IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


උසම කඳු මුදුන් තුනට වාහනයෙන් යමු

ලංකාවේ දුෂ්කර තැනක්

හග්ගල කන්ද සහ නානු ඔය ප්‍රදේශය

ශාන්තිපුර නැරඹුම් මධ්‍යස්ථානයට පෙනෙන නුවරඑළිය

 

කඳු සහ කඳු නැගීම බො​ෙහා් අයට ප්‍රිය උපදවන උද්‍යෝගීමත් කාර්යයක් නම් නොවෙයි. මන්ද යම් අලසකමක් කඳු නැගීමේදී දක්වන්නේ එය මහන්සිය විඩාව උපදවන දෙයක් හෙයිනි. එම නිසාම පවුලේ සංචාරවලදී කඳුකරය බලා යන බොහෝ අය දෙපයින් කඳු නැගීමට මැලිකමක් දක්වති. එම නිසාම බොහෝ සංචාර දියඇලි, නැරඹීම නුවරඑළියේ ග්‍රෙගරි වැව ආශ්‍රිත විවේකීව ගත කිරීම උද්භිද උද්‍යානවල චරිකා හෝර්ටන් තැන්නේ ඇවිදීම ආදී පහසු කර්තව්‍යවලට සීමාවෙයි. 
  
නමුත් මේ කියන්නට යනුයේ පුංචි එංගලන්තය නොහොත් ලංකාවේ සීතලම ඉසව්ව වන නුවරඑළියේ පිහිටි ලංකාවේ උසම කඳු දුසිමට අයත් වන කඳු ත්‍රිත්වයකට වාහනයකින් යා හැකි සංචාරයක් පිළිබඳවය.   
මෑතකදී අප ගණනය කළ පරිදි ලංකාවේ මීටර් 2000 ට වැඩි කඳු මුදුන් 28ක් පවතියි. ඒ සියල්ලම පාහේ නුවරඑළිය දිස්ත්‍රික්කය හා ඒ අවට විහිදී ඇති අතිශය සුන්දර වූත් බහුතරය තරණයට දුෂ්කර වූත් කඳු මුදුන් වේ. ඒ අතරින් ලංකාවේ උසම කඳු දුසිම අතර පවතින කඳු කිහිපයක්ම නුවරඑළිය නගරයේ පවතියි. පිදුරුතලාගල, දිවියාකන්ද, කිකිළියමාන, සිංගල් ට්‍රී, හක්ගල, කොනිකල් හිල්, දිය ඇලි තුඩුව, උඩරදෑල්ල යන කඳු නුවරඑළිය නගරය වට කොට නැගී ඇති බළකොටු ලෙස පවතියි.   


ඉහත කී කඳු වලින් කඳු 4ක මුදුනටම වාහනයකින් යා හැකි නමුත් උඩ රදැල්ල කන්දට පිවිසීම සීමා කොට ඇත්තේ එය සංචාරයකයින්ට යා හැකි නමුත් උඩ රදැල්ල කන්දට පිවිසීම සීමා කොට ඇත්තේ එය සංචාරකයින්ට වෙන්වූ කලාපයක් නොවන හෙයිනි. උඩරදැල්ල කන්ද මුදුනේ රජයේ බිජ අර්තාපල් ගොවිපොළ පවතින අතර මහජනයාට ඊට ඇතුළුවීමට අවසර නොමැත. ඒ හැර ඉතිරි කඳු ත්‍රිත්වය වන පිදුරුතලාගල, කිකිළියමාන හා සිංගල් ට්‍රී වෙත පහසුවෙන්ම වාහනයකින් යා හැකිවේ.   


ලංකාවේ උසම කඳු විස්ස මෙසේය. පිදුරුතලාගල (2524), කිරිගල්පොත්ත (2388), තොටුපොල (2357), ආග්‍රාබෝපත් (2320), දිවියාකන්ද (2263), සමනළ කන්ද(2243), කිකිලියමාන (2242), ග්‍රේට් වෙස්ටර්න් (2215), හක්ගල (2169), කොනිකල් හිල් (2166), උඩ රදැල්ල (2143), සිංගල්ට්‍රී (2105), මහතුඩුගල (2103), දියඇලි තුඩුව (2076), උඩවේරිය (2060), නමුණුකුල (2036), ගොම්මෝලි කන්ද (2043), එලබැද්ද (2016), බලතුඩුව (2012), බෑන සමනළ (2011)   


තවද මීට අමතරව හඳුනාගත් මීටර් 2000ට වඩා උස කඳු 8ක් පමණ ඇති අතර ඒවා තවමත් නිශ්චිතව නම් කර නොමැත. කෙසේ හෝ කඳුකරය කඳු අතර සැරිසරමින් අපූරු දසුනක් ලබා ගැනීමට නුවරඑළිය යනු කදිම තෝතැන්නකි. 

