වර්තමානයේදී බොෙහා් දියුණු ලෙස ක්‍රියාත්මක වන දත්ත ගබඩාවකින් කිසියම් අයෙකුගේ සම්පූර්ණ තොරතුරු ලබාගැනීම හැඳුනුම්පත් අංකය ඔස්සේ කළ හැකි සේම පුද්ගලයෙකුගේ ග්‍රහ චාරය, ක්‍රියා පිළිවෙළ හැසිරීම, ගති ලක්ෂණ ආදිය පිළිබඳ සම්පූර්ණ තොරතුරු ලබා ගැනීම එකී පුද්ගලයාගේ ජන්ම පත්‍රය ඔස්සේ සිදුකළ හැකිය.
ජන්ම පත්‍රයක කොටු තුළ සැඟවී පවත්නා තොරතුරු රැසකි. එමෙන්ම කිසියම් ජන්ම පත්‍රයක දැක්වෙන දින වකවානු ඇසුරින් ඔහුගේ හේ ඇයගේ අනාගතය පුරෝකථනය කිරීමේ හැකියාවක් ද පවතී, කිසියම් කාල සීමාවකට වරක් තම ජන්ම පත්‍රය පරික්ෂා කරවා ගැනීම විශේෂඥ වෛද්‍යවරයකු හමුවී වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීම තරමටම වැදගත්ය.
ජන්ම පත්‍ර පරික්ෂණ වාර්තාවක ‘සෙත්කවි ගායනා කර ගැනීම මැනවි’ යනුවෙන් නිර්දේශයක් තිබුණොත් ඒ පිළිබඳව උනන්දුව දක්වා සෙත්කවි රචනා කරවාගෙන සියලු වත් පිළිවෙත් සහිතව එය ගායනා කරගැනීම නුවණට හුරුය. ඒ හැරුණු විට ජන්ම පත්‍ර පරීක්ෂණ වාර්තාවේ ඇති සෙසු නිර්දේශද ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වේ. එකී නිර්දේශ ක්‍රියාත්මක නොකළහොත් එය රෝගියකුට වෛද්‍යවරයකු ලබා දෙන ලද බෙහෙත් තුණ්ඩුවක් පැත්තකට දමා නිකම් සිටීමකට සමානය.
ජන්ම පත්‍ර පරික්ෂාවක දී සෙත් කවියක් ගායනා කිරීමේ අවශ්‍යතාව දක්වා තිබුණහොත් ඔබ පළමුව කළ යුතු වන්නේ ඒ පිළිබඳ උනන්දු වීමය. සෙත්කවි රචකයකු හමුවීමට යාමේදී රැගෙන යා යුතු ප්‍රධානම මූලාශ්‍රය වනුයේ සෙත්කවිය අවශ්‍ය අයගේ ජන්ම පත්රයයි. ඒ ඔස්සේ සෙත්කවි රචකයා සොයාගන්නා තොරතුරු බොහෝය. සෙත්කවිය අවශ්‍ය පුද්ගලයාගේ ජන්ම පත්‍රය තුළ ඇති ග්‍රහ පිහිටීම් පරික්ෂා කර බලා ඒ වන විට ග්‍රහයන් ගමන් කරන ආකාරය විශ්ලේෂණය කොට ඒ අනුව සෙත්කවි රචකයා යම් යම් නිගමන ගනී.
දැන් ගෙවී යන්නේ කුමන මහ දශාවද, කුමන අතුරු දශාවද යන කාරණයත් අවධානයට ගනී. එමෙන්ම එ්රාෂ්ටක අපල තිබේද නැද්ද යන්නත් පරික්ෂාවට ලක් කෙරේ. මේ සියල්ල විමසිල්ලෙන් බැලීමෙන් පසු සෙත් කවිය රචනා කළ යුත්තේ කුමන දෙවියන් උදෙසාදැයි නිගමනය කෙරේ.
