ලාංකීය ජන සමාජය තුළ අතීත ගැහැනියට ඒ සමාජය ඇතුළත වැඩි ඉඩකඩක් විවර වුණේ නැහැ.දියණියක්,සොයුරියක් ,බිරිඳක්,මවක්, මිත්තණියක් ලෙස ඇයට නිවෙස තුළ තිබුණේ පිරිමියකු හා සම අයිතීන් නොවෙයි.අධ්‍යාපනික අතින් මෙන්ම වෙනත් කාරණාවකදී වුණත් ඇය පිරිමියාට වඩා පසුපසින් සිටීම සමාජය විසින් බලාපොරොත්තු වූ කාරණාවක්.
මෙම සමාජ සංස්ථාව ඇතුළත බොහෝ පිරිමින් බලාපොරොත්තු වුණේ ගැහැනිය විසින් දරුමල්ලන් හදාගෙන ,ගෙදරදොරේ සියලු වැඩපල කරගෙන ජීවිතය ගෙවා දැමීමයි.එතැනින් එහාට ඇයටත් ජීවිතය පිළිබඳව පැහැදිලි අවබෝධයක් තිබුණෙ නැහැ.
පියාට,සැමියාට,පුතාට නතුව ජීවිතය ගෙවාදැමූ ගැහැනිය සමාජගතවන්නේ කාලයත් සමග.අපේ කුඩා සමාජය ලෝකයට විවරවීමත් එක්ක ගැහැනිය කියන්නෙත් පිරිමියා හා සමව වැඩකළ හැකි,ජීවිතයේ නොයෙක්විද තීන්දු තීරණ ගතහැකි පාර්ශවයක් බව පසක්වද්දී ඇය අපේ සමාජයේ විශිෂ්ට චරිතයක් බවට පත්වන්නේ නිරායාසයෙන්.
" තොටිල්ල පදවන අත ලොව පාලනය කරයි" කියන අතීත කියමන අපේ සමාජය ඇතුළත වැළඳගන්නේ ගැහැනිය විවිධ සීමා ඇතුළෙ කොටුවෙලා,තනිවෙලා සිටිය කාල සීමාවක.ඇතැම්විට ඇයට සීමා මායිමි ඉවත්කර නිදහසේ සැරිසරන්න ඉඩක් තවමත් නැහැ කියා ඒත්තු ගැන්වීමට.නමුත් අද වනවිට ඒ සියල්ල ඉවත දමා ගැහැනිය සමාජ සංස්ථාව ඇතුළේ පමණක් නොව නිවෙස ඇතුළතත් වගකීමි රැසක් දරනවා.
අපේ ගීත සාහිත්‍යය තුළ බිහිවුණු ගීත අතරේ වැඩිපුරම කතාබහට ළක් වූයේ ගැහැනිය වුවත් ගී පද රචිකාවන්ගේ ප්‍රමාණාත්මකව අඩුවක් මීට දශකයකට පෙර දකින්න තිබුණා.1965 මැයි 31 දා තිරගතවූ " ලා දළු " චිත්‍රපටය වෙනුවෙන් " සෙනෙහස සොම්නස අතිනත ගත්විට ..." ගීතය ලියා ශ්‍රී ලාංකීය ගීත සාහිත්‍යයේ ප්‍රථම ගී පද රචිකාව වන්නේ ගුවන් විදුලි නිවෙිදිකාවක ලෙස කටයුතු කළ චන්ද්‍රා වයමන්.ඊට පසු ගුවන් විදුලිය ඔස්සේම දයා ද අල්විස්,රත්නා ලංකා අබෙිවික්‍රම,කුසුම් පීරිස්,සුමනා ජයතිලක ගී පද රචනා ක්ශේත්‍රය ට එකතු වුවත් එතැනින් පරිබාහිරව ගීත රචනා ක්ශේත්‍රය තුළ නමක් තැබුවේ යමුනා මාලිනි පෙරේරා පමණයි.
පසුකාලීනව තවත් ගී පද රචිකාවන් කිහිප දෙනකුම ක්ශේත්‍රය ට එක්වුවත් වැඩිම ගී පද රචිකාවන් බිහිවුණේ 2000න් පසුව බව පැහැදිලියි.
පූදිනා හදේ සිතුම්
සීරුවට නෙලා අමුණන
සොඳුරු කවි මලින් සැරසෙන - නුඹ කවිකාරී
කිවිඳිය හිමි- කවිය අහිමි
මම නුඹෙ ස්වාමී
නුඹව දැනෙන - පෙම්බර ස්වාමී....
සසර අතරමග හමුවුණ - ඉනූ කඳුළු පිස හිනැහු
රිදුම් අකුරු කොට සැනහුන පියම්බිකාවී...
එළිවැටකට මම නැතිවට - කම් නෑ දේවි..
කවිය අහිමි
මම නුඹෙ ස්වාමී......
සීමා මායිම් නොපෙනෙන - නිදහස් හැඟුමින් හැඩවුණ..
අහස නුඹෙයි පියා විදා ඉගිළෙන් නොසැලී
රිදෙනා තටු පිරිමදින්න
ඉන්නම් පේවී..
නුඹව දැනෙන
පෙම්බර ස්වාමී.....
ගායනය - විශාරද සමන්ත පෙරේරා
ස්වර රටා - අමිත් ලියනගේ
නුඹ කවිකාරී ගීතය ලියා ගී පද රචිකාවන්ගේ නම් අතරට අලුතෙන් එකතුවන්නේ පබාශිනී හේරත්.ඇය මෙම ගීතයට පාදක කරගන්නා කාරණාව විශේෂයෙන් ලාංකීය කාන්තාවට පොදු ,එහෙත් වැඩිපුර කතාබහට ලක්නොවෙන මාතෘකාවක්.
