IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


මව් කුසට පැමිණි හැටි යළි ඉපදී හෙළි කරති

පෙරභවයේ ප්‍රබල සාක්ෂි

 

මරණින් පසු යළි ඉපදීම දක්වා සිදුවූයේ කුමක්ද? යන්න අනාවරණය වූ පුනර්භව සාධක ඉතා දුර්ලභය. ලොව පර්​ෙ‌ය්ෂණවලට ලක්වූ පෙරභවය හෙළි කළ දරුවන් තුන්දහස් පන්සියයක පමණ ප්‍රමාණයකින් මව් කුසට පැමිණි අයුරු හෙළිකළ සිදුවීම් ඇත්තේ සියයකටත් වඩා අඩු ප්‍රමාණයකි. ශ්‍රී ලංකාවේද එවැනි සිදුවීම් ඇත්තේ විස්සකටත් වඩා අඩුවෙනි. 
  
ඇතැම්විට පෙර භවය හෙළි කළ දරුවාගේ උපතත් පෙරභවයේ පුද්ගලයාගේ මරණයත් අතර කාලය වසර ගණනාවක් බවට ද පත් වී ඇත. එවැනි කාල පරිච්ඡේද අනුව ඔවුන් වෙනත් ජීවිතයක් හෝ කිසියම් බලවේගයක් ලෙස සිට ඇති බැව් හෙළිවේ. එවැනි පුනර්භව සිදුවීම්වලදී මරණය සහ උපත අතර ජීවිතය (INTERMEDIATE LIFE) ලෙස හැදින්වේ. එවැනි සිදුවීම් පුනර්භව පර්​ෙ‌ය්ෂණවලට ඇතුළත්වී ඇත්තේ (MISCELLANEOUS CASES OF REINCARNATION MEMORIES) යනුවෙනි.   


ඒ යටතේ මරණින් පසු මව් කුස දක්වා පැමිණි අයුරු හෙළි කළ දරුවන් කීප දෙනෙක් අතිශය පුදුම තොරතුරු​ හෙළි කළහ. ශ්‍රී ලංකාවේ දරුවන් මහින්ද මරණින් පසු යළි උපත සිදුවීම දක්වා ගමන් මග හෙළි වූ අවස්ථා ඇත. පෙර භවයේ ජීවිතය අවසන් වීමෙන් පසු යළි මව් කුසට එන තුරු ගත කළ ජීවිතයක් හෙළි කළ ශ්‍රී ලංකාවේ ප්‍රථම දරුවා උපත ලැබුවේ බලංගොඩ ප්‍රදේශයේදීය.   


මිනීමැරුමක තොරතුරු හෙළි වූ එම පුනර්භව සාධකයේ පෙර භවයේ තැනැත්තා එල්ලා මරණ ලද අයෙකු වීම විශේෂත්වයක් විය. හැ​​ෙට් දශකයේදී සියුම් පර්​ෙ‌ය්ෂණයකට ලක්වූ එම දරුවාගේ උපත සිදුවීම ශාරීරික අඩු පාඩු සහිතව වීම ද විශේෂත්වයක් විය. 1947 වසරේදී උපත ලද එම දරුවා වයස අවුරුදු තුනේදී පෙර භවය හෙළි කළේය.   


පෙර භවයේදී බිරියට පිහිපහර එල්ල කර මරණය සිදු කිරීම නිසා ඔහුට මරණීය දණ්ඩනය නියම වූ බැව් එම දරුවා පැවසීය. එම මිනී මැරුම සිදු කිරීම නිසා පෙර භවයේදී ඔහුට එල්ලුම් ගස නියමව මරණය සිදුවූයේ 1928 වසරේදීය.   


එහිදී පෙරභවයේ මරණයත් යළි උපත සිදුවූ දිනත් අතර කාලය වසර දහ අටක් පමණ විය. එම දරුවා පෙරභවය පිළිබඳව තොරතරු අනාවරණය වීම ද සිදු වූයේ පුදුම උපදවන අයුරිනි. යන්තම් කතා කිරීම ආරම්භ කළ ඔහු තනිවම කතා කරමින් තම අතේ සහ පපුව ප්‍රදේශයේ පැවැති ආබාධිත තත්ත්වය ඇති වීමට හේතුව ප්‍රකාශ කිරීමය.   


