
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අධිකරණය ඉදිරියේ පෙනී නොසිට දෘෂ්‍ය මාධ්‍ය මගින් නඩු කටයුතු වලට සම්බන්ධ වීමට පහසුකම් සලසන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"නඩු කල් යාමට හේතු වන කරුණු සොයා බලා ඒවාට පිළියම් යෙදීමට අප කටයුතු කරනවා.අධිකරණ පද්ධතියට නවීන තාක්ෂණය ගෙන ඒමේ අභියෝගය ජයගන්නට අප කටයුතු කරනවා. ඒ සඳහා අපරාධ නඩු විධාන සංග්‍රහයට මෙම සංශෝධන ඉදිරිපත් කරනවා.අපරාධ නීතිය අනුව නඩුවක් විභාග කිරීමේදී අධිකරණ පරිශ්‍රයේ සැකකරුවන් මෙන්ම විත්තිකරුවන්ද සිටිය යුතුයි.මේ පාර්ශවයන්ගෙන් එක්කෙනෙක් වත් නැති වුනොත් එදාට නඩුව කල් යනවා. අනිත් ඔක්කොටම රස්තියාදු වෙන්න සිදුවෙනවා.මේක විශාල ගැටලුවක්.නවීන තාක්ෂණය අනුව එය වෙනස් කරගන්න අප නීති සංශෝධනයක් කරනවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.
අමාත්‍යවරයා මේ බව කීවේ අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදයට එක්වෙමිනි.

