IMG-LOGO

මාළු දැලක පැටලී තිබු මළ සිරුරක් මහව වැවකින් හමුවෙයි

(නිහාල් ජයවීර )

මහව , කරඹේ කුලසැන්දෑව නමින් හඳුන්වන වැවේ එළන ලද මාළු දැලක පැටලි තිබූ පුද්ගල මළ සිරුරක් ගත් බව මහව පොලිසිය පවසයි .

මේ මළ සිරුර කරඹේ,කුලසැන්දෑව ගමේ පදිංචිව සිටි ආර් .එම් .සිසිර කුමාර රත්නායක නමැති හතළිස් දෙහැවිරිදි වියේ පසු වු  දෙදරු පියාගේ බවට පරීක්ෂණවලදි හඳුනා ගත් බව පොලිසිය කියයි .

ඔහු ඉකුත් විසි නම වැනිදා ගවයන් බැදිමට යන බව නිවැසියන්ට පවසා පිටව ගොස් ඇති බවත්, එදින නිවසට නොපැමිණීම නිසා රාත්‍රී කාලයේත්, පසු දිනත් ඔහු ගැන සොයා බලා ඇති බවත් පොලිසිය කියයි .

මේ අතර කුලසැන්දෑව වැවේ එළා තිබූ මාළු දැලක පැටලි තිබූ පිරිමියෙකුගේ මළ සිරුරක් ඉකුත් තිස් වැනිදා රාත්‍රී ගම්මුන්ට දැක ගැනීමට ලැබි ඒ සම්බන්ධයෙන් කළ දැනුම් දීම සිරුර වැවෙන්  ගොඩට ගත් බව පොලිසිය පවසයි .

ගල්ගමුව නැගෙනහිර දකුණු කෝරළයේ හදිසි මරණ පරීක්ෂක ඩබ්ලිව් .එම් .රත්නායක මහතා ඉදිරියේ සිරුර ගොඩ ගෙන පරීක්ෂණ ආරම්භ කළ බවත් ඒ සිරුර යට කී දෙදරු පියාගේ බවට ඔහුගේ ඥාතීන් හඳුනා ගත් බව ද පොලිසිය කියයි .

 

   

 



අදහස් (0)

මාළු දැලක පැටලී තිබු මළ සිරුරක් මහව වැවකින් හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 437 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site