(අජිත්ලාල් ශාන්තඋදය)
සංචරණ සීමා හේතුවෙන් දින ගණනාවක් තිස්සේ වසා දමා ඇති රත්නපුර නගරයේ වෙළදසැල් හතක් බිද රන්බඩු ඇතුලූ මුදල් සොරම් කළ විසිහය හැවිරිදි තරුණයෙක් අද(18 ) රත්නපුර පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
රත්නපුර, කනාදොළ ප‍්‍රදේශයේ පදිංචි මෙම තරුණයා මව්පියන් දෙදෙනාම අහිමව මත්කුඩුවලට ඇබ්බැහිවූවෙක් බව ද පොලීසිය පැවසුවේය.
රත්නපුර නගරයේ ස්වර්ණභාරණ අලූත්වැඩියා කරන වෙළදසැල් තුනක්, රෙදිපිළි වෙළදසැලක තොග ගබඩාවක්, හෝටල් දෙකක්, ඩිජිටල් මුද්‍රණ කඩයක් මේ ආකාරයට කඩා ඇති බව පොලිස් විමර්ශන වලදී අනාවරණය වී තිබේ.
සෑම කඩයකින්ම මුදල් සහ රන් ආභරණ සොයා ඇති බව විමර්ශනවලදී හෙළිවී තිබේ. සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙළදසැල් කිහිපයක තිබූ සීසීටීවී කැමරා වල දර්ශන පරීක්‍ෂා කර බැලීමෙන් අනතුරුවය.
සැකකරු විසින් සොරාගන්නා ලද රන් සහ රිදී ආභරණ කිහිපයක් ද පොලිසිය විසින් සොයාගන් ලැබීය. සොරාගන්නා ලද මුදල් වියදම් කර තිබුණි. සැකකරු විසින් වෙළදසැල්වල ඉදිරිපස දොරවල්වල ඉබිඅගුල් කඩා ඇතුල් වී ඇති බව අනාවරණය වූ බව ද පොලීසිය පැවසුවේය.
සංචරණ සීමා නිසා බොහෝ ව්‍යාපාරිකයන් දින ගණනාවකට පසු තම වෙළදසැල් සෝදිසි කිරිමට පැමිණි විට ඒවායේ දොරවල් වල ඉබි අගුලූ කඩා දමා ඇතිබව දැනගෙන තිබේ.
ඇතැම් වෙළදසැල් වලට මෙහු ඇතුලූවී ඇත්තේ දින දහයකට පමණ කලින් බව සීසීටීවී කැමරා දර්ශනවල දත්ත පෙන්නුම්කරන බව ද පොලීසිය පැවසුවේය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
සංචරණ සීමා තිබියදීරත්නපුර නගරයේ වෙළඳසැල් 7කට හොරු පැනලා