 
පිදුරුතලාගල යනු ලංකාවේ උසම කන්ද වන අතර එය දළ වශයෙන් පොළව මට්ටමේ සිට මීටර් 600ක් පමණ උස වේ. නුවරඑළිය නගරයේ එක් ප්‍රදේශයක් පුරා පවතින කඳු වැටිය කඳපොළ, මන්දාරම්නුවර, රම්බොඩ හා පුස්සල්ලෑව දක්වා ව්‍යාප්තව පවතියි. ත්‍රිවිධ හමුදා සන්නිවේදන හා රේඩාර් කුලුනු, රූපවාහිනී හා ගුවන්විදුලි සම්ප්‍රේෂණ කුලුනු පවතින බැවින් මෙම මුදුනත ලංකාවේ අධිආරක්ෂිත කලාපයක් බවට නම්කොට ඇත. පසුගිය යුද වකවානු තුළදී ත්‍රස්තවාදීන් මානබලමින් සිටි ස්ථානයක් වන පිදුරුතලාගල වර්තමානයේ පවා හමුදා පාලනය යටතේ පවතින්නකි.   


නුවරඑළිය නගරය සිට කි.මි. 10ක පමණ කඳු තරණයකින් පසු කඳු මුදුනට ළඟාවිය හැකි අතර කන්ද මුදුනේ ගොඩනැගිලි රාශියක් ඇත. දළ වශයෙන් සියයකට ආසන්න සෙබළු පිරිසක් ත්‍රිවිධ හමුදාව අාවරණය වන පරිදි සේවයේ යෙදී සිටිති. කඳු පාමුල ප්‍රථම ආරක්ෂක මුරපොලේ සිට කඳුමුදුනට ඇති කිලෝමීටර් 7ක දුර අඩි 15ක් පමණ පළලට කොන්ක්‍රීට් ඇතිරූ මාර්ගයකි.   


යුදනිමාවෙන් පසු පිදුරුතලාගල කඳුමුදුනට යාමට සාමාන්‍ය ජනයාට රිසියේ හැකියාව ලැබුණු නමුත් දිවියන්, ගෝනුන් හා වල් ඌරන් වැනි පාරිසරික අනතුරු හේතුවෙන් යතුරුපැදි, ත්‍රීවිලර් සහ පයින් ගමන් කිරීම තවමත් තහනම් වේ. පිදුරුතලාගල යනු රක්ෂිත වනයක් වන අතර කඳුකර දිවියන් බහුලව සැරිසරන ඉසව්වකි. එම නිසා ඉහතකී වාහන යුගලය සහ දෙපයින් යෑම හෝ අතරමග වාහන නවතා එළියට බැසීම තහනම් කොට ඇත්තේ ජනතාවගේ ආරක්ෂාව පිණිසය.   


මන්දයත් කන්ද මුදුනට යන හුදෙකලා මීදුම බර මාර්ගයේ නිතැතින්ම වල් ඌරන් ගෝනුන් දැකීම සුලභ වන හෙයිනි. තවද පිදුරුතලාගල සහ ඊට යාබද කිකිළියාමාන රක්ෂිත තුළ ලංකාවට ආවේණික පන්තෙර පර්දාස් කොටියා හෙවත් දිවියා ලෙස හඳුන්වන බිලාල ගෝත්‍රයේ මාශ භක්ෂක සත්වයා වාසය කරන අතර ඇතැම් සාමාන්‍ය ජනයා පවා ඌව යන මාර්ග​ෙය් දැක ඇත. එම නිසා පවුලේ සංචාරයක් යන ඔබට ඔබගේ වාහනයෙන්ම කඳු මුදුනට යා හැකි බවද කන්ද නැගීමට ඇති ඉසව්වේ තරමක් තද බැවුම් සහිත ස්ථාන ඇති බව සිහියට ගත යුතුය.   