ඇත්තටම ගැහැනියට ගෘහ ජීවිතය තුළ තමන්ගේ නිර්මාණ කටයුතු සඳහා ඉඩක් හිමිනොවන්නේද ?1965 වසරේ ප්‍රථම ගී පද රචිකාව බිහිවුවත් දශක පහක් ගෙවී යද්දීත් ගී පද රචනා ක්ශේත්‍රය තුළ පද රචිකාවන් සීමිත වීමට හේතුව ඇයගේ නිර්මාණ නිදහස අහිමි වීමද?
" නිර්මාණකාරිනියක් සාර්ථකවන්න නම් ඇයගේ පිටුපසින් සිටින කෙනාගෙන් ලැබෙන දායකත්වය තමයි වැදගත්.හැබැයි බොහෝ අවස්ථාවලදි පිටුපස සිටිනකෙනා අගැයුමට ලක්වන්නේ නෑ.
විශේෂයෙන් කලාව,සාහිත්‍ය ක්ශේත්‍රය තුළ නියැලෙන කාන්තාවකට එම කටයුතු සාර්ථකව කරගන්න නම් තම සැමියාගෙන් ලැබෙන අත්වැල තමයි ජීවිතයේ ලැබෙන හොඳම අත්වැල.නමුත් අපේ බොහෝ කාන්තාවො විවාහ දිවියට එකතු වුණාට පස්සෙ නිර්මාණකරණයේ නියැලෙන්න ටිකක් බයයි.ඇය සමාජය,වටපිටාව ඇතුළත යම් සීමාවන් පනවගන්න උත්සාහ කරනවා.
අද වෙද්දි කාන්තාව බොහෝ ක්ශේත්‍රවල නියැලෙනවා.එතැනදී බොහෝ සැමියන් නිහඬව ඔවුන්ට ලබාදෙන අසීමිත ශක්තිය හැම ගැහැනියක්ම අගය කළ යුතුයි.මේ ගීතයෙන් මම කියන්න උත්සාහ කළෙත් ගෘහ ජීවිතය ඇතුළත එකිනෙකාගේ අවබෝධය මත මොනතරමි සුන්දර දිවිපෙවෙතක් ගෙවන්න පුළුවන් ද යන්නයි.
ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර නීතිඥවරියක ලෙස කටයුතු කරන පබාශිනී හේරත් පාසල් අවදියේ සිටම කවිය ජීවිතයට ඈඳාගත්තත් හා පුරා කියා ගී පද රචිකාවක ලෙස ජීවිතය විනිවිද දකින්නේ නුඹ කවිකාරී ගීතයෙන්.ආසියාතික සමාජ සංස්කෘතියක හැදීවැඩුණු ඇගේ සිත තුළ තාමත් පණගැහෙන සිතුවිලි ගීතයකට මුදාහැරෙන්නෙ ශ්රාවකයාට තම ගෘහ ජීවිතය ,තම සහකාරිය පිළිබඳව අලුත් හැඩතල මවමින්.
කප්පරක් ආදරය කරලා විවාහ වුණත් ඒ දිවියේ සොඳුරු තැන් හරිහැටි අවබෝධකර නොගෙන මාසෙන් දෙකෙන් වෙන්වෙන්න නීතියේ පිහිට පතන ගැහැනු ,මිනිස්සු ජීවත්වන සමාජයකට " නුඹ කවිකාරී.." ගීතය අපූරුම පණිවිඩයක්..
සුජිත් ප්‍රසංග
ධර්මසිරි ගමගේ සූරීන්ගේ භාවපූර්ණ ගේය පද රචනයෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ කර්ණරසායන ස්වර මාධුර්යයෙන් ද වික්ටර් රත්නායකයන්ගේ මියුරු මියැසියෙන් ද සුපෝෂ
බන්දුල නානායක්කාරවසම්ගේ ගේය පද සංරචනයෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ කර්ණරසායන ස්වර මාධුර්යයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ මියුරු මියැසියෙන් ද මනෝහර මෙි මහඟ
රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගේය පද මාලාවෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ කර්ණරසායන ස්වර මාධුර්යයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ ස්වරරචනයෙන් ද විචිත්‍රෝපශෝභිත වූ ම
සුදත් ගාමිණි බණ්ඩාරයන් රචනා කළ,සමන් ජයනාත් ජිනදාස ගායනා කරන ආනන්ද පෙරේරාගේ සංගීතය මුසුවූ මෙි ගීතයට විෂය වන්නේ පසුගිය කාලයේ ශ්‍රීලංකාවේ ඇති වූ සිංහල -
ලූෂන් බුලත්සිංහලයන්ගේ ගේය පද මාලාවෙන් ද රෝහණ වීරසිංහයන්ගේ ස්වරරචනයෙන් හා ගායනයෙන් යුතු මෙි ගීතය විප්රලම්බ ශෘංගාරය දනවයි.
සුකීර්තමත් ගේය පද රචක සුනිල් සරත් පෙරේරාණන්ගේ සුදුර්ලභ කවි ශක්තියෙන් ද දයාරත්න රණතුංගයන්ගේ ස්වර සංරචනයෙන් හා ගායනයෙන් ද යුතු මෙි මහරු ගීමිණ කරුණරසය
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
එළිවැටකට මම නැතුවට කම් නෑ දේවී