බස්නාහිර ප්‍රධාන ලේකම් ’’පූල් එකට’’: අලුත් ලේකම් පත්වීම ගනී


(අංජුල මහික වීරරත්න)

බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් එස්.එල්.ධම්මිකා කේ. විජයසිංහ මහත්මිය හදිසියේම රාජ්‍ය සේවා සංචිතයට මාරු කරනු ලැබ ඇත.

රාජකාරී අවශ්‍යතා මත අදාළ පියවර ගත් බව රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් බස්නාහිර පළාත් නව ප්‍රධාන ලේකම්වරයා ලෙස  කේ.ජී.පී. පුෂ්පකුමාර  මහතා  පත් කර ඇත.

මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ඊයේ  (06) ජනාධිපති ලේකම් කාර්‍යාලයේදී කේ.ජී.පී. පුෂ්පකුමාර  මහතා වෙත බාර දෙනු ලැබීය.