තවද තමාගේම වාහන නොමැති අයවලුන් සඳහාම කුලී වෑන් රථ සේවාවක් නුවරඑළිය නගරයේ සහ කන්ද පහළ මුරපොළ ආශ්‍රිතව පවත්වාගෙන යන්නේ නුවරඑළිය වැසියන් මගින්ය. එහිදී යාමට ඒමට සහ කන්ද උඩට කාලය ගත කිරීමට පහසුකම් ලබාදෙමින් රැපියල් දෙදහසේ සිට වෑන් රථ ලබාගත හැකිය. එමගින් ඕනෑම කෙනෙකුට ඉතාමත් පහසුවෙන් මුහුදු මට්ටමේ සිට අඩි 8280ක් උසින් පිහිටි පිදුරුතලාගල කඳු මුදුනට ළඟා විය හැකි.   


පිදුරුතලාගල යනු තෙත් කලාපීය, කඳුකර වනාන්තරයක් වන අතර නිතරම වර්ෂාව හා අධික මිදුම පවතින ඉසව්වකි. ජල පෝෂක ප්‍ර​ෙද්ශයක් වන මෙය ඇතැම් විට වලාකුළු වනාන්තරයක් ලෙසද ක්‍රියා කරයි. මහරත්මල් හා කුරු ශාක පවතින කන්ද ජෛව විවිධත්වයකින් අනූන වූත් රක්ෂිතය තුළ පතන හා තැනිතලා සහිත ප්‍රදේශ පවතින ජල මූලාශ්‍ර බහුල පාරිසරික සංවේදී කලාපයකි.   


පසුව නුවරඑළිය නගරයට පැමිණ ශාන්තිපුර ගම්මානයට යා හැකිය ගෝල්ෆ් පිටිය පසුකොට රම්බොඩ දෙසට මද දුරක් යනවිට හමුවන බඹර කැලේ ප්‍රදේශයේ අතුරු මාර්ගයකින් ශාන්තිපුර බලා දිවෙන මාර්ගයට යා හැකිය. එම මාර්ගයේ ගිය පසු ඔබ පිවිසෙන්නේ ශාන්තිපුර ගම්මානයටයි. එම මාර්ගය තවදුරටත් ඉදිරියට යන අතරතුර එහි අවසානය නම් උඩරදැල්ල බීජ ගොවිපොළයි. මුහුදු මට්ටමේ සිට මීටර් 2000කට වැඩි උසකින් පවතින ශාන්තිපුර ගම්මානයේ නැරඹුන් මැදිරියට මුළු නුවඑළිය නගරය හා වැව අශ්‍රිත ප්‍රදේශය ඉතාමත් අපූරුවට දැකගත හැකිය.   

 

 

තවද ඒ අශ්‍රිත ඇති කලා පුර යුනික් විව් ආදී ගම්මානවලද ජනයා වාසය කරති. නුවරඑළියේ කඳු මුදුනක පිහිටි තවත් විශාල ජනාවාස ඉසව්වක් වන ශාන්තිපුර තේ වතු යායක මුදුනේ ලංකාවේ උසින්ම පිහිටි නිවස පිහිටයි. එය දළ වශයෙන් මීටර් 2100ක පමණ උසකින් පිහිටා ඇත. ශන්තිපුර නගරය මැද මංසන්ධියෙන් කිකිළියමාන පාරට හරවා ඉදිරියටම ගමන් කළ යුතුය. පසුව එය නැවතත් දකුණට හැරී ඍජුවම කිකිළියමාන කඳු මුදුනට දිවෙන මාර්ගයට සම්බන්ධ වෙයි.   


