(නොර්වුඩ් රංජිත් රාජපක්ෂ)
වැඩි කල ඉන්ධන මිල , රටේ පවතින රසායනික පොහොර හිගය සහ ජිවන බර ඉහල යාම මුල් කර ගනිමින් ජනතා විමුක්ති පෙරමුණ අද (22) දින ගිනිගත්හේන නගරයේදි උද්ඝෝෂණයක නිරත වූහ.
ජනතා විමුක්ති පෙරමුණේ නුවරඑලිය දිස්ත්‍රික් සංවිධායක සහ අඹගමුව ප්‍රාදේශිය සභාවේ විපක්ෂ ප්‍රාදේශිය සභා මන්ත්‍රි මංජුල සුරවිර මහතා ඇතුළු නුවරඑලිය දිස්ත්‍රික් ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයන් විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණි.
සෞඛ්‍ය උපදෙස් වලට අනුකුලව ගිනිගත්හේන නගර මධ්‍යයේදි පැවැත් වු මෙම උද්ඝෝෂණයේදි අදහස් දැක් වු ජනතා විමුක්ති පෙරමුණේ නුවරඑලිය දිස්ත්‍රික් සංවිධායක සහ අඹගමුව ප්‍රාදේශිය සභාවේ විපක්ෂ ප්‍රාදේශිය සභා මන්ත්‍රි මංජුල සුරවිර මහතා මෙසේ කියා සිටියේය.
ජනතාවට ජිවන බර වැඩි වෙලා දරා ගන්නා බැරි වෙලා තියෙනවා, තෙල් මිල වැඩි කරලා ජනතාවට දරා ගන්න බෑ . කොරොනා සමය තුල ආණ්ඩුව අසමත් වෙලා තියෙනවා එන්නත්කරණය සාර්ථකව කර ගන්න. අධ්‍යාපනය අඩාල වෙලා තියෙනවා , ආණ්ඩුව අසමත් වෙලා තියෙනවා දරුවන්ට ඔන්ලයින් අධ්‍යපානය ලබාදෙන්න සුදුසු වැඩපිලිවෙලක් යොදන්න.
ගොවියගේ නිෂ්පාදනයට අවශ්‍යය පොහොර ටික දෙන්න ආණ්ඩුව අසමත් වෙලා තියෙනවා. පොහොර වලට අවිද්‍යාත්මක වැඩ පිලිවෙලක් ගෙන්නලා තියෙනවා. ඒක හරියට කලිසම මහන්න කලින් සරම ගලව ගත්තා වගේ වැඩක්.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ගිනිගත්හේන නගරයේ උද්ඝෝෂණයක්