IMG-LOGO

2024 අප්‍රේල් මස 17 වන බදාදා


දුටුගැමුණු කුමරු කඳවුරු බැඳි තලගුණේ වෙහෙරේ හාස්කම්

 

 

දැනට මාස දෙක තුනකට පෙර එක් උදෑසනක මා හඳුනන විශ්‍රාමික විදුහල්පතිවරයෙකු වූ තලවින්න පදිංචි ඩබ්ලිව්.එම්.යූ. වීරසේකර මහතා දිගු කලකට පසු මා සොයාගෙන ආවේය. ඔහු අතේ ලිපිගොනුවක් විය. මහනුවර පාතදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කටුගස්තොට නුදුරු නවයාලතැන්න පිහිටි ජනප්‍රවාද රැසකට මුල්වූ තලගුණේ විහාරය පිළිබඳ ලියැවුණු ඔහු අතින් සකස් කළ තොරතුරු කීපයක් ලිපිගොනුවේ අැතුළත් විය. ඔහු එම විහාරය කිට්ටුව පදිංචිව සිටි දැනට සේවයෙන් විශ්‍රාම ගිය විදුහල්පතිවරයෙකි.   
ජනප්‍රවාද අනුව එලාර සමග සටනට යන දුටුගැමුණු කුමරු යුද සේනාව සමග පේරාදෙණිය නුදුරු ගැටඹේ හරහා පැමිණ කටුගස්තොට පසු කර මහවැලි ගංඉවුර දිගේ නවයාලතැන්නේ තලගුණ විහාරයට පැමිණ එහි දින කිහිපයක් සේනාව සමග ලැගුම් ගෙන ඇත. මහවැලි ගඟ අද්දර සිට කිලෝමීටරයක් පමණ දුරින් පිහිටි මෙම ස්ථානය විශාල ලෙස පැතිර ගිය ගල් තලාවකින් යුක්තය.   


ගල්තලාව පිටුපසින් වේරගල නමැති කඳු ගැටයක් පිහිටා ඇත. ඒ නිසාම මෙම ස්ථානය ද වේරගල වෙහෙරගල යන නම්වලින් හඳුන්වයි. දින කිහිපයක් එහි ලැගුම් ගත් ගැමුණු කුමරු තම ගමන සිහිවීමට මෙම ගල් පර්වතය මත කුඩා දාගැබක් ගොඩනඟා ඇත. ඉන්පසු මීගම්මන හරහා මහවැලි ගඟ දිගේ උඩදුම්බර වේඬරුව හරහා මහියංගණය බලා ඉදිරියට ගමන් කළ බව කියැවෙයි.   


ගැමුණු කුමරු හා සේනාවට උඩදුම්බරදී ප්‍රදේශයේ ජනතාව කෑමබීම හා වෙඬරුවලින් සංග්‍රහ කළ බැවින් ඒ ස්ථානය අදටත් වේඬරුව යන නමින් ප්‍රකටය. තවත් ඉදිරියට යද්දී පසුකළ රජු වෙනුවෙන් සොරබොර වැව ඉදිකළ යක්ෂ ගෝත්‍රික යෝධයෙකු වූ බුලතා යෝධයා ජීවත්වූ ගම් ප්‍රදේශය හමුවෙයි. ඒ ප්‍රදේශය අදත් හඳුන්වන්නේ කිරිපට්ටිය නමිනි. පසුකල ගැමුණු කුමරුට සටන් බිමේදී බුලත් විට සැපයීම බාරව සිටි බැවින් එම පදවියේ නාමයෙන් ඔහු බුලතා නමින් ප්‍රකට විය.   
උඩදුම්බර මහවෙල සිට මිණිපේ ජනපදයේ මොරයාය ගම දක්වා දරුණු ප්‍රපාතය මැදින් යෝධ ගල් තබා ගල් පඩිපෙළ නමැති අති දුෂ්කර කෙටි පටු මාර්ගය එදා ඉදිකළේ බුලතාගේ බිරිඳ වූ යෝධ ගැහැනියයි. කුමරු යුද බිමේ සිටිය දී රාජකාරී ඉටුකර ලැබෙන විවේකයෙන් බුලතා කුමරුට හොරෙන් ඉතා රහසිගතව ගල් පර්වතයක් අද්දර පිහිටි සොරබොර වැව කරවීය.   


