IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ප්‍රථම ප්‍රේමයේ වියෝවෙන් උපන් ‘දම්පාටින් ලා සඳ බැස යනවා’

ගීයක පදරුත


දම්පාටින් ළා සඳ බැස යනවා   
ආකාසේ රන්වන් පාටයි   
සමුගෙන යන්න මගෙන් තව මො​ෙහාතයි   
නොදොඩා ඉන්නෙ ඇයි   
දම්පාටින් සඳ මුහුණ පෙනෙනවා   
වෙන්වී යන මො​ෙහාතක් නෑඟේ   
දෑසට ළංව තවත් මේ මොහොතේ   
ගොළු වී ඉන්නම් මං   
සෙවණැලි නොමැකේ නම්   
එළිය කළු නොවේ නම්   
බිත්ති පුරා ඔබේ සෙවණැලි ඇන්දේ   
තනිය මකා ගන්නයි   
එනතුරු සොයා මගේ සෙනෙහස මතුදා   
රෑ කල දිගුවේ නම් ළා සඳ නොමැකේ නම්   
නෙළුම් පතක රැඳි පිණි බිඳුවක් සේ   
ළමැද තලා යහනේ ඉන්නම්   
පමාවෙලා හිරු නැගෙන තුරා   

 

ළමා වියත් යොවුන් වියත් අතර මල් මෙන් පියකරු කුරුල්ලන් මෙන් නිදහස් ජීවිතය රසබරය. විචිත්‍රවත්ය. වර්ණවත්ය.   


මේ රසවත් වූත් වර්ණවත් වූත් ජීවිතයේ සුන්දරත්වයෙන් හා චමත්කාරයෙන් ද අනුරාගයෙන්ද පෝෂිත වූ ළපටි සිතක පහළ වෙන රසවත් හැඟීම් මුළු ජීවිත කාලයේම උපුටා දැමිය නොහැකි තරම් ශක්තිමත්ව හා ස්ථිරව පැළ පදියම් වීම ස්වභාවික න්‍යායයකි.   


කරුණාසේන ජයලත් මීට වසර 55කට පමණ පෙර ප්‍රථම ප්‍රේමය ගැන ‘ගොළු හදවත’ නවකතාවෙන් විවරණය කළේ එලෙසය. 
  
ළමාවිය ගෙවා යොවුන් වියේ දොරටුව අසලදී හමුවූ මෙවැනි විවිධ වූ හැඟීම් මාලාවක සුගත් හා දමයන්ති මුළාවට පත්වූ අයුරු ගොළු හදවතින් විදහා පෑවේය. ඉන්දීය අගමැතිව සිටි ජවහර්ලාල් නේරු වරක් පවසා තිබුණේ ප්‍රථම ප්‍රේමය අභිරහසක් බවය. ප්‍රථම ප්‍රේමය හා එහි වියෝව ගැන එදා මෙදා අතර ගේය පද රචකයෝ ගීත රැසක් ලියූහ.   


මීට කලකට ඉහත ලූෂන් බුලත්සිංහල රචනා කළ ‘දම් පාටින් ලා සඳ බැස යනවා’ ගීතයට පසුබිම් වූයේ ද සිය ප්‍රථම ප්‍රේමය ගැන අපූරු අත්දැකීමකි. මෙය මාලිනී බුලත්සිංහල හා ගුණදාස කපුගේ විසින් ගැයූ අතර එහි සංගීතය නිර්මාණය කළේ ඔස්ටින් මුණසිංහ විසිනි. ගීයෙහි පසුබිම ගැන ලූෂන් බුලත්සිංහල කියන අතීත කතාවයි මේ.   


“1970 දශකයේ මුල මම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සේවය කළේ. මුලදී නිවේදකයකු ලෙස. පසුව වැඩසටහන් නිෂ්පාදකයකු ලෙස. දිනක් ගුවන් විදුලි වාදක මණ්ඩලයේ නායකයාව සිටි ඔස්ටින් මුණසිංහ ගුවන් විදුලියේ කොරිඩෝව දිගේ ඇවිද ගෙන එන අතරමග නැවතී ඒ අසල සිටි මා දැක මෙසේ කිව්වා.   


‘ලූෂන්, අනුලගෙ සරල ගී වැඩ සටහනක් තියෙනවා ලබන සතියේ. සින්දුවක් ලියා ගන්න ඕනෑ.’   


‘මම උත්සාහ කරන්නම්.’   


මේක යුග ගීතයක්. මමයි අනුලයි (අනුලා මෙන්ඩිස්) කියන්නේ.”   


ලූෂන් ගීතය ලිවීමට තේමාවක් සිතුවේය. ඔහුගේ සිතට ආවේ තම ප්‍රථම ප්‍රේමය ගැනය. ඒ ඇසුරෙන් ඔහු ගීතයක් රචනය කළේය. මේ ගීතය අනුලා මෙන්ඩිස් (පසුව බුලත්සිංහල) හා ඔස්ටින් මුණසිංහ සමග සරල ගී වැඩසටහන සඳහා පටිගත කළේ එවකට ගුවන් විදුලියේ සිටි විශිෂ්ටතම ශබ්ද පරිපාලකවරයකු වූ ගුණදාස කපුගේය. එකල සරල ගීතයක් පටිගත වූ පසු ගුවන් විදුලියෙන් ප්‍රචාරය වුවත් එය තැටියට ගැනීමට නම් නීරීක්ෂණ මණ්ඩලයකින් අනුමැතිය ලබාගත යුතුය. ගුවන් විදුලියේ නිරීක්ෂණ මණ්ඩලය මේ ගීතය ශ්‍රවණය කොට තැටිගත කිරීමට නුසුදුසු යැයි තීරණය කළහ.   


