IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


හැටන් පාසලක විදුහල්පති මාරුකරන්නැයි මව්පියවරු විරෝධයේ


(රංජිත් රාජපක්ෂ)                       
 
හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන විද්‍යාලයක විදුහල්පතිවරයා මාරු කරන ලෙස බලකරමින් එම පාසලේ සිසු සිසුවියන්ගේ මව්පියවරු පිරිසක් අද (25) පාසල ඉදිරිපිට විරෝධතාවයක නියැලුණහ.
 
එම විද්‍යාලයේ වත්මන් විදුහල්පතිවරයා වසර 6 පමණ කාලයක සිට එම ධූරයේ කටයුතු කරන බවත්, ඔහුගේ අවිධිමත් පරිපාලනය නිසා පාසලේ සිසු සිසුවියන්ගේ අධ්‍යාපන මට්ටම පහත වැටී ඇති බවත්, ඔහුගේ සේවා කාලය තුළ පාසලේ කිසිදු සංවර්ධන කටයුත්තක් නොවී ඇති බවත් මව්පියවරු චෝදනා කළහ.
 
එම පාසලේ 10 වසරේ අධ්‍යාපනය ලබන සිසුවෙකුට ඉකුත් 20 දින විදුහල්පතිවරයා අමානුෂික ලෙස පහර දී තුවාල කර ඇති බවත්, තුවාල වූ පාසල් සිසුවා දින කිහිපයක් වටවල සහ නාවලපිටිය මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබු බවත් මව්පියවරු සඳහන් කළහ.
 
විරෝධතාවය පැවති ස්ථානයට පැමිණි වටවල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මංජුල විරාජ් විතානගේ මහතා දෙමව්පියන් සමග සාකච්ඡා කළේය. විදුහල්පතිවරයා මාරු කිරීමට අවශ්‍ය නම් ඒබව ලිඛිතව හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා වෙත ඉල්ලීමක් කරන ලෙස පැවසීමෙන් අනතුරුව විරෝධතාකරුවෝ පාසල් භුමියෙන් පිටව ගියහ.
 
පාසල් සිසුවාට පහර දුන්නේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් එම විදුහලේ විදුහල්පතිවරයා වටවල පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන, හැටන් මහේස්ත්‍රත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි. පසුව විදුහල්පතිවරයා ඇප මත මුදා හැර ඇත.

සිසුන්ගේ මව්පියවරු වතු කම්කරුවන් වන අතර, ඔවුහු අද වැඩ වර්ජනයක ද නියැලෙමින් විරෝධතාවට සහභාගීවූහ.



අදහස් (0)

හැටන් පාසලක විදුහල්පති මාරුකරන්නැයි මව්පියවරු විරෝධයේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 739 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2397 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1756 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site