
(නයනදුල සෙදනායක)
ඉංගිරිය පාදුක්ක ප්‍රධාන මාර්ගයේ ශාන්ත පීතර ජනපදය අසල ත්‍රීරෝද රථයක් සහ ටිපර් රථයක් එකිනෙක ගැටීමෙන් අද (21) සිදුවු අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන් කළ දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉංගිරිය පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ බලංගොඩ ප්‍රදේශයේ පදිංචි තිස් පස් හැවිරිදි වියේ පසුවන ආර් ගිහාන් නැමැති පුද්ගලයෙකු සහ 46 හැවිරිදි වියේ පසුවන ඩබ්ලිව් නිශාන්ත නැමැති පුද්ගලයෙක් බව පොලිසිය පවසයි.
ඉංගිරිය ප්‍රදේශයේ සිට පාදුක්ක ප්‍රදේශයට ගමන් කළ ක්‍රි රෝද රියක් ඉංගිරිය ශාන්ත පීතර ජනපදය ප්‍රදේශයේ දී මාර්ගය හරහා ගමන් කරමින් සිටි ගවයකුගේ ඇගේ ගැටිමේ ත්‍රිරෝද රථයේ රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව මංතීරුවෙන් ඉවතට පැන ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිනි ටිපර් රථයක ගැටීමෙන් අනතුර සිදුවී ඇති බව පොලිසිය පවසයි.
අනතුර සිදුවන ත්‍රීරෝද රථය තුල දෙදෙනෙකු ගමන් කරමින් සිට ඇති අතර අනතුරින් ත්‍රිරෝද රථයට බරපතල හානි සිදුවී ඇත.
බරපතළ තුවාල ලැබූ ත්‍රීරෝද රථ රියදුරු සහ පිටුපස ගමන් කළ පුද්ගලයා හොරණ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

2025 නොවැම්බර් මස 04
587
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2278
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1706
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රිය අනතුරින් දෙදෙනෙක්මරුට