
(තිලකරත්න දිසානායක.)
රජයේ රෝහල්වල සියලුම හෙද නිලධාරීන් ලෙඩ නිවාඩු වාර්තා කරමින් අද (1) දිනයේ සේවාවන් සදහා නොපැමිණීම හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහිද රෝගී සත්කාරක කටයුතු අඩාලවී තිබූ ආකාරයක් දක්නට ලැබිණි.
බාහිර රෝගී අංශ කටයුතු සිදු වූවද වර්ජනය හේතුවෙන් සායනික කටයුතු , එන්නත් කිරීමේ කටයුතු අඩාලව තිබූ අතර හදිසි ප්‍රතිකාර හා දැඩි සත්කාර ඒකක කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට පියවර ගෙන තිබිණි.
ඉල්ලීම් නවයක් මුල් කරගනිමින් අරඹා තිබූ වර්ජනයට , රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සහ සමස්ත ලංකා හෙද නිලධාරීන්ගේ සංගමයෙහි සාමාජිකත්වය දරන හෙද හෙදියන් එක්ව සිටියහ.
ඉල්ලීම් නවය සම්බන්ධයෙන් අදාල අංශයන් සමග දිගින් දිගටම සාකච්ඡා කොට ඇතත් විසදුමක් නොමැතිවීම මත දෙදිනක් ලෙඩ නිවාඩු වාර්තා කිරීමත් පවතින ගැටළුවලට විසදුම් නොලැබුණහොත් ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ගයක් ගැනීමට වෘත්තීය සමිති පියවර ගනු ඇති බවත් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ ගම්පහ රෝහල් ශාඛා ලේකම් හේමකාන්ති අත්තනායක මහත්මිය ප්‍රකාශ කළාය. ලෙඩ නිවාඩු වාර්තා කොට සිටියද
හදිසි ප්‍රතිකාර හා දැඩි සත්කාර ඒකක කටයුතු සදහා හෙද හෙදියන් නිරතවන බවද ලේකම් වරිය පැවසුවාය.
වර්ජනය පැවතීම සම්බන්ධයෙන් ගම්පහ රෝහලෙහි අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත ඉලේපෙරුම මහතාගෙන් කළ විමසිමේදී ප්‍රකාශ කොට සිටියේ අපහසුතා මධ්‍යයේ වුවද රෝගී සත්කාරක සේවාවන් පවත්වාගෙන යාමට පියවර ගෙන ඇති බවය.


2025 නොවැම්බර් මස 04
600
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2304
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1712
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හෙද වර්ජනයෙන් ගම්පහ රෝහලේ වැඩ අඩාලයි