තම පුත්‍රයාගේ කතාවෙන් පැහැදිලි වූ​ෙය් පෙර භවයේ බිරියගේ මරණය සිදුකර ඇති බවකි. අනතුරුව එම දරුවා පෙරභවයේ පදිංචිව සිටි ගම් ප්‍රදේශය සහ ඔහු බන්ධනාගාර ගත වූ අත්දමත් අනාවරණය කළේය. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේදී සිදු කරනු ලබන ක්‍රියාවලියද ඔහු නිවැරදිව ප්‍රකාශ කිරීම ද විශේෂත්වයක් විය.   

මරණය සිදුවීමෙන් පසු විවිධ ස්ථානවල රැඳී සිට යළි ඉපදීමට මවක් හමුවන තුරු මඟ බලමින් සිටි බැව්ද ඇතැම් දරුවන්ගේ මතකයේ තිබේ. එවැනි දරුවන් කීප දෙනෙක් ද පර්​ෙ‌ය්ෂණ අතර සිටිති. පෙර භවයේ මරණින් පසු යළි උපත ලැබීමට මව් කුසක් තුළට එන තුරු ගසක අත්තක රැඳී සිටි බවක් හෙළි කළ දරුවෙක් බුරුමයේදී උපත ලැබීය. බොන්කච් නම් එම දරුවා පෙර භවය ගැන හෙළි කරමින් කියා සිටියේ ඔහු රැඳී සිටියේ උණ පඳුරක් මත බවය. පෙර භවය හෙළි කළ ඇතැම් දරුවන්ට තම මළ සිරුර ගෙන ගිය ගමන් මාර්ගයත් ඒ වන විට ඔවුන් රැඳී සිටි ස්ථානත් මතකයෙන් හෙළි කිරීමට හැකියාව තිබිණි. 


මේ පිළිබඳව පර්​ෙ‌ය්ෂණයක යෙදුන මහාචාර්ය ස්ටීවන්සන් සහ ෆ්‍රැන්සිස් ස්ටෝරි යන මහත්වරුන් විසින් ඔවුන්ගේ පර්​ෙ‌ය්ෂණ වාර්තාවලට ද එම කතා පුවත ඇතුළත් කර තිබේ. මෙම පුනර්භව සාධකයේ උපත සහ මරණය අතර ඇති කාලයට විසඳුමක් ලෙස එම දරුවාගේ ප්‍රකාශය ප්‍රබල සාක්කියක් බවට පත්විය. මරණය සිදුවීමෙන් පසු පියාසර කිරීමේ හැකියාවක් තිබූ බැව් ඔහුගෙන් ප්‍රකාශ කෙරිණි.   


මරණින් පසු ගිනිගොඩකට වැටුණ ලෙස දැනුණ බවද ඔහු කීය. අනතුරුව ගසක අත්තක් මත සිටි බවක්ද ඔහුගේ මතකයේ තිබිණි. ඒ බැව් මහාචාර්ය ස්ටීවන්සන්ගේ වාර්තාවකද සඳහන් වන්නේ (HE HAD FLITTED THROUGH THE AIR AND PERCHED ON TREE TOPS AND INTERMEDIATED LIFE AS A BIRD) යනුවෙනි. යළි මිනිස් භවය ලැබීමට පළමු ඔහු කිසියම් පක්ෂියෙකු ලෙස සිටි බවට එය ප්‍රබල සාක්කියක් විය.   


මේ අතර පෙර භවයේ මරණය සිදුවීමෙන් පසු එක් වරම මව් කුසට පැමිණි අයුරු හෙළි කළ දරුවෝද සිටිති. ඇතැම් දරුවන් ප්‍රකාශ කළේ මව හමුවී ඇය මඟින් උපත ලැබූ බැව්ය. තවත් දරුවෙක් පියාව හමුවී පියා සමඟින් පැමිණි බැව් අනාවරණය කළේය. රථ වාහනවල නැගී නිවසට පැමිණි අයුරු හෙළි කළ දරුවෝද සිටිති.   


මරණය සිදුවීමෙන් පසු විවිධ ස්ථානවල රැඳී සිට යළි ඉපදීමට මවක් හමුවනතුරු මඟ බලමින් සිටි බැව්ද ඇතැම් දරුවන්ගේ මතකයේ තිබේ. එවැනි දරුවන් කීප දෙනෙක් ද පර්​ෙ‌ය්ෂණ අතර සිටිති.   