රවි අපලයට ඊශ්වර දෙවියන්ටත්, සඳු අපලයට සමන් හෝ පත්තිනි දෙවියන්ටත්, කුජ අපලයට කතරගම දෙවියන්ටත්, බුධ අපලයට විෂ්ණු හෝ දැඩිමුණ්ඩ දෙවියන්ටත් ගුරු අපලයට විෂ්ණු හෝ බ්‍රහ්ම දෙවියන්ටත්, සිකුරු අපලයට පත්තිනි දෙවියන්ටත්, සෙනසුරු අපලයට විෂ්ණු දෙවියන්ටත්, රාහු අපලයට සූනියම් දෙවියන්ටත්, කේතු අපලයට කතරගම දෙවියන්ටත් සෙත්කවි ලියැවේ.
සාමාන්‍ය ග්‍රහචාරය අභිබවා එ්රාෂ්ටක අපල බල පවත්වන බැවින් සෙත්කවි රචකයකු තම සේවාදායකයාගේ ජන්ම පත්‍රය ඇසුරින් එ්රාෂ්ටක අපල පිළිබඳ විමර්ශනයක් කෙරේ. ඒ අනුව ජන්ම සෙනසුරු එ්රාෂ්ටකය, ලග්න එ්රාෂ්ටකය, ලග්න අෂ්ටම එ්රාෂ්ටකය සහ චන්ද්‍ර අෂ්ටම එ්රාෂ්ටකය පිළිබඳ විමසා බලා එකී එ්රාෂ්ටක කාලවලදී ඇතිවිය හැකි කරදර හිරිහැර මඟහරවා සෙතක් ශාන්තියක් ලබා දිය හැකි දෙවිවරු කවුදැයි සොයා බලා එකී දෙවිකෙනෙකුට හෝ අවශ්‍ය වුවහොත් දෙවිවරු දෙදෙනෙකුට හෝ සෙත්කවි රචනා කර දෙනු ඇත. මේ සියල්ලටම ජන්ම පත්‍රය පාදක කොට ගනී.
සෙත්කවියක් ලිවීම ආරම්භ කරනුයේ සුබ මොහොතක දී ය. එම සුබ මොහොත තෝරා ගැනීම සඳහාත් සෙත්කවිය අවශ්‍ය පුද්ගලයාගේ ජන්ම පත්‍රය අවශ්‍ය වේ. සෙත්කවිය අවශ්‍ය පුද්ගලයාගේ උපන් නැකතට සීහෙන නැකතක් සොයා ගැනීම පංචාංග ග්‍රහස්ඵුට ලිත බලා සිදුකර ගනී.
ජ්‍යොතිෂයේ දැක්වෙන පංචාංගයම සුබ වන මොහොතක් සොයාගෙන සෙත්කවි ලිවීම ආරම්භ කිරීමට සෑම සෙත්කවි රචකයකුම උත්සාහ ගනී. සේවාදායකයාගේ පක්ෂියා රජවන යාමය හෝ පක්ෂියාගේ භෝජන යාමය සෙත්කවි රචනා කිරීමට යොදාගත හැකි නම් එයින් ලැබෙන ප්‍රයෝජන ඉමහත්ය. ඉහත දැක්වූ පරිදි සෑම කාරණයකදීම වඩා හොඳ අවස්ථා ලබා ගනිමින් සෙත්කවි රචනා කිරීමට ජන්ම පත්‍රය පරික්ෂා කිරීමෙන් සෙත්කවි රචකයාට හැකියාව ලැබේ. එබැවින් සෙත්කවි රචනා කරවා ගැනීමකට යන්නේ නම් සෙත්කවි අවශ්‍ය පුද්ගලයාගේ නිවැරදි හා පැහැදිලි ජන්ම පත්‍ර පිටපතක් රැගෙන යාම ඉතාම අත්‍යවශ්‍ය බව අවධාරණය කරමි.
පාඨශාලාචාර්ය
අසෝක විජයසේකර,
තලාව ගා/වඳුරඹ
076-6827325
හීන් නෝනා දියණිය දෙස බැලුවේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය
මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි
ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ෙවන්නේ ප්රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති
හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ
මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ
සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
සෙත්කවි නිර්මාණයට නැතිවම බැරි ජන්ම පත්‍රය