කෝටි 500ක කුඩු සමග ධීවරයෝ හයක් මාට්ටු


(ප්‍රසංග පෙරේරා සහ සරත් චින්තක)

නාවික හමුදාවේ දුරදිග මෙහෙයුම් බල ඇණිය  ගැඹුරු මුහුදේ දී අත් අඩංගුවට ගත් මත් ද්‍රව්‍යය විශාල ප්‍රමාණයක් සහිත ධීවර යාත්‍රාවක් අද උදෑසන වත්තල දික්ඕවිට ධීවර වරායට රැගෙන එනු ලැබීය.

නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව මෙම ධීවර යාත්‍රා අත් අගුවට ගෙන ඇති අතර එම යාත්‍රාව තුළ සිටී ශ්‍රි ලාංකික ධීවරයන් 06 දෙනකුද අත් අඩංගුවට ගෙන ඇත.

ධීවර යාත්‍රාව දික්ඕවිට ධීවර වරායට රැගෙන ඒමෙන් පසු එය නිරීක්ෂණය ට පැමිණි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා ප්‍රකාශ කර සිටියේ මෙහි රුපියල් කෝටි 500 ක් පමණ වටිනා අයිස් හා හෙරොයින් කිලෝග්රෑම් 350 ක් පමණ ඇති බවයි.

මෙම හෙරෝයින් හා අයිස් මත් ද්‍රව්‍යය මලු 16, ක පැකට් වශයෙන් අසුරා තිබී ඇත.