මේ වනවිට ගුවන් විදුලියේ ශබ්ද පරිපාලක ලෙස ඒ ගීතය පටිගත කළ ගුණදාස කපුගේ සංගීත විශාරද විභාගයෙන් සමත්ව සිටියේය. කපුගේ මේ ගීතයට අතිශයින්ම ප්‍රිය කළේය. දිනක් ඔස්ටින් මුණසිංහ හමුවූ කපුගේ මෙසේ ඇසුවේය.   


‘ඔස්ටින් මේ ගීතය මටයි මාලනී බුලත්සිංහලටයි කියන්න අවසර දෙනවද?’   


‘ගීතය ලිව්වේ ලූෂන්නේ. එයාගෙනුත් අහල ගන්න. මගෙන් අවසරයක් ඕනෑ නෑ.’ ඔස්ටින් තම හිතවත් මිතුරා කපුගේට කියා ඇත.   

 

ඔස්ටින් මුණසිංහ හා අනුලා බුලත්සිංහල මුලින්ම ගැයූ මේ ගීය ගුවන් විදුලියෙන් ප්‍රචාරය වුණාම ඒක ගී තැටියකට ගන්න අනුමත වුණේ නෑ. ඉන්පසුව කපුගේ මේක ආයෙ මාලිනී එක්ක ගැයුවා.   

 

 

 

කපුගේ හා මාලිනී බුලත්සිංහල ගැයූ ඒ ගීතය අතිශයින්ම ජනප්‍රිය විය.  


මේ ගීතය ජනප්‍රිය වූ පසු ලූෂන්ගෙන් බොහෝ දෙනෙක් අසා ඇත්තේ දම්පාටින් හඳක් දකින්නේ කොහොමද කියාය. අපි මේ ගැන ලූෂන්ගෙන් ඇසුවෙමු.   


“මම දම්පාටින් හඳක් දැකල තියෙනවා. මගේ ප්‍රථම පෙම්වතියත් ඇගේ ඥාතීන් හිතවතුන් සමග අපි එළිවෙනතුරු වෙසක් බලලා පාන්දර අපි මුහුදු වෙරළකට ඇවිදින්න ගියා. එදා මම දැක්කා සිතිජයේ බැස යන හඳක්. එ්ක දම්පාටයි. එතකොට අහස මම දැක්කේ රත්තරන් පාටට. මේ ගීතයට වස්තු විෂය වුණේ මගේ ප්‍රථම ප්‍රේමයේ වියෝව. මගේ නිවස තිබුණේ පාමංකඩ. ඇය සිටියේ අපේ ගෙදරට යාබද හරස් පාරක. අපි පුංචි කාලේ ඉඳලම යාළුයි. අපි හැදුණේ වැඩුණේ එකට. පසු කලෙක අපි වෙන් වෙනවා. කලක් මම පේරාදෙණියේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ රැකියාව කළා. ඒ අතරෙම පේරාදෙණියේ විශ්වවිද්‍යාලයේ උපාධියත් කළා. මම නිතරම දැක්කේ සරසවි සිසුවියන් ඔවුන් ප්‍රේම කරනවා. වෙන් වෙනවා. එ් අත්දැකීම් හා මගේ ප්‍රථම ප්‍රේමයේ අත්දැකීම් එකතු කරලා මේ ගීතය ලියැවුණේ.”   


ලූෂන් 70 දශකයේ ගුවන් විදුලියෙන් නිෂ්පාදනයකොට ඉදිරිපත් කළ ‘සඳැල්ල’ වැඩසටහන එදා ශ්‍රාවක රසඥතාව උසස් තලයකට නැංවූ අයුරු අපට මතකය. සම්මාන ලැබූ වේදිකා නාට්‍ය නළුවකු රචකයකු නිෂ්පාදකවරයකු වූ ලූෂන් ලියූ ගේය පද අතර පිපුණු මලේ රුව, නුඹත් රජෙකි පුතුනේ, පිණි බර යාමේ, සුසුම් හෙළන රෑ, බාල බොළඳ පුතු​නේ, සැන්දෑ අහස වගේ. මිණි මිණි පොදේ, කදුළු මල් විලේ, දඟකාරී මං මද්දුම දෝණි, මරණ තුනක් ඇති මිනිහෙක් යන ගීත සුවිශේෂිතය.   


දම්පාටින් ගීතයේ සංගීත නිර්මාණය කළ ඔස්ටින් මුණසිංහ විශිෂ්ට සංගීතවේදියෙකි. මේ ගීත නිර්මාණය කිරීමේදී තම පියා නියමිත සංගීත රාගයක් පාදක කර ගෙන නැතත් ජන සංගීතය ඇසු​රෙන් නාද රටාව මිශ්‍ර කරගෙන ඇති බව ඔස්ටින්ගේ පුත්‍ර සංගීතවේදී තරුපති මුණසිංහ අපට කීය.   


මේ ගීතය ගැයූ ගුණදාස කපුගේ, මාලනී බුලත්සිංහල හා සංගීත නිර්මාණය කළ ඔස්ටින් මුණසිංහ ද ජීවිතයෙන් සමුගෙනය.   

 

 

 

 

 


ඒ.ඩී. රන්ජිත් කුමාර



අදහස් (0)

ප්‍රථම ප්‍රේමයේ වියෝවෙන් උපන් ‘දම්පාටින් ලා සඳ බැස යනවා’

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10916 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6207 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5926 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5244 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3231 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1705 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1671 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site