
(බිමල් ශාමන් ජයසිංහ)
මිරිහාන මාදිවෙල, කිඹුලාවල ප්‍රදේශයේ වෙල්යායක් අසබඩ පිහිටි "කමත" නැමතිි ස්ථානයේ ඊයේ (01) වන දින රාත්‍රියේ පැවති සංගීත ප්‍රසංගයක් නැරඹීම සඳහා පැමිණි තරුණ තරුණියන් සන්තකයේ තිබී විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය සමඟ 31 දෙනෙකු අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන මෙහෙයුම් ඒකකය පවසයි.
රටම එකට මත්ද්‍රව්‍ය රටින් තුරන් කිරීමේ ව්‍යාපෘතියට සමගාමීව සිදු කරන මෙහෙයුම් අතරතුර නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට ලද රහසිගත තොරතුරක් මත සංගීත ප්‍රසංගය පැවති ස්ථානය අවට මෙහෙයුමක් සිදු කර මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මෙම අවස්ථාවට තරුණ තරුණියන් 600 කට අධික පිරිසක් සහභාගි වී සිටි බවත් ඒ අතුරින් සැකකටයුතු ලෙස හැසිරුණු තරුණයින් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී හා ප්‍රශ්න කිරීමේදී මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි තරුණ පිරිස අත්අඩංගුවට ගත් බවද පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය අතර කුෂ්, පිල් නමැති වර්ගයේ ඩාන්සින් ටැබ්ලට්, මැන්ඩි, හෑෂ්, ගංජා, කේරළ ගංජා, ෆී කැප් නැමැති මත්කරල්, විදෙස් රටවල නිෂ්පාදිත නීති විරෝධී දුම්වැටි සහ අයිස් මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් තිබූ බවද පොලිසිය පැවසීය.
අත්අඩංගුවට පත් තරුණ තරුණියන් මීගමුව, අනුරාධපුර, ගාල්ල, කඩුවෙල, හෝමාගම, නුගේගොඩ, නුවරඑළිය, හැටන් ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවත් මොවුන් වයස අවුරුදු 16 සිට 35 අතර වයස් වල පසු වන අය බවත් පොලිසිය පැවසීය.