බුලතාට දහවල් කෑම ගෙන යන සිරිමල් එතනා නම් ඔහුගේ බිරිය එම පටු දුර්ගය ඉදිකිරීමට යන එන ගමන්වල දී යෝධ ගල් පතුරු ගෙනවිත් ගල්පඩි පෙළට දමා ගල්පඩි​ පෙළ මාර්ගය ඉදිකර ඇත. එයද සොරබොර වැව මෙන්ම අතිදුෂ්කර කාර්යයකි. සොරබොර වැවත් ගල්පඩිපෙළත් දෙකම ගැමුණු කුමරු එකදා විවෘත කළ බව ජනකතාවල එයි.   
වීරසේකර මහතා මා වෙත විස්තර කළේ වෙහෙරගල කඳු පාමුල පිහිටි තලගුණ විහාරයේ ආරම්භය පිළිබඳ කතාවයි. තලවින්නේ පදිංචිව සිටි ඔහු නිතර මෙම ස්ථානය පසුකර යන බැවින් එම ස්ථානය නිතර ඔහුගේ ඇස ගැටෙයි. ඔහුගේ හිතවතෙකු වූ තලවින්නේ පදිංචි විමලරත්න නමැති විශ්‍රාමික ගුරු මහතා ද ඔහුගේ අත්දැකීම් හා කතාවට හවුල් වී ඇත. තලගුණ වෙහෙරේ හා වෙහෙරගල කන්දේ හාස්කම් ගැන ඔහු තම කතාව අරඹයි.   


වෙහෙරගල අක්කර කීපයක පැතිරුණු විශාල ගල් පර්වතයක් මේ ගල් පර්වතය පිටුපස්සේ වේරගල කන්ද පිහිටලා තියෙනවා. ගල් පර්වතය උඩ පිහිටලා තියෙන තලගුණ දාගැබ එකම පරණ බෝධියක් තිබුණා. ගමේ මහලු පරණ අය මේ දාගැබට බෝධියට අධිපති දෙවිවරු වෙනුවෙන් පුද පූජා කළා. ඉස්සර ගමේ අය දාගැබට දඬු බෙර පින්කම් කළා.   
ඉඩෝර කාලවල ඒ වගේ දඬුබෙර පින්කම් පවත්වලා ඉවරවුණාම වර්ෂාව ලැබෙනවා. ගොවිතැන්වලින් යැපුණු ප්‍රදේශයේ ජනතාවට ඒ වැස්ස හරි වැදගත්. මේ ප්‍රදේශය අයිති ගම නවයාලතැන්න කියලා ඉස්සර ඉඳලා ප්‍රසිද්ධයි. ඒකට හේතුව කුඹුරු නවයායක් ඉතා සශ්‍රීකව මේ ප්‍රදේශයේ පිහිටා තිබීමයි. තල වගාව එළවළු වගාව වෙනත් ගොවිතැන් මේ ප්‍රදේශයේ බොහොම සශ්‍රීකව සිද්ධ වුණා.   


මේ වෙහෙරගල කන්ද අයිනේ දුප්පත් අහිංසක ගොවියෙක් හිටියා. දවසක් දාගැබක් ගැලවුණු ගලක් අරගෙන ගිහින් ගෙදරකට යන පාරේ පඬියකට තියලා තිබෙනවා. එදා අකුණු ගහලා අකාල මහා වරුෂාවක් වැටුණා. තද අකුණු පාරක් වැදිලා දාගැබෙන් ගෙනාව පඬියට දාලා තිබුණු ගල කෑලි කෑලිවලට විසිරිලා ගියා. පරණ මිනිස්සු මේ දාගැබට කිරිආහාර පූජා කළා. ලෙඩ රෝග අසනීපවලදී දාගැබක බාරවෙලා හත්දවසක් බෝධිපූජා තිබ්බම ලෙඩ රෝග සනීපවෙලා තියෙනවා.   


දවසක් දාගැබෙන් ගැලවුණු ගලක් ගෙනත් දුප්පත් කෙනෙක් ගෙදර මිරිස් ගලට අරගෙන තියෙනවා. වැඩි දවසක් ගියේ නෑ. එයා පිස්සු හැදිලා. ඒ විකාරෙන්ම ගෙනාපු ගල ආපහු දාගැබ ළඟට ගිහින් දාලා තියෙනවා.   


මම තවත් තොරතුරක් කියන්නම්. දාගැබ කිට්ටුව ගොවියෙක් පදිංචි වෙලා හිටියා. වැස්ස නැති කාලෙක එයාගේ ගේ මැදින් ලොකු වතුර ගොබයක් එක පාරටම මතුවුණා. මේ තරම් ලොකු වතුර ගොබයක් වෙහෙරගල කන්දේ කොහේ හැංගිලා තිබුණා කියලා හොයාගන්න බැරි තරම් පුදුමයි. පිරුණු පොකුණකින් ගලාගෙන වතුරක් වගේ තමා අර විශාල වතුර ගොබය එක පාරටම ගේ මැදින් ගලාගෙන ආවේ. පසුව මේ වතුර ගොබය නැවතුණා.  