පෙර භවයේ මරණින් පසු යළි උපත ලැබීමට මව් කුසක් තුළට එනතුරු ගසක අත්තක රැඳී සිටි බවත් හෙළි කළ දරුවෙක් බුරුමයේදී උපත ලැබීය. බොන්කච් නම් එම දරුවා පෙර භවය ගැන හෙළි කරමින් කියා සිටියේ ඔහු රැඳී සිටියේ උණ පඳුරක් මත බවය. පෙර භවය හෙළි කළ ඇතැම් දරුවන්ට තම මළ සිරුර ගෙන ගිය ගමන් මාර්ගයත් ඒ වන විට ඔවුන් රැඳී සිටි ස්ථානත් මතකයෙන් හෙළි කිරීමට හැකියාව තිබිණි.   


බදුල්ල ප්‍රදේශයේදී උපත ලද දරුවකු පිළිබඳව මීට වසර ගණනකට උඩදී පර්​ෙ‌ය්ෂණයක් පැවැත්වීමට අවස්ථාව ලැබිණි.   


ඒ වන විට තෙහැවිරිදි වියේ පසුවූ එම දරුවා පෙරභවය අනාවරණය කරමින් ට්‍රැක්ටර් රථයක් පෙරළීමෙන් මරණය සිදුවූ බැව් කියා සිටියේය. එදා අප එම දරුවාගෙන් ඒ පිළිබඳව විමසූ විට ඔහුට ඉදිරිපත් කළ ප්‍රශ්නත් ඔහු දුන් පිළිතුරුත් ඒ අයුරින්ම මෙසේය.   


ප්‍රශ්නය - ඔයා ඉස්සර හිටියදී මොක ද වුණේ?   
පිළිතුර - ට්‍රැක්ටරය පෙරළුණා.   
ප්‍රශ්නය - කොහේදීද?   
පිළිතුර - වැලිමඩ දී.   
ප්‍රශ්නය -කොහේ යන විටද?   
පිළිතුර - මතක නෑ.   
ප්‍රශ්නය - ට්‍රැක්ටරයෙ මොනවද තිබුණේ?   
පිළිතුර - අල.   
ප්‍රශ්නය - ට්‍රැක්ටරය එළෙව්වෙ කව්ද?   
පිළිතුර - මම.   
ප්‍රශ්නය - ට්‍රැක්ටරය කාගෙද?   
පිළිතුර - අපේ.   
ප්‍රශ්නය - ඔයාට තුවාල වුණාද?   
පිළිතුර - මැරුණා.   
ප්‍රශ්නය - ඊට පස්සෙ මොකද වුණේ?   
පිළිතුර - මගේ මිනිය පෙරහරේ අරගෙන ගියා.   
ප්‍රශ්නය - පෙරහරේ අරන් ගියේ කොහොමද?   
පිළිතුර - බෙර ගගහ. පෙට්ටියක දාගෙන.   
ප්‍රශ්නය - ඔයා එතකොට කොහේද හිටියෙ?   
පිළිතුර - සොල්දරේ උඩ.   
ප්‍රශ්නය - සොල්දරේට ආවේ කොහොමද?   
පිළිතුර - ඉස්පිරිතාලෙ ඉඳලා.   
ප්‍රශ්නය - ආවේ කා එක්කද?   
පිළිතුර - තනියම.   
ප්‍රශ්නය - උඩ තට්ටුවෙ සිටිද්දී ඔයා මොකද කළේ?   
පිළිතුර - මිනිය දිහා බලා හිටියා.   
ප්‍රශ්නය - ඔයාව අරන් ගියේ කොහේටද?   
පිළිතුර - සොහොනකට.   
ප්‍රශ්නය - එතන කව්ද හිටියෙ?   
පිළිතුර - මතක නෑ.   
ප්‍රශ්නය - එතන සිටියදී මොකද කළේ?   
පිළිතුර - ඇවිද්දා.   
ප්‍රශ්නය - ඊට පස්සෙ මොකද වුණේ?   
පිළිතුර - මේ අම්ම ළඟට ආවා.   
ප්‍රශ්නය - අම්මා කොහේද හිටියෙ?   
පිළිතුර - ගෙදර.   