මෙම මාර්ගයේ කිලෝමීටර් 2ක් පමණ ගිය පසු කිකිළිමාන රක්ෂිතයට ඇතුළුවී ගුවන් විදුලි හා රූපවාහිනී සන්නිවේදන කුලුනු පිහිටි මුදුනත සහ පොලිස් සන්නිවේදන කුලුනු පිහිටි මුදුනත ලෙස මුදුන් දෙක දැකගත හැකිය. මින් මීටර් 2242ක ඉහළින්ම පිහිටි ඉසව්ව නම් පොලිස් කුලුනු පිහිටි ස්ථානයයි. එහෙත් ඊට ඇතුළු වන ස්ථානයේම අනවසර​ෙයන් ඇතුළුවීම තහනම් ලෙස නාම පුවරුවක් දමා විවෘත මාර්ගයෙන් පවතියි.   


නමුත් ඊට ප්‍රථම හමුවන අනෙක් කුලුන පිහිටි ඉසව්වම යා හැකිය. කඳු මුදුන විශාල තුරු ලතාවලින් වැසි පවතින අතර බොහෝ විට සුදු මීදුම දසතම වෙළාගෙන සිටියි. මෙම රක්ෂිතයේද දිවියන් වාසය කරන බැවින් අපරීක්ෂාකාරී ලෙස රක්ෂිතයට ඇතුළුවීම තහනම්ය. ජල මූලාශ්‍ර පවතින මෙම කන්දේ කඳුකර තෙත් කලාපීය වනාන්තර ලක්ෂණ පෙන්නුම් කරයි.   


කිකිළියාමාන කන්දට පැමිණෙන ඔබට නිතැතින්ම ශාන්තිපුර ගම්මානයේ සුන්දරත්වය විඳීමට හැකිවේ. කඳු පන්තිවලින් වටව අැති ගම්මානය බොහෝ විට මීදුමෙන් වෙළා ගැනෙන්නේ ගම්මානය අතුරුදන් කරවමිනි. තවද මෙහි සිට සිංගල් ට්‍රී කන්දට යා හැකි අඩි පාරක් පවතින නමුත් එහි යාම නීත්‍යානුකූල නොවන්නේ රක්ෂිත හෙයිනි. තවද යුනික්විව් නමින් කුඩා ගම්මානයක් එම මාර්ගයේ යාමේදී දක්නට ලැබෙන අතර එය නායයාම පිළිබඳ අනතුරුදායක ස්ථානයකි. වර්ෂාව මදක් තිබුණද අඳුරු අහස මීදුම් සළු පොරවාගෙන සිටියද බොහෝ ස්ථානවල කූඩැල්ලන් දක්නට නොලැබුණේ මීටර් 2000කට වැඩි උස් සීත අධික ඉසව්වල උන්ට ජිවත්විය නොහැකි නිසා විය හැක. කෙසේ නමුත් නැවතත් නුවරඑළිය නගරයට ගමන් අරඹා යා යුතු වන්නේ සිංගල් ට්‍රී කන්දටයි. ඒ අතරතුර ඔබව නුවරඑළියේ සම්ප්‍රදායික නැරඹුම් ස්ථාන සහ අවශ්‍ය නම් ග්‍රෙගරි වැව ඉස්මත්තේ විවේකීව කාලය ගත කළ හැකිය.   


තවද නුවරඑළිය බොහෝ දෙනකු නොයන තවත් සුන්දර ඉසව්වක් පවතියි. එය පිහිටා ඇත්තේ ග්‍රෙගරි වැව ඉස්මත්තේ උඩ පුස්සැල්ලාව මාර්ගයට වන්නටය.   


හෙක්ටයාර 27කින් පමණ හෙබි ගැල්වේස්ලෑන්ඩ් ජාතික උද්‍යානය ඉතා කුඩා කලාපයකි. නගරය මැදට වන්නට පිහිටි පාරිසරික මූලාශ්‍රයක් වන මෙහි පක්ෂීන් බහුලව දැකගත හැකිය. එම නිසා සුන්දර නුවරඑළියේ මෙවැනි ස්ථාන නැරඹීම හා විඳීම පාරිසරික වැදගත්කම හා විවිධත්වය පිළිබඳව කදිමට ඉගෙනගත හැකිවේ.

