IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


පොහොර නැතැයි පනාමුරේ ගොවීහු පාරට බසිති

(අජිත්ලාල් ශාන්තඋදය  සහ ජයන්ත නානායක්කාර)

යල් කන්නයේ පොහොර ලබාදෙන බවට ලදුපත් නිකුත් කර මාස දෙකක් ගතවී ඇතත් පොහොර ලබා නොදීම  සම්බන්ධයෙන් විරෝධය දක්වමින් ගොවීහු   අද (29)  පනාමුර ගොවිජන සේවා මධ්‍යස්ථානය ඉදිරිපිට විරෝධතාවක නිරත වුහ.

විරෝධතාවේ නිරත ගොවීන් කිහිපදෙනෙක් පසුව එහි වහලයට නැග ද විරෝධතාවේ යෙදුණි.

අලූත්වැව,  තෝරකොළයායල මඩපළාත යන ප‍්‍රදේශවල ගොවීන් හැටක් පමණ විරෝධතාවට එක්ව සිටියහ.

ඔවුන් ගොවි සංවිධාන කිහිපයක සාමාජික සාමාජිකාවෝ වූහ.  මැයි මාසයේ පෝර ලබාදෙන බව පවසමින්  අප්‍රේල්  30 වන දින පොහොර ලබාගැනීමට රිසිට් පත් ද ගොවීන් වෙත නිකුත් කළ බව විරෝධතාවට එක්ව සිටි පිරිස කීහ.

 එහෙත් සංචරණ සීමා ඇතැයි   පවසමින් මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ පනාමුර ගොවිජන සේවා කාර්යාලයේ සංවර්ධන නිලධාරිනිය එහි නොපැමිණි බවට ද ඔවුන් චෝදනා කළේය.

තමන්ට පොහොර නැතත් තම ගමේම පිරිසක් වැඩි මිලට ගොවිජන සේවා මධ්‍යස්ථානය හරහා පොහොර ලබාගත් බව ද කී අසල්වැසියන් පාවාදිය නොහැකි නිසා එසේ වැඩිමිලට පොහොරගත් අය හෙළි කළ නොහැකි බව ද විරෝධතාවට එක්ව සිටි පිරිස් කීහ.

තමන්ගේ ගොයම් දැන් මාසයකට අධික වයසක් ඇති බවත් අත්‍යවශ්‍ය වෙලාවේ දෙනවා යැයි කී පොහොර ටිකත් නොදෙන්නේ ඇයිදැයි විරෝධතාකරුවෝ ප‍්‍රශ්න කළහ. විරෝධතාව පැවති ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීයෙක් දුරකතන මාර්ගයෙන් පනාමුර ගොවිජන සංවර්ධන නිලධාරිනියට ඇමතුමක් ගෙන උද්ගතව ඇති තත්ත්වය පැහැදිලි කලේය.

 තිඹොල්කැටිය ගබඩාවේ පොහොර ඇති බවත් එතැනින් හෝ තමන්ට පොහොර ගෙනවිත් බෙදා දෙන ලෙසත් විරෝධතාකරුවෝ ඇගෙන් ඉල්ලා සිටියහ. එහෙත් ඇගෙන් ඊට ප‍්‍රතිචාර නොලැබුණු බවද විරෝධතාකරුවෝ කීහ.

 



අදහස් (1)

පොහොර නැතැයි පනාමුරේ ගොවීහු පාරට බසිති

Keppetipola Tuesday, 29 June 2021 05:19 PM

මේ අයට කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැ.. රටේ ඔබට දෙන්න පොහොර හිඟයි. කාබනික පොහොර පාවිච්චි කරන්න.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 600 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2304 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1712 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site