මේ අයුරින් පෙරභව තොරතුරු හෙළි කළ දරුවාගේ ප්‍රකාශ තුළ තිබූ ප්‍රබලතම සාක්කිය බවට පත්වූයේ ඔහු ඒ වන විට කිසිදු අවමංගල උත්සවයක් නොදැක තිබීමය. තම දරුවා මළ සිරුරක් පෙට්ටියක බහා තැබූ දර්ශනයක් ඔහු නොදැක සිටියදී මළ සිරුර පෙට්ටියක දමා තිබූ අයුරු ඔහු හෙළි කළ බැව්ද දෙමාපියෝ පැවසූහ.   


බුරුමයේ පුනර්භව සිදුවීමක් හෙළි කළ දැරියකගේ ප්‍රකාශයක් මගින්ද මරණය සිදුවීමෙන් පසු මව වෙත පැමිණි අයුරු අනාවරණය විය. පුනර්භව පර්​ෙ‌ය්ෂකයෙකු වූ ෆ්‍රැන්සිස් ස්ටෝරි විසින් සිදුකළ එම පර්​ෙ‌ය්ෂණයේ දී දැරියගේ පෙරභව තොරතුරු සිහිවීම සිදුවී ඇත්තේද පුදුමාකාර අයුරිනි. වයස අවුරුදු හයක්ව සිටි සම්රුන් නම් එම දැරියට දිනක් මව විසින් නිවස පිරිසිදු කරන ලෙස පැවසුවාය. ඉන් කෝපයට පත් වූ ඇය,  
“මට මගේ ගෙදර යන්න ඕනෑ. ඒ අම්ම නම් කවදාටත් මට වැඩ කියන්නෙ නෑ” යැයි කීවාය.  


මවිතයට පත් වූ මව “ඒ අම්මා කොහේද ඉන්නේ?” යැයි විමසීමක් කළාය. එ්  


එමගින් පෙර භව මතකය අවදි වූ දැරිය ඇය සිටි ගම් ප්‍රදේශය හෙළිකළාය. එහෙත් දෙමාපියෝ ඒ පිළිබඳව කිසිදු අවධානයක් යොමු නොකළහ. මාස කීපයක් ගතවිණි. දිනක් දොඩම් වෙ​ෙළඳාමේ නියුතු කාන්තාවක් නිවසට පැමිණියාය. 

 
ඇය දෙ‌ාඩම් රැගෙන පැමිණි ගම් ප්‍රදේශය හෙළි කරමින් ඒවා අලෙවි කිරීම සඳහා නිවැසියන් සමඟ කතා කළාය. එම ගම් ප්‍රදේශය ගැන ශ්‍රවණය වූ විගස අසල සිටි දැරිය ඉදිරිපත් වූවාය. වෙළෙඳාමේ යෙදී සිටි කාන්තාව වෙත පැමිණ ඇය මා එම ගම් ප්‍රදේශයට රැගෙන යන ලෙස ඉල්ලා සිටියාය. එම කාන්තාව මඟින් දැරියගේ පෙරභව නිවස සොයා ගැනීමට අවස්ථාව ලැබිණි. පෙරභවය සනාථ වීමෙන් පසු දියණිය ඇමතූ මව,   
“එහෙ ඉඳල මෙහෙ ආවේ කොහොමද?” යැයි ප්‍රශ්න කළාය. එයට පිළිතුරු දුන් දැරිය ‘‘මම ආවේ අම්මත් එක්ක බස් එකෙන්. ඔයාගෙ ඇඳුමෙ එල්ලිලා’ යැයි පිළිතුරු දෙනු ලැබුවේ මව මවිතයට පත් කරමිනි. එම දැරියගේ ප්‍රකාශය පර්​ෙ‌ය්ෂණ වාර්තාවකට ඇතුළත් කර ඇත්තේ.  


(YOU DON'T KNOW ANYTHING ABOUT IT OF COURSE I CAME WITH YOU. YOU TOOK THE BUS I HUNG ONTO YOUR CLOTH' යනුවෙනි.  


හලාවත ප්‍රදේශයේදී උපත ලද දැරියක්ද පෙර භවයේ මරණින් පසු දැන් මව වෙත පැමිණි අයුරු හෙළි කළාය. ඇය පැවසුවේ පෙරභවයේදී සිය ජීවිතය අවසන් වූයේ කතරගම ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරක් නිසා බවය. ඒ පිළිබඳව සිදු කළ පර්​ෙ‌ය්ෂණයේදී පෙරභව නිවෙස් සහ ඥාතීන්ද සොයා ගැනීමට ඇයට හැකි විය.  


