IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


වළකට වැටී දරුවෙක් මරුට

(නොර්වුඩ් රංජිත් රාජපක්ෂ)

තම ගෙවත්තේ කපා තිබු කුඩා වළකට වැටි අවු 2 ½ වයසැති පිරිමි දරුවෙකු මියගොස් ඇති බව මස්කෙලිය පොලිසිය පැවසිය.

මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ මස්කෙලිය බ්‍රවුන්ස්වික් අක්කර 50 කොටසේ පදිංචි ජයදුන්දරම් සුලක්ෂන් නැමති දරුවෙකි.

ඊයේ (29) දින පස්වරු 5.30 ට පමණ නිවසේ සිටි තම දරුවා නොසිටි බවත්, පසුව දරුවා  සොයන අවස්තාවේ තම නිවසට ඉදිරියෙන් වු ගව පට්ටියේ අපද්‍රව්‍ය බැහැර කිරිම සදහා කපා ඇති කුඩා වලක දරුවා වැටි සිටි බවත්, පසුව වැටි සිටි දරුවාව ගොඩගෙන මස්කෙලිය ප්‍රාදේශිය රෝහල වෙත රැගෙන යන අවස්තාවේ දරුවා මිය ගිය බව දරුවාගේ පියා විසින් මස්කෙලිය පොලිසිය වෙත ප්‍රකාශයක් ලබා දි ඇත.

මිය ගිය දරුවාගේ සිරුර මස්කෙලිය මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මස්කෙලිය පොලිසිය පරික්ෂණ පවත්වයි.



අදහස් (0)

වළකට වැටී දරුවෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 600 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2304 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1712 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site