( දිනේෂ් උපේන්ද්‍ර)
කඩ සාප්පුවල අගුලු කඩා ඇතුලුවී ගෘහ විදුලි උපකරන හා ටයර් සොරාගෙන අළෙවිකරන සංවිධානාත්මක කල්ලියක් රුපියල් ලක්‍ෂ 10කට වැඩි වටිනාකමකින් යුතු භාණ්ඩද සමගින් කොටුකරගැනීමට කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන එ්කකයට හැකිව තිබිණි.
දුම්මලසූරිය, තුත්තිරිපිටිය, හෙට්ටිපොල, පඩුවස්නුවර ආදී ප‍්‍රදේශවල එසේ කඩසාප්පු බිද ගෘහ විදුලි උපකරණ හා ටයර් කොල්ලකා කොල්ලකා ඇතැයි එ් එ් පොලිස් ස්ථාන වෙත ලැබී තිබූ පැමිණිළි අනුව මාතලේ කිරි ඔරුව ප‍්‍රදේශයේ සැකකරුවෙක් අදාළ මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ලබාදුන් ප‍්‍රකාශ අනුව එම කල්ලිය අනාවරණය කරගෙන ඇති අතර එ් අනුව අදාළ සියලුම දෙනා අත්අඩංගුවට ගැනීමට නියමිත බව එම එ්කකය කියයි.
කුලී පදනමින් සුඛෝපභෝගී වාහන ලබාගෙන දිවයිනේ විවිධ ප‍්‍රදේශ වල යමින් මුල් අවස්ථාවේ භාණ්ඩ මිළදී ගන්නා ආකාරයෙන් ගොස් ආරක්‍ෂිත කැමරා පද්ධතිය පිහිටුවා ඇති අයුරු හා ඊට හොර රහසේ ඇතුලු වියහැකි ක‍්‍රම පිළිබද රහසිගත අධ්‍යනයක් කර පිටව ගොස් පසුව වෙනත් දිනකදී එම හොර කල්ලිය රාත‍්‍රියකදී පැමිණ එසේ අගුලු කඩා බි`ද දමමින් කැමරා දත්ත පවා රැගෙන ගොස් ඇති බවට මූලික පොලිස් පරීක්‍ෂණ වලදී අනාවරණය කරගෙන තිබිණ.
එ් අනුව දඹුල්ල කණ්ඩලම ප‍්‍රදේශයේ මසකට රුපියල් පනස්දහස බැගින් වූ කුලී පදනම මත ලබාගෙන තිබූ වැගන් ආර් වර්ගයේ වාහනයක්ද පොලිස් භාරයට ගෙන තිබිණ. එ්ත් සමගම රුපියල් ලක්‍ෂ 10කට අධික වටිනාකමකින් යුතු ගෘහ විදුලිය උපකරණ හා ටයර් තොගයක් පුත්තලම මුන්දලම ප‍්‍රදේශයේ නැවත අළෙවිය ස`දහා සකස්කරමින් සිටියදී පොලිස් භාරයට ගැනීමට හැකිව තිබිණ.
2025 නොවැම්බර් මස 04
586
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2278
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1706
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
විදුලි උපකරණ හොරා පොලිසියට කොටුවෙයි