stubble කියන්නේ අඩු දිගකින් තබා ගන්නා ලිහිල් රැවුල් කට් එකක්. තව Van Dyke, Fade Beard වගේ කට් කිහිපයක් තියෙනවා.
පිරිමි අයගේ වෘත්තිය අනුව රැවුල් කට් එක වෙනස් වෙනවද?
ඔව්, පිරිමි අයගේ වෘත්තිය අනුව ගත්තම ආයතනයක නැත්තම් වෘත්තියක කටයුතු කරන අය සඳහා සරල හා සුළු දිගකින් යුතු Short Boxed Beard, Stubble වගේ රැවුල් කට් හොඳයි. modeling, music, acting වගේ කරන අයට අලුත් විලාසිතා පෙන්වන රැවුල් ශෛලීන් විශේෂයෙන් Full Beard, Van Dyke, Fade Beard වගේ ගැළපෙනවා. තව රැකියාවේ ස්වභාවය හරි සමාජ තත්ත්වය අනුව රැවුලේ හැඩය වෙනස් වෙන්න පුළුවන්. ඉතින් කෙනෙක් වෘත්තියමය පෙනුම රඳවා ගන්නනම් රැවුල හරි විදිහට හැඩගස්වා ගන්න සහ නඩත්තු කරන එක වැදගත් වෙනවා. කොහොම වුණත් හැමෝමට ගැළපෙන එකම රැවුල් කට් එකක් නැහැ. පුද්ගලයාගේ මුහුණේ හැඩය, වයස සහ පුද්ගලික තත්ත්වය අනුව ඒක වෙනස් වෙනවා.
බොහෝ පිරිමි අයට තියෙන ප්‍රශ්නයක් තමයි රැවුල වැවෙන්නේ නැති එක. ඒකට මොන වගේ පිළියම් යොදන්න අවශ්‍යද?
අපි ගන්න ආහාර සහ පෝෂණය ගැන සැලකිලිමත් වෙන්න ඕනෑ. විශේෂයෙන් Protein, Vitamin B7 (Biotin), Vitamin E, Zinc වගේ පෝෂකයන් තිබෙන ආහාර ගන්න අවශ්‍යයි. ඒ වගේම හොඳ නින්දක්,හොඳ සෞඛ්‍ය තත්ත්වයක් රැවුලේ වර්ධනයට බලපානවා. ඊට අමතරව රැවුල වර්ධනයට උදවු වෙන Castor oil, coconut oil, beard oils වගේ ස්වාභාවික තෙල් භාවිත කරන්න පුළුවන්. තව බොහෝ අය වෛද්‍යවරුන් නිර්දේශ කරන Minoxidil වැනි නිෂ්පාදනත් රැවුල වැවෙන්න භාවිත කරනවා. නමුත් ඒවා අනිවාර්යයෙන් වෛද්‍ය උපදෙස් මත පමණක් භාවිත කරන්න ඕනෑ.
රැවුල පිරිමියෙකුගේ පෞරුෂය ගොඩනගන්න හේතු වෙනව ද?
රැවුල කියන්නේ පිරිමියෙක්ගේ පෞරුෂය ගොඩ නඟන එක් අංගයක්. ඉතින් වයසට යන එක වගේම ශරීරයේ හැඩය වෙනස් වෙන එක රැවුලෙන් පේන දෙයක්. ඒ වගේම හොඳින් තිබෙන රැවුලක් කෙනෙක් ගේ පෞරුෂවත් බව විශ්වාසවන්ත බව පෙන්වනවා. සමහර අයට රැවුල නිසා වෘත්තීයමය තත්වය ගරුත්වය වගේ දේවල් ඇති කරනවා. ඒ හින්දා ආකර්ෂණීය රැවුලක් තබා ගන්න හැමෝම උත්සාහ කරනවා.
මේ වෙනකොට රැවුල් කට් කීයක් පමණ තිබෙනවද?
අද වෙනකොට රැවුල් කට් වර්ග 20කට වඩා වැඩි සංඛ්‍යාවක් තියෙනවා. ඒ අතර බොහෝ ජනප්‍රිය සහ භාවිතයට ලක්වෙන කට් කිහිපයක් කිව්වොත් Full Beard, Short Boxed Beard, Stubble, Goatee, Van Dyke, Anchor Beard, Circle Beard, Balbo Beard, Fade Beard, Mutton Chops, Ducktail, Garibaldi, French Fork, Chin Strap, Imperial Beard වගේ ස්ටයිල් නම් කළ හැකියි. ඒවා එක් එක් පුද්ගලයාගේ මුහුණෙ හැඩයට, විලාසයට සහ වයසට අනුව තෝරගන්න අවශ්‍ය වෙනවා.
රැවුල නැති අය රැවුල වර්ධනය කරගන්න විවිධ product භාවිතා කරනවා. ඒවගෙන් ඇතිවෙන ප්‍රතිඵල මොනවද?
Products වලින් රැවුල් වර්ධනය උදව් වෙන්න පුළුවන්, හැබැයි ඒක කෙනෙකු ගෙන් කෙනෙකුට වෙනස්. හොඳ brand එකක් තෝරලා, අනිවාර්යයෙන්ම patch test එකක් කරලා පාවිච්චි කරන්න ඕනෑ. ලොකු side effects තියෙන්නෙ Minoxidil වගේ strong products වලට තමයි.
පිරිමි අය මුහුණට යොදන Facial කරද්දී රැවුල බාධාවක් නොවන ලෙස ඒ treatment කරන්නේ කොහොම ද?
Cleansing වගේ කරද්දී මුහුණේ non-bearded areas (රැවුල නැති තැන්) සේරම වගේ massage කරනවා. රැවුල තියෙන තැන් soft circular motion වලින් Massage කරනවා. තව Beard-specific cleanser (gentle sulfate-free) යොදා ගන්නවා.
ඒ වගේම Exfoliation එකක් කරද්දී රැවුල තියෙන තැන්වලට strong scrub එකක් දාන්නේ නැහැ. ඒ තැන්වලට දාන්නේ enzyme-based exfoliator එකක්. ඒක gentle exfoliate කරනවා. මුහුණ Steam කරද්දී සෘජුවම රැවුලට නැතුව upper cheeks , forehead target කරනවා. Beard soft කරන්න steam එක lightly යොදා ගන්න පුළුවන්. Extraction කරද්දී රැවුල් පෙදෙසෙ කරන්නේ නැහැ. nose, forehead, cheeks වගේ තැන් වල පමණයි කරන්නෙ. Mask කරද්දිත් රැවුල නැති area වලට තමයි apply කරන්නෙ. රැවුල පෙදෙසට නම් hydrating beard oil / serum apply කරනවා mask එක වෙනුවට. Massage කරද්දී රැවුල නැතුවupper face, neck massage කරනවා. රැවුලට beard oil හෝ balm massage එකක් කරන්න පුළුවන්. Moisturizing , Sunscreen කරද්දී රැවුලට beard-specific moisturizer යොදාගන්නවා. Face එකට සාමාන්‍ය moisturizer එකක් භාවිත කරනවා. Facial එකක් පිරිමි අය කරද්දී රැවුලට damage නොවෙන්න කරන්න අවශ්‍යයි.
සුදර්ශනි කෝණාර