   
කඳුයාය අතරින් අශ්ව පිට්ටනියේ ඔබ මොබ දුවන අසුන් අතරින් බදුල්ල පාර දිගේ යනවිට සිංගල් ට්‍රී පාර දැකගත හැක. ස්වර්ණබෝධි පන්සලට යන එම පටු මාර්ගයේ බස්රථ එකකට යාමට තරම් ප්‍රමාණවත්ය. තාර ගැලවුණු මාර්ගය පන්සල අසලට යනතුරු සතුටුදායක මට්ටමක පවතියි. ඉන් එහාට යාමට නම් 4WD රථයක් හෝ යතුරුපැදි අවශ්‍ය වේ. ඒ හැරණු විට පයින් යාම ඉතාමත් පහසුවක් ගෙන දේ. මන්ද ගල් කැබලි, පස් කණ්ඩි අතරින් වාහනය ධාවනය කරන වේගයට සමාන වේගයකින් දෙපයින් ගමන් කළ හැකි හෙයිනි.   


වංගු ගැසී යන මාර්ගයේ යාම වඩාත් උචිත වන අතර කෙටි මං සොයායාම ඔබේ දෙපයට දැඩි වෙහෙසකර විය හැක. අඩි 5ක් පමණ පළලැති මාර්ගය සිංගල් ට්‍රී කන්ද මුදුනත දක්වාම පවතියි. කඳුමුදුනේ දුරකථන සන්නිවේදන කුලුන හා රූපවාහිනී කුලුනු පවතින හෙයින් දෛනිකව වැඩ අවශ්‍යතා සඳහා ජීප්රථ මෙම මාර්ගයේ ගමන් කරනු ලබයි. පන්සල පසුකොට යනවිට කිසිදු ජනාවාසයක් හමු නොවන නමුත් කඳුයායම තේ වගාවෙන් වැසී ඇති හෙයින් තේ දලු නෙළනන්ව දැකගත හැකිය.   


සිංගල් ට්‍රී කන්දට වැඩි වශයෙන් දේශීය සංචාරකයන්ගේ නෙතු නොගැටුණද මෙම කඳුමුදුනට ලංකාවේ උසම කඳු දුසිම දැකගත හැකිවීම සුවිශේෂී කරුණකි. පසෙකින් පිඳුරුතලාගල සහ දිවයාකන්ද දක්වාත් පසෙකින් හග්ගල කොනිකල් හිල් සහ දියඇලි තුඩුව දක්වාත් තවත් පසෙකින් හෝර්ටන් තැන්නේ කඳු ත්‍රිත්වය සහ සමනල කන්ද සමග යන්තමින් ග්‍රේට් වෙස්ටර්න් කන්දත් අනෙක් පසින් මුවාවූ උඩ රදැල්ල සහ කිකිළියමාන පැහැදිලිව දැකගත හැකිය. 

 
ඊට අමතරව අවශේෂ කඳු වශයෙන් ඩෙල් කන්ද, පීස්ටන් කන්ද, ඇල්බැද්ද, හරිතකන්ද, දෙතනගල,   


බල්ලාබැඳිගල සහ සප්ත කන්‍යා කඳුවැටිය දක්වා දැකගත හැකිය. ගල්බොරලු පිරුණු රළු මාර්ග ඉහළ පිහිටි සන්නිවේදන කුලුනුවලට ඇතුළුවන ගේට්ටුව අසලින් නිමවේ. ඊට අඩි කිහිපයක් පටු අඩි පාරකින් ගොස් වමට දිවෙන කැලෑ මාර්ගය වනුයේ මා පෙර කී යුනික් විව් ගම හරහා ශාන්තිපුර වෙත ගමන් කරන වනගත මාර්ගයයි. සිංගල් ට්‍රී වචනයේ අරුතයෙන්ම එක් ගසක් ඇති කන්දක් නොවෙයි. නමුත් මීට නම ලැබුණු ආකාරය ගැන ප්‍රමාණවත් තොරතුරු අපට සොයාගත නොහැකි විය.   


විවිධ සමනලුන් වර්ග, දළඹුවන්, අරුමෝසම් මල් වර්ග සහ තේ වලින් කන්ද පෝෂණය වී ඇත. ග්‍රෙගරි වැව, රදැල්ල ගම්නය හා දුම්රිය පොල හෝර්ටන්තැන්නට යන මාර්ගය සහ අඹේවෙල ආශ්‍රිත සුළං කුලුනු පවා මෙම ස්ථානයට දැකගත හැකිය.   


