
(දිනේෂ් සමරකෝන්)
‘වන සුරැකුම්’ යන නමින් මෙහෙයුම් මධ්‍යස්ථානයක් හෙට ආරම්භ කරන බව පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා පැවසීය.
රක්ෂිත ආරක්ෂා කිරීම, වන අපරාධ සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම, වන අපරාධ මැඩපැවැත්වීම සඳහා මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීම, වන අපරාධ සම්බන්ධයෙන් මෙරට ජනතාවට තොරතුරු ලබා දිය හැකි විශ්වාසනීය ස්ථානයක් ගොඩනැගීම යන අරමුණු මූලික කර ගනිමින් වන සුරැකුම් මෙහෙයුම් මධ්‍යස්ථානය ආරම්භ කරන බව හෙතෙම සඳහන් කළේය.
එම මධ්‍යස්ථානය පැය 24 පුරාම විවෘතව තබන බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (2) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පරිසර අමාත්‍යවරයා පැවසීය.
ඒ අනුව එම මෙහෙයුම් මධ්‍යස්ථානය සඳහා වන අපරාධ සම්බන්ධයෙන් තොරතුරු ලබා දීමට 1995 යන ක්ෂණික දුරකතන අංකය හඳුන්වා දී ඇති අතර මෙම දුරකතන අංකය පැය 24ම ක්‍රියාත්මක වන බවද හෙතෙම සඳහන් කළේය.
වනාන්තර ගිනි තැබීම, අනවසර දැව කැපීම, වනාන්තර අනවසරෙන් එළි පෙහෙලි කිරීම, අලි - ඇතුන් ඇතුළු වනජීවින්ට සිදු කරන අපරාධ, වන උද්‍යාන වලට සහ වනාන්තර පද්ධති වලට හානිකර ක්‍රියාකාරකම් වැනි අපරාධ පිළිබඳ තොරතුරු 1995 ක්ෂණික දුරකතන අංකය හරහා ජනතාවට දැනුම්දීමට හැකියාව පවතී.

