(ඉන්දිකා රාමනායක)
නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වෙමින් සිටි ධීවරයන් අත්අඩංගුවට ගැනීම සදහා නාවික හමුදාව සිදුකළ සෝදිසි මෙහෙයුම් වලින් මේ දක්වා ධීවරයන් 442ක් සමඟ ධීවර යාත‍්‍රා 153 ක් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි.
ඉකුත් මස 01 වැනි දින සිට ජුනි මස 30 දක්වා කාලය තුළ මෙම මෙහෙයුම් සිදුකර තිබිණි.
නැගෙනහිර, ගිනිකොන, වයඹ, උතුරු මැද, උතුර යන නාවික විධාන කේනද්‍ර කරගනිමින් මෙම මෙයෙහුම් සිදුකර තිබිණි.
වලංගු බලපත‍්‍ර නොමැතිව ධීවර කටයුතු වල නිරත වීම, නීති විරෝධී දැල් භාවිත කිරීම, බලපත‍්‍ර රහිතව රාති‍්‍ර කාලයේ කිමිදුම් කටයුතු වල නිරත වී ධීවර කටයුතු වල නිරත වීම, මුහුදු කූඩැල්ලන් ඇල්ලීම, විවිධ ආලෝක ධාරා භාවිතා කරමින් ධීවර කර්මාන්තයේ නිරත වීම, අනවසර ප‍්‍රදේශවල ධීවර කටයුතු වල නිරත වීම, සම්බන්ධයෙන් මෙම පිරිස අත්අඩංගුවට ගත බව නාවික හමුදාව කියයි.
අත්අඩංගුවට ගත් ධීවරයින් වයස අවුරුදු 16- 60 අතර වයසේ පසුවන්නන් බවද නාවික හමුදාව කියයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
නීති විරෝධි ධීවර කටයුතුවල නියැලුන ධීවරයින් 442 ක් පසුගිය මාසයේදී අත්අඩංගුවට