(දයාරත්න ඇඹෝගම)
සුරියදමන වැව ඉස්මත්තේ පිහිටි ගල් තලාවක නිධන් සෙවීමේ කටයුතුවල නිරතවූ පුද්ගලයින් 9 දෙනෙකු අත්අඩංගුවට ගත්බව මහවිලච්චිය පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නොච්චියාගම,විලච්චිය,ගාලදිවුල්වැව,හා අනුරාධපුර ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25 ත් 60 ත් අතර වියේ පසුවන පුද්ගලයන් පිරිසකි.
පොලිසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමේදී සැකකරුවන් භාරයේ තිබු නිදන් සෙවීම සඳහා පුද පුජා පැවැත්වීමට භාවිතා කළ උදලු,අලවංගු වැනි කැනීම් උපකරණ නිහිපයක් හා මල් පහන් ආදියද පොලිසිය සිය භාරයට ගෙන තිබේ.
සැකකරුවන් අද (01) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. මහවිලච්චිය පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
සූරියදමන වැව ඉස්මත්තේ නිධන් සෙවු 9 ක් අත්අඩංගුවට