එක් දිනකදී වුව නිසි ලෙස සැලසුම් කළ හොත් මෙම කඳු මුදුන් ත්‍රිත්වය පහසුවෙන් වාහනයකින් තරණය කළ හැක.   

 

 

මෙලෙස නුවරඑළියේ සැඟවුණු සුන්දර ඉසව්වලට යාම තුළින් සාම්ප්‍රදායික කඳුකර නිවාඩුව ඔබට තරමක සුවිශේෂ ක්‍රියාදාම නිවාඩුවක් කරගත හැක. මන්ද කර්කශ කොන්ක්‍රීට් වනාන්තරවල තට්ටු ගණන් උස ගොඩනැගිලිවල ඉහළට ගොස් විඳින දුම් මිශ්‍රිත අපිරිසිදු වාතය වෙනුවට නැවුම් හරිත පැහැයෙන් උපදින මිදුම් වළලු මතින් රිංගන වාත්‍රාශ්‍රයේ මිහිර විඳගත හැකි හෙයිනි. නුවරඑළිය නගර සීමාව පවා ජනාකීර්ණ වූ යුගයක හුදෙකලාව ඔබ මම එනතුරා බලා සිටින සෙසු සුන්දර ස්ථාන කරා යාම සහ ඒවා දැකබලාගැනීම නැවුම් සංචාරක අත්දැකීමක් වනු නොඅනුමානය.   


යටත්විජිත දවස පටන් නුවරඑළිය යනු තවත් පුංචි එංගලන්තයක් විය. මෙහි පවතින පැරණි ගොඩනැගිලි වල බාහිර පෙනුම හා අලංකාර බව රටේ ප්‍රධානතම අපනයන භෝගය වන තේ වල ඉමිහිරියාව සහ මුහුදු මට්ටමේ සිට මීටර් 2000ක උසින් යුත් නිතරම සීතලේ පවතින නගරයකි. නැවුම් එළවළු සහ පලතුරු වගාවෙන් පරිපූර්ණ ජල පෝෂක වලින් අනූන කඳුවැටි අතර සැඟවුණු නුවරඑළිය සොබාදහම් නිර්මාණ සියල්ලම පිරි ස්ථානයකි.   
අතීතය නානුඔය සිට නුවරඑළිය හරහා රාගලට දුම්රිය මාර්ගයක් පැවති බවත් එය පසුකාලීනව දුම්රිය ගමන් කිරීමේදී ඇතිවූ තාක්ෂණික ගැටලු නිසා නවතා දැමූ බවත් කියැවේ. එදා වසා තිබූ දුම්රිය පොළවල් අද වෙනත් අවශ්‍යතා සඳහා යොදාගෙන හමාරය. තාක්ෂණය මෙපමණ නොදියුණු කලක සුද්දා විසින් දැඩි වංගු හා ප්‍රපාත අබිබවා යමින් නුවරඑළියට පුංචි කෝච්චියක් ගෙන ගියද පසුව ප්‍රමාණවත් තාක්ෂණික දැනුමක් නොමැතිකමින් සිදුවූ අනතුරුදායක තත්ත්වය නිසා එය සඳහටම පස්යට වැළලුණි. එසේ නම් වර්තමානයේ අපට නුවරඑළිය හරහා රාගල හෝ වලප​ෙන් ප්‍රදේශයට දුම්රිය මාර්ගය තවත් පුළුල් කිරීමට ඇත්නම් එය කොතරම් සුන්දර හා ප්‍රයෝජනවත් වේද?   


සීතල නුවරඑලියේ උස් කඳු මුදුන් තරණය කරමින් ඔබට ඕනෑම වෙලාවක ඕනෑම දෙයක් දැන ගැනීමට අප​ෙග් මුහුණු පොත හා සම්බන්ධ විය හැක. (Travel in sri lanka sobasiri) තවත් පහසුවෙන් සොයාගත හැකි නමුත් ඔබ තවමත් නොදන්නා සුන්දර ඉසව් තුළින් ලබන සතියේ හමුවෙමු.   

 

 

 


සංචාරක සටහන හා ඡායාරූප 
ශමින්ද රන්ශාන් ප්‍රනාන්දු   



අදහස් (0)

උසම කඳු මුදුන් තුනට වාහනයෙන් යමු

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10908 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6203 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5918 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5231 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3227 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1702 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1444 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site