යළි ඉපදීම සඳහා මව හමුවීම සිදුවූයේ කතරගම දී බැව් මෙම දැරිය ප්‍රකාශ කළාය. ඇගේ ප්‍රකාශය පිළිබඳව දෙමාපියෝ දැඩි විමර්ශනයක යෙදුණහ. එහිදී සනාථ වූ සිදුවීමක් ද අතිශය වැදගත් විය. පෙර භවය හෙළි කළ දැරියගේ උපත සිදුවීමට ප්‍රථම මව කතරගම ගියාය. එහිදී ආහාර ගැනීමට සැමියා සමඟ වෙළෙඳ සලකට ගියහ. එම වෙ​ෙළඳසලේ ටික වේලාවක් නතර වී සිටි බැව් ඔවුන්ගේ මතකයේ තිබිණි. දියණිය විසින් හෙළි කළ පෙර භවයේ මියගිය දැරියගේ දෙමාපියන් වූයේ එම වෙළෙඳසල හිමිව සිටි යුවලය. මියගිය දැරිය සිටියේද එම වෙළෙඳසල පිහිටි නිවසේය. ඇගේ ජීවිත තොරතුරු නිවැරදිව සනාථ කිරීමට එදා මෙම පුනර්භව සාධකයේදී අවස්ථාව ලැබිණ.  


යළි ඉපදීමට මව හමුවූයේ කෙසේදැයි එදා ඇගෙන් විමසූ විට ඇය ප්‍රකාශ කළේ ‘කතරගමදී’ යනුවෙනි. ඇගේ එම අනාවරණය කිරීම අතිශය පුදුම උපදවන්නක් බැව් දෙමාපියෝ පැවසූහ.  


යළි ඉපදීම සඳහා මව වෙත පැමිණි අයුරු ඉතා හොඳ මතකයකින් හෙළි කළ දරුවකු තායිලන්තයේ සිදුකළ පර්​ෙ‌ය්ෂණයක දී හමුවී ඇත. බොන්කඩ් කිච් නම් එම දරුවා විසින් හෙළි කරනු ලැබූවේ වයස අවුරුදු විස්සක් වූ තරුණයෙකුගේ ජීවිත තොරතුරුය. එම තරුණයාගේ මරණයට හේතු වූයේ කොලරාව රෝගය වැලදීමය. තම මරණය සිදුවීමේන් පසු නිවස තුළ සිටීමට උත්සාහ ගත් බවත් එහෙත් නිවසේ පැවති දානමය පින්කමක් සිදු කිරීමට භික්ෂූන් වහන්සේ පැමිණීම නිසා නිවසින් පිටතට පැමිණි බවත් කීය. අනතුරුව තම මව නිවසින් පිටතට එනතුරු බලාසිටි බැව්ද එම දරුවා හෙළි කළේය. බොහෝ වේලාවක් ගෙමිදුලේ රැඳී සිටියදී බාල්දියක් රැගෙන කාන්තාවක් යනු දුටු විගස එම බාල්දිය තුළට පැනගත් බැව්ද පැවසීය.  


අනතුරුව එම කාන්තාව සමඟ ගමන් කරන විටදී සුනඛයින් රැසක් ඇයට බිරීම නිසා ඔහු බියපත් වී බාල්දියෙන් ඉවතට පැන පාලමක් වැනි ස්ථානයක රැඳී සිට තිබේ. එම පාලම යට තිබූ ජලයෙන් කාන්තාව ස්නානය කරන තුරු ඔහු පාලම උඩ රැඳී සිට ඇය සමඟ පැමිණි බැව් කීය.  


පැමිණි අයුරු එම දරුවා හෙළි කරනු ලැබුවේ. ඇගේ ගෙලේ එල්ලී බවය. ඊට පසු ඔහු මෙලොවට බිහිවීමට මව බවට පත්වූයේ එම කාන්තාව බැව් එම දරුවා අනාවරණය කළේය. 

 
මෙම පුනර්භව පර්​ෙ‌ය්ෂණයේදී පෙර භවය හෙළි කළ දරුවාගේ මවගෙන් විමසීමේදී අනාවරණය වූ ඇගේ මතකය ද එම කරුණු සනාථ කළේය.  

 

 

 


තිස්ස ජයවර්ධන



අදහස් (0)

මව් කුසට පැමිණි හැටි යළි ඉපදී හෙළි කරති

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10904 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6203 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5916 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5222 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3227 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1701 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 211 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1516 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site