IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


සජබ සහ ජවිපෙ මොරටුවේ උද්ඝෝෂණයක්

(රේඛා තරංගනී ෆොන්සේකා)

ඉහළ ගිය තෙල් මිල බඩු මිල පහළ දමන ලෙස ඉල්ලමින් සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ එජාප නාගරික මන්ත්‍රිවරු මොරටුව මහ නගර සභාව ඉදිරිපිට අද(30) උද්ඝෝෂණයක නිරත වුහ.

විපක්ෂයේ මන්ත්‍රීවරු මෙම විරෝධතාවයේ නිරත වූයේ ජුනි මාසය සඳහා වු මොරටුව මහ නගර සභා මාසික සභාවාරය නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබු අවස්ථාවේදීය.

සමගි ජන බලවේගය එජාප මන්ත්‍රී කණ්ඩායම එක්ව විරෝධතාවයකුත්,ජවිපේ තවත් උද්ඝෝෂණය කුත් එහිදී පැවැත්වුහ.

එජාප සමගි ජන බලවේග නාගරික මන්ත්‍රි කණ්ඩායම සටන් පාඨ කියමින් මොරටුව කුරැස හන්දියේ සිට පා ගමනින් මොරටු මහ සභාවට පැමිණියහ.

එහිදි සමගි ජන බලවේග කණ්ඩායම් නායක සේනක දමයන්ත මහතා දිනෙන් දින ඉහළ යන බඩු මිල ජනතාවට දරාගත නොහැකි තත්ත්වයට පත්ව ඇති බවත් නගරාධිපතිවරයා දිගින් දිගටම මොරටු ජනතාව පීඩාවට පත් කරමින් සිදුකරන ඇතැම් ක්‍රියා හෙළා දකින බවද එහිදී වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම මොරටුව මහ නගර සභාව ඉදිරිපිට ජවිපෙ නාගරික මන්ත්‍රී කණ්ඩායම ද උද්ඝෝෂණය නිරත වුණු අතර නරහිදී ජවිපෙ කණ්ඩායම් නායක වන නිශාන්ත ප්‍රදිනාන්දු මහතාද මාධ්‍යවෙත අදහස් දැක්විය.



අදහස් (0)

සජබ සහ ජවිපෙ මොරටුවේ උද්ඝෝෂණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 600 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2304 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1712 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site