වෙහෙරගල කන්දේ බොහොම ඉස්සර ලොකු ගුහාවක් තිබුණු බව වයසක අය කියනවා. දාගැබට කන් කිට්ටු කරල තිබ්බම මීමැහි රංචුවක් යනකොට ඇහෙන ශබ්දයක් තියෙනවා. ඒක මිහිර සද්දෙට පිරිත් කියනවා වගේ ඇහෙන ශබ්දයක්. කිසිම කෙනෙකුට දාගැබ අවට ගොවිතැන් බත් කරන්න බෑ. දාගැබ අයිති පන්සලේ හිටපු ලොකු හාමුදුරුවන්ගෙන් අවසර අරගෙන දාගැබ අවට සුද්ද කරලා ගොවිතැන් කරපු කෙනෙක් හිටිහැටියෙම මැරුණා.  


එක්දාස් නවසිය අසූ ගණන්වල සංස්කෘතික ත්‍රිකෝණයෙන් මේ දාගැබ ප්‍රතිසංස්කරණය කළා. ඒ වැඩට හවුල් වුණු අයට යහපතක් වුණේ නෑ. පවුල් කැඩිලා විසිරිලා ගියා. අකාලයේ මිය ගියා. මේ දාගැබ අලුත්වැඩියා කරන්න ආපු වෙළෙන්දකුගේ නෑයෙක් කාලයක් දාගැබ ළඟ පදිංචිවෙලා හිටියා. ඒ වුණාට ඒ ආපු කණ්ඩායම අතරම එක එක කලකෝලාහල ඇතිවෙලා අර මැණික් ව්‍යාපාරිකයාගේ ව්‍යාපාරික ස්ථානයත් විනාශ වෙලා ගියා.  


1992 විතර සංස්කෘතික ත්‍රිකෝණයේ නිලධාරී කණ්ඩායමක් මේ දාගැබ සාරා පරීක්ෂණයක් කිරීමට ආවා. ඒ හෑරීමේ දී දාගැබේ එක තැනකින් විශාල ගල් කුට්ටියක සිදුරක් මතුවුණා. ඒක අඟල් හතරක් තරමේ අතක් ඇතුළට දාන්න පුළුවන් තරමට පුංචි සිදුරක්. ඒ සිදුර දාගැබේ තිබුණු රහස් උගුලක් කියලා පස්සේ එළිවුණා. ඒ සිදුර දාගැබේ නිධානය ආරක්ෂා කිරීමට යොදපු උගුලක්.  


1993 සංස්කෘතික ත්‍රිකෝණය කටුගස්තොට පොලිසිය ග්‍රාම නිලධාරී සහාය ඇතුව දාගැබේ නිදන් කොටුවේ තිබිලා පුරාවස්තු හැත්තෑ අටක් හොයාගත්තා. ඒවා වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹට යැව්වා. නිදහන් වස්තුවල තිබුණු දේවල් ගැන එක එක කතා පැතිරිලා ගියා. වටිනා පුංචි රත්තරන් පිළිමයක් හමුවුණා කියලා පොලිසියේ මහත්තුරු කියලා තියෙනවා.  


මුල් කාලයේ ගැමුණු කුමාරයා දවස් කීපයක් සේනාව සමඟ නතරවෙලා ඉන්න කොට තමා මුල්ම පුංචි දාගැබ වෙහෙරගල ගල මුදුනේ හැදුවේ. ඒ හින්දා පළාතම සරුසාර වුණා. දියුණු වුණා. ඊට පස්සේ ඒ සේනාව මීගම්මන හරහා මහියංගණය බලා පිටත් වුණා. දාගැබ ලොකුවට බැඳලා තියෙන්නේ ඊට පස්සේ මහනුවර කාලයේ. මේ දාගැබ ඊට පස්සේ කැලෑ වැවිලා පාළුවට ගියා. පිටින් ආපු නිධාන හොරු කීප සැරයක් දාගැබ හාරලා තියෙනවා. දැන් දාගැබ ළඟ පන්සලේ ස්ථිර පදිංචිය තියෙන හාමුදුරු නමක් ඉන්නවා.  
එළාර රජ්ජුරුවොත් එක්ක ගැමුණු කුමාරයා රට මැදින් යුද්දෙට යනකොට මුලින්ම හදපු හාස්කම් තිබ්බ ස්ථානයක් හැටියට එදා අය තලවින්න දාගැබට ගරු සත්කාර කළා. ටිකෙන් ටික අලුත් දියුණුව එක්ක ඒ පුද සත්කාර ගෞරව අඩුවෙලා ගිහින්. විමලරත්න මහතා තේ කෝප්පයක් තොල ගාමින් තමාගේ දිග කතාව නවත්වයි. හමා ගිය තද සුළඟකින් මිදුලේ ගස් තදින් ඒ මේ අත සෙලවෙන අයුරු මට පෙනෙයි.  

 

 


වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ
එස්.කේ. ජයවර්ධන  
සොමිකැළුම්,  නාපාන,   ගුන්නෑපාන   



අදහස් (0)

දුටුගැමුණු කුමරු කඳවුරු බැඳි තලගුණේ වෙහෙරේ හාස්කම්

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10897 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6202 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5910 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5215 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3221 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1698 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 151 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